ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Monday, March 14, 2011

තප්පර තුනේ ආතල්


මේ සිද්ධිය මතක් උනේ ඊයේ රෑ ලාවට හීනයක් දැක්කහම..කැම්පස් ඉන්න කාලේ අපේ බැච් එකේ කොල්ලෙක්ට ගහපු මඩ පෝස්ටර් එකක් මතක් උනා.
ඒ දවස්වල ඔයාලටත් මතක ඇති හච් , මොබිටෙල් සිම් වල තිබ්බා තප්පර 3නේ ෆ්‍රී ටයිම් එකක්.තප්පර 3ක් උනාට මොකෝ ඕන පණිවිඩයක් කියාගන්න පුලුවන් ඒකෙන්.හැබැයි හොඳ පුහුණුවක් තියෙන්න ඕන.මුලු කතාවම තප්පර 3න් කියන්න බැහැනේ.ඒක ගානට කෝල් එකෙන් කෝල් එකට පණිවිඩේ කියන්න ඕන.තප්පර 3න් පැන්නොත් ඉවරයි ඔක්කොම.
ඉතින් මේ ක්‍රමේ මල් කඩන අයටනම් ගොඩක් වාසිලූ..සල්ලි කැපෙන්නෙත් නෑ.වැඩේ ගොඩ.ඔය තප්පර 3 කේස් එක නිසා අපේ එකෙක්ට හොඳ සීන් එකක් උනා.
අපේ බැච් එකේ මුතූ කියල එකෙක් හිටියා පොර තමයි ඔය තප්පර තුනේ සීන් එකේන් හොඳටම වැඩ ගත්ත එකා.පොර කොයිවෙලෙත් ඔයා ෆෝන් එකෙන් හතර අතේ තප්පර 3නේ කෝල්ස් ගන්නවා.වැඩියෙන්ම මල් තමයි.මෑන්ස් මල් කඩන්න තමයි හච් එක ගහ්තේ.පොරට ඩයලොග් සිම් එකක් තමයි තියෙන්නෙ නැත්තම්.කොහොමහරි මූට ටැපලිලා අපේ ඇල්ෆා කියලා කොල්ලෙකුට කෝල් එකක් අරගෙන..

මුතුවා එක සැරේ ගත්ත කෝල් 4හි සමරි එක තමයි මේ

මුතූ - ඇල්ෆා උඹ කැම්පස් එකේද ඉන්නේ?
ඇල්ෆා - යකෝ උඹ ඩයලොග් එකෙන් මේ කතා කරන්නේ
මුතූ - මොකද්ද ඇහුන්නෑ.
ඇල්ෆා - යකෝ මේ උඹේ ඩයලොග් නම්බර් එක බන්
මුතූ - ඇහෙන්නෑ බන්.
ඇල්ෆා - යකෝ මේ උඹේ ඩයලොග් නම්බර් එක
මුතූ - ඇහෙන්න කියපන්කෝ.
ඇල්ෆා - හච් එකෙන් ගනින් යකෝ.. මේ ඩයලොග් එක

එතනින් පස්සෙ තමයි මුතූට වැඩේ තේරිලා තියෙන්නේ.. ඒ දවස්වල ඩයලොග් එකෙන් කෝල් එකක් යනව කියන්නෙ හෙණ ගැහුව වගේ සල්ලි කැපෙන්නේ.කෝල් එකක් නෙමෙයිනේ.කෝල්ස් 6ක් කියන්නෙ ඉතින් දැන් රුපියල් 100ක රීලෝඩ් එකක් වගේ තමයි..

කොහොමහරි සිද්ධියෙන් පස්සේ පෝස්ටර් එකක් මගින් මේ සිද්ධිය අනෙක් එවුන්ව දැනුවත් කරන්න අපේ කොල්ලො අමතක කලේ නෑ..

14 comments:

  1. අපෝ මඩ පෝස්ටර් .... අපේ කවුරු හරි කොල්ලෙක්ට කෙල්ලෙක් බෑ කිව්වොත් එහෙම නම ගම විස්තර සහිතව සහ මළකඩ කාපු ඇණයක්ද සමඟ මඩ පෝස්ටරය හිමිදිරි පාන්දරම.

    ReplyDelete
  2. මොනව කළත් ඉතින් කට්ටියට මඩ ගහන එකනම් අමතක වෙන්නේ නැහැ... :D

    ReplyDelete
  3. කෝ...කවුද මඩ ගහන්නේ..අපිට නම් මඩ ගහලා පුරුද්දක් නෑ.... :)) ඩයලොග් නම් චාටර් ...අපි වැදගත් සහ ටෝටලි ෆ්‍රී හච් දෙවියෝ.....

    ReplyDelete
  4. @පිණිබිඳු -
    ඇණ පෝස්ටර් නම් කැම්පස් එකට වඩා හොස්ටල් එකේ තමයි වදින්නේ..
    නම ගම විතරක් නෙමේ.ටෙලිෆෝන් නම්බරෙත් දානවා

    @කොට ජීවිතේ -
    කොහොම අමතකවෙන්නද ඔය වගේ වැදගත් ඒවා

    @රත්ගමේ -
    ඒ දවස්වල වගේ දැන් හච් වල තප්පර තුනේ ආතල් එක නෑනේ.ඔය තප්පර තුනේ සීන් එක තියෙන කාලේ ඩයලොග් වල ඉන්කමින් වලටත් රුපියල් 9ක්ද කොහෙද කැපෙනව විනාඩියකට.

    ReplyDelete
  5. @Praසන්ன - :-D

    @නදී -
    හෆොයි තමයි

    ReplyDelete
  6. උඹත් තත්පර තුනෙන් මොන මොනවා කරන්න ඇද්ද :D

    ReplyDelete
  7. මොන මොනවත් කලේ නෑ බන්.. :-D

    ReplyDelete
  8. Come here from Malaysia

    http://najib-razak-quote.blogspot.com

    ReplyDelete
  9. incoming calls වලටත් සල්ලි කැපෙන ඒ කාලේ call එකක් ගන්නවා කියන්නේ ඉතින් අම්මෝ මතක් කරන්නත් බයයි වගේ :))

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා