ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Monday, March 25, 2013

ආයෙ නම් බෝඩින් හොයන්නෙ නෑ

 

හොඳ ලමයෙක් උනාට පස්සේ මේ වගේ ලිපියක් අරගෙන බ්ලොග් එක පැත්තේ එන්න හිතුවෙ නෑ.ඒ ගැන මතක් වෙනවකොට හිනාවටත් වඩා ඇයි මම අතගහන ඒවාම මෙහෙම වෙන්නෙ කියලා හිතෙනකොට අවුලුත් වගේ.

මම දන්න නංගි කෙනෙක්ටයි එයාගෙ යාලුවෙකුටයි බෝඩින් ප්ලේස් එකක් හොයල දෙන්න කියල මට කිව්ව දැන් මාසෙකට විතර උඩදි. එදා ඉදන් හොයනව හොයන්ව මෙලෝ මගුලක් සෙට් උනේ නෑ.එක්කො ගාන වැඩී.නැත්තම් දුර වැඩී. මීට දවස් කීපයකට කලින් යාලුවෙක් මගෙන් කෝල් කරල ඇහුවා තැනක් තියෙනවා සෙට් කරන්නද කියලා.පස්සෙ තමයි මතක් උනේ මම ඌටත් කිව්ව නේද බෝඩින් ප්ලේස් එකක් හොයල දෙන්න කිව්ව කියලා.බත්තරමුල්ල පැත්තෙ කිව්ව නිසා කොහොමහරි ඒ ප්ලේස් එක බලන්න මේ නංගිලා දෙන්නවම එතනට යැව්වා.තැනනම් එච්චර සැටිස් නෑ කියලා කෝල් එකෙන්ම මට එයාලා කිව්වා.

කොහොමහරි මෙයාලා එතන්ට යනකොට ගොඩක් හවස් වෙලා.එක්කො දැනගන්න ඕන යන දේවාලෙකට කලින් යන්න.ආපහු මේ පැත්තට එන්න බස් නැති නිසා මෙයාලට ඒ බෝඩිමෙ නැවතිලා උදේ යන්න කිව්වලු.ඒ බෝඩිම අයිති කස්ටිය ඒ තරම් මෙයාලට ෆිට් වෙලා.(මෙයාලට බෝඩිම සැටිස් නැති එක එක පාරටම කියල නෑ)එක රූම් එකයි දෙන්නෙක්ට ඉන්න පුලුවන්.රැයක් ඉඳලම බලන එක එක අතකට හොඳයිලුනෙ නේ.කොහොමහරි මෙයාල එදා රෑ එහේ ඉඳලා. ඔක්කොම නිදාගත්තට පස්සේ රෑ 10ට විතර හෙන හයියෙන් සද්දයක් ඇවිත්.

මළ කෙලියයි බෝඩිමෙ දොර කඩාගෙන බිමට වැටිලා.ගේ ඇතුලෙන්ලු රූම් එකට යන්නත් තියෙන්නේ.ඒ දොර තමයි කඩන් වැටිල තියෙන්නේ.මුන් බයවෙලා හූ තියලා.හිතාගත හැකි පළාතම දෙවනත් වෙන්නැති.කෑගැහිල්ලට කළුවරේම ගෙදර මනුස්සයා දුවගෙන ඇවිල්ලා. ඒ මනුස්සයත් කෑගහලා.ඒ කෑගැහිල්ලටද මන්දා ගෑණු මනුස්සයත් දුවන් ඇවිත් කළුවරේම මනුස්සයගේ ඇඟේ හැප්පිලා.ඇයි යකෝ මල දානේ ලයිට් එකක් දාපන්කෝ.එතකොට හරිනේ. :-D

ඔව් ඔව් හරි තමයි.ගෑණු කෙනා ලයිට් එක දැම්මලු.හත්වලාමයි අර ගැනු කෙනා හැප්පුන පාරට වෙන්නැති මනුස්සයාගේ සරම බිමලු.දැන් ඉතින් හරිනේ ලයිට් එහෙමත් දාලනේ.තොරණ වගේ ඇති.මනුස්සයා සරම ගත්ත එතනින් මිසින්ලු.මුන් දෙන්නට කරකියාගන්න දෙයක් නැතුව ඉන්නවලු.ආය මොකුත් නෑ එහෙමම ලයිට් ඕෆ් කරල ගෑනු කෙනාත් ගියාලු.මේ දෙන්න එළිවෙනකන් නිදාගෙන නෑ.එළිවුනාට පස්සේ මේ දෙන්න එහෙන් ඇවිත්.මනුස්සයා නම් පේන්නවත් හිටියෙ නෑලු.දැන් ඉතින් ආය මොනා පෙන්නන්නද.මුන් මට කෝල් කරල ජාතිය අමතනව මොනාද මේ සෙට් කරන බෝඩින් ප්ලේස් කියලා.

ඇයි යකෝ මම මොන කරන්නද.මුන් නොකිය කියන්නේ ගෙදර මනුස්සයා රූම් එකට එන්න හැදුව වගේ කියලා. :-/

මම පස්සෙ කිව්වේ එක්කො එහෙනම් ගෙදර මනුස්සයා සරම ගලවගෙන දුවන් එන්න ඇති.ගෙදර ගෑණු කෙනා සරම උස්සන් එන්න ඇති.ඔච්චරයි කියන්න උනේ.තරහවෙලාද මන්දා :-( ආපහු නම් මොකෙක්ටවත් බෝඩින් හොයන්නනම් යන්නෙ නෑ. හයියෝ හොඳ ළමයෙක් උනා විතරයි


ප.ලී. - අඩේ මේ මගේ 50 වෙනි බ්ලොග් පොස්ට් එකලු.හපොයි අවුරුදු බර ගානක් ගිහින්නේ ඒ වැඩේටත්

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා