ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Saturday, December 7, 2013

එය එසේ සිදුවිය :-D

බ්ලොග් ලියන්නෙ නෑ කියල හිතුවට මොකෝ මේ වගේ සීන් වෙද්දී ආපහු ලියන්න පටන් ගන්නත් හිතෙනවා. සිද්ධිය මතක් වෙනකොටත් තාම හිනා මට. :-D

අපේ ඔෆිස් එකේ ඉන්නවා හෙන ලෝක ඇම්ඩන් කෙනෙක්. ඌට වෙන ඌ දෙන ගේම් අන්තිමට හෙනටම පදිරිවෙලා චාටර් වෙන එක දැන් සාමන්ය් දෙයක් වෙලා අපිට. මේකත් මේ ළඟදි පොරට උන එළම සීන් එකක්.

පොරගෙ ලව් හිලව් සීන් එකක් තිබ්බා අපිටත් හරියට කිව්වේ නෑ. කොහොමහරි මෑන්ස් ගේ ලව් එකට වෙන ලව් සීන් එකකුත් ලාවට තිබිල තියෙනවා. මූට වැඩේ මාට්ටු වෙන්නත් වැඩිය කල් ගිහින් නෑ. මූට වැඩේ අතටම මාට්ටු කරගන්න ඕන වෙලා. ඉතින් කෙල්ලට ක්ලාස් ඉවරවෙන වෙලාවට මග රැකල ඉඳලා හොරේ අල්ලගන්නයි පොරගෙ ප්ලෑන් එක. :-o

අඳුරගන්න බැරිවෙන්න යන්නත් එපැයි. පොරගේ යාලුවෙක් ඉන්නවලු මුස්ලිම් පොරක්. මෑන් ගෙ පිහිටෙන් පොර අර මුස්ලිම් ගෑණු කස්ටිය මූණයි ඔක්කොම වැහෙන්න අඳින ඇදුමක් හොයාගෙන (ඒ ඇඳුමට කියන නමනම් දන්නෑ). හොඳම වැඩේ මුස්ලිම් අයනම් ඒක හෙන දිගට අඳිනවනේ. මූට දැන් ඒක ටිකක් කොටයිලු. :-D ඒවා පොරට මතක් වෙල නෑ ඒ වෙලාවේ. පොරගේ ප්ලෑන් එක කෙල්ලගෙ පස්සෙන් ගිහින් වැඩේ මාට්ටු කරගන්න එක. :-D

වෙලාව හවස 7ට විතර තමයි වැඩේ සිද්ධවෙන්න යන්නේ. ඔන්න මෑන් ෆුල් කිට් එකෙන් යනවලු Union place හරියේ පාර දිගේ ඇවිදගෙන. වැඩිදුර යන්න හම්බෙලා නෑ පොරට. පොලිස් චෙක් පොයින්ට් එකක් අහුවෙලා. :-o උන්ට සැක හිතෙන්න ඇති මුගේ ඇඳුම කොට නිසා. කොහොමහරි මුගෙන් අයි ඩී එක ඉල්ලලා. කොහේ දෙන්නද. මූ සද්ද නැතුව ඉඳලා. කරුමේ කියන්නේ පොලිස්යෙන් මූව චෙක් කරද්දී මුගේ කකුලේ මයිල් දැකලා. :-D. හරිනේ වැඩේ. ඒ කියන්නේ මූ ෂෝර්ටක් දාගෙන ඇවිත් තියෙන්නෙත් :-D. කෙලින්ම මූව පොලීසියට අරන් ගිහින් හොඳට සලකලා. හිතන්න ඇති වෙන රොබරියකට ආවා කියලා. මූ කොහොමහරි ඊට පහුවෙනිද හෙනටම දවල්වෙලා ඔෆිස් එකට ඇවිල්ලා සුපුරුදු පරිදි පට්ට බින්නයක් ඇද්දා. :-D

පොර කිව්ව විදියට කොල්ලො සෙට් එකක් එකතුවෙලා පොරට ගැහුව කියලයි කිව්වේ. හැබැයි උනදේ ආරංචි වෙන්න අපිට වැඩිවෙලා ගියේ නෑ. ඇයි යකෝ එහෙම ගේමක් දෙන්න ඕනෙනම් එක්කො හැංගිලා ඉඳපිය. නැත්තම් අඳින එකක් දිගට ඇඳගෙන පල. එක්කො මයිල් බාල පල :-D.පොලීසියේ කනෙක්ෂන් එකකින් නඩු හම නැතුව ඇත්ත සීන් එක කියල වැඩේ ක්ලෝස් උනා. නැත්තම් මූට මොනාවෙයිද කියල හිතාගන්නත් බැරිවෙයි.

කොහොමහරි අන්තිමේ මුගේ ලව් හබක් වෙලා එයා දැන් අනික් කෙනා එක්ක හොඳින් ඉන්නවලු :-P

Monday, March 25, 2013

ආයෙ නම් බෝඩින් හොයන්නෙ නෑ

 

හොඳ ලමයෙක් උනාට පස්සේ මේ වගේ ලිපියක් අරගෙන බ්ලොග් එක පැත්තේ එන්න හිතුවෙ නෑ.ඒ ගැන මතක් වෙනවකොට හිනාවටත් වඩා ඇයි මම අතගහන ඒවාම මෙහෙම වෙන්නෙ කියලා හිතෙනකොට අවුලුත් වගේ.

මම දන්න නංගි කෙනෙක්ටයි එයාගෙ යාලුවෙකුටයි බෝඩින් ප්ලේස් එකක් හොයල දෙන්න කියල මට කිව්ව දැන් මාසෙකට විතර උඩදි. එදා ඉදන් හොයනව හොයන්ව මෙලෝ මගුලක් සෙට් උනේ නෑ.එක්කො ගාන වැඩී.නැත්තම් දුර වැඩී. මීට දවස් කීපයකට කලින් යාලුවෙක් මගෙන් කෝල් කරල ඇහුවා තැනක් තියෙනවා සෙට් කරන්නද කියලා.පස්සෙ තමයි මතක් උනේ මම ඌටත් කිව්ව නේද බෝඩින් ප්ලේස් එකක් හොයල දෙන්න කිව්ව කියලා.බත්තරමුල්ල පැත්තෙ කිව්ව නිසා කොහොමහරි ඒ ප්ලේස් එක බලන්න මේ නංගිලා දෙන්නවම එතනට යැව්වා.තැනනම් එච්චර සැටිස් නෑ කියලා කෝල් එකෙන්ම මට එයාලා කිව්වා.

කොහොමහරි මෙයාලා එතන්ට යනකොට ගොඩක් හවස් වෙලා.එක්කො දැනගන්න ඕන යන දේවාලෙකට කලින් යන්න.ආපහු මේ පැත්තට එන්න බස් නැති නිසා මෙයාලට ඒ බෝඩිමෙ නැවතිලා උදේ යන්න කිව්වලු.ඒ බෝඩිම අයිති කස්ටිය ඒ තරම් මෙයාලට ෆිට් වෙලා.(මෙයාලට බෝඩිම සැටිස් නැති එක එක පාරටම කියල නෑ)එක රූම් එකයි දෙන්නෙක්ට ඉන්න පුලුවන්.රැයක් ඉඳලම බලන එක එක අතකට හොඳයිලුනෙ නේ.කොහොමහරි මෙයාල එදා රෑ එහේ ඉඳලා. ඔක්කොම නිදාගත්තට පස්සේ රෑ 10ට විතර හෙන හයියෙන් සද්දයක් ඇවිත්.

මළ කෙලියයි බෝඩිමෙ දොර කඩාගෙන බිමට වැටිලා.ගේ ඇතුලෙන්ලු රූම් එකට යන්නත් තියෙන්නේ.ඒ දොර තමයි කඩන් වැටිල තියෙන්නේ.මුන් බයවෙලා හූ තියලා.හිතාගත හැකි පළාතම දෙවනත් වෙන්නැති.කෑගැහිල්ලට කළුවරේම ගෙදර මනුස්සයා දුවගෙන ඇවිල්ලා. ඒ මනුස්සයත් කෑගහලා.ඒ කෑගැහිල්ලටද මන්දා ගෑණු මනුස්සයත් දුවන් ඇවිත් කළුවරේම මනුස්සයගේ ඇඟේ හැප්පිලා.ඇයි යකෝ මල දානේ ලයිට් එකක් දාපන්කෝ.එතකොට හරිනේ. :-D

ඔව් ඔව් හරි තමයි.ගෑණු කෙනා ලයිට් එක දැම්මලු.හත්වලාමයි අර ගැනු කෙනා හැප්පුන පාරට වෙන්නැති මනුස්සයාගේ සරම බිමලු.දැන් ඉතින් හරිනේ ලයිට් එහෙමත් දාලනේ.තොරණ වගේ ඇති.මනුස්සයා සරම ගත්ත එතනින් මිසින්ලු.මුන් දෙන්නට කරකියාගන්න දෙයක් නැතුව ඉන්නවලු.ආය මොකුත් නෑ එහෙමම ලයිට් ඕෆ් කරල ගෑනු කෙනාත් ගියාලු.මේ දෙන්න එළිවෙනකන් නිදාගෙන නෑ.එළිවුනාට පස්සේ මේ දෙන්න එහෙන් ඇවිත්.මනුස්සයා නම් පේන්නවත් හිටියෙ නෑලු.දැන් ඉතින් ආය මොනා පෙන්නන්නද.මුන් මට කෝල් කරල ජාතිය අමතනව මොනාද මේ සෙට් කරන බෝඩින් ප්ලේස් කියලා.

ඇයි යකෝ මම මොන කරන්නද.මුන් නොකිය කියන්නේ ගෙදර මනුස්සයා රූම් එකට එන්න හැදුව වගේ කියලා. :-/

මම පස්සෙ කිව්වේ එක්කො එහෙනම් ගෙදර මනුස්සයා සරම ගලවගෙන දුවන් එන්න ඇති.ගෙදර ගෑණු කෙනා සරම උස්සන් එන්න ඇති.ඔච්චරයි කියන්න උනේ.තරහවෙලාද මන්දා :-( ආපහු නම් මොකෙක්ටවත් බෝඩින් හොයන්නනම් යන්නෙ නෑ. හයියෝ හොඳ ළමයෙක් උනා විතරයි


ප.ලී. - අඩේ මේ මගේ 50 වෙනි බ්ලොග් පොස්ට් එකලු.හපොයි අවුරුදු බර ගානක් ගිහින්නේ ඒ වැඩේටත්

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා