ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Monday, February 21, 2011

හොරාට සයින් ගැසීම හා 80% පැමිණීම



හොරට සයින් ගහන එක කැම්පස් අයට නම් එච්චර නුහුරු වචනයක් නෙමේ.ඒ තරම්ම මේ දේ අද කැම්පස් වල සිද්ධවෙනවා.

මේ ළඟදී රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ අපූරු සිදුවීමක් වාර්තා වුනා.

පරිගණක විද්‍යා දේශණයකදී හොරාට ගහපු සයින් එකක් මාට්ටුවීම සම්බන්ධව සිද්ධියක්.
මේ සිද්ධිය වෙලා තියෙන්නේ මේ ලඟදී කැම්පස් ආපු නන්ගි කෙනෙක්ට.මෙයා තමයි හොර සයින් එක ගහල තියෙන්නේ වෙන කෙනෙක්ට.කොහොමහරි මේ නන්ගිව දේශණය කරපු සර් පෞද්ගලිකව ගෙන්නලා අහල තියෙනවා කාටද සයින් එක ගැහුවෙ කියලා.මෙයා ඒකට උත්තර දීලා නෑ.
ඒ තරහට ඊට පහුවෙනිදා එම දේශණයේදීම මේ නන්ගිට හැමෝම ඉස්සරහ දේශණ ශාලාවෙන් පිටව යන්න කියලා සර් කියල තියෙනවා.ඒකට විරුද්ධව ඒ වෙලාවේ ඒ නන්ගි එක්කම දේශනශාලාවේ හිටපු හැමෝම නැගිටල එලියට ඇවිල්ලා.ඉතින් ඕන් ඕකට දැන් අම්බානක් කේස්ලු.

මේ අවුරුද්දේ බැච් තුනම එකතු වෙලා කරන්න හිටපු ෆන්ෂන් එකකටත් දැන් පර්මිෂන් දෙන්න බෑ කියනවලු මේ හේතුව නිසා.

මේ සිද්ධි පෙලට කවුරුද වග කියන්න ඕන? ශිෂ්‍යයෝද? නැත්තම් පරිපාලනයද?

මම කැම්පස් ඉන්න කාලෙත් ඔය කියන හොර අස්සන් අල්ලන කේස් එක තිබ්බා.අපි 1st year ඉන්නකොට තමයි 80% පැමිණීමත් එක්ක හොර අස්සන් අල්ලන කේස් එක ආවේ.හැබැයි ඒක නම් හිතන තරම් ක්‍රියාත්මක කරන්න පරිපාලනයට පුලුවන් උනේ නෑ.මොකද ඒකට අපි විරුද්ධවෙලා පිකට් කරලා සෑහෙන ගේමක් දුන්නා.
80% දේශණ යන්නේ මොකටද?සාමාන්‍යයෙන් දේශණයක් හොඳට කරනවනම් ඒකට කිව්වත් නැතත් යනවා.සමහර දේශන තියෙනවා මෙලෝ රහක් නෑ.ගියත් කරන්නේ නිදාගන්න එක.practical නම් අනිවාර්යෙන් 80% යන්න වෙනවා.

ඔක්කොටම කලින් විශ්වවිද්‍යාල වල මේ තියෙන පාසල් ක්‍රමය නැති කරන්න වෙනවා.විශ්වවිද්‍යාලයක් කියන්නේ ඉගෙනගන විතරක් තියෙන තැනක් නෙමෙයි.ඉගෙන ගන්නත් ඕන.බාහිර වැඩ කරන්නත් ඕන.එතකොට තමයි එයා නියම කැම්පස් කෙනෙක් වෙන්නේ.80%ක් දේශණ යන්න ගත්තහම වෙන්නේ හොස්ටල් එකෙන් දේශනයට - දේශනයෙන් හොස්ටල් එකට වගේ දෙයක්.
හැබැයි පරිපාලනයනම් කියන්නේ අමුතුම කතාවක්.

බාහිර වැඩ කෙසේවෙතත් දේශ්න සඳහා සහභාගි විය යුතුයි.ඕක තමා එයාලගෙ තියරි එක.අනේ මන්ද මෙයාලා කැම්පස් ගිහින් නෙමෙයිද මන්දා මේ තැන්වල අද ඉන්නේ.පීඨ සංගම්,උත්සව,ක්‍රීඩා මේවා කැම්පස් වල සාමාන්‍යයෙන් වෙන දේවල්.මෙහෙම ශිෂ්‍යයින් දේශණවලට හිරවීමෙන් වෙන්නේ නිකන්ම නිකන් බොග රැලක් බිහිවීම පමනයි.එතකොට ශිෂ්‍ය සංගම්,පීඨ සංගම් ඔක්කොම නැතිවෙලා යාවි.එතකොට පරිපාලනයට ඕන ඕන විදියට නටන්න පුලුවන් වේවි.

හොරාට සයින් ගැසීමෙන් වෙන අවධානම පරිපාලනය පැහැදිලි කර දෙන්නේ මෙන්න මෙහෙමයි..

විශ්වවිද්‍යාල වල ගැටුම් ඇතිවෙන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.හැම කැම්පස් එකකම පිටට් පේන්න නැතත් ඇතුලෙ කේස් තියෙනවා.කවුරුහරි කෙනෙක් දේශණයට හොර සයින් එකක් දාලා ගැටුමකට සම්බන්ධ වුනොත්?එහෙම උනොත් එයා බයනැතුව කියයි මම ගහගත්තෙ නෑ මම හිටියේ දේශනයේ කියලා.
ඒකෙ අනික් පැත්තත් තියෙනවා.මොකද කවුරුහරි ඇත්තටම දේශ්ණයක ඉඳිද්දී ගැටුමක් සම්බන්ධව ඔහු වැරදිකරුවෙක් වුනොත් ඔහුටත් පුලුවන් කියන්න මම හිටියේ දේශනයේ කියලා.කතාව සම්පූර්ණයෙන් ඇත්ත.

බලන්න පරිපාලනය කොච්චර අපි ගැන හිතනවද?

ඒත් මතකද ඒ සිද්ධිපෙල? මම දෙවනවතාවට සිරගතවූ හැටි.

එදා මම ඇතුලු බොහෝ දෙනෙක් ගැටුම ඇතිවෙන අවස්ථාවේ හිටියේ ගණිත දේශණශාලාවේ.අපේ සයින් එහෙමත් ඒකෙ තිබ්බා.ඒවයින් කෙසේ වෙතත් ශිෂ්‍යයින් ගැන හිතන පරිපාලනය එදා අපිව දේශනශාලාවෙන් පන්න ගන්න ට්‍රයි කලා.දේශන ශාලාවේ හිටපු හිඟ දෙනෙක්ට දේශන ගිය එකේ වරදට සිර කුඩුවේ කූරු ගනින්න සිද්ධවුනා.

අපිව බේරගන්න ඔය කියන පරිපාලනයේ එක පෙන්දෙක් වත් ඉදිරිපත් උනේ නෑ.අපේ සයින් තියෙන ඇටෙන්ඩන් ශීට් එකත් පොලීසියට එව්වේ සිකුරිටි කෙනෙක් අතේ.ඒකයි පොලීසිය ඒක බලන්නෙවත් නැතුව කෑලිවලට ඉරල විසි කලේ.ඔය දැන් කෑගහන පරිපාලනයේ කවුරුහරි ඒ වෙලාවේ ඉදිරිපත් උනානම් මම් ඕන නෑ අහින්සක කොල්ලො ගොඩක් බේරගන්න තිබ්බා.

ඔන්න ඕකයි තත්වේ.මේව කියල වැඩක්නැති නිසයි පිකට් කරන්නේ,කෑ ගහන්නේ.මේව බලන් ඉන්න අය මොනාද කියන්නේ.හපෝ කැම්පස් ගිහින් ඉන්න දන්නෙනෑ.ගියානම් ඉගෙනගෙන එන්න දැනගන්න ඕන.විප්ලවකාරයෝ.අපිත් කැමතියි පාඩුවේ වැඩක් කරගෙන ඉන්න.ඒත් කැම්පස් ලමයි කියන්නේ පඹයොවත් පිළිමවත් නෙමේ වෙන අසාධාරණ ඉවසගෙන ඉන්න.

පරිපාලනේ ඉන්න අය කවුරුත් කැම්පස් නොගිය අය විදියටයි කටයුතු කරන්නේ.
ඒකයි දුකට කරුණ වෙන්නේ..

කැම්පස් යන්න ඉන්න කැම්පස් වල ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට එක දෙයයි කියන්න තියෙන්නේ.. පරිපාලනේ අමන තීරණවලට යටත් වෙන්නෙපා.
එයාලා කරන්නේ ශිෂ්‍ය පරිපාලනයක් නෙමේ. ශිෂ්‍ය මර්දනයක්...

21 comments:

  1. අත් දෙකම උත්සලා එකඟ වෙනවා මචන්
    අපේ විශ්වවිද්‍යාලෙත් ඔආක ඔහොම්ම සිද්ද වෙනවා.
    80% අනිවාර්යයි. නැතිවුනොත් විභාගෙ ලියන්න දෙන්නෙ නෑ. අපේ හුග දෙනෙකුට එහෙම උනා. 79% ක් තිබ්බත් දෙන්නෙ නෑ.
    සමහර විට ෆීල්ඩ් විසිට් එහෙම දානවනෙ, ඒවට පැය 6 - 8 විතර වැටෙනවා, බැරිවෙලාවත් එන්න බැරි උනොත් සොරි තමයි.

    ඔආවා මොනාද යාලුවා, අපේ cඇම්පස එකේ ළමයින්ට සාමාන්‍ය රබර් සෙරෙප්පු දාගෙන දේශන එන එක තහනම් කරා. ඒකට විරුද්ද වෙච්ච අයට පන්ති තහනම්, විභාග කෙලවීම එහෙම ජයටම කරා. දැන්නම් ටිකක් ඒක හරි ගිහින්ලු, ඒත් තාම අලුත් බැච් එකට තක දානවලු.

    ReplyDelete
  2. පරිපාලනේ ඉන්න අය කවුරුත් කැම්පස් නොගිය අය විදියටයි කටයුතු කරන්නේ.
    ඒකයි දුකට කරුණ වෙන්නේ..

    අනිවා

    ReplyDelete
  3. @AmilaArt -
    ඔව්.ඒක එහෙමම වෙනවා.සාමාන්‍යයෙන් අලුත් බැච් එකක් තමයි ලේසියෙන්ම පරිපාලනය අල්ලන්නේ..මොකද එයාල ඉස්සෙල්ලාම කැම්පස් එන්නේ පාසල් මානසිකත්වයෙන්.එයාලව මුල ඉඳලම මර්දනය කරගන්නයි හදන්නේ.
    මේ යන විදියට නම් ඉදිරියේදී පාසල් හා විශ්වවිද්‍යාල අතර කිසිම වෙනසක් නැති වේවී..

    ස්තුතියි රත්ගමේ..

    @ඇනෝ -
    පරිපාලනේ ඉන්න හැමෝම විශ්වවිද්‍යාල වල හොඳම සීන් කලේ හිටපු අය.ඒත් එයාල හැසිරෙන්නේ ජීවිතේට කැම්පස් නොගිය අය වගේ.අනේ මන්දා මේවා කවදා ඉවරවෙයිද කියලා.

    ReplyDelete
  4. අපිත් හොර සියින් ගහන්න ගත්තා. අපේ සමහර අයට කොච්චර අනිත් අය අත්සන් කරාද කිව්වොත් ඇත්ත සයින් එක ගහද්දි ඒක හොර සයින් එකක් වගේ. ඒ තරමටම ඒක නුහුරුයි. මේක ලෙක්චරර්ස්ලා දැනගෙන අන්තිමට පුංචි කාලෙ වගේ නම් ලකුණු කරන්න ගත්තා.

    ReplyDelete
  5. ඔය කේස් එක මටත් උනා මට credit 18 කෙලෙව්වා උන්!!!

    ReplyDelete
  6. කැම්පස් සීන් ගැන මම නම් දන්නේ නෑ

    ReplyDelete
  7. @පිණිබිඳු -
    එයාල කොහොමත් පොඩි අය වගේ තමයි හැසිරෙන්නේ.. කැම්පස් ගිහින් නැති,වලියක් දැකල නැති,පිකට් එකක් දැකල නැති අහින්සකම අහින්සක කස්ටියක් තමයි එයාලා..

    @ජීවන් -
    මම ඒකනේ කිව්වේ බන්.. ශිෂ්‍ය පරිපාලනයක් නෙමේ.. ශිෂ්‍ය මර්දනයක්

    @පූසා -
    උඹ යන්නනේ ඉන්නේ.ගිහින් බලපන්කෝ

    ReplyDelete
  8. මේ දැන් ඔයාගෙ කතා ඔක්කොම ටික කියෙව්වා.
    සිද්ධවුන දේවල් හොඳ දේවල් නොවුනත් ඒවගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්න ඇති.
    මොනදේ වුනත් පැහැබර අනාගතයක් ප්‍රාර්ථනා කරනවා! ! !

    ReplyDelete
  9. dinesh කැම්පස් ගිහින් දැනගනින් එහෙනම්.

    ගොඩක් ස්තූතියි තාරක

    ReplyDelete
  10. පිස්සු කියවනවා මොන කැම්පස්ද? කැම්පස් එකටත් පොඩි කාලේ ඉස්කෝලෙට ගත්තා වගේ මීටර් 100 සීමාවෙන් ගන්නාවනම් ඔන්න මාව උඩින්ම සිලෙක්ට් වෙනවා :D

    ReplyDelete
  11. එහෙම කියන්නෙපා පූසෝ.. අපි කරපු පිස්සු වැඩවල හැටියට අපේ සර්ලා තාමත් පුදුම වෙනවා කැම්පස් ගියා කිව්වහම..
    කැම්පස් පලයන් කොහොමහරි මොකකට හරි.. එතකොට කාටවත් මොකුත් කියන්න බැහැ.අපිට පුලුවන් එතකොට කියන්න අපි හැමදෙයක්ම කලා කියලා..

    ReplyDelete
  12. උබලා විප්ලව කරනවා ...
    ඊට පස්සේ උද්ඝෝෂන කරනවා ....

    සපෙළින් හැලිච්ච එවුන් සල්ලි දිලා අමාරුවෙන් ඉගෙන ගන්නවා....
    විප්ලව කරන උබලා තාමත් හිර ගෙවල් වල සියට 80 තියන එවුන් සැපට ගෙවල් වල ...

    තොපේ කරුමේ යකෝ නිකන් උගන්නව හින්දා අගේ නැහැ ... ඉගෙන ගෙන රටට වැඩක් කරපන් ...

    හිරේ ගියත් උබේ කට තාම අඩුවෙලා නැහැ .. උබලා වගේ විප්ලවකාරයෝ තමයි බන් රටවල් කන්නේ ..

    නිකමට කියපන් උබ රටට කරපු වැඩක්

    ReplyDelete
  13. රටට කරපු වැඩක් නේද? හ්ම්ම් සන්ධානයට ඡන්දෙ දුන්නා. තව දැයට කිරුළත් බලන්න ගියා..
    දැයට කිරුළනම් ගොන් ආතල් එකක් තමයි :-D

    ReplyDelete
  14. අෙප් විශ්වවිද්‍යාල ශිෂ්‍යයො හිතාෙගන ඉන්න විදිය මම නම් අනුමත කරන්ෙන නෑ

    සාමාන්‍යයෙන් අපෙ රටෙ ඉන්න අාත්මාර්ථකාමීම පිරිස මම දැකල තියෙන්නෙ විශ්වවිද්‍යාල වල.

    අනිත් උන්ට හොරෙන් රෑට පාඩම් කරපු අනිත් උන්ට වල බහිනවා කියලා පෙන්නපු උන් තමයි ගොඩක් ඉන්නෙ.

    රටෙ සල්ලි ලක්ෂ ගණනක් වියදම් කරල නොමිලෙ ඉගෙන ගන්න ලැබුණු එකම මදිද තවත් අයිතිවාසිකම් ඉල්ලන්නෙ.

    අනික විශ්ව විද්‍යාල වල ඉන්නෙ දුප්පත් දෙමාපියන්ගෙ ලමයි. එ අය තමුංගෙ දෙමාපියන් ගැන හිතනව නම් ඔය තරම් පිස්සු නටන්නෙ නෑ.

    පාරවල් ගානෙ අළුත් ලමයි කැට යවලා ගන්න සල්ලි වලින් මත් වතුර බීමත් ඉතිරිය ජෙප්පන්ට පූජ කිරීමත් හැර ඔයාලගෙන් රටට ඔය කාලෙට වෙන දෙයක් තියෙනවද?

    රැග් එක කියලා කරන්නෙ ඔයාලගෙ මතයට අනිත් අයව බලෙන් ගන්න එක නෙවෙයිද? එක මර්දනය නෙවෙයිද?

    ReplyDelete
  15. වෙලාවක් තියෙන වෙලාවක මගේ බ්ලොග් එකේ ලිපි ටික බලන්න.
    අපි නවක වද විරෝදී අය.

    ReplyDelete
  16. ඒකට අපේ කැම්පස් එකේ ආර්ට්ස් ෆැකල්ටි දෙකේ නම් attendence sheet sign කරන්න දුන්නාට attendence 80% නම් බලන්නේ නැහැ. හොරාට sign කළාද බලන්නෙත් නැහැ

    ReplyDelete
  17. අපෙත් ආර්ටොන්ගෙ ඔහොම සීන් එකක් නෑ. සීන් එක ලොකුවටම යන්නේ සයන්ස් එකෙයි ඉන්ජන්ගෙ එකෙයි.ඉන්ජන්ගෙ එකේ නම් අර ඉස්කෝලෙ නම් ලකුණු කරනව වගේලු කරන්නේ.නම කිව්වම අත උස්සන්න ඕනලු.ෂික් කුජීතයි.හැබැයි උන් ලෙක්චර්ස් යන නිසා උන්ට ගානක් නෑ ඒක.

    ReplyDelete
  18. මම් නම් මෙක අනුමත කරනව මචන්ලා...
    www.sabithl.blogspot.com

    ReplyDelete
  19. අපි කැම්පස් එන ප්‍රධාන කාරණය ඉගන ගැනීමනේ. බාහිර වැඩත් කරන්න ඕනේ තමයි. දේශන වලින් කෙරෙන්නේත් උගන්නන එකනේ. දේශන වල වැරද්දක් තියනවනම් එක වෙනස් කරගන්න සටන් කරන එක නේද හරි වැඩේ. නැතුව දේශන වලට නොයා ඉන්න සටන් කරන එක නෙවෙයි. නොමිලේ දෙන අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගන්න එක අපේ යුතුකමක් කියලයි මම නම් හිතන්නේ.

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා