ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Monday, November 19, 2012

මම දැන් හොඳ ළමයෙක්





අවුරුද්දකට පස්සේ අයි ඈම් බැක් කිව්වලු. හපෝ මේ බ්ලොග් එකේ තියෙන සමහර ගැජට් වැඩ කරන්නෙත් නෑ දැන්. මේක කාටවත් මතකද දන්නෙත් නෑ දැන් :-(

මේකෙ ඉන්න කීපදෙනෙක් හරි දන්නවා ඇති මට නඩු හබ තිබ්බ කියලා.ඉතින් පුරා අවුරුදු 4කටත් වඩා ඇදුනු ඒ නඩු 2ම ඊයෙ ඉවරවුනා.2ම කිව්වට ලොකුම නඩුව මාර්තු මාසේ ඉවර උනා.මගෙ අනික් නඩුව ගොඩක් අය දැනගෙන හිටියෙ නෑ. හැබැයි ඒ කේස් එක තමයි ගොඩක්ම අවුල් උන කේස් එකත්.මොකද ඒකට කැම්පස් එකෙන්වත් කතා කලේ නැති නිසා.

කලේ කියන්නේ පහුගිය අවුරුදු 4 මතක් වෙනකොට වෙලාවකට පුදුමත් හිතෙනවා මේ වගේ වැඩ උනාද කියලත්.මිනිස්සුට මේ වගේ දේවල් වෙනවද කියලත් හිතෙනවා.උසාවි ගානේ පොලීසි ගානෙ රස්තියාදු වෙලා පොලිස් මාමලාගෙන් අහලවත් නැති කුණුහරප වලින් බැනුම් අහලා. අයට විශේෂ ස්තූතිය ප්රකාශ කරන්න කැමති අවුරුදු 4ක් ගිහිල්ල හරි මේක එයාලටම ඇති විච්ච එක ගැන.

නිකමට හරි, විහිළුවෙන් හරි මේ ගැන අහල හොයල බලපු බ්ලොග් අවකාශයේ සහෝදරත්වයටත්, විශ්වවිද්‍යාල සහෝදරත්වයටත් මම තනියම ස්තූතිවන්ත වෙනවා.
ඒ වගේම සමහර අය නම් කියලා තිබ්බා ඕවා පිටිපස්සෙ අමාරුවට කරගත්ත වැඩ. ඒ නිසා ඕවට අපි අත දාන්න ඕනෙ නෑ කියලා. ඒක මම අත් දෙකම උස්සල පිළිගන්න ගමන් එයාලටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඒ දේ ගැන පරක්කු වෙලා හරි මට මතක් කරපු එකට.

ඒ වගේම මේ නඩු හබ ඉවරකරගන්න මගේහොඳම යාලුවා වගේම තවත් කීප දෙනෙක් ගොඩක් ශක්තියක් උනා.ඒ අයට ගොඩ ස්තූතියි.

හොඳම දේ කියන්න බැරි උනානේ. මම තව දුරතත් සැක කාරයෙක් නෙමේ දැන්. ආය කෙලින්ම නිදොස් කොට නිදහස් ලු. අනික් අය ගැන නිසා මම දන්නෑ නෑ. මම නම් නිදොස් වගේම නිදහස් :-D

මම දැන් යහපත් හොඳ ළමයෙක් / මිනිසෙක්

40 comments:

  1. එහෙනම් ඉතින් ආයෙත් දිගටම ලියමු ....

    ReplyDelete
    Replies
    1. හම් බලමු.. ගොඩක් ස්තූතියි :-)

      Delete
  2. මල හත්ඉලව්වේ සිරකරුවා සිරකරුවා කීවට මේවා මෙලොව දෙයක් දැනන් හිටියේ නෑ නෙව - අදමයි මෙව්වා කියෙව්වේ - ෂිහ් මගෙ නොසැලකිල්ල

    ReplyDelete
    Replies
    1. තිස්ස අයියා එල එල වෙලාවක් ආවම කියවල බලන්නකෝ. එපා වෙලා ආපහු එපාවෙයි සමහරවෙලාවට :-D

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. නැවත පැමිණීම සතුටක් . නැවතුන තැනින් පටන් ගමු. ජය වේවා !

    ReplyDelete
    Replies
    1. තැන්කූ ගිම්හානි.. බලමු වෙලාවක් තියෙන හැටියට :-)

      Delete
  5. මට තේරුනේ නෑ හරියකට. කෝම හරි ආපහු ලියන්න ආපු එක ගැන සතුටුයි. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඕකේ ලින්ක් කරල තියෙන පෝස්ට් 2 කියවලා එන්න පුලුවන්නම්. එතකොට ටිකක් හරි තේරෙයි. ස්තූතියි ගිමන් නිවන්නා :-)

      Delete
  6. නිදොස් කොට නිදහස් වුන එක තමයි ලොකුම දේ...කොයිතරම් දෙයක්ද එහෙම වුන එක...අලුත් ජීවිතයක ආරම්භයට සුභ පැතුම්...
    (අපි අලුත් එය මෙහෙට....)

    http://www.desert-frog.blogspot.com/

    ReplyDelete
    Replies
    1. තැන්කූ නිමල්. අද ඉඳන් මමත් ඔයාගේ ෆොලොවර් කෙනෙක් :-)

      Delete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. බොහොම සතුටුයි.
    නමුත් කාලයත් මුදලුත් සෑහෙන අපතේ යන්න ඇති.
    ළමයින්ට කෙසේ වෙතත් කාර්ය මණ්ඩලයට නම් උසාවියෙන් අච්චු කරල තියන අවස්ථා අල්පයි. පැමිණිලි ගොඩක් අන්තිමට අපතේ යනව.

    ReplyDelete
    Replies
    1. හපෝ ඒ ගැනනම් මොනාට කියනවද.. මොනා කරන්නද ඉතින් කරපු වැඩ වලට රිටර්න් එක එන්නත් එපැයි.. :-)

      Delete
  9. මේ ඇවිත් ඉන්නේ ... චිරං ජයතු...

    ReplyDelete
  10. වෙල්කම් බැක් බ්‍රදර්..

    ReplyDelete
  11. ආහ්.. උඹ ආවද......

    ReplyDelete
  12. හුටා එතකොට දැන් උඹ සිරකරුවා කියන නම් නිදොස් කොට නිදහස් කළ මිනිසා කියලා වෙනස් කරනවද?

    ReplyDelete
    Replies
    1. එහෙම කලත් ඒකේ අවුලක් නෑ. මොකද උඹල උනත් එහෙමැයි කියන්න බෑනේ. මට නම් නඩු කාරතුමාම කිව්වෙ ඒ නිසා ඒක එහෙමම වෙන්නැති. :-D
      හිටපු සිරකරුවා කියලවත් දාන්න වෙනවා ;-)

      Delete
  13. දැන් ඉතින් නිදහස් නිවහල් ජිවිතයක් ගත කරන්න... :)

    ReplyDelete
    Replies
    1. ලොවෙත්.. මට මොකෙක් හරි කනට ගැහුවත් මම බිල බලන් යනවා :-)

      Delete
  14. අපි ඔක්කොම එක එක විදිහේ හිර ගෙවල් වල තමයි ඉන්නේ අපිම හදාගත්ත. ඒ හින්දා ඔන්න ඔහෙ නම තිබුනාවෙ !

    ReplyDelete
  15. කොහොම හරි හොඳ ළමයෙක් වෙච්ච එකට සතුටුයි.

    ReplyDelete
  16. හප්පේ මේ පැත්තේ ආවේ අදමයි. මමත් වැලිකඩ ලැග්ග එකෙක් තමයි.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. හුටා එහෙමද කියවල බලන්නම්.. වෙලක්ම් වේවා

      Delete
  17. අදයි ආවේ.කොහොම හරි නිදහස්විම සතුටක්.
    සුබ පැතුම් !! ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. මමත් අදයි ආවේ මේ පැත්තෙ කාලෙකින්. නිදහස් වෙලා අනේ හිටියේ. නිදොස් කොට නිදහස් උන එක වුනේ :-D

      Delete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා