ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Monday, May 23, 2011

බී එස් ගේ හමුදා නොවන නායකත්ව පුහුණුව



ඇත්තටම මොකද්ද මේ නායකත්ව පුහුණුව?

එක එක තැන් වල එක එක කතා කියයි.උසස් අධ්‍යාපන ඇමතිගේ මේ ලබාදෙන පුහුණුවෙන් ඇත්තටම මොකක් වෙයිද?

එතුමා කියන විදියට නම් මේ තුලින් නවක වදය නවත්වන නවත්තනවලු.අද නිව්ස් වල කිව්ව විදියට නම් දැන් කිසිම ළමයෙක්ට කිසිම බයක් සැකයක් නැතුව විශ්වවිද්‍යාල වලට යන්න පුලුවන්.මොකද නායකත්ව පුහුණුවකින් යන නිසා.

නායකත්ව පුහුණුවෙයි රැග් එකෙයි මොකක් හරි සම්බධයක් ඇති එහෙනම්.ශාරීරික වර්ධනය වැඩි දියුණු කරගෙන යන නිසා රැග් කරන්න එනකොට දුවල බේරෙන්න වත් එහෙනම් කියල දෙනව ඇති.නැත්තම් ඉතින් නවක සිසුන් ජේෂ්ඨ සිසුන්ට තගක් දාන්න වෙනවා අපිට රැග් කරල අහුවුනොත් බලාගෙනයි වත් කියලා.

මගේ හැඟීම නම් මේක මහා පිස්සුවකි.කුජීතය.

ආණ්ඩුව උත්සාහ කරන්නේ මේ තුලින් නවක වදය නැවැත්වීමට නම් මෙයින් වනුයේ ගැටුම් තවත් වැඩිවීමකි.මෙම ලබදෙන පුහුණුව විශ්වවිද්‍යාල වල සිටින සිසුන්ට සහ ආචාර්ය්‍යවරුන්ටත් ලබාදෙනවනම් එය නම් යම්තාක් දුරට හෝ සෑහීමකට පත්වේ.

මේ ආමි ට්‍රේනින් මහ ලොකුවට ලබාදෙන වෙලේ සෑම විශ්වවිද්‍යාල සිසුවෙක්ටම අවසන් වසරේදී කාරිමික පුහුණුවක් ලබාදෙනවානම් ඒක කොච්චර හොඳ දෙයක්ද? දැනට කොළඹ ආශ්‍රිත විශ්විද්‍යාල වලට පමණක් සීමා වෙලා තියෙන මේදේ අනික් විශ්වවිද්‍යාල වලටත් ව්‍යාප්ත වෙන්න දුන්නොත් රැකියා ප්‍රශ්නය හෝ යම්තාක් දුරට අඩුවේවි.දැනට විශ්වවිද්‍යාල වලින් ඉවත් වෙන බොහෝ සිසුන්ට මෙසේ පුහුණුවක් නොමැති කමින් පුද්ගලික විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගත්ත සිසුන් සමග ලොකු තරඟයක් දීමට සිදුව තිබේ.

අපේ උසස් අධ්‍යාපන ඇමති තුමා කියන කතා ඇහුවමනම් එතුමා විශ්වවිද්‍යාලයක් ළඟින් වත් ගිය කෙනෙක් වෙන්න බෑ.එතුමාගෙන් අදහස් වලින් නම් තේරෙන්නේ ශිෂ්‍ය පරිපාලනයක් නොව ශිෂ්‍ය මර්දනයක් සිදු කිරීමට යන බවයි.

මෙහි අවසානය කුමක්ද? හිතන දේ ලියල යන්න

Friday, May 13, 2011

ලෝක විනාශයේ පොඩි කතා



කාලෙකින් අවකාශෙ පැත්තෙ ආවේ ඕපයක් හොයාගෙන.ඊයෙ පෙරේදා බ්ලොග්වල මොකද්ද අවුලක් තිබ්බලු නේද? මම නම් දන්නෙ නෑ.

මේ දවස්වල අසනීප තත්වයෙන් ඉන්න නිසත් ගෙදරටම වෙලා ඉඳල ඉඳල ඊයෙ නෑ ගෙදරක ගියා.එහෙන් කනට වැදුනු සිද්දියක් තමයි අද අරගෙන ආවේ.


අර වෙනවයි කියන ලෝක විනාශය ඇත්තටම වෙයිද? එහෙම උනොත් මොකද වෙන්නේ ඕව ගැන තමයි කතාවුනේ.ඔය ගැන කතවෙනකොට තමයි පොඩි එවුන් දෙන්නෙක් ලෝක විනාශය ගැන කියපු කතාවක් ඇදිල ආවේ.

මේ පොඩි එවුන් දෙන්නට වයස අවුරුදු 8ක් වගේලු.උන් කතාවෙලා තියෙන්නේ මෙහෙම දෙයක්..

එක්කො ලෝක විනාශෙ වෙන එක හොඳයි.ඒක වෙන්නෙ ලබන අවුරුද්දෙනේ.ලෝක විනාශෙ ලබන අවුරුද්දෙ වුනෙ නැත්තම් මට ඊළඟ අවුරුද්දෙ ශිෂ්‍යත්වෙ විභාගෙ ලියන්න වෙනවනේ.එහෙම උනොත් අපේ අම්මගෙන් තමයි ලෝක විනාශෙ වෙන්නේ.

ඔහොම එකෙක් කියනකොට අනික් එකා නිකන් ඉඳලත් නෑ.පොර කියල තියෙන්නේ අමුතුම කතාවක්.

ලොක විනාශේ වෙනවනම් ඒක ඔක්කොටම වෙන්න ඕන.බැරිවෙලාවත් ඕකෙන් අපි විතරක් ඉතුරුවුනානම් මාර කේස් එකක් වෙන්නේ.එහෙම උනොත් අපිට තමයි අර ඉස්සර මානවයො කලාවගේ ආපහු ගල්වලින් ගිනි පත්තු කරලා ගිනි ගොඩවල් ගහලා පටන් ගන්න වෙන්නේ.

පොඩි එවුන්ගේ අදහස් ඔන්න.අපිට ජීවිතේට ඔහොම දෙයක් හිතිල තියෙනවද?
මේ වගේ තුන් හතර දෙනෙක්ගෙන් අදහස් ගත්තනම් මම හිතන්නේ අපිට ලෝක විනාශයක ගේමක් නැතුව මූණ දෙන්න පුලුවන් වෙයි :-D

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා