ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Friday, April 8, 2011

ෆෙන්ෂුයිද මොනාද මන්දා



අම්බානක් උණ මරගාතේ මේ පෝස්ට් එක ලියමි..

චීන ෆෙන්ෂුයිද මොනාද කියල ක්‍රමයක් තියෙනවනෙ.දෙරණ නාලිකාවේ ඒ සම්බන්ධව වැඩසටහනකුත් යනවා.ඒකෙ කියන විදියටනම් වැඩේ එළටම වෙනවා.ඒ නිසාම මාත් කරල බලන්න හිතුවා ඒ ක්‍රමයක්.

ගෙදර සාලේ තක්කාලි ගෙඩියක් මොකකහරි තියලා ඒකට අපි මොනාහරි දෙයක් ඉෂ්ඨ වෙන්න කියල හිතාගෙන මාරු කාසි දාන්න කියල තමයි කිව්වේ.එකම දේ හිතාගෙන දවස් 3ක් මේ වැඩේ කරන්නත් ඕන.
දවස් 3කට පස්සේ එයාල කියන වෙලාවට ගෙදර මිදුලේ වලක් කපලා අර තක්කාලි ගෙඩිය දාන්නත් ඕන.
ඊට පස්සේ අර තක්කාලි ගෙඩියට දාපු මාරු කාසි වලින් පැනිරහ දෙයක් ගෙනල්ල කන්නත් ඕන.

ඉතින් මම ඕක කිව්ව විදියටම කලා.කිසිදු ප්‍රතිචාරයක් නොමැත.අනේ මන්ද මේවා කරලා සාර්ථක උන අයනම් ගොඩක් ඉන්නව කියලානම් ඒ වැඩසටහනේ කිව්වා.සමහරවිට මෙහෙමත් වෙන්න පුලුවන්.එක දෙයක් හිතන් ඔය වැඩේ කරන්න කිව්වට කීයක් නම් හිතේ තියෙනවද..
ආය එකක් කියල නැහැනේ කරදර.ඒ නිසා මොකක්ද ඉෂ්ඨ කරන්නේ කියලා තක්කාලි ගෙඩියටත් ප්‍රශ්නයක් වෙන්නැති.

මේ ළඟදී එළ වෙන්ෂුයිද මොනාද මන්දා ක්‍රමයක් කිව්වා.

ඒකට ඉස්සෙල්ලාම හොඳ දානපතියෙක්ගේ නිවසක් හොයාගන්න ඕන.ඊට පස්සේ ඒ ගෙදර මිදුලෙන් පස් ටිකක් අරගෙනරෙදි කෑල්ලක ඔතලා තමන්ගේ ගෙදර සල්ලි ගැවසෙන තැනක තියන්න කියලා.ඒ කිව්වේ අල්මාරියේ ලාච්චුවේ,පර්ස් එකේ වගේ.
එතකොට කවදාවත් මුදල් වලින් අඩුවක් වෙන්නෙ නෑලු..

ඔන්න නියම ක්‍රමයක් ට්‍රයි කරල බලන්න..

හැබැයි මාර කේස් එක කියන්නේ හොරෙන් තමයි ඔය වැඩේ කරන්න වෙන්නේ.මොකද දානපතියෙක්ගෙ ගෙදරින් පස් ගන්න කිව්වට ඒ ගෙදර අයිතිකාරයා මිදුලෙන් පස් ගන්නව දැක්කොත් අන්තිමට කියයි හූනියම් කරන්න යනව කියලා..

එහෙම උනොත් ඉතින් ආපහු හිරේ තමයි..

43 comments:

  1. ඔයත් අහුවෙනවනෙ ඕවට හිහ්...අනේ අනිච්චං කිව්වලු.

    ReplyDelete
  2. අර තක්කාපලි ගෙඩිය පැළඋනේ නැද්ද?

    ReplyDelete
  3. ඔය ගොන්වැඩ වලින් හරියනව නම් බන් සල්ලි කාරයන්ගේ ගෙවල් වලින් පස් අරන් දුප්පත් මිනිස්සුන්ට බෙදුවම නිකම්ම දුප්පත්කම නැති වෙනවනේ :-D

    තක්කලිගෙඩිය හිටවලා, වතුර දාලා පැල කරලා ගෙඩි කඩලා විකුනලා සල්ලි හම්බ කරගෙනාර පැනි රහ ගෙනත් කන්න කිව්වේ නැද්ද බන් උන්

    ඕක විකුනන් කන උන්ට නම් හරි ගිහින් ඇති

    ReplyDelete
  4. ඔය ඔක්කොම උන් එක එක විදියෙ සක්විතිල බන්.. මිනිස්සු රවට්ටන

    ReplyDelete
  5. @නදී -
    නෑ ඉතින් කරල් බැලුවා නිකමට වගේ

    @Praසන්ன -
    නෑනේ.. එහෙම පැලවෙනවද?

    ReplyDelete
  6. @මරේ -
    දෙරණෙ ලොකුවට යනව බන් ඔය ගැන.. බලපන්කො ඔය ලොකු කඩවල් වලත් ඔය තක්කාලි මගුල කරනවා.
    මේ තියෙන රූපෙ වගෙ එකක් එක කඩේක තිබ්බා.ඒකෙ මුදලාලිනම් කිව්වේ ඒක 15,000/= උනා කියලා.අනේ මන්ද උඹ කියනව වගේ ඕක විකුනන් කන එවුන්ටනම් හරිගිහින් ඇති තමයි.
    පස් කතාවනම් කිව්වෙ ලඟදී

    @Sandamal -
    හරිගිය එවුනුත් ඉන්නව කියනවනේ බන්.. බලහන්කෝ දෙරණ.. මටත් ඔය එහෙන් මෙහෙන් ඇහුණ ඒවා

    ReplyDelete
  7. මේ නුවර පැත්තෙත් තියෙනවා ලොකු ‍ෆෙන්ෂුයි කඩයක්.. ආසිර වණිගරත්නද කාගෙද පොරක්.. ඔය ටීවී එකේ ඉන්න බුවාගේ තමා.. අප්පේ ඒකේ තියෙන බඩු වල ලස්සන...

    රුපියල් සීයට කාසියක් තියෙනවා.. ඒවා පර්ස් එකේ දාගෙන හිටියාම සල්ලි ලැබෙනවාලු.. හොහ් හොහ්.. ඊට හොඳයි රුපියල් සීයෙන් මොනා හරි කාලා ප්ලේන්ටියක් ගහලා ගෙදර යනවා..

    ReplyDelete
  8. උණ විකාරෙන්ද බං ඕවා කරේ.

    ReplyDelete
  9. @ළමයා -
    එහෙම කතාවක් මාත් අහල තියෙනව ටීවී එකේ.ඕවා ගන්න මිනුස්සුත් ඇතිනේ.. ඒකනේ මහ ලොකුවට බය නැතුව ටීවී වලට ඇවිල්ලත් ප්‍රචරය කරන්නේ..

    @බුල්ටො -
    නෑ බන් ඊට කලියෙන් උන සිද්දියක් මේක.. මේ දවස්වල ඕව කරන්න හිතෙන්නෙ නෑ බන්

    ReplyDelete
  10. ෆෙන්ෂුයි කියල අපේ රටේ අය කරන්නේ බොරුවක් සල්ලි කඩා ගන්නවා.මේක බොරු කියල කොච්චර කිව්වත් අහන්නේ නැති එකනෙ වැඩේ.

    ReplyDelete
  11. මිත්‍යා වලට හසු නොවන්න...
    මේකත් කියවල බලන්න..
    http://navifantasy.blogspot.com/2011/01/blog-post_13.html

    ReplyDelete
  12. ඔය මගුලෙන් හොඳටම පෝසත් වෙන්නෙ බූත පිලිම විකුනන කඩ කාරයොයි ඔය බොරුව කියන එවුනුයි විතරයි. තුක් විතරක් මැරිලවත් යන්න්නෙ නෑනෙ මුන්.

    ReplyDelete
  13. හෙ හේ... මූලික වියදම දරන්න පුළුවන්නම් ඕන කෙනෙක්ට අළුත් බුද්ධ කෙනෙක්ව හදල කන්සෙප්ට් එකකුත් ඒ එක්ක ගාවල මාකට් කරල සල්ලි හොයන්න පුළුවන් ඔය වගේ.... :D

    ReplyDelete
  14. අපේ ගෙදරත් ටික දවසක් ඔය " ලාෆින් බුද්ධා" හිටියා. පස්සෙ මං එයාව එළියට වැඩම්මෙව්වා. වැඩි වෙනසක් උනේ නැහැ හිටියා නොහිටියා කියලත්

    ReplyDelete
  15. ගංජා බිස්නස්,කුඩු බිස්නස් කරපන් බන් සල්ලි ගලනවා,,,ඔය එක එක ඒවා කරන්න ඕනේ නෑ

    ReplyDelete
  16. @JHOTHISHALANKA,
    @ෆැන්ටසි,
    @චන්දික -
    මේක හොරට යන වැඩක් කියන්නත් බෑනේ එක අතකට. ප්‍රසිද්ධ නාලිකාවක ඒකටම කියල වැඩසටහනකුත් යනකොට කවුරුත් විශ්වාස කරනවනේ..

    ReplyDelete
  17. @hare,
    @හරී -
    ඔක්කොම බිස්නස් තමයි දැන්.. අනේ මන්ද ඉතින්

    @ඩිලාන් -
    උඹ හදන්නේ මාව ආපහු හිරේ යනවන්නද?

    ReplyDelete
  18. අයියෝ බන්... උඹ කට්ට කාගෙන ඔය තක්කාලි කෝස් එක සම්පූර්ණ කලාද?(අපරාදෙ බන් තක්කලි ගෙඩිය)... මාර පොරක්නෙ උඹ...

    ‍පුංචි මුට්ටියකට කාසි පුරවල කාමරේ බස්නාහිර පැත්තෙන් තියපන්... (හරි නොගියත් අන්තිමට මුට්ටි කෑල්ලෙ තියෙන කාසි ටිකවත් තියෙනවනෙ..)

    ReplyDelete
  19. යකෝ උඹ සයන්ස් ෆැකල්ටියක නේද ඉගෙන ගන්නෙ? නොදකිං.

    ReplyDelete
  20. මේ ෆෙන්ෂුයි මාස්ටර්ල හරි කපටි තෙම්පරාදු අය.ඔය රූපවාහිනී වැඩසටහන් එකක්වත් ඒවායේ උවමනාවට කරනවා නෙවෙයි.පෙන්ෂුයි කාරයෝම ඒ රූපවාහිණී ලයින් වලට මුදල් දීල ඒ අයට ඕන විදියට වෙලද දැන්වීම් වගේ තමයි වැඩසටහන් කරන්නේ.ජ්‍යොතිෂ පත්තරේක කතු වරයක් තමයි මේක බෝ කලේ.මේ පෙන්ෂුයි කාරයෝ අතර තියෙන්නෙත් ලොකු තරගයක්.
    ඔවුන් තමන්ගේ ග්‍රහණයට වඩාත් හසු කර ගන්නේ කොළඹ ප්‍රදේශයේ අයව.ගෙවල්වල ගෑනු හරහා තමයි ගේමට එන්ටර් වෙන්නේ.ටී.වී. එකේ විතරක් නෙවෙයි මුන් ගෙවල් වලටත් එනවා.ඒ එන්නේ සතියෙ දවස්වල උදේ වරුවෙ.ඒ වෙලාවට ගෙවල් වල පිරිමි වැඩට ගිහින් රස්සා කරන්නැති ඔය පාරපරික අදහස් තියෙන ගෑනු උදවිය ඉන්න ගෙවල් වලට ගිහින් මේගොල්ල කියන්නේ
    * මේ ගෙදර ධන නාස්ති වැඩියි නේද? කොච්චර හම්භ කලත් ඉතිරියක් නෑ නේද?
    * ගෙදර අය විශේෂයෙන් පොඩි ලමයි නිතර නිතර ලෙඩ වෙනවා නේද?
    ඔනාන ඔය වගේ ප්‍රශ්න අහල තමයි පටන් ගන්නේ.ඉතින් අද කාලෙ හැටියට හැම ගෙදරම මේ වගේ ප්‍රශ්ණ තියෙනවනේ.ඉතින් ඊට පස්සෙ ගෙදර තියෙන වාස්තු දෝෂයක් ගැන කියනවා.
    * මේ ගෙදර ප්‍රධාන දොරටුව කෙලින් එහෙම නැත්තම් මුළු හරහා අල්ලපු ගෙදර ප්‍රධාන දොර වැටිල තියෙනවා.
    * ගෙයි උළුවස්ස කෙලින් යටලීයක් වැටිල තියෙනවා.
    වගේ මොනා හරි දෙයක් කියනවා.ඒවට අවශ්‍ය පුහුණුව පෙන්ෂුයි කරන අය තම තමන්ගේ ගෝල බාලයන්ට දෙන්නෙ සම්මන්ත්‍ර තියලා.
    මෙන්න මේ විදියට එක එක ජාතියේ උපක්‍රම දාල ගෑනුන්ව ටිකක් බය කරාට පස්සෙ කියනවා.
    "මැඩම් මේ වගේ නිවාස වල මතු වන වාස්තු දෝෂ හා වෙනත් ගැටළු වලට ප්‍රතිකර්ම ක්‍රමයක් ෆෙන්ෂුයි කලාවේ තියෙනවා.මේකෙන් කරන්නේ අට දිශාවේ පංච මහා භූත ධාතූන් ඒ කිව්වෙ පඨවි,ආපෝ,තේජෝ,වායෝ,ආකාශ කියන ධාතුන් සංතුලනය කරන එක (චූ ශක්තිය සංතුලිත කිරීම)මේ පංච භූතයන් අට දිශාවේ අසන්තුලිත වෙනකොට තමයි ඔය වගේ වාස්තු දෝෂ මතු වෙන්නේ.අපට බැලූ බැල්මටම පෙනෙනවා මේ ගෙදර ඊශාන දිශාවේ වායෝ ධාතුවේ අසංතුලිතයි කියල.ඒකට අපි ප්‍රතිකර්ම කියන්නම් අපගේ සේවය ලබා ගැනීමට කැමතිද?"
    මෙන්න මෙහෙම කියල ඊට පස්සෙ ප්‍රතිකර්ම විදියට කකුල් තුනේ ගෙම්බෙක් තියන්න කියනවා තව ඔය ජනෙල් රෙද්දක් මල්පෝච්චියක් එහාට මෙහාට කරල ඇදන් පුටු ටිකක් එහාට මෙහාට කරල සල්ලි කඩා ගන්නවා.ඔන්න වැඩේ.
    අනිත් එක යාළුවා ඔය ෆෙන්ෂුයි වල සිද්ධාන්ත හදල තියෙන්නේ අපේ රටට නෙවෙයි චීනෙට ගැලපෙන විදියට.අහල තියෙනවනේ චීනේ තියෙන්නේ ලංකාව වගේ සමකයට ආසන්නව නෙවෙයි චීනෙ අපිට වඩා උත්තර අර්ධ ගෝලයේ පිහිටි රටක්.වීනේට සූර්යයා ගමන් කරන්නේ අපේ රට් වගේ දවල් 12 ට හිස මුදුනට වෙන්න නෙවෙයි ටිකක් දකුණට බරවෙලා ඒ හින්ද තමයි චීන්නු ගෙවල් වල දකුණු පැත්තෙ වැඩි ජනෙල් ප්‍රමාණයක් දාන්නේ.ඒක අපිට ගැලපෙන්නේ නැහැ.ඒ වගේම තමයි ඔය නිතරම වාගේ පීඩන අවපාත ඇතිවන බෙංගාල බොක්ක පිහිටන්නේ අපේ රටට ඊශාන පැත්තට වෙන්න.චීනෙට ඒක වෙනින් දිශාවක්.එතකොට වායෝ ධාතුව සංතුලනය වීම රටවල් දෙකේ දෙවිදියක්.ඔය චීනේ දේවල් සේරම ලංකාවට හොදනම් අපි චීන්නු වගේ නයි පොලොංගුත් කමුකෝ.
    ෆෙන්ෂුයි කාරයෝ කියන විදියට ලාෆින් ගෝඩ්,කකුල් තුනේ ගෙම්බො වගේ පිළිම තියාගෙන චීන කාසි ලග තියාගෙන "හතර මහා නිධානය" පහල කර ගන්න හිතන් ඉන්න අයටයි මම මේ ටික කිව්වේ. අනේ හැබෑටම අපේ හිරකාරයත් මේවට රැවටිලානේ.හැබෑටම තමුන්නාන්සේ හිරේ ගියේ අවුරුදු කාලෙට කොල්ලොත් එක්ක ජිල් බෝල ගහල පොලීසියට මාට්ටු වෙලාද?(ඒක කිව්වෙ විහිළුවට තරහ වෙන්න එපා හොදේ.) අප්පේ කොමෙන්ටුවේ දිග පෝස්ට් එකක් වගේ සොරි හොදේ

    ReplyDelete
    Replies
    1. ගොඩක් වටින අදහස් හා විතර්ක....

      ස්තුතියි යාළුවා

      Delete
  21. @සාතන් -
    ඒක හොඳ ක්‍රමයක් තමයි.. ඒත් ඉතින් මේ වගේ ආතල් නෑනේ

    @ඇනෝ -
    සයන්ස් තමයි කලේ.ඒ උනාට මේ වගේ එව්ව කරන්න සයන්ස් කරලම තියෙන්න ඕන නෑනේ බන්.. උඹත් නිකන් ඉන්න එකේ ඔය මොකක් හරි ක්‍රමයක් ට්‍රයි කරල බලහන්.. අර සාතන්ගෙ ක්‍රමේ නම් එළ..

    @JHOTHISHALANKA -
    පට්ටම විස්තරයක්.. එල තැන්කූ වේවා

    ReplyDelete
  22. ලොල්ය.. ආච්චිගෙ තට්ටෙය.. :P
    එහෙනම් හොද සල්ලි කාරයන්ගෙ ගෙවල් අවට ඉන්න ගැඩවිල්ලු හේම හොදට පොහොසත් වෙන්ඩෑ.. හික් ය.

    උණ සන්නියට කිමන් සුව පතමි.. :D

    ReplyDelete
  23. ttp://eyugaya.blogspot.com/2010/07/blog-post.html

    ReplyDelete
  24. නෑ බං මං කිව්වෙ සයන්ස් කරලත් උඹ මේ බොරුව ට්‍රයි කරන්නවත් හිතපු එක ගැන

    ReplyDelete
  25. මල්ලි අද තමයි මම උබේ බ්ලොග් එක නියම විදියට කියෙව්වේ.විශ්වාස කරපන් එක දිගට පැය 2ක් විතර කියෙව්වා.උබේ බ්ලොග් එකේ "සිරකරුවා" ටයිටල් එක දාන්න හේතුව දැන ගත්තේ අද .උඹ මේතරම් දුක් ගැහැට විදපු එකෙක් කියල හිතුවෙ නැහැ.බ්ලොග් එකේ තව ලිපි කියවන්න තියෙනවා.ඒවත් ඉක්මනට කියවන්න ඕන.

    ReplyDelete
  26. @සුළැඟිල්ල -
    ගැඩවිල්ලන්ට පනුවන්ට ජීවන වියදම් කියල ප්‍රශ්නයක් නෑනේ බන්.. මොන මගුලක් කියනවද මන්ද උඹත්.
    කිමන් සුවය තමයි.. තාම කොට උඩ

    @ඇනෝ -
    නෑ බන් නිකන් ගෙදර ඉන්නකොට ඔය වගේ ඒවා ඇහෙනකොට ට්‍රයි කරන්න හිතෙනවනෙ බන්.ඇයි බන් කියන්නෙ ඔය හරිගිය අය ඉන්නව කියලා ඒකයි නිකමට වගේ කරන්න බැලුවේ..
    දාලා තියෙන ලින්ක් එක වැඩ නෑ

    @JHOTHISHALANKA -
    තාම ඔය කරපු වැඩ වලට වන්දි ගෙවනවා අයියේ. යාලුවෙක් කරපු ඉල්ලීමකටයි බ්ලොග් එක ලියන්න පටන් ගත්තේ.ගොඩක් ස්තූතියි අයියා..

    ReplyDelete
  27. කව්රු හරි සල්ලි හොයන්න නිර්මාණාත්මක හොර වැඩක් කලාම රවටෙන්නත් අය ඉන්න ඕනනේ......

    ReplyDelete
  28. http://eyugaya.blogspot.com/2010/07/blog-post.html

    ReplyDelete
  29. හරි ඇනෝ බැලුව මම.. හොඳ ලිපියක්..

    ReplyDelete
  30. මම ඔයාගෙ බ්ලොග් එකේ ලිපි සේරම කියෙව්වා.මමත් රුහුණෙ සයන්ස් කරපු කෙනෙක්.අපිත් හිටියෙ පොදු සිසු බලවේගෙ තමයි.ජෙප්පන්ව පේන්න බෑ ඒ කාලේ.හැබැයි මම වලි වලට ගිහින් නැහැ.එකම එක සැරයක් අපිව ඩීන් ඔපිස් එකේ ජෙප්පො හිර කලා.අන්න ඒ වෙලාවෙ ජෙප්පෝ එක්ක පොඩි ගල් ප්‍රහාරයක් හුවමාරු කර ගත්තා.ඒත් දැන් හිතෙනවා ඒ කාලේ අපි හරි මෝඩයි කියල.මම හිටියෙ මරදයලැයි බැජ් එකේ.හික්කඩුවෙ අරුණ තමයි අපේ රෙපා.මම දැක්කා උඹේ ෆේස් බුකියෙ චන්දන ප්‍රසන්නගෙ පොටෝ එකක් තියෙනවා.එයත් මගේ හොද යාළුවෙක්.මම බැජ් එකේ එච්චර ප්‍රසිද්ධ කෙනෙක් නෙවෙයි.බීබීසී කියල තමයි මට කිව්වෙ.මට නම් උඹව මතක නැහැ.
    මගේ බ්ලොගය ජ්‍යෙතිෂයට සම්බන්ධ එකක් ඔය ෆෙන්ෂුයි කාරයො වගේ ටී.වී වලට එන අය හුගක් කරන්නෙ බොරුව. පල්ලෙහා පෝස්ට් එක කියවපන්

    http://lankajhothisha.blogspot.com/2010/11/blog-post_15.html

    ReplyDelete
  31. ගොඩක් සතුටුයි අපේ ෆැකල්ටි එකේ සීනියර් කෙනෙක් මුණගැහීම ගැන.. අයිය එතකොට ධනුෂ්ක,කේටී අයියලාගේ සීනියර් බැච් එකේද?
    ඔව් ඔව් ඔඩ්යෙ හිර වුන කේස් එක දන්නවා..

    ReplyDelete
  32. නෑ බන් උන් දෙන්නත්(ධනුෂ්ක,කේටී) ඇපේ බැජ් එකේ.

    ReplyDelete
  33. අනේ මොකට කියනවද පෙන්සුයි.. සීයගෙ සරම.. :/

    ReplyDelete
  34. ඇයි බන් එළනේ..
    ඊයෙද කොහෙද කියනව ඇහුණා මතක ශක්තිය දියුණුවෙන්න එළ ක්‍රමයක් කියනවා..

    ඔය කෝච්චියක් ඇතුලෙ තියාගනින් චීන කාසි.. ආය ඉතින් එළටම සරු වෙයි.. හික්ස්

    ReplyDelete
  35. ලොල්ය.. ඇයි ගැඩවිල්ලුන්ට ජීවන වියදන් නෑද්දෑ?? උන්ටත් පවුලක් කියල දෙයක් තියෙනව නොවැ.. ගැවිල්ලු, පනුවො, හැකරැල්ලො, හන්ගොල්ලො ගොලුබෙල්ලො හරිම වාසනාවන්තයි නේද..??? :P හරි ඉතින් උබ පතන්නෙ එ සුවනම් මාත් ඔන් බොට නිවන් සුව පතනව.. ;) නොදැක්කත් මට ඔනි නම් පුලුවන් උබ දැක්ක කියල කස්ටියට කියන්න.. :D :P

    ReplyDelete
  36. මොන මගුලක් කියනවද මන්දා.. හික්ස්

    ReplyDelete
  37. ලබන්නාවූ සුභ අළුත් අවුරුද්ද ඔබ සැමට බලාපොරොත්තු ඉටු වන සුභ අළුත් අවුරුද්දක්ම වේවා.

    ReplyDelete
  38. එසේම වේවා........................

    ReplyDelete
  39. මාත් ඔය කඩේකට ගිහින් තියෙනවා. ඇත්තටම ඕක නිසා ගත්තු මිනිස්සු දියුණු වෙනවාටත් වඩා විකුනපු මෑන් සල්ලිකාරයෙක් වෙලා තියෙන බව තමයි මට නම් පෙනුණේ. මාත් ඉස්සරම කාලේ ෆෙංෂු ගැන ලියපු කතාවක් තමා මේ............

    http://aagiyakatha.blogspot.com/2010/04/blog-post_5497.html

    ReplyDelete
  40. ෆෙන් ෂුයි කියන්නේ බොහොම ගැඹුරු විද්‍යාවක්. එක ට්‍යන්තම් කට ගගත්ත ගොඩක් අය එක එක විකාර කරනවා. හරියටම හිටි ගමන් දවසක් බවන කල සමහරු රහත් වෙනවා වගේ.. ඉන්දියාවේත් ලංකාවෙත් තියෙන වස්තු විද්‍යාවට බොහොම සමානයි.. චීන මිනිස්සු හුඟක් වැඩ කරන්නේ මේ අනුවයි.. මන් දැකල තියෙන බොහොම ෆෙන් ෂුයි ක්‍රම වලට ප්‍රයෝගික හේතු තියෙනවා. උදාහරණ වශයෙන් එකක් කියන්නම්. අපි මේසයක් තියල වාඩි වෙනකොට ජනේලයකට පිටුපාල වාඩිවෙන්න වෙන විදිහට තියන්න එපා.කියල ෆෙන් ෂුයි කියනවා . එහෙම තිබ්බොත් වෙන්නේ මොකද ? ජනේලෙන් එන එලිය ඔබේ මුහුණට සෙවනැල්ල ගෙනෙනවා.. අනික එහෙම තියල ඉඳගෙන ඉන්නා කොට කවුරුහරි ජනේලයෙන් ඇවිත් මොනවහරි කලොත් එහෙම කොහොමද ? ඔය වගේ ගොඩක් දේ..

    ReplyDelete
  41. @හසියා -
    හ්ම්ම් මම කියෙව්ව පෝස්ට් එක.. ඔව් උඹ කියන එකනම් හරියටම හරි.අපිටනම් කිසි සෙතක් නෑ ඔය ඒවගෙන්..

    @සරත් -
    එතකොට අර පස් ගන්න සීන් එක,තක්කාලි සීන් එක?

    ReplyDelete
    Replies
    1. Mehemai machan Feng shui & Asiri Wanigarathne kiyanne dekak Asiri Wanigarathna welendek miniha karanne Feng Shui saha e wage thawa thawa dewal genath lankawe minissunta market karala wikuna ganna hadana eka. oya thakkali scene eka mama dakka ethanadi pora kiwwe meeka Europe wala minissu karanawa eken thama oka allagaththe kiyala. Thakkali scene eka Feng Shui newe. Asiri karana hamadeema Feng shuith newei.

      Delete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා