ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Monday, May 23, 2011

බී එස් ගේ හමුදා නොවන නායකත්ව පුහුණුව



ඇත්තටම මොකද්ද මේ නායකත්ව පුහුණුව?

එක එක තැන් වල එක එක කතා කියයි.උසස් අධ්‍යාපන ඇමතිගේ මේ ලබාදෙන පුහුණුවෙන් ඇත්තටම මොකක් වෙයිද?

එතුමා කියන විදියට නම් මේ තුලින් නවක වදය නවත්වන නවත්තනවලු.අද නිව්ස් වල කිව්ව විදියට නම් දැන් කිසිම ළමයෙක්ට කිසිම බයක් සැකයක් නැතුව විශ්වවිද්‍යාල වලට යන්න පුලුවන්.මොකද නායකත්ව පුහුණුවකින් යන නිසා.

නායකත්ව පුහුණුවෙයි රැග් එකෙයි මොකක් හරි සම්බධයක් ඇති එහෙනම්.ශාරීරික වර්ධනය වැඩි දියුණු කරගෙන යන නිසා රැග් කරන්න එනකොට දුවල බේරෙන්න වත් එහෙනම් කියල දෙනව ඇති.නැත්තම් ඉතින් නවක සිසුන් ජේෂ්ඨ සිසුන්ට තගක් දාන්න වෙනවා අපිට රැග් කරල අහුවුනොත් බලාගෙනයි වත් කියලා.

මගේ හැඟීම නම් මේක මහා පිස්සුවකි.කුජීතය.

ආණ්ඩුව උත්සාහ කරන්නේ මේ තුලින් නවක වදය නැවැත්වීමට නම් මෙයින් වනුයේ ගැටුම් තවත් වැඩිවීමකි.මෙම ලබදෙන පුහුණුව විශ්වවිද්‍යාල වල සිටින සිසුන්ට සහ ආචාර්ය්‍යවරුන්ටත් ලබාදෙනවනම් එය නම් යම්තාක් දුරට හෝ සෑහීමකට පත්වේ.

මේ ආමි ට්‍රේනින් මහ ලොකුවට ලබාදෙන වෙලේ සෑම විශ්වවිද්‍යාල සිසුවෙක්ටම අවසන් වසරේදී කාරිමික පුහුණුවක් ලබාදෙනවානම් ඒක කොච්චර හොඳ දෙයක්ද? දැනට කොළඹ ආශ්‍රිත විශ්විද්‍යාල වලට පමණක් සීමා වෙලා තියෙන මේදේ අනික් විශ්වවිද්‍යාල වලටත් ව්‍යාප්ත වෙන්න දුන්නොත් රැකියා ප්‍රශ්නය හෝ යම්තාක් දුරට අඩුවේවි.දැනට විශ්වවිද්‍යාල වලින් ඉවත් වෙන බොහෝ සිසුන්ට මෙසේ පුහුණුවක් නොමැති කමින් පුද්ගලික විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගත්ත සිසුන් සමග ලොකු තරඟයක් දීමට සිදුව තිබේ.

අපේ උසස් අධ්‍යාපන ඇමති තුමා කියන කතා ඇහුවමනම් එතුමා විශ්වවිද්‍යාලයක් ළඟින් වත් ගිය කෙනෙක් වෙන්න බෑ.එතුමාගෙන් අදහස් වලින් නම් තේරෙන්නේ ශිෂ්‍ය පරිපාලනයක් නොව ශිෂ්‍ය මර්දනයක් සිදු කිරීමට යන බවයි.

මෙහි අවසානය කුමක්ද? හිතන දේ ලියල යන්න

31 comments:

  1. මේ ගැන බ්ලොග් අවකාශය තුල ලියැවුනු ලිපි වලින් කිසිදු පාර්ශ්වයකට නැබුරු නොවී 100%ක් ස්වාධීන අයුරින් ලියැවී තිබුනේ මෙම සටහණයි.ඇත්තටම මේ නායකත්ව පුහුණුවට දැනට විශ්ව විද්‍යාලවල සිටින සිසුන්(හැමෝම නොවුනත්) විරෝධය පල කිරීම ඉදිරියේ ඇති විය හැකි නපුරු නරක තත්වයකට පෙරනිමිත්තක් වගේ. හමුදා නොවන නායකත්ව පුහුණුව ලැබූ සිසුන් විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨයන්ට මුහුණ දෙන ආකාරයත් ජ්‍යෙෂ්ඨයන් නවක සිසුන්ව පිළිගැනීමට සැරසී සිටින ආකාරයත් ගැන දෙමව්පියන්ට බියක් දැනෙමින් ඇත.

    ReplyDelete
  2. Do you think that it is the lack of technological knowledge that cause the lack of job opportunities. As an engineer what is that it is the lack of personality. There are many students who have good technological knowledge but who cannot face interviews or who cannot use English properly. That is what students get from private courses. After all we should be able to market ourselves in the job market but the local universities do not have program to do so.

    When it comes to this program, lets see what is actually going on there. Any way it has been proven that ragging has not been able to build the personality. So lets see what is going to happen

    Anjana

    ReplyDelete
  3. මෙන්න ඔය ගැන මම ලියපු ලිපිය. කියවල බලන්නකො

    http://status-chanaka.blogspot.com/2011/05/blog-post_9565.html

    ReplyDelete
  4. නායකත්ව පුහුණුව නිස හොදක් වෙනව කියලයි මට නම් හිතෙන්නේ...

    අනික මේ වැඩෙන් පාඩුවක් වෙනවනම් වෙන්නේ යුනිවර්සිටි වල ඉන්න ජෙප්පොන්ට විතරයි ඒකනෙ ඔය කෑගහන්නෙ...

    ඔන්න මගෙ ටිකිරි මොලේට හිතුන එව්වා ටික..

    ReplyDelete
  5. මේ පිලිඹදව හොදයි හෝ නරකයි කීමට තාම වේලාසන වෑඩි කියල මටනම් හිතෙන්නේ,හෑබෑයි ලිපියේ එක දෑයක් ගෑන මම සම්පුර්නයෙන්ම එකගයි ඇමතිතුමාගේ මර්දන ක්‍රියාවලිය ගෑන,නමුත් නායකත්ව පුහුනුව ගෑන එකපාරටම නරකයි කියන්න අමාර්යි නේදමොකද ඇත්තටම අපිට යම්දෑයක් ගන්න තියන වඩසටහනක් නම් එය ප්‍රතික්ශේප කිරිම ඇත්තටම අපරාදයක්,
    හෑබෑයි ඉතින් මේ තුල පෑහෑදිලි දේශපාලන අරමුනක් තියනවා කියලා මට හිතෙනවා,
    වර්තමානයේ විශ්වවිද්යාලයෙන් පිටවන තර්කානු සමාජ චින්තනයක් ඈති පුද්ගලයා වෙනුවට ආන්ඩු ගෑති මානසිකත්වයක් ඇති,අනුතුම සෑට් එකක් හදා ගෑනීමේ හෑකියාව ආන්ඩුවට මේතුලින් පෑහෑදිලි අවස්තාවක් ඇති වෙනවා,සමහර විට ඔබ හිතයි සති 3න් කොහොමද ඔච්චර දෑයක් කරන්නේ ,මටනම් හිතෙන්නේ සති 3න වෑඩිත් එක්ක,JVP එකේ පන්ති 5 තුල කරන ලද මානසික විප්ලය ගෑන මතක ඇතෑයි මට සිතෑ....

    ReplyDelete
  6. මේකට ගිය අය කීප දෙනෙක් ඉන්නව බ්ලොග් අවකාශයේ.බලමු එයාල මොකද මේ ගැන කියන්නෙ කියල,මේ ගැන අපි මතුපිටින් ඉදන් බලනවට වඩා එයාලට හොද අදහසක් දෙන්න පුලුවන් වෙයි මේ ගැන.ඒ බ්ලොග් පෝස්ට් බලාපොරොත්තුවවෙන්...

    ReplyDelete
  7. SBල කරපු මොම වෑඩේද හරියට කලේ කියහල්ලා.
    සමුර්දියෙන් පටන්ගත්තම ඔක්කොම අලනේ.
    ඉතින් මේක කොහොමද ගොඩදන්නේ.SBයා හිතන්න් ඉන්නේ මිනිස්සුන්ගේ ඔලුව අතගාලා ජන්දේ ගත්තම ඊලග අවුරුදු හය උන් ගහන ගහන පදේට අපි නටන්න ඔනෙ කියලා.
    ඵයා JVPකෑම්පස් කොල්ල්න්ට තියන බයට ඊයෙ පෙරේදා කෑම්පස් තේරුන පොඩි උන්ව මරවන්න හදනවා.
    මු0 අපේන්ම චන්දේ අරන් අපේම බදු වලින් ගිලගිල අපේම ලමයි මඩවනවා.අවුරුදු 19 විතර දෙමපියො ලග හෑදුනු ලමයින්ව ඵකපාරටම කරකවලා අතෑරියා වගේ කෑම්ප් ඵකට දපුහාම කොහොමද?
    අනික ල0කවේ දුශ්කරම පලාත්වල.
    ලමයින්ට ඔය දවස් නිකන්ම හිටියත් ඵකත් කට්ටක්.
    මුන් හිතන්නේ මිනිස්සු කියන්නේ වහල්ලු කියල.
    හොදයි කියමු බලන්න මොන ඈමතියාගේ පුතාද ඔය ට්‍රේනින් ඵකට යන්නේ?????

    ReplyDelete
  8. add ur blog http://www.lankeeya.info/

    ReplyDelete
  9. ගැටි කඩන රැගට වඩා නම් ඕක නරක වෙන්න බෑ

    ReplyDelete
  10. අනේ මන්දා. හොඳද නරකද කියලා විනිශ්චය කරන්න තාම කල් වැඩියි. ඒත් මේ වැඩසටහනට යන්න කලින් එවල තියෙන ලිස්ට් එකේ බඩු ටිම ගන්න අටදාහක් විතර යනවලු. සාමාන්‍ය පවුලක දරුවෙක්ට ඒක දරන්න පුලුවන්ද.

    ReplyDelete
  11. මට හිතෙන දේ ලිව්වා මගේ බිලොග් එකේ. www.crcpel.wordpress.com

    ReplyDelete
  12. මේකට මගේ යාලුවොත් කිහිපදෙනෙක් ගියා. උන් එතන ඉඳලත් SMS එහෙම එවනවා. හැබැයි තාම එකෙක්වත් කිවුවේ නෑ මේක චාටර් කියලා. ටිවී එකේ කියන තරම් වඳයක් කියල කිවුවෙත් නෑ. මගේ යාලුවෝ නම් ඉන්නේ ගොඩක් කැමැත්තෙන්ලු.. වැඩේ උන්ටනම් නරක නෑලු.. අනේ මන්දා ඉතින්.. :D

    ReplyDelete
  13. හික් හික්... අනේ මටනම් ඔවුව තේරෙන්නෙ නෑ.. ;)

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. මටත් ඕක ආවා මට කොන්දේ අමාරුවක් නිසා මම ගියේ නෑ.. ඒත් ඒ ආව කෑම්ප් එක ආවේ කි.මී.350ක් විතර ඒහායින්.මට නම් තේරෙනේ නෑ මේකෙයි, රැග් එකෙයි වෙනස..aපේ අම්මලth කැම්පස් ගිහිල්ල තියෙනවා..එයලා නම් කියන්නේ රැග් එකෙන්ලු බැච් බැච් අතර ෆිට් එක ඇතිවෙන්නෙ? උපාදිදාරී සහෝදරයෙක් මේකට උත්තරයක් දෙන්න....

    ReplyDelete
  16. @ යසියා

    බැච් ෆිට් එක ඇතිවෙන්නෙ රැග් එකෙන් කියන එකනම් පට්ටපල් බොරුවක්. රැග් එක තිබ්බත් නැතත් කොල්ලො කෙල්ලො සෙට් එකක් අවුරුදු 4ක් එක තැන ඉන්නකොට ෆිට් වෙන එවුන් ෆිට් වෙනවා, අපි ඉස්කෝලෙ යාලුවොත් එක්ක ෆිට් වුණේ රැග් වෙලාද

    -ඉංජිනේරු උපාධිධාරී මකර අධිරාජයා-

    ReplyDelete
  17. අදහස් දීපු ඔක්කොමලට ස්තූතියි..
    ප්‍රශ්නෙ තියෙන්නේ මෙතන නෙමෙයි.මෙවැනි පුහුණුවක් අත්‍යවශ්‍යද යන්නයි.මෙය නිසා නවක සිසුන් විශ්වවිද්‍යාල ජේෂ්ඨ සිසුන් පිළිගන්නා ආකාරය.මීට වඩා කොච්චර ප්‍රශ්න තියෙනවද විශ්වවිද්‍යාල වල.ඒක ඇයි ආණ්ඩුවට තේරෙන්නෙ නැත්තේ?
    මම නම් කියන්නේ නවක සිසුන්ට නෙමේ විශ්වවිද්‍යාල පරිපාලනයටයි විනය සම්බන්ධව පුහුණුවක් ලබාදෙන්න ඕන.

    @යසියා -
    ඒ මතය නම් පිළිගන්න බැහැ.මකරා කිව්ව වගේ රැග් එකෙන් පමණක් බැච් ෆිට් එකක් හැදෙනව නම් ඒක බැච් ෆිට් එකක් වෙන්න බෑ.දැන් රැග් කියල දෙන්නෙ මොනාද? ෆිට් එකක් ඇති කිරීමද ඒකෙන් කරන්නේ? මහ හයියෙන් ඔක්කොටම ඇහෙන්න කුණුහරපෙන් බණින එකෙන් බැච් ෆිට් එකක් හැදෙයිද? බැච් ෆිට් එක ඇතිකරගන්න ඕන නම් රැග් වෙන්න ඕන නෑ.ඔක්කොමල එකා වගේ එකට පොදු වැඩ කලානම් දන්නෙම නැතුව බැච් ෆිට් එක හැදේවි..

    ReplyDelete
  18. රෑග් එකෙන් අපිට නම් වුණෙ බෑච් එකෙ බහුතරයක් 90% විතර දෑන අඳුර ගත්ත එකයි. නමුත් කනකොට කට්ට වුනත් අයෙත් මතක් කරද්දි ආතල්. තවමත් හිනා වෙනවා වෙච්ච දෙවල් මතක් කරලා.

    ReplyDelete
  19. ගිය එවුන් නම් හොඳයි කියලා කියනවා.....සමහර එවුන් බූස්ස එහෙම ගිය එවුන් පූල් ටේබලුත් තියෙනවාලු, උදේට ඔනේ තරං ෆිෂ් රෝල්ස් එහෙමත් තියෙනවාලු...ඇඹිලිපිටිය ගිය එකෙක් බාස්කට් බෝල් ගහන්ඩ තියෙනවා කියලා උඩින් පියාඹනවා....මට නම් හිතෙන්නේ අපූරු වෙනසක් තියෙනව කියලා....හැබැයි මුල් වටේට යන කට්ටිය තෝරපු විදිය නම් හරි මදි.. ඉහළම ලකුනු ගත්තු අය ගත්තා නම් තමා වැඩිය හොඳ..කමක් නැහැ ජූනි 15 අපිට පටන් ගන්නවාලු... ජෙප්පෝ පෙත්සන් ගහලා වැඩේ වන කලොත් තමා කෙලිය...

    ReplyDelete
  20. පිණිබිඳු කිව්වා වගේ තාම අදහස් දක්වන්න අමාරුයි කියලා තමා මටත් හිතෙන්නේ. එක එක අය පූර්ව නිගමනවලට ආවත් මේ සෙට් එක කැම්පස් එකට ආවට පස්සේ මොකද වෙන්නේ කියලා බලමුකෝ.

    කොහොමත් මේ ළඟදී කැම්පස් යාළුවෙක් මට කිව්වේ මේ දවස්වල රටෙ වෙන දේ ගැන කතා කරද්දී "මහින්ද මාමාට රට දුන්නා නම් ඉතින් කටයි පු** පියාගෙන ඉන්න තමා දැන් වෙන්නේ" කියලා

    ReplyDelete
  21. වචන ටිකකින් කොමෙන්යුව දෙන්නම්.. කැම්පස් යන්නේ 2%යි. ඉතිරි 98%ට නායකත්ව පුහුණුව ඕන වෙන්නෙ නැද්ද??

    ReplyDelete
  22. ඔය එක එක ඇමතියාගේ අධ්‍යාපන පෙරලි නිසයි හැමදාම අපිට කෙලවුනේ ඉස්කෝලේ කාලේ.

    නමුත් කැම්පස් කාලේ නං එච්චර අවුලක් වුනේ නෑ මොකද උසස් අධ්‍යාපනය කියන්නේ වෙනම අමාත්‍යාංශයක් නිසා.

    මේ ඇස්බී යා කැම්පස් කාලේ ශිෂ්‍ය සංගම් නායකයෙක්ලු. අන්තරේ නියෝජිතයා විදියට සෙනේට් මීටිමට ගියාලු. පොර ඒ දවස්වල කොමියුනිස්ට් පක්‍ෂයේ.

    http://www.lakbima.lk/archive/last_05_12_10/img/28.jpg

    ReplyDelete
  23. ඔක්කොටම ස්තූතියි..

    නායකත්ව පුහුණුවක් ගුරුවරුන්ට දෙන්න යන වෙලේ නරකද විශ්වවිද්‍යාල වල ආචාර්ය වරුන්ටත් ඔය පුහුණුව ලබාදුන්නනම්.මේක නම් සමහර අයට ආතල්.අනේ මන්ද විශ්වවිද්‍යාල ඇතුලට යන එවුන්ට දෙයියන්ගේම පිහිටයි.

    @කතන්දර -
    ඇස් බී මොකූත්ම කරල නෑනේ පොර කියන විදියට.පොර අන්තරේ කියල එකක් දන්නෙවත් නෑ.ජේ වී පී දන්නෙත් නෑ.යූ ඇන් පී දන්නෙත් නෑ.අනේ අම්මපා මුන්ම මේවා හදලා දැන් මුන්ම ඒවට කෑගහනවා

    ReplyDelete
  24. මගේ නම් මතේ මෙහෙමයි.. ඉස්සෙල්ලම නායකත්ව පුහුණුව දෙන්න ඕන අපේ දේස පාලුවන්ටයි.. එන එන ඇමතියා එක එක විගඩම් කරලා යනවා මිසක් රටේ දියුණුවට අවශ්‍ය විදිහට අද්‍යාපනය හැඩ ගස්වපු එකෙක් වත් නැහැ. අපි කැම්පස් ගියේ AB අරන් නෙවෙයි නිකම් C වලින්.. දැන් AAA අරගෙනත් කොට උඩ .. බාහිර උපාදියත් බැහැ. කැම්පස් යන එකත් ලේසි නැහැ. එකට යන්න බැරි උන එකාට යන පාරවලුත් නැහැ. ඒ අස්සේ යුනිවසිටි කඩ කාරයෝ එක එක ඩිග්රි කඩ දාගෙන අසරණ දෙමාපියන් සුර කනවා. ඇමෙරිකන් ඩිග්රි කියයි අරක කියයි මේක කියයි. ඒවා ගත උන් වෙනම රස්සා පෝලිමේ. මං දන්නා ගැනු ළමයෙක් ඔය කඩේකට ගිහින් ලක්ෂ ගණන් වියදම් කරලා ඩිග්රියක් අරන් කෝල් සෙන්ටර් එකක වැඩ කලා. දැන් එකත් නැතුව ගෙදර ! රටේ තියෙන ප්‍රශ්න මොනවද කියල තෝරා ගන්න බරුර විකාර කරනවා..

    ReplyDelete
  25. මේ නායකත්ව පුහුණුව මුලින් ප්‍රසිද්ධවුනේ "හමුදා පුහුණුවක්" කියලා.. ඒ මුල්ම කාණ්ඩයවත් කඳවුරු වලට යන්න කලින්

    ඊට පස්සේ හැමෝම දැනගත්තා මේක හමුදa පුහුණුවක් නොවන බව..

    දැන් ඇතිවෙලා තියන ප්‍රශ්නේ මේ එන කණිෂ්ඨයෝ ජේෂ්ඨයොන්ට පාට් එක දායිද කියන එක නේද..?
    මේ පුහුණුවේ සිසුන්ට උගන්වන ප්‍රධානම අංගය තමයි හැදියාව.. නේවාසිකාගාරයක හැසිරිම,භෝජනාගාරයක හැසිරීමේ සිට.. තමන්ට වඩා ප්‍රවීනයකුට ගරු කිරීම දක්වා සියල්ලම එයට ඇතුලත්..

    මෙහිදී physical fitness training තිබීමේ ප්‍රධානම අරමුණ මෙය විය හැකී..
    පාසල් කාලය තුලත් විශ්ව විද්‍යාල ගිය පසුවත් පොතටම ඇලුනු මිනිසුන් එයින් මුදවා ශරීර සෞඛ්‍ය වෙනුවෙනුත් කාලයක් මිඩංගු කිරීමට සැලැස්වීමයි.. ඊට වැඩි දෙයක් එයින් බලාපොරොත්තු වෙන්නෙ වෑ..
    මීට අමතරව සමහර අවස්ථාවල ජේෂ්ඨ සිසුන්ගේ රැග් හා අධ්‍යාපන ආතතිය දරාගත නොහැකි වන කොටසක් බිහි නොවීමට සැලැස්වීමත් මෙහි අරමුණක්..

    රවීන් අයියාගේ අදහස සලකා බැලිය යුතුයි.. ඇත්තටම ලංකාවේ හැම පාසල් සිසුවෙකුටම ඉගෙනීමෙන් පස්සේ මේ පුහුණුව දෙනවා නම් හොඳයි..

    තාමත් අපි විශ්වවිද්‍යාලයට ඇතුල් නොවුන නිසා එහිඳී ඇතිවිය හැකි තත්වය පිළිබඳව දැන්ම කියන්න බැරි බව නම් ඇත්ත..
    අපි ටිකක් බලා හිටියොත් හොඳයි ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා...

    ReplyDelete
  26. @සරත් -
    ස්තූතියි අදහසට... ඕකයි දැන් තත්වේ

    @ප්‍රාර්ථනා -
    ඔයාල මේ දේ අත්ව්ඳපු අය හැටියට ඔයල තමයි ඇත්තම විස්තරය දන්නේ.ඔයා කියනව වගේ කැම්පස් වල ඇතුලෙ අය ඔයාලව කොහොම පිළිගනියිද කියන සැකට තිබෙනවා.මමත් විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලැබූ කෙනෙක් නිසාත් මට මේ සම්බන්ධව ලැබුණු ආරංචි නිසාත් මේ සම්බන්ධව මම වැඩිදෙයක් කියන්න යන්නෙ නෑ.
    කෝකටත් ඔයාලා පරිස්සමෙන්.මොන පුහුණුව ලැබුවත් ඔයාල විශ්වවිද්‍යාලයට අලුත්.ජේෂ්ඨයන්ගේ උදව් උපදෙස් නැතුව විශ්වවිද්‍යාලයක් තුල ජීවිතය ප්‍රායෝගික වෙන්නේ නැහැ.ඔබට ජය..

    විශ්වවිද්‍යාල ප්‍රවේශයෙන් පසු ඔබගෙන් ලිපියක් බලාපොරොත්තු වෙමි..

    (අර බූන්දි බ්ලොග් එකේ දාල තිබ්බ පෝස්ට් එක ගැන නම් මට ඒ හැටි විශ්වාසයක් නැහෑ)

    ReplyDelete
  27. මගේ යාලුවොත් මේකට ගියා. ඒගොල්ලෝ නම් කිව්වේ මේක ආතල් වැඩක් කියලා. කොහොම උනත් මේකෙන් රැග් එක නවතින එකක් නෑ. ආන්ඩුව මේ පුහුනුවෙන් අපෙක්ශා කරපු දෙය නම් ඉටු වුනේ නෑ කියලා කියන්න පුලුවන්

    ReplyDelete
  28. කට්ටිය කියන විදියට නායකත්ව පුහුණුව මාර ජොලි වැඩක්. ප්‍රශ්නේ තියෙන්නේ එකෙයි රග එකෙයි තියෙන සම්බන්දෙ මොකද්ද කියල තමා. අපේ බැච් එකටනේ මුලින්ම රග අහෝසි කරන්න කියල රජයෙන් කිව්වේ. ඉතින් අපි දැක්ක විශ්ව විද්‍යාලේ ආචාර්වරුයි සිනියර්ස්ලයි ඒ දෙගොල්ලෝයි අපියි අතර වෙච්ච ගට්ටනය. මේකෙදි බැච් එක ඇතුලේ තුන් හතර කොටසක් හිටිය. කට්ටියක් සීනියර්ස්ලට කඩේ ගියා, කට්ටියක් ඩීන් ඇතුළු පිරිවරට කඩේ ගියා, කට්ටියක් ඕනේ මගුලක් වෙච්චදෙන් කියල ගෙදර හිටිය, ඉතුරු කට්ටිය දෙපැත්තෙන්ම කෑවා. මට පේන විදියට නායකත්ව පුහුණු සීන් එකෙන් මොකක්හරි බලපෑමක් වෙනවනම් ( මට තාම ෂුවර් නෑ එහෙම බලපෑමක් තියෙනවද කියල. ) ඔය කඩේ යන ප්‍රමාණය අඩු වෙයි. හැබැයි රැග් තිබ්බ නැතා කියල අපේ බැච් එකේ එහෙම බැච් ෆිට් එකක් නැත්තේ නෑ. කඩේ ගිය උන් ටිකත් ඔය යස අගේට ඉන්නේ.

    ReplyDelete
  29. දැන් නායකත්ව පුහුණුවත් ඉවරායි. මම බලන් හිටියෙ කොමෙන්ටුව දාන්න. ඔය පුහුණුවෙන් වුණේ කැම්පස් එකට එන්න කලින් බැච් එකෙ බහුතරයක් අඳුර ගත්ත එක. එච්චරායි. ගිහිපු ළමයි ආතල් ගත්තා. ඕක අවුලක් වෙන්නෙ පේරාදෙණියෙ වගේ සීමිත කැම්පස් කිහිපයක විතරයි. ඇයි ජෙප්පොන්ට කඩේ යන උදවිය හොයාගන්න බැරි වෙනවා. පේරා වලදි අලුතෙන් එන බැච් එකම අත උස්සලා 'අල' වුනොත් "ජෙප්පොන්ට" යන එන මන් නෑ

    ReplyDelete
  30. රැග් එකෙන්ලු බැච් බැච් අතර ෆිට් එක ඇතිවෙන්නෙ?

    පේරා වලදි අලුතෙන් එන බැච් එකම අත උස්සලා 'අල' වුනොත් "ජෙප්පොන්ට" යන එන මන් නෑ

    ගිය එවුන් නම් හොඳයි කියලා කියනවා.....සමහර එවුන් බූස්ස එහෙම ගිය එවුන් පූල් ටේබලුත් තියෙනවාලු, උදේට ඔනේ තරං ෆිෂ් රෝල්ස් එහෙමත් තියෙනවාලු...ඇඹිලිපිටිය ගිය එකෙක් බාස්කට් බෝල් ගහන්ඩ තියෙනවා කියලා උඩින් පියාඹනවා....මට නම් හිතෙන්නේ අපූරු වෙනසක් තියෙනව කියලා

    කව්රු මොනව කිව්වත් ඕකට ගිය එකෙක් ඕකට බැනල නම් නෑ මේ වෙනකල්.

    ගොඩක් එවුන් රැග් වෙන්නෙ talk එක දෙන්න බැරුව මෙතනින් හැමෝම අදුරගෙන කණ්ඩායමක් විධියට එතනට ගියාම රුග් කරන්න එන මානසික ලෙඩ්ඩුන්ට කටින් ගහල ජූනියර් කොල්ලො කෙල්ලො බය කර ගන්න බැරි වෙනව.

    ඕකෙන් අවාසියක් වෙන්නෙ දේශපාලන ප්‍රයෝජන ගන්න කැම්පස් වල ලගින හාල්පාරුවන්ට විතරයි මම නම් හිතන්නේ.

    ඔය පුහුණුව මමත් හිතුව ඇමති‍යගෙ විහිළුවක් කියල.
    බැලුවම ඒකට ගිය එවුන්ට අව්ලක් නෑ. උන් ඒකට මාර ආසයි වැඩි දෙනෙක්. ඔක නරකයි කියපු එකෙක් නම් නෑ ගිය එවුන්ගෙන්.
    රටේ බුද්ධිමත් මිනිස්සු විවිධ facaulty වල අය එකතු වෙනවලු අදුර ගන්නවලු. ඒව නරකද ? හමුදා පුහුණුවක් දීල නෑ ඒක බොරු.

    ඉතින් අහක ඉන්න අපිට මොකද උන්ට හොද නම්.

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා