ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Friday, May 13, 2011

ලෝක විනාශයේ පොඩි කතා



කාලෙකින් අවකාශෙ පැත්තෙ ආවේ ඕපයක් හොයාගෙන.ඊයෙ පෙරේදා බ්ලොග්වල මොකද්ද අවුලක් තිබ්බලු නේද? මම නම් දන්නෙ නෑ.

මේ දවස්වල අසනීප තත්වයෙන් ඉන්න නිසත් ගෙදරටම වෙලා ඉඳල ඉඳල ඊයෙ නෑ ගෙදරක ගියා.එහෙන් කනට වැදුනු සිද්දියක් තමයි අද අරගෙන ආවේ.


අර වෙනවයි කියන ලෝක විනාශය ඇත්තටම වෙයිද? එහෙම උනොත් මොකද වෙන්නේ ඕව ගැන තමයි කතාවුනේ.ඔය ගැන කතවෙනකොට තමයි පොඩි එවුන් දෙන්නෙක් ලෝක විනාශය ගැන කියපු කතාවක් ඇදිල ආවේ.

මේ පොඩි එවුන් දෙන්නට වයස අවුරුදු 8ක් වගේලු.උන් කතාවෙලා තියෙන්නේ මෙහෙම දෙයක්..

එක්කො ලෝක විනාශෙ වෙන එක හොඳයි.ඒක වෙන්නෙ ලබන අවුරුද්දෙනේ.ලෝක විනාශෙ ලබන අවුරුද්දෙ වුනෙ නැත්තම් මට ඊළඟ අවුරුද්දෙ ශිෂ්‍යත්වෙ විභාගෙ ලියන්න වෙනවනේ.එහෙම උනොත් අපේ අම්මගෙන් තමයි ලෝක විනාශෙ වෙන්නේ.

ඔහොම එකෙක් කියනකොට අනික් එකා නිකන් ඉඳලත් නෑ.පොර කියල තියෙන්නේ අමුතුම කතාවක්.

ලොක විනාශේ වෙනවනම් ඒක ඔක්කොටම වෙන්න ඕන.බැරිවෙලාවත් ඕකෙන් අපි විතරක් ඉතුරුවුනානම් මාර කේස් එකක් වෙන්නේ.එහෙම උනොත් අපිට තමයි අර ඉස්සර මානවයො කලාවගේ ආපහු ගල්වලින් ගිනි පත්තු කරලා ගිනි ගොඩවල් ගහලා පටන් ගන්න වෙන්නේ.

පොඩි එවුන්ගේ අදහස් ඔන්න.අපිට ජීවිතේට ඔහොම දෙයක් හිතිල තියෙනවද?
මේ වගේ තුන් හතර දෙනෙක්ගෙන් අදහස් ගත්තනම් මම හිතන්නේ අපිට ලෝක විනාශයක ගේමක් නැතුව මූණ දෙන්න පුලුවන් වෙයි :-D

11 comments:

  1. ඔය බ්ලොගර් වලට කෙලවිල්ලත් ලෝක විනාසෙට පෙරනිමිත්තක්ලුනේ.... :D

    ReplyDelete
  2. ලොල්ය... මම ආසයි ඒකතාවට.. ආයෙත් කියන්නකෝ... :D :D :D :D :D

    ReplyDelete
  3. වෙන විනාසයක් වෙන්නේ නැතෑ බං. හික් හික්.

    ReplyDelete
  4. අලේ කියන්නේ..... පොඩි උන්ගේ මීටර් කැරකෙන්නේ අමුතුම ආකාරයකටනේ......

    ReplyDelete
  5. අපිට වඩා දුර පොඩි වුන් හිතනවා

    ReplyDelete
  6. ඔක්කොටම ස්තූතියි.. අවකාශෙ දිහාවේ වැඩිය එවෙන්නෙ නෑ දැන්.ඒකයි කමෙන්ට් බලන්න පරක්කු වුනේ

    ReplyDelete
  7. අපෝ වෙන විනාසයක් ඔක්කොටම වෙන්න ඕනෙ. දුක් විඳලා මැරෙන්නෙ නැතුව එක පාරටම මැරෙන්නත් ඕනෙ.

    ReplyDelete
  8. දෙවෙනියට කිව්ව පොඩි එකා වගේ නේද පිණිබිඳු.. :-D

    ReplyDelete
  9. පුංචි උනාට මුන්ගේ මාර අයිඩියානෙ තියෙන්නෙ .........

    ReplyDelete
  10. ලෝක විනාසේ උනොත් අපරාදේ අපේ ලොක්කෝ ස්විස් බැංකු වල ගොඩ ගහපු සල්ලි !! එතකොට හාමුදුරුවරු පාර්ලිමේන්තු ගිහින් ගත්තු බෙන්ස් කාර් ? අයියෝ.. එහෙම එකක් නම් වෙන්න එපෝ !! පාර්ලිමේන්තුවෙන් ඩියුටි ෆ්‍රී ප්ලේන් දෙනකම් ඉවසපියෝ. !

    ReplyDelete
  11. දෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නවා ඇරෙන්න වෙන මොනා කරන්නද යාළුවා

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා