ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Saturday, October 22, 2011

සන් සක්විති



සක්විති කිව්ව ගමන් මතක් වෙන්නේ මොකක් හරි ජිල්මාට් කේස් එකක්නෙ.මේ කියන්න යන එකත් ඒ වගේම සීන් එකක් තමයි.

කවුරුත් දන්නව ඇතිනෙ SCJP Course එක ගැන.අපේ කැම්පස් එකේ හුඟ දෙනෙක් එක රැල්ලට වගේ ඕක කලා.කීප දෙනෙක් ඇරෙන්න ඔක්කොම වගේ ගොඩත් ගියා.මමත් ෆයිනල් ඉයර් එකේදී ඕක කලා.ඕක නිසා කැම්පස් එකේ එක්සෑම් දුන්නෙත් නෑ ඇටෙන්ඩන්ස් නෑ කියලා.

ඔහොම කෝස් එකක් ගැන අපි දැනගෙන හිටියෙ නෑ කලින්.ඕක ගැන අපේ ඔලුවට දැම්මේ අපේ බැච් එකේම කොල්ලෙක්.පොර ඒ වෙනකොට SCJP කම්ප්ලීට් කරල අනික් ස්ටෙප් එකට ක්ලාස් යන ගමන් හිටියෙ.අපිට ලැබුන ලීෆ් ලට් වලත් පොරගෙ ෆොටෝ එක උඩින්ම දාල තිබ්බා Sun Certified කියලා.ජොබ්ස් වලට එහෙමත් ගේමක් නැතුව යන්න පුලුවන් කියපු නිසාත් අපි පානදුරේ ක්ලාස් යන්න පටන් ගත්තා.එක්සෑම් එහෙමත් ගොඩ දැම්මා.

ඔය ඔක්කොම ඉවරයිනෙ දැන්.මේ ළඟදී තමයි කතාවේ හොඳම හරිය එළිවුනේ.කැම්පස් අවුට් වෙලා දැන් අවුරුදු 2කටත් කිට්ටුයි.මේ ළඟදී අපිත් එක්කම SCJP කරපු කොල්ලෙක්ට අර අපිට SCJP ගැන කියල දීපු පොර අහම්බෙන් සෙට් වෙලා තියෙනවා.ඒ පොර වැඩ කරන ඔෆිස් එකේදී.මෑන් ට්‍රේනින් ඉන්න දවස්වල.මෙච්චර කොලිෆයිඩ් බුවා තාම ට්‍රේනින් ඉන්නේ මොකද කියලා අවුල් වෙච්චර පාර මූ ළඟටම ගිහින් කතා කරලා..

මචන් උඹ මොනාද මෙහෙ කරන්නේ?

ආහ්. උඹ මෙහෙද වැඩ කරන්නේ? මම තාම ට්‍රේනින් ඉන්නෙ බන්. දැන් සතියක් විතර වගේ ඇවිල්ලා..

ඒ කියන්නෙ උඹ මටත් පස්සෙනේ ඇවිල්ල තියෙන්නේ.ඉතින් උඹට අඩුම ගානේ මම ඉන්න පොසිෂන් එකට හරි එන්න තිබ්බනේ.මෙතන වේලෙන්නේ?

උඹ හවස මීට් වියන්කො මට.මම විස්තරේ කියන්නම්.මෙහෙම කියන්න බෑ

කොහොමහරි දෙන්නා හවස මීට් වෙලා.අවාසනාවට ඇත්ත කතාවකුයි වෙලා තියෙන්නේ බලද්දී :-D

මම උඹට දෙයක් කියන්නම්.හැබැයි කාටවත් කියන්න එපා බන්.උඹ මේක හිතේ තියාගනින්.

හරි කියපන්කො මොකද්ද උනේ?

අපේ පානදුරේ IJTS එකේ එකා මහ &*^%^ බන්.අපි දෙන්න එකතුවෙලා වැඩ කලේ.අන්තිමට ඌ මට කෙලෙව්වා.මට උඹේ ට්‍රේනින් පොසිෂන් එකට ඇප්ලයි කරන්න බෑ.මොකද ඒකට SCJP ඉල්ලනවා..

ඈ.. ඉතින් බන් උඹ SCJP කලේ අපි ඔක්කොටම කලින්නෙ බන්.උඹ අනික් ස්ටෙප් එකත් කම්ප්ලීට් ඇතිනෙ දැන්?

ඒක තමයි බන් මම මේ කියන්න යන්නේ. පානදුර IJTS එක දැම්මේ අලුතින්නේ.ඉතින් එකට Students ලා හිටියෙ නෑ.ඒකෙ ඔව්නර් මම දන්න එකෙක්.පොර තමයි මට කිව්වේ කැම්පස් එකෙන් කට්ටිය ගෙනෙන් කියලා.ඉතින් මගේ ෆොටෝ එකත් දාලා ලීෆ්ලට් ගැහුවා.

තෝ මාර පොරක්නෙ බන්.එතකොට උඹ අනික් ස්ටෙප් එකට කියල ක්ලාස් ගියේ? උඹ ඒ දවස්වල කැම්පස් එකේ ලෙක්චර්ස් කට් කරගෙනනෙ ගියේ?

එහෙම කරන්න උනා බන්.ක්ලාස් යනව කියලා මම ගෙදර ගියේ බන්.ඒවට මට එහෙන් ගෙව්වා.

ගෙව්වා?උඹල බිස්නස් එකක්ද කලේ ඒ කියන්නේ?

එහෙම බිස්නස් එකක් නෙමේ බන්.මම කැම්පස් එකට ඇවිල්ලා කිව්ව තමයි කෝස් එක ගැන.කොහෙද ඉතින් හැම එකාම SCJP කරන්න ගත්තනේ.

අපේ ෆැකල්ටියෙන් විතරක් 30ක් වගේ කරන්න ඇතිනෙ බන්.දැන් උඹට ගෙව්ව කිව්වේ ඒ එන එවුන්ගෙන් අරන්ද?

ඔව් බන් මම ගෙනාපු හැම එකාගෙන්ම මට රු 5000 ගානෙ දුන්න මට.මෙච්චර ගොඩක් මම අල්ලල දීලා නිකන් අත පිහිදාගන්නද බන් මට කියන්නේ?

5000 ගානේ? අඩෝ උඹට දුක හිතුනෙ නැද්ද බන් කොල්ලොන්ගෙන් ඔහොම සල්ලි ගනිද්දී.අපේ එවුන් හෙන අමාරුවෙන්නෙ බන් ඔය කෝස් කරන්න සල්ලි හොයාගත්තේ.

මාත් ඒ දවස්වල ටිකක් අමාරුවෙන් හිටියේ.ණය වගයකට හිරා වෙලා හිටියා බන්.වෙන ඔප්ෂන් එකක් තිබුනෙ නෑ.උඹ මේ දේවල් කාටවත් කියන්න එපා.මම උඹව විශ්වාස කරලයි කිව්වේ.
මම SCJP එක කරන්න ඉන්නේ ලබන මාසෙ වගේ.එක්සෑම් ගොඩ දාගන්න පුලුවන් වෙයි නේද මචන්?

අනේ මන්ද බන්. කරල බලපන් අවුඅලක් නැතිවෙයි.

ඔන්න ඔහොමයි වැඩේ පත්තු උනේ.අරූට කාටවත් කියන්න එපා කිව්වට ඌ ඒක කෙලින්ම මගේ කනේ තිබ්බා.. මමත් නිකන් හිටියෙ නෑ.දන්න දන්න අයට කිව්වා.හොස්ටල් එකේ ගින්නක් වගේ ආරන්චිය ගියා.

මට තියෙන අවුල මේකයි.ඔය කෝස් එක කරන්න 44ක් වගේ ගියා ඒ දවස්වල.සල්ලි ගොඩක් අමාරුකම් තියෙන අයත් ඕක කලා.කොල්ලන්ගෙන් කලෙක්ෂන් දාලා කරපු අයත් හිටියා.එහෙම අයගෙන් අර විදියට සල්ලි ගත්ත එකටයි මට අවුල.

හොස්ටල් එකේ "සන් සක්විති" කිව්වහම දැන් කවුරුත් දනන්වා.පොර හොයාගන්නවත් නෑ දැන්.එෆ් බී ප්‍රොෆයිල් එකත් අයින් කරලා.කෝල් කලාට ආන්ස් කරන්නෙත් නෑ.හොස්ටල් පැත්තෙවත් එන්න දෙන්නෙ නෑ කියල තමයි කොල්ලොනම් කියන්නේ.ඒත් මම නම් පොරව හම්බෙනකම් ඉන්නේ.ඒ වෙන මොනාටවත් නෙමේ.මගෙන් ගත්ත රු 5000 ඉල්ලගන්න :-D

ප.ලි. - මේ ළඟදී PCJT කරා කියපු එකෙකුත් හෙනම කතාවක් දාල තිබ්බ මට මතකයි. ඒකත් මෙවැනිම සිද්ධියක්දැයි මට නිකමට සිතේ... :-D

13 comments:

  1. ඔය සක්විති මහ එකා (අදාල ආයතනයේ හිමිකරු ) සැහෙන්න ප්‍රභලයි , පොරට දුවන්න දුන්න රනරාල බ්ලොග් එකත් නිහඬ වුනේ ඒ නිසා වෙන්න ඕනි

    ReplyDelete
  2. රණරාළ නිහඬ වුණේ ඔහුගේ අන්‍යන්‍යතාවට ඉශාන්තට හෙළි වූ නිසයි.

    ReplyDelete
  3. @ano - එහෙමද ?

    නමුත් රණරාලගේ තර්ක ඉදිරියේ ඉශාන්ත ගෙ ගෝලබාලයින් නා ගත්ත හැටි මතක් වෙනකොටත් හිනා යනව . ඔය ආයතනයේ ඉගෙන ගත්ත මිතුරන් කිහිප දෙනෙක් ඉන්න නිසා සහ ඒ අය දැන් ඒ ආයතනය ගැන දරන මතයත් නිසා රණරාලගේ අදහස් පැත්තකටම දැම්මත් ආයතනයේ තත්වය ගැන මට කියන්න තියෙන්නෙ එක දෙයයි

    "අපරාදෙ අහිංසක දෙමව්පියන්ගෙ සල්ලි "

    ReplyDelete
  4. ආයතනයේ තත්වය නම් ඒක තමයි.හැබැයි SCJP පාඨමාලාව නම් ගොඩක් හොඳයි.PCJT ගැන නම් මම දන්නෙ නෑ

    ReplyDelete
  5. scjp එක ගන්න එක හොදෙයි,, නමුත් ඕකට කඩේ යන එක නම් එච්චර හොද නෑ. ඉස්සර කඩේ ගිය ඔක්කොම දැන් කචල් දාගෙන..(මම දන්නේ තුන්මුල්ලේ branch eka)
    ලොක්කගේ හොර ගති ටිකයි marketing ටිකයි තාමත් ඇති, pcjt කියල හොර රෙද්දක් දා ගත්තෙ තනිකරම සල්ලි ගරා ගන්න. තව සෙමිනා ටිකකුයි..
    ඕක ගැන පොස්ට් එකක් දාන්නම ඕනෙ.

    ReplyDelete
  6. සාමාන්‍යයෙන් ප්‍රසිද්ධිය ගන්න ගොඩාක් ආයතන මේ දේවල් නම් කොරනවා. කෝකටත් ඇත්ත පෙන්වන්න කතා කොරාට ගොඩාක් ස්තූති. බය නැතිව මේවා ගැන කතා කොරන්න තවතවත් ධෛර්යය ලැබේවා මේ කොළුවට.

    ReplyDelete
  7. hire yanna thama matath wenne

    www.cinelanka.net

    ReplyDelete
  8. අපේ උන්ටත් ඔය මගුල් වසංගතේ ගහලා තිබ්බේ.... ඒ උණත් ජොබ් වලට යද්දිනම් ඔක එකෙකුටවත් පිහිටක් වෙලා නෑ... ඔ්කෙන්

    ReplyDelete
  9. ලොකු මහත්තයා මොකද සද්දයක් නැත්තේ ???

    ReplyDelete
  10. මේ මගුල ලියන්න හිතෙන්නෙ නෑ බන් හසියා.. බ්ලොග් පෝස්ට් එකක් බලපු කාලයකුත් මතක නෑ

    ReplyDelete
    Replies
    1. මේ ලිව්ව විදිහටම ලියන්න ලොකු මහත්තයා :)

      Delete
  11. උබ හිරයක්වත් ගත්තද,,, ගොඩ කාලෙකින් සද්දයක් නෑ.

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා