ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Saturday, February 12, 2011

මෙන්න මේවා තමා නියම ඉන්ටවීව්



මේ දවස්වල දවස ගෙවෙන්නේ කල්පනා කරලමයි.. මට පිස්සු හැදීගෙන එනවද මන්දා. බස් පැත්තෙ බුකියේ එහෙම වැඩිය එන්න හිතෙන්නෙත් නෑ.
මහා යුද්ධෙක අවසානය සිදුවුනා වගේ පසුගිය දවසක උපාධියත් ගත්ත ඕන්.වෙලාවකට පුදුමත් හිතෙනවා ඇත්තටම ගොඩ ගියාද කියලත්..

ඒ දවස්වල හොරස්කෝප් කාරයෙක් කිව්ව මතකයි මගේ නඩුව අවුරුදු 5ක් යනකන් ඇදෙනව කියලා. ඒ කිව්වේ 2008 අගෝස්තු වල.පොර කිව්ව නිසාමද මන්ද මේ වන විටත් කිසිම තේරුමක් නැතිව නඩුව මාස 4න් 4ට වගේ ඇදෙනවා.
ඉතින් මොකා කොහොම කිව්වත් ඔය දේවල් අමතක කරන්න පුලුවනැයි..

ඒ දේවල් එහෙම වෙද්දී මේ ළඟදී හොඳම සිද්ධියක් උනා මට. මේ සිද්ධියට කලින් තමයි කොළඹට කිරි ගමට කැකිරි පෝස්ට් එකත් දැම්මේ..

ඔන්න හොනාට ඇන්දුනු හැටි පටන් ගන්නයි යන්නේ..

ඉස්සෙල්ල කියපු පෝස්ට් එකේදී කිව්වනේ මම අලුත් ආයතනයක Software Engineer කෙනෙක් විදියට වැඩ භාරගත්ත කියලා.ඒක සිද්ධවුනේ මෙහෙමයි..

අපේ තාත්ත මාර්ගයෙන් මම අඳුරගත්ත සර් කෙනෙක් හිටියා.කැම්පස් අවුට් වුන ගමන්ම ඒ සර්ගේ පිහිට තමයි ඉතින් මම ඉල්ලුවේ.මොකද එයා IT field එකේ ඉන්න කෙනෙක්.ඉතින් ඔය ජොබ් හොයන සෙල්ලමට මගෙත් එක්ක එකටම හිටපු ෆිට් එකකුත් එකතු උනා ඉතින්.
ඔහොම ඉන්නකොට හරියටම අප්රේතල් අන්තිම සතියේ ඩයලොග් නම්බර් එකකින් කෝල් කරලා ඉන්ටවීව් කෝල් කලා.Exam එකක් තියෙනව කිව්වා මේල් කලා බලන්න කියලත් කිව්වා.මගේ යාලුවාටත් ඒ විදියටම කියල තිබ්බා.
මට එක පාරටම හිතාගන්න බැරිවුනා මේක කාගේ හරි ලණුවක්ද දන්නෙනෑ මොකද ඩයලොග් නම්බර් එකකින් කෝල් කල නිසා කියලා.පස්සේ මේල් එකකුත් ආපු නිසා අවුලක් හිතුවෙම නෑ.
මේල් එකේ තිබ්බ එකට අනුවනම් මට තිබ්බේ උදේ 9.30ට යාලුවට තිබ්බේ 10.30ට ඉන්ටවීව් එක.Post of Software Engineer කියල තමයි පෝස්ට් එක විදියට දාල තිබ්බේ.ඊට පහුවෙනිදා තව මේල් එකක් ආවා ඉන්ටවීව් තියෙන ලොකේෂන් එක වෙනස් කලා එදාටම cinemen grand hotel එකට එන්න කියල තිබ්බා. කලින් මේල් එකේ තිබ්බේ කම්පැනියෙ ඇතුලේ ඉන්ටවීව් තියෙනව කියලා. අපිට තවත් අවුල් දැන්. අඩෝ සුද්දොත් එනවද දන්නෙනෑ අපිව ඉන්ටවීව් කරන්න.
කොහොමරි කියපු දවසට අපි දෙන්නම ගියා.හිතපු තරම් නම් යකා කලු නෑ.ඇති සුද්දෙකුත් නෑ.වයස 60ක විතර කෙනෙකුයි අපේ සර් විතරයි ඉන්ටවීව් බෝඩ් එකේ හිටියේ.බෝඩ් එකක් කිව්වට හොටල් එක ඇතුලේ යන තැනම පොඩි මේසයක තමයි ඉතින් ඉන්ටවීව් එක තිබ්බේ..
මෙන්න මගෙන් අහපු ප්රමශ්න ටික..

බොස් - මිනිස් මොලේද කොම්පුටරේද වැඩියෙන්ම දියුණු ?
මම - මිනිස් මොලේ (හිනත් ගියා පොඩ්ඩක්)
බොස් - ඔයා කොහොමද එහෙම කියන්නේ.. අද කාලේ තාක්ෂනයත් එක්ක මිනිසුන්ට හැරෙන්නවත් බැහැනේ.
මම - තාක්ෂනය දියුනු කරන්නෙත් මිනිස්සුනේ.. ඒ නිසා මිනිස් මොලේ තමයි.
බොස් - හරි.. ඔයා Software Development කරල ඇතිනේ.ඇයි මේ ජොබ් එක තෝරගත්තේ?
මම - ඔෆිස් එකක කට්ටිය එක්ක වැඩ කරල පළපුරුද්දක් අවශ්ය්යි.. ඒ නිසා.

මම එහෙම කිව්ව ගමන් පොරගේ මූණ අවුල් වෙනව මම දැක්කා. ඊට පස්සේ පොර මාර කතා ටිකක් කිව්වේ..

බොස් - සරල ප්රේශ්නයක් අහන්නම්.කොන්ක්‍රීට් හොයගත්ත කෙනාගේ නම දන්නවද?
මම - නෑ
බොස් - කැම්පස් ලමයෙන් දෙන්න ඕන උත්තරයක්ද දුන්නේ ඔය?
එහෙම කියල කොන්ක්‍රීට් හොයාගත්ත එකා ගැන ලොකු විස්තරයක් දුන්නා.
මාව නිකන් කරකවල අතෑරියා වගේ.කොන්ක්‍රීට් හදපු එකෙක් කොහෙන්ද මෙතනට ආවේ..

බොස් - ඔයාගේ සැලරි එක්ස් එක කීයද?
මම - 25,000යි සර්.
බොස් - හරි අපි ඔයාට කතා කරන්නම් වාඩිවෙලා ඉන්න.
එහෙම කියල මගේ සී.වී එකේ ලොකුවට 25000 කියල ලිව්වා. ඉන්ටවීව් එක ඉවරයි.
අලේ... අඩු ගානේ IT කියන එකේ තේරුමක් වත් ඇහුවෙ නෑ.සින්හලෙන්ම තමයි ඉන්ටවීව් එකත් තිබ්බේ. යාලුවාටත් එසේම තමයි.පස්සේ අපිව තෝරගත්ත කියල කිව්වා.අපිට මාර හැපී.Agreement sign කරන්න එන්න කිව්වා.Agreement එකක් නම් පේන තෙක්මානෙකවත් නෑ.

"පළවෙනි මාස 3 යනකන් 15000 ගෙවනවා.ඊට අමතරව සෑම ප්රොිජෙක්ට් එකකින්ම 10% ඇඩ් වෙනවා"
කියල කිව්වෙ නැතැයි අන්තිමට.ඒ මදිවට ගෙදර ඉඳන් ඔන්ලයින් කරන්නත් තියෙන්නේ.හරි කමක් නෑ ජොබ් එකක්නේ කියලා ගෙදරත් ආවා

ඊලඟට සිද්ධවුනේ හපෝ මතක් වෙනකොටත් එපා වෙනවා.. ඒ ටික පස්සේ ලියන්නම්. දැන් පොඩ්ඩක් කේන්තියක් ආවා.මොනා ලියවෙයිද දන්නෙනෑ..

28 comments:

  1. සිකා සුබ පතනවා හදවතින්ම උබේ අලුත් ජොබ් එකට...

    ReplyDelete
  2. Bench eke thiyannada danne ne, Virtusa ne?

    ReplyDelete
  3. සුබ පැතුම්......
    ජොබ් කට්ට සාර්තක වෙවා.





    මගේ බ්ලොග් එක http://pinthura.info

    ReplyDelete
  4. ඊතුරු ටිකත් ලියන්න.

    ReplyDelete
  5. එල එල!! කාලෙකට පස්සෙ ඇවිත් ඉන්නෙ. ඉක්මනට ලියපන් ඉතුරු ටිකත් :-)

    ReplyDelete
  6. ඔක්කොමලාට ගොඩක් ස්තූතියි..
    කතාවේ ඉතිරි ටික දැම්මහම සුභ පතපු අය ඉල්ලා අස් කරගනීද දන්නෙ නෑ..

    @ඇනෝ - නෑ මචන් නෙමේ.. ඒකෙ කොන්ක්‍රීට් ගැන ඇහුවෙ නෑ..වෙන වෙන ඒවා ඇහුවේ

    ReplyDelete
  7. ඕං මම නම් සුබ පතන්න යන්නේ නෑ ජොබට.. සිරා අයියා බසz එකේ කියලා තිබුණු දෙයක් නිසා හිතුනා ඊළඟ පෝස්ට් එකත් කියවලාම සුබපතනවා කියලා.. :D

    ReplyDelete
  8. ඒ මොකද්ද අප්පේ අමුතු ආකාරේ ඉන්ටව්.අනික එස‍්ඊ කෙනෙක්ගෙන් කොන්ක්‍රිට් ගෑන අහන්නෙ හික්z.......

    ReplyDelete
  9. ඉන්ටෙර්විව් ගැන නම් කතා කරන්න එපා

    ReplyDelete
  10. @ළමයා -
    ළමයට යමක් කමක් තේරෙනව එහෙනම් .. ඔව් ඔව් එතකොටම දාපන්කෝ.. :-D

    @නදී -
    මම හිතුවෙත් කොන්ක්‍රීට් වලට IT solution එකක්වත් ඉල්ලන්න හදනවද කියලා.. පස්සෙ බැලිනම් කොන්ක්‍රීට් හොයාගත්ත එකාගේ පවුලේ විස්තර තමයි මට අහගෙන ඉන්න උනේ..
    ඔයිට වඩා හොඳ හොඳ සීන් උනා ඊළඟ පෝස්ට් එකේ දාන්නම් :-D

    @AmilaArt -
    ඇයි උඹටත් මේ වගේ ඉනටවීව් එකක් හම්බුනාද කාගෙන් හරි.. :-D

    ReplyDelete
  11. සුබ පෑතුම් සිරකරුවා....

    ReplyDelete
  12. උනු උනු ජොබ් එකට ජාය වේවා..!

    කොන්ක්‍රීට් කොහොමද බොල මෙතෙන්ට අදාල උනේ ..මාවත් කරකවලා අතෑරියා වගේ ..ඇත්තටම ඉන්ටවු එකනම් එල ..මමත් ඔයවගේ හරස් පුරස්න වලට රෙඩි වෙලා ඉන්න ඕන ..

    ReplyDelete
  13. ස්තූතියි දෙන්නටම..
    කොන්ක්‍රීට් අදාල වෙලා තියෙන්නේ පට්ටම සීන් එකකට.. මම ඒ ලිපිය දාන්නම්කෝ.. එතකොට ඔය සුභ පතමු අය ඔක්කොමල හූ කියයි මට මම හිතන්නේ :-D

    ReplyDelete
  14. ඊලඟ පෝස්ට් එකත් දාන්නකො. ඒක කියවලාම අදහසක් ලියන්නම්.

    ReplyDelete
  15. ඉක්මනින්ම දානවා පිණිබිඳු... ස්තූතියි

    ReplyDelete
  16. එක ඉන්ටවීව් එකකට ගිය එකෙකුගෙන් අහල තිබුන,එතනට එන්ඩ නැගපු පඩි පෙලේ,පඩි කීයක් තිබුනද කියල.

    ReplyDelete
  17. පඩි ගනන් කරන එකද දන්නෙ නෑ පෝස්ට් එක :P

    ReplyDelete
  18. අනික් පෝස්ට් එක දානකම් මමනම් මුකුත් කියන්නේ නැ ඕන් ;)

    ReplyDelete
  19. ඉතිරි ටික දාපන්කෝ කස්ටියටම බලා ගන්න :D:D:D

    ReplyDelete
  20. ඉතිරි ටික උඹ දාපන් හික් හික්

    ReplyDelete
  21. සිරකරුවා අයියා කරපු ඩිග්‍රිය මොකැයි...??? 15000ක් මාසේ පඩිය මදි නැද්ද අප්පේ...මම හිතන් හිටියේ යුනියෙන් එලියට බැහැපු අලුත 60000කවත් පඩියක් සෙට් කොරගන්ඩ පුලුවන් වෙයි කියලා...

    ReplyDelete
  22. එලියට එනකොටම ඒ ගානකට යන්න අමාරුයි නරියෝ..
    ලන්කාවේ 60000ක පඩියක් ගන්නනම් අඩුම අවුරුදු 4-5ක එxපීරින්ස් ඕන වෙනවා.
    හැබැයි කෙනෙකුට අවම වශයෙන් 40ක් වත් ගෙවන්න ඕන.කොන්ක්‍රීට් ගැන අහපු එකේ ඒ ගාන දෙයිද බන් මුන්.. :-D

    ReplyDelete
  23. 40ක් නම සුට්ටක් සේප්...අනේ හපොයි අවුරුදු ගානක් කටු කාල ඉගෙන ගෙනත් සොච්චං නොවැ හොයන්ඩ වෙන්නේ....BSc(IT)යි, Strategy Level CIMA යි තියෙන එකෙක්ට කීයක් විතර සෙට් කොරගන්ඩ පුලුවන්ද???
    ඔහොම ඇහුවේ ඔව්ව තියෙන හින්දා නෙමෙයි....හරිය...

    ReplyDelete
  24. ඔය මොනා තිබ්බත් වැඩක් නෑ වැඩ කරන්න පුලුවන් උනානම් ඇති.
    අද බලපන් ඩිග්‍රි කාරයෝ ගෙවල්වල.හැබැයි කැම්පස් යන්නෙ නැතුව පිට කෝස් කරපු එවුන් හොඳ පඩි එක්ක අද හොඳ තැන් වල වැඩ.
    පිට කෝස් එකක් කරනකොට එයාලට හොඳ ට්‍රේනින් එකක් දෙනවා.ඉතින් ඒ වගේ කට්ටිය තමයි කම්පැනි වලට ඉල්ලන්නේ.
    අපි අපේ ප්‍රැක්ටිකල් දැනුම දියුණු කරගන්න ඕන ඉදිරියට යන්නනම්.ඔය ඩිග්‍රි වලට මේ ෆීල්ඩ් එකේ එහෙම විශේෂ සැලකිල්ලක් නෑ

    ReplyDelete
  25. කොන්ක්‍රීට් හොයා ගත්තු එකාගේ නම ??? අනේ අපොයි කිව්වලු මේවද අහන ප්‍රශ්න් :))

    ReplyDelete
  26. ඒකනෙ කියන්නෙ බන්ස්.. දැන් නම් බල්ලාසේ ගෙදරට වෙලා ඉන්නව විරැකියාවෙන්

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා