ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Saturday, February 19, 2011

මෙන්න මේවා තමා නියම ඉන්ටවීව් - II කොටස



එදා කතාව බලන්න ඇතිනේ.. මේ දවස් වල පොඩි පොඩි වැඩ වගයක් තිබුන නිසා කතාවේ ඉතුරු ටික(හොඳම හරිය) ලියන්න බැරිවුනා.මේ දවස්වල මැෂින් එක ඕන් කරපු ගමන්ම යන්නේ ටොප් ජොබ් සයිට් එකට. දානවා දානවා විතරයි.. සද්දයක්වත් නෑ. ප්‍රශ්න ඉවරයක් වෙන්නෙත් නෑ.
හරි හරි කතාවේ ඉතුරු ටික බලමු..

කොහොමහරි කොන්ක්‍රීට් ගැන අහල හරි ජොබ් එක සෙට් වුනානේ.මොන agreement එකක්වත් සයින් කලේ නෑ.ඔහේ ආපහු ගෙදර ආවා.සඳුද ඉදන් වැඩ.අපිටත් මොකෝ ඉතින් ඔන්ලයින්නෙ කරන්නත් තියෙන්නේ.එනකොට තව එල සීන් එකකුත් වුනා.අපේ සර් එළුබෙටි ට්‍රාන්ස්පෝට් එකක් ගැනත් ඇහුවා.බොස් නම් නෙමේ අනික් කෙනා.එළුබෙටි පටවන්න පුළුවන්නම් ටොන් එකකට ලක්ෂ 2 ගානෙ ගෙවන්නම් කිව්ව.මේකත් ෂුවර් එකටම ලොක්කගේ වැඩක් වෙන්නැති.කොන්ක්‍රීට් ගැන අහපු එකේ එළුබෙටි මොනාද..
ඉන්ටවීව් ගියේ IT field එකේ.කොහොම උනත් කොන්ක්‍රීට් ගැනයි එළුබෙටි ගැනයි මනා අවබෝධයක් ලබාගෙන අපි ගෙදර ආවා.සඳුද ඉඳන් වැඩ.

අපිට ඉස්සෙල්ලාම කරන්න තිබ්බේ කම්පැනි එකේ සයිට් එක ගහන එක.ඒක බිස්නස් කම්පැනියක් නිසාත්IT section එක අලුතින් පටන් ගත්ත නිසාත් සයිට් එක පිළිබඳ ලොකු අවබෝධයක්වත් තිබුනෙ නෑ.අපිත් එක තව 36ක් වැඩ කරන බව තමයි ලොක්කනම් කිව්වේ.ඔක්කොමල ඔන්ලයින්.
මලම හත්තිලව්ව උනේ එකම කම්පැනියට සයිට් 10ක් ගහන්න වෙච්ච එක.මාසයක් තිස්සේ සයිට් 10ක් ගැහුව එක එක ජාති වලින් එකම කම්පැනියට.හැමදාම නිදාගද්දී පාන්දර 2 පහුවෙලා.ඇති වැඩකට නම් කමක් නෑ.මේ අද හොඳයි කියන එක හෙට එපාලු.මාසේ අන්තිමට කරන්ට් බිල එනකොට තමයි සයිට් පෙනුනෙ මට.ගෙදරින් බකට් එක ඇද්දා.හැමදාම එකම තැනනේ.කම්පැනි සයිට් එක ගහල එපැයි අනික් ඒවා ගැන බලන්න.
කොහොමහරි පලවෙනි මාසෙ ඉවරවුන්නට පස්සේ තමයි කම්පැනියේ බොස්ට ඕන විදිය ඩිසයින් කරල එව්වේ.මරු තමයි.ඕක කලින් එව්වනම් මොකද වෙන්නේ.හරි ඒකත් කමක් නෑ කියල කට්ට කාගෙන හිටියා.ඊට පස්සේ සැලරි කේස් එක.30 වෙද්දී දානව කියපු සලරි ඊලඟ මාසෙ 10 වෙනිද වෙනකොටවත් නෑ.ඇහුවම රටේ නැති ඒවා.බෑන්ක් කේස්ලු.අරවලු මේවලු.කොහොමහරි කියල කියල සල්ලි දාගත්තා.
කම්පැනියෙ සයිට් එකත් ලාවට වගේ හදල දාගත්තා.මල කෙලියයි.. ඒකේ එකේ එකට ඉන්නේ මායි අරුයි විතරයි. එතකොට අනික් 34? ඕක අදටත් ප්‍රශ්නයක් මට..

ඕව වැඩක් ඇයි අපිට.මරු ජොබ් එක අපිට තිබ්බේ හැමදාම ආර්ට් වර්ක් කර කර ඉන්න විතරයි.ඒ කිව්වෙ සින්හලෙන් හෑන්ඩ් බිල් ගහන එක.මටනම් තිත්ත වෙලා තිබ්බේ මේ මගුල.කරන්න දෙයක් නැති නිසා හිටියා.ඕන් ඉඳල ඉඳල ආව සිස්ටම් එකක්.ඇඩ්මින් පැනල් එකක් හදන්න ආවේ.නිදි මරාගෙන ගැහුවා.පළවෙනි වැඩේනේ.සති දෙකක් විතර මහන්සිවෙලා හදලා zip කරලා යැව්වා.හොස්ටින් වත් අපිට දුන්නෙ නෑ.
යැව්ව යැව්වමයි.සද්දයක්වත් නෑ.මේන් සති දෙකකට විතර පස්සෙ වෙන එකෙක්ගෙන් එනව මේල් එකක්.මම දන්න පොරක්.ඒකත් වෙබ් ඩිවලොපින් කරන කෙනෙක්.

ඇඩ්මින් පැනල් එකක් තියෙනව සයිට් එකක.customiz පාරක් දාල එවන්න පුලුවන්ද හෙට දවස ඇතුලත.කියල මේල් එකේ දාල තිබ්බා.මොකද්ද කියල බැලුවමයි දන්නේ.මම අර සති 2කට කලින් යවපු සිස්ටම් එක.
මේක කොහොමද මුගේ අතට ගියේ? මම අනික් පැත්තට පොරගෙන් ඇහුවා මේක කොහොමද ආවේ කියලා.අපේ ලොක්ක තමයි දීලා තියෙන්නේ.160ක් ගෙවන්නම් කියලත් කියලා.මම ඒවෙලාවෙම ලොක්කට අරූ එවපු මේල් එක ෆෝවඩ් කරලා මේ ගැන ඇහුවා.පොර කිව්වේ මාර කොන්ක්‍රීට් කතාවක්.මම කොහොමද කියන්නෙ අහනවා ඒක මම හදපු සිස්ටම් එක කියලා.යකෝ මම දන්නෙ නැද්ද මම හදපු එක.
කතා දෙකක් නෑ මම කිව්ව මට වැඩ කරන්න බෑ කියලා.කොහොමහරි ඒ වෙනකොට මම ලෝන් එකක් ඇප්ලයි කරල තිබ්බේ.ජොබ් එක ගහල ගියොත් ඒ ඔක්කොම හබක් වෙන නිසා ෂේප් එකේ හිටියා.
ඒ ඔක්කොමත් හරි ලෝන් එක රිජෙක්ට් වුනා.රිජෙක්ට් වෙන්න ප්‍රධාන හේතුව උනේ හරියට පඩි වැටෙන්නෙ නැති එකයි එපොයින්මන්ට් ලෙටර් එකයි නිසා.ලොක්ක නියම එපොයිමන්ට් ලෙටර් එකක් දීල තිබ්බ මම ඉල්ලුවාම.ඒකේ තියෙන්නේ බෑන්ක් මැනේජර්ට ලියපු ලිව්මක් විතරයි.ඒකට තමයි එයාල එපොයින්මන්ට් ලෙටර් එකක් කියන්නෙ මම හිතන්නේ.
දැන් ඉතින් නැතිවෙන්න දෙයක් නැත. හොඳටම පරක්කුවෙලා හරි ඇත්ත තේරුම් ගත්ත නිසා දැන් මාස 3කට විතර කලින් රස්සාවෙන් අයින් උනා.ඉස්සෙල්ලාම අයින් කරන්නත් කැමති උනේ නෑ.උන්ට හොඳයිනේ ඉතින්.මම නිකන් හිටියෙත් නෑ.එකින් එක හොයල බැලුවා.

අපි වරද්ද ගත්තේ අපිට ඉන්ටවීව් කෝල් කරපු ලෙටර් එකෙන්.ඒක දැක්කේ පස්සේ.ලෙටර් එකේ තිබිල තියෙන්නේ POST OF SOFTWEAR ENGINEER කියලා.මෙතනම software කියන්නත් අකුරු වැරදියිනේ.
තව එකක් ඉස්සෙල්ලාම කම්පැනියෙ ඉන්ටවීව් තියෙනව කියලා පස්සේ හොටෙල් එකකට ගත්ත එක.අපිත් එක්ක තව 36ක් වැඩ කියපු එක.ඒවා ඔක්කොම බොරු.ලොක්කගේ ගෙදර තමයි කම්පැනිය කියල තියෙන්නේ.ඔක්කොම ලස්සනට ප්ලෑන් කරල දීපු ගේමක්.මම බොස් කිව්වට එයා අඩුම ගානේ software කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ.

දැන් ඉතින් මම පාඩුවේ ඉන්නවා.අපේ හොඳ කමින් මුන් ප්‍රයෝජන ගත්තා.

අපරාදේ මාස 6ක් එහෙම්මම නාස්ති උනා.කිසිම එක්ස්පීරින්ස් එකක් නැතුව.
දැන් ඉතින් ඔහේ ෆ්‍රීලාන්ස් වගේ කර කර ඉන්නවා.අලුත් ජොබකට දාන්නත් බයයි..

ආ කෝ අර මට සුභ පතපු අය? :-D

මෙහෙම හොරුන්ගෙන් පරිස්සම් වෙන්න

22 comments:

  1. පුංචි පුංචි සක්විතිලා හැම තැනම!

    ReplyDelete
  2. හොඳ වෙලාවට.. ඔහොමවත් ෂේප් වුනා..

    මමත් සුබපතනවා අද.. ඉක්මනින් ඉතාමත්ම හොඳ ජොබක් සෙට් වෙන්න කියලා...

    ReplyDelete
  3. හපොයි! වැඩිය පරක්කු නොවී තේරුම් ගත්ත එක හොඳයි මචෝ! හොඳ ජොබ් එකක් ලැබෙන්න සුභ පැතුම්

    ReplyDelete
  4. Top jobs එකට වැඩිය Sunday observer එකේ vacancy වලට interview call කරනවා සහෝ. පොඩ්ඩක් ඒ පැත්තෙනුත් හොයල බලන්න.

    ReplyDelete
  5. @පූසා -
    ඒකනම් ඇත්ත තමයි..

    @ළමයා,බ්ලොග් -
    බලමු බලමු මොකක් හරි වෙයිනෙ නේද බන්ස් ලා..

    @පිණිබිඳු -
    එකේ තියෙන ගොඩක් ඒවා නෙට් එකේ තියෙනවා.. දැන් මේ හැම රෙද්දම ඊමේල් කරන්න කියනවනේ.. ඒක තමා අප්පා අවුල

    ReplyDelete
  6. vWorker.com, guru.com wage sites try karnna jobak set wenakam ewage Freelance jobs thiyenawa.

    ReplyDelete
  7. මළ කෙලියයි ජූලි 7යි යකෝ සිරා මම නේ එදා උදේ ‍රැයින්ම පලමු සුභ පැතුම කලේ....ඊ කොටියම කාපිය අර බොසාව.....
    හැමදාම ඔහොම වෙන එකක් නෑ සිරා අපිටත් දවසක හද පායයි.

    ReplyDelete
  8. ඇනෝ -
    හ්ම් තැන්කූ

    @ItalyDilan -
    ඒකනේ මම එදා ලිපියෙ කිව්වේ අන්තිමට.. මහ කරුම ජොබ් අප්පා.
    බලමු බලමු හඳ පායයි

    ReplyDelete
  9. ammo ban. dan IT field ekatath job adu da? aiyoooooooooooo.. math web devoloping thama karanna kemathi! :) :) :)

    ReplyDelete
  10. ලොක්කාගේ 2hrs කතාවත් කියපන්......:D

    ReplyDelete
  11. නෑ පසිඳු ඕන තරම් ජොබ්ස් තියෙන්නෙත් මේ ෆීල්ඩ් එකේ තමයි.
    ඒක තමයි මේ වගේ එවුන්ගෙන් පරිස්සම් වෙන්නත් ඕන.

    @jeewa -
    ඒ ටික උඹ දාපන් සිරාවටම.. උඹටත් මේ වගේම කතාවක් තියෙනවනේ :-D

    ReplyDelete
  12. උබ පොඩ්ඩක් www.odesk.com එකත් ට්‍රයි කරලා බලපන්. ගොඩක් ඔන්ලයින් ජොබ්ස් තියෙනවා. මේ බලපන්.

    http://www.odesk.com/jobs/web-developing/?nbs=1

    ටිකක් මේවට සෙට්වෙන්න කල්යනවා. හැබැයි කරගත්තොත් ගොඩ.
    තව එකක් ඔෆිස් එකකට ගිහින් කරන ජොබ් එකක් වගේනම් මේවා ෂුවර් නැහැ. :D

    ReplyDelete
  13. @Kolama-
    තැන්කූ සහෝ.. ඔව් අප්පා මේවයින් හොදට මට්ටු වුනා මම.
    එකක්වත් විශ්වාස කර්න්න බෑ දැන් මේ උන වැඩේ නිසා.. :(

    @AmilaArt-
    ආය මොනාද කියන්නේ.. තොප්පි කියන්නේ ඒවා එසේ මෙසේ තොප්පි නෙමේ.. කැම්පස් කාලේ ඉඳලම තොප්පි විතරයි වැටෙන්නේ

    ReplyDelete
  14. maara minissune apoo.

    ReplyDelete
  15. ආය මොනාද කියන්නේ.. සක්විතිලා

    ReplyDelete
  16. මමත් මේ දවස් වල ඔය වගේ එකක් කරන් යනව. තාම මාසයයි ගියේ. පඩියත් තාම ලැබුනෙ නෑ. මටත් හොඳම වැඩේ හැකි ඉක්මනින් අයින් වෙන එක වගේ නේ...

    ReplyDelete
  17. හොඳට හොයල බලල කරපන් මචන්.. එකපාරටම අයින් වෙන්නත් එපා.මොකද ඔය ඉන්න එවුන් මේක කාලා ඉන්න එවුන්.අපි මේ ෆීල්ඩ් එකට අලුත්.කනෙක්ෂන් වලින් අපිට යන්න තියෙන තැනුත් නැතිකරන්න උන්ට පුලුවන්. අත්දැකීම් වලිනුයි කියන්නේ..

    ReplyDelete
  18. මේක පොඩ්ඩක් බලන්න... :)

    Why working at home is both awesome and horrible:

    http://theoatmeal.com/comics/working_home

    ReplyDelete
  19. ubata ikmaninma honda job 1k set wey,
    Good Luck machan..!!!!!!!!

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා