ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Saturday, July 23, 2011

ග්‍රීස් යකෙක් නෙමෙයි ග්‍රීස් යක්කු



මේ දවස්වල ග්‍රීස් යකා කියන එක හැම තැනම ඇහෙන එකක්.මේ ලගදිත් කොහෙන්ද මන්දා එකෙක් අල්ලලා තිබ්බනේ.
ඔය ග්‍රීස් යකෙක් ගැන එලම සීන් එකක් අද දැනගන්න ලැබුනා.

ඔය ග්‍රීස් යකාගේ සීන් එක කට්ටිය සෙට් එකක් එකතු වෙලා කරන වැඩක්ලු.මේ දවස්වල ඔය එක යකෙක් මහියංගන පැත්තෙත් තව එකෙක් බදුල්ලේ පැත්තෙත් ඉන්නවා කියලයි ආරංචිය.උන් කෙල්ලන්ට විතරලු කරදර කරන්නෙත්.කොහොමහරි මේ වැඩේ ගැන අද එකෙක් මාර කතාවක් කිව්වා.මහියංගන පැත්තේ මුදලාලි කෙනෙක් තමයි මේක කියල තියෙන්නේ.

මේ වැඩේ පිටිපස්සේ ආණ්ඩුවත් ඉන්නවලු.මහියංගන පන්සල ඉස්සරහ වැවක් තියෙනවනේ.අන්න එකේ රාජසිංහ රජතුමා ඉන්න කාලේ දාපු නිධානයක් තියෙනවලු.නිධානයක් කිව්වට එක රත්තරන් වලින් හදපු දම්වැලක්ලු.දම්වැලේ එක පුරුකක විතරක් රත්තරන් කිලෝ එකක් තියෙනවලු.මේ දම්වැලෙන් මහියංගන දාගැබ වටේ වට කීයක්ද මන්දා ඔතන්නත් පුළුවන්ලු.ඒ කියන්නේ දම්වැල පැස්ට දිග එකක් වෙන්න එපයි.ඒ කියන්නේ නිධානයක්ම තමයි එකෙන්ම.මේ දම්වැල(නිධානය) ගොඩ ගන්නනම් ගැහැණු 11,000 කගේ ලේ සොලවන්න ඕනලු.ඉතින් ඔය විගඩම කරන්නලු මේ ග්‍රීස් යක්කු ඉදිරිපත්වෙලා ඉන්නේ.උන් කරන්නේ ගැහැණුන්ගේ බෙල්ලයි පපුවයි හපාකන එකලු.ඔන්න ඕකයි සීන් එක.මහියංගන ප්‍රදේශයේ ගිය සතියේ විතරක් ග්‍රීස් යකාගේ සිද්ධි 8ක් වාර්තාවෙලා තියෙනවලු.

මේ වෙන දේවල් හැටියට නම් මේවා බොරු කියන්නත් අමාරුයි.අපල දුරුවෙන්න අලිත් මරණ කාලයක්නෙ මේ.

19 comments:

  1. හොද වෙලාවට අපි දැන් බදුල්ලෙ නෑ :)

    ReplyDelete
  2. ඔය කතාවනං කොහොමද දන්නෙ නෑ. හැබැයි හිටපු ජනාධිපති කෙනෙක් අපල දුරුවෙන්න කියල නිරුවත් කන්‍යාවියො ලව්වා කිරි වලින් නාවගත්තා කියල ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. (නෑවීමෙන් පස්සෙ කන්‍යාවියන්ට වෙච්චි දේ හිතාගන්න පුලුවන් ඇතිනෙ) ඒවත් එක්ක බැලුවම මේව්වා මොනවද ආයිබොවං!

    ReplyDelete
  3. ටිකක් අමුතු කතාවක් නේද අයියෙ? මට නම් විශ්වාස කරන්න බෑ ඕං.. මම හිතන්නෙ ග්‍රීස් යකා කියන මානසික රෝගීන් තමන් කරන දෙයට සමාන දේවල් වෙනත් අයත් කරනවා කියලා දැනගෙන දිරිමත් වෙලා ගේමට බැහැලා කියලා..

    @ ඇනෝ: ඔය සිද්දිය මමත් අහලා තියෙනවා ටිකක් වෙනස් විදියකට. ඒ ජනාධිපති කවුද කියලා හිතාගන්න පුළුවන්!

    ReplyDelete
  4. ඔය පුරාණ කතා වල ඇත්ත නැත්ත නම් දන්නෙ නෑ. ඒ වුනාට අද ඉන්න අපරාධ කල්ලි වලට ඔය පුරාවෘත්ත වගේම ඒවා හිස් මුදුනින් පිළිගන්න මිනිස්සුත් ලොකු ආරක්ෂාවක් ලබා දෙන බව නම් පැහැදිලියි.

    ReplyDelete
  5. සිකා........... උඹ කොහොමද ඔය විස්තර හරියටම දන්නේ :D

    ReplyDelete
  6. @නදී -
    එහෙම කියල හරියන්නෙ නෑලු.. බදුල්ලෙ හිටපු අයව හොයාගෙන එනවලු ග්‍රීස් යකා :-D

    @ඇනෝ -
    මමත් අහල තියෙනව ඔය කතාවනම්

    @විසිතුරු -
    මටත් විස්වාසයක් නම් නෑ වැඩිය.ඒත් මෙතන ලොකු කතාවක් තියෙන නිසා තමයි අවුල.මේ වගෙ ලොකු කතාවල් එක පාරටම බොරු කියන්නත් බෑනේ

    ReplyDelete
  7. @ප්‍රසංග -
    අනිවා.. ඒකනේ මේවගෙ ඉවරයක් නැත්තේ

    @පූසා -
    ඔන්න ඕකනෙ කියන්නෙ ඉතින්.උඹත් ඔය පැත්තෙ ග්‍රීස් යකෙක් නේද? ඇයි එදා ඔය කේස් එක කියනකොට උඹ නිදාගෙනද හිටියෙ.උඹත් ග්‍රීස් යක්කුන්ගෙ මීටිමට ආව නේද? :-D

    ReplyDelete
  8. :O පිස්සු යක්කු

    ReplyDelete
  9. සහතික ඇත්ත. ඊයේ අපේ පූසා මාළු කට්ටක් උගුරේ හිර කර ගත්තා. මට නම් කිසිම සැකයක් නෑ ඒක පිටිපස්සෙත් ඉන්නේ ආණ්ඩුව. කොටින්ම කිව්වොත් මේ තුන් ලෝකෙම මොකක් හරි අප්සැට් දෙයක් උ‍ණොත් ඒක පිටිපස්සේ ආණ්ඩුව ඉන්නම ඕනේ. ඕනේ කිව්වොත් ඉතිං ඉන්නම ඕනේ.

    ReplyDelete
  10. රනිල්....ලොවෙත් නෑ හොදෙයි....ඉදල ඉදල හොද කතාත් කියනවනේ

    ReplyDelete
  11. @deeps -
    පිස්සු ග්‍රීස් යක්කු :-D

    @රනිල් & Ano -
    හී හී හික් ;-)

    ReplyDelete
  12. ඔය ග්‍රීස් යක්කු කියන්නෙ අර ඇඳුම් නැතුව එන අයියලා කට්ටියද? මම එයාලව හොඳට අදුරනවා :ඩී

    ReplyDelete
  13. ලංකාවේ දැන් වෙන්නේ මොලේ නරක වෙන වැඩනේ.. ගස් බඳිනවා වගේ.. ඉතින් මට හිතෙන්නේ මොලේ ආබාද වැඩි වේගෙන යනවා වගේ කියල..

    ReplyDelete
  14. හෑ...මාර උගුල් තමා ආදිකාලෙ හිටපු රජවරුත් දෙන්නෙ.... අනේ සිරකරුවො..මට මේ අකුරු වෙනස් කොරන ගැජට් කෑල්ල කොහෙන්ද ගන්නෙ කියලා කියන්නකෝ තරහ නැතුව...

    ReplyDelete
  15. අනේ මන්දා....

    ReplyDelete
  16. චාටර්..... පික්ශු අප්පා ඉන්න උන්ට....

    ReplyDelete
  17. ඔය කතාව මුලින්ම ආවේ කන්‍යාවියන්ගේ ලේ ඕන කියලා...
    ඊට පස්සේ උරු මස් නොකන ගැනු උනා...
    බාලිකා පාසලකට දොස්තරලා ටිකක් වෛද්‍ය සායනයකට කියල යවලා කන්‍යාවියන්ගේ ලේ එකතු කරගන්නේ බැරියැයි..
    ඉන්ජෙක්ෂන් ගහනවා කියන්නේ ලේ සෙලවීමක්නේ...
    ඔහොම දෙයක් මීට අවුරුදු 70 කලින් ඇමරිකාවෙත් උනානේ...
    radio එකේ ගිය වැඩසටහනක් අහල මිනිස්සු මිලියනයක් විතර හිතුවා පිටසක්වල ආක්‍රමණයක් ඇවිත් කියලා...
    ඊටත් කලින් ඇමෙරිකාවේ හා යුරෝපයේ උනා මන්ත්‍රකාරියන් දඩයම් මේ වගේ ඒවාට උදාහරණ...

    ආණ්ඩුව කරන දේවල් විස්වාස කරන්නේ බැරි එක වෙන කතාවක්...
    එහෙම කියලා වෙන හැම දීකටම ආණ්ඩුව වග කියන්න ඕන නෑ.

    ReplyDelete
  18. අඩේ අහම්බෙන් තමා මේ පැත්තේ ගොඩ උනේ.මමත් හරි ආසයි බන් ග්‍රීස් යකෙක් වෙලා ගෑණු ළමයින්ව බයකරන්න. :D

    ReplyDelete
  19. කතාව හරි........
    වැඩේ කියන්නේ ඔය බදුල්ලේ ඉන්න එකා මම ටිකක් දන්න එකෙක්........ ;) ;)

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා