ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Monday, March 25, 2013

ආයෙ නම් බෝඩින් හොයන්නෙ නෑ

 

හොඳ ලමයෙක් උනාට පස්සේ මේ වගේ ලිපියක් අරගෙන බ්ලොග් එක පැත්තේ එන්න හිතුවෙ නෑ.ඒ ගැන මතක් වෙනවකොට හිනාවටත් වඩා ඇයි මම අතගහන ඒවාම මෙහෙම වෙන්නෙ කියලා හිතෙනකොට අවුලුත් වගේ.

මම දන්න නංගි කෙනෙක්ටයි එයාගෙ යාලුවෙකුටයි බෝඩින් ප්ලේස් එකක් හොයල දෙන්න කියල මට කිව්ව දැන් මාසෙකට විතර උඩදි. එදා ඉදන් හොයනව හොයන්ව මෙලෝ මගුලක් සෙට් උනේ නෑ.එක්කො ගාන වැඩී.නැත්තම් දුර වැඩී. මීට දවස් කීපයකට කලින් යාලුවෙක් මගෙන් කෝල් කරල ඇහුවා තැනක් තියෙනවා සෙට් කරන්නද කියලා.පස්සෙ තමයි මතක් උනේ මම ඌටත් කිව්ව නේද බෝඩින් ප්ලේස් එකක් හොයල දෙන්න කිව්ව කියලා.බත්තරමුල්ල පැත්තෙ කිව්ව නිසා කොහොමහරි ඒ ප්ලේස් එක බලන්න මේ නංගිලා දෙන්නවම එතනට යැව්වා.තැනනම් එච්චර සැටිස් නෑ කියලා කෝල් එකෙන්ම මට එයාලා කිව්වා.

කොහොමහරි මෙයාලා එතන්ට යනකොට ගොඩක් හවස් වෙලා.එක්කො දැනගන්න ඕන යන දේවාලෙකට කලින් යන්න.ආපහු මේ පැත්තට එන්න බස් නැති නිසා මෙයාලට ඒ බෝඩිමෙ නැවතිලා උදේ යන්න කිව්වලු.ඒ බෝඩිම අයිති කස්ටිය ඒ තරම් මෙයාලට ෆිට් වෙලා.(මෙයාලට බෝඩිම සැටිස් නැති එක එක පාරටම කියල නෑ)එක රූම් එකයි දෙන්නෙක්ට ඉන්න පුලුවන්.රැයක් ඉඳලම බලන එක එක අතකට හොඳයිලුනෙ නේ.කොහොමහරි මෙයාල එදා රෑ එහේ ඉඳලා. ඔක්කොම නිදාගත්තට පස්සේ රෑ 10ට විතර හෙන හයියෙන් සද්දයක් ඇවිත්.

මළ කෙලියයි බෝඩිමෙ දොර කඩාගෙන බිමට වැටිලා.ගේ ඇතුලෙන්ලු රූම් එකට යන්නත් තියෙන්නේ.ඒ දොර තමයි කඩන් වැටිල තියෙන්නේ.මුන් බයවෙලා හූ තියලා.හිතාගත හැකි පළාතම දෙවනත් වෙන්නැති.කෑගැහිල්ලට කළුවරේම ගෙදර මනුස්සයා දුවගෙන ඇවිල්ලා. ඒ මනුස්සයත් කෑගහලා.ඒ කෑගැහිල්ලටද මන්දා ගෑණු මනුස්සයත් දුවන් ඇවිත් කළුවරේම මනුස්සයගේ ඇඟේ හැප්පිලා.ඇයි යකෝ මල දානේ ලයිට් එකක් දාපන්කෝ.එතකොට හරිනේ. :-D

ඔව් ඔව් හරි තමයි.ගෑණු කෙනා ලයිට් එක දැම්මලු.හත්වලාමයි අර ගැනු කෙනා හැප්පුන පාරට වෙන්නැති මනුස්සයාගේ සරම බිමලු.දැන් ඉතින් හරිනේ ලයිට් එහෙමත් දාලනේ.තොරණ වගේ ඇති.මනුස්සයා සරම ගත්ත එතනින් මිසින්ලු.මුන් දෙන්නට කරකියාගන්න දෙයක් නැතුව ඉන්නවලු.ආය මොකුත් නෑ එහෙමම ලයිට් ඕෆ් කරල ගෑනු කෙනාත් ගියාලු.මේ දෙන්න එළිවෙනකන් නිදාගෙන නෑ.එළිවුනාට පස්සේ මේ දෙන්න එහෙන් ඇවිත්.මනුස්සයා නම් පේන්නවත් හිටියෙ නෑලු.දැන් ඉතින් ආය මොනා පෙන්නන්නද.මුන් මට කෝල් කරල ජාතිය අමතනව මොනාද මේ සෙට් කරන බෝඩින් ප්ලේස් කියලා.

ඇයි යකෝ මම මොන කරන්නද.මුන් නොකිය කියන්නේ ගෙදර මනුස්සයා රූම් එකට එන්න හැදුව වගේ කියලා. :-/

මම පස්සෙ කිව්වේ එක්කො එහෙනම් ගෙදර මනුස්සයා සරම ගලවගෙන දුවන් එන්න ඇති.ගෙදර ගෑණු කෙනා සරම උස්සන් එන්න ඇති.ඔච්චරයි කියන්න උනේ.තරහවෙලාද මන්දා :-( ආපහු නම් මොකෙක්ටවත් බෝඩින් හොයන්නනම් යන්නෙ නෑ. හයියෝ හොඳ ළමයෙක් උනා විතරයි


ප.ලී. - අඩේ මේ මගේ 50 වෙනි බ්ලොග් පොස්ට් එකලු.හපොයි අවුරුදු බර ගානක් ගිහින්නේ ඒ වැඩේටත්

20 comments:

  1. 50 වෙනි ලිපියට සුබ පැතුම්.

    බෝඩි‍මේ බෝඩ් වෙන්න ඉස්සෙල්ල බ්ලූ ෆිල්ම් එහෙකුත් ලයිව් පෙන්නල තියෙන්නෙ. :D

    ReplyDelete
    Replies
    1. තැන්කූ Praසන්ன

      වැඩේ කියන්නේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් මාව කරපු එකනේ :-/

      Delete
  2. හික්ස්... ඔන්න මට නම් මේක අහපු පළවෙනි සැරේ වගේම දැනුත් හිනා ගියේ නෑලු... :P
    පනස් වෙනි ලිපියට සුභ පැතුම් අයියේ...

    ReplyDelete
    Replies
    1. වැඩක් නෑ මතක නෑනේ මොකුත්.. අද කියනකොටනේ බෝඩිම මතක් උනෙත්.:-D
      එකක් හොයල දුන්නනම් මම මේ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් වෙන්නෙ නෑනේ

      තැන්කූ වේවා :-D

      Delete
  3. ලොලේ ලොල් හයියූ.. ඔයාටත් වෙන වැඩ :D

    50ට සුභ පැතුම්! දිගටම ලියන්න.. ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ.. හිත හොඳ මා සැමදා දුකේ කියනවනේ :-D
      දිගටම ලියන එක ගැනනම් බලමු. මෙහෙම සීන් වෙනකොටනම් ලියන්නම වෙනවා. :-|

      තැන්ක්කූ වේවා :-D

      Delete
  4. මට එක පාර්ටම මතක් උනේ වෙන සීන් එකෙක්.

    ගේකට හොරෙක් පැනලා ගෙදර ගෑනු කෙනා විතරයි ඉඳලා තියෙන්නේ.

    හොරා බඩු හොරකම් කරගෙන යන්න හදද්දී අර ගෑනු කෙනා ඇඳන් ඉන්න එක ගලෝලා වැඩිය සද්ද නැතුව කෑ ගහනවලු

    "අනේ මාව දූෂණය කරන්න එපා" කියලා . .

    එතනින් එහාට හිතා ගනින්.

    මේ නංගිලත් වෙන වැඩකට යන අන්කල්ව දැකලා කෑ ගැහුවද දන්නේ නෑ හික්ස්.

    අනික බන් නොදන්න තැනක ඔහොම රෑ නතර වෙනවද කෙල්ලෝ?

    ReplyDelete
    Replies
    1. හික්ස්.. :-D

      ඒකනේ දුකා අයියේ මම මුන්ට නවතින්න කිව්ව වගේ තමයි කතාව. වැඩක් නෑ කියලා. දැන් ඉතින් වැඩක් නෑනේ. වෙසක් බලලම ඇවිල්ලනේ. පරණ තැනම හොඳයිලු දැන් :-D

      Delete
  5. කොහෙන්ද බං ඔය ෆොටෝ එක හොයා ගත්තේ? ඕක අපේ ඉස්කෝලේ ගහපු එකක්නේ... :D

    ReplyDelete
    Replies
    1. හුටා ඒකත් එහෙමද? "සරම" කියලා ගූගල් කලාම ආවේ මේක. :-D
      මේකේ උඹද ඉන්නේ? :-o

      Delete
    2. පිස්සුද බං.. මම නෙවෙයි. අපේ එකක් තමා ලජ්ජාවට මුණ වහන් ඉන්නේ. මම අපි සිල් ගත්ත හැටි ගැන ලියපු බ්ලොග් එකට දැම්මෙත් ඔය ෆොටෝ එකමයි.

      ගින්නක් නෑ.....

      Delete
  6. මට අපි බෝඩිමක හිටි කාලෙ වෙච්ච කතාවක් මතක් උනා. ඒක අන්තිම පේලියටත් ලිවුවා. ඒ බෝඩිමෙ අයියා හැමවෙලාවෙම සරම ගලව ගලව ඇඳ ඇඳ හිටි හින්දා මට ඌව අදත් මතක ඒ විදිහටයි.. අර මිනිහත් ඒ වගෙ සරම ඇඳ ඇඳ එන්න ඇති..කෙල්ලොන්ට ඉහ්ටින් පොඩි දෙයක් ඇතිනෙ හූ කියන්න කලුවරේ..

    ReplyDelete
    Replies
    1. කලුවරේ හූ කියල ලයිට් දැම්මම හරිනේ. අපි හිටියනම් ලයිට් එක දැම්මමනේ හූ කියන්නේ :-D

      Delete
  7. 50ට සුභ පැතුම්. බෝඩිං ගැන නම් කතා කරල වැඩක් නෑ. කැම්පස් කාලෙ බෝඩින් 9ක හිටියා. අන්තිම එක තමා ටික කාලයක් හරි අල්ලලා ගියේ. බෝඩිං කරන මිනිසුත් ඒවයින්ම තෙම්පරාදු වෙලා කට්ට කයිරාටික වෙලා ඉන්නෙ. එහෙමත් වෙලාවක තමයි හොඳ තැනක් අහු වෙන්නෙ.

    ReplyDelete
  8. හ්ම්ම්. ඒකනම් එහෙම තමයි.. :-)

    ReplyDelete
  9. හපොයි මටත් ඕකම වෙයිද මන්දා බොඩින් හොයන්න ගිහින්

    ReplyDelete
  10. බෝඩිං වල දොරවල් නම් ඔහොමමයි..
    අපේ බෝඩිමේ දොර අරින්නෙ පිහියෙන්...

    හොරෙක් අවොත් පිහිය එළියෙන්ම තියලා තියෙන්නෙ "මෙන්න ගන්න , දැං දොර අරින්න , ඇතුලට ඇවිත් ලට්ට ලොට්ට ටික අරං යන්න" කියලා...

    :P:P

    සුභ පැතුම් 50 වැනි පෝස්ට් එකට..
    ඉදිරියටත් සාර්ථකව යන්න..

    ඔය හැම "මහ සැරේටම වඩා හීං සැරේ උතුම් " කියලා කුමාරතුංග මුනිදාසයන් කිවුවේ කට කහනවටද මං අහන්නෙ..? :)

    ReplyDelete
    Replies
    1. තව කෑල්ලක් ලියලා තියන්න මෙහෙම. "මතක ඇතුව සරම තද කරල තියාගන්න" :-D

      Delete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා