ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Monday, February 21, 2011

හොරාට සයින් ගැසීම හා 80% පැමිණීම



හොරට සයින් ගහන එක කැම්පස් අයට නම් එච්චර නුහුරු වචනයක් නෙමේ.ඒ තරම්ම මේ දේ අද කැම්පස් වල සිද්ධවෙනවා.

මේ ළඟදී රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ අපූරු සිදුවීමක් වාර්තා වුනා.

පරිගණක විද්‍යා දේශණයකදී හොරාට ගහපු සයින් එකක් මාට්ටුවීම සම්බන්ධව සිද්ධියක්.
මේ සිද්ධිය වෙලා තියෙන්නේ මේ ලඟදී කැම්පස් ආපු නන්ගි කෙනෙක්ට.මෙයා තමයි හොර සයින් එක ගහල තියෙන්නේ වෙන කෙනෙක්ට.කොහොමහරි මේ නන්ගිව දේශණය කරපු සර් පෞද්ගලිකව ගෙන්නලා අහල තියෙනවා කාටද සයින් එක ගැහුවෙ කියලා.මෙයා ඒකට උත්තර දීලා නෑ.
ඒ තරහට ඊට පහුවෙනිදා එම දේශණයේදීම මේ නන්ගිට හැමෝම ඉස්සරහ දේශණ ශාලාවෙන් පිටව යන්න කියලා සර් කියල තියෙනවා.ඒකට විරුද්ධව ඒ වෙලාවේ ඒ නන්ගි එක්කම දේශනශාලාවේ හිටපු හැමෝම නැගිටල එලියට ඇවිල්ලා.ඉතින් ඕන් ඕකට දැන් අම්බානක් කේස්ලු.

මේ අවුරුද්දේ බැච් තුනම එකතු වෙලා කරන්න හිටපු ෆන්ෂන් එකකටත් දැන් පර්මිෂන් දෙන්න බෑ කියනවලු මේ හේතුව නිසා.

මේ සිද්ධි පෙලට කවුරුද වග කියන්න ඕන? ශිෂ්‍යයෝද? නැත්තම් පරිපාලනයද?

මම කැම්පස් ඉන්න කාලෙත් ඔය කියන හොර අස්සන් අල්ලන කේස් එක තිබ්බා.අපි 1st year ඉන්නකොට තමයි 80% පැමිණීමත් එක්ක හොර අස්සන් අල්ලන කේස් එක ආවේ.හැබැයි ඒක නම් හිතන තරම් ක්‍රියාත්මක කරන්න පරිපාලනයට පුලුවන් උනේ නෑ.මොකද ඒකට අපි විරුද්ධවෙලා පිකට් කරලා සෑහෙන ගේමක් දුන්නා.
80% දේශණ යන්නේ මොකටද?සාමාන්‍යයෙන් දේශණයක් හොඳට කරනවනම් ඒකට කිව්වත් නැතත් යනවා.සමහර දේශන තියෙනවා මෙලෝ රහක් නෑ.ගියත් කරන්නේ නිදාගන්න එක.practical නම් අනිවාර්යෙන් 80% යන්න වෙනවා.

ඔක්කොටම කලින් විශ්වවිද්‍යාල වල මේ තියෙන පාසල් ක්‍රමය නැති කරන්න වෙනවා.විශ්වවිද්‍යාලයක් කියන්නේ ඉගෙනගන විතරක් තියෙන තැනක් නෙමෙයි.ඉගෙන ගන්නත් ඕන.බාහිර වැඩ කරන්නත් ඕන.එතකොට තමයි එයා නියම කැම්පස් කෙනෙක් වෙන්නේ.80%ක් දේශණ යන්න ගත්තහම වෙන්නේ හොස්ටල් එකෙන් දේශනයට - දේශනයෙන් හොස්ටල් එකට වගේ දෙයක්.
හැබැයි පරිපාලනයනම් කියන්නේ අමුතුම කතාවක්.

බාහිර වැඩ කෙසේවෙතත් දේශ්න සඳහා සහභාගි විය යුතුයි.ඕක තමා එයාලගෙ තියරි එක.අනේ මන්ද මෙයාලා කැම්පස් ගිහින් නෙමෙයිද මන්දා මේ තැන්වල අද ඉන්නේ.පීඨ සංගම්,උත්සව,ක්‍රීඩා මේවා කැම්පස් වල සාමාන්‍යයෙන් වෙන දේවල්.මෙහෙම ශිෂ්‍යයින් දේශණවලට හිරවීමෙන් වෙන්නේ නිකන්ම නිකන් බොග රැලක් බිහිවීම පමනයි.එතකොට ශිෂ්‍ය සංගම්,පීඨ සංගම් ඔක්කොම නැතිවෙලා යාවි.එතකොට පරිපාලනයට ඕන ඕන විදියට නටන්න පුලුවන් වේවි.

හොරාට සයින් ගැසීමෙන් වෙන අවධානම පරිපාලනය පැහැදිලි කර දෙන්නේ මෙන්න මෙහෙමයි..

විශ්වවිද්‍යාල වල ගැටුම් ඇතිවෙන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.හැම කැම්පස් එකකම පිටට් පේන්න නැතත් ඇතුලෙ කේස් තියෙනවා.කවුරුහරි කෙනෙක් දේශණයට හොර සයින් එකක් දාලා ගැටුමකට සම්බන්ධ වුනොත්?එහෙම උනොත් එයා බයනැතුව කියයි මම ගහගත්තෙ නෑ මම හිටියේ දේශනයේ කියලා.
ඒකෙ අනික් පැත්තත් තියෙනවා.මොකද කවුරුහරි ඇත්තටම දේශ්ණයක ඉඳිද්දී ගැටුමක් සම්බන්ධව ඔහු වැරදිකරුවෙක් වුනොත් ඔහුටත් පුලුවන් කියන්න මම හිටියේ දේශනයේ කියලා.කතාව සම්පූර්ණයෙන් ඇත්ත.

බලන්න පරිපාලනය කොච්චර අපි ගැන හිතනවද?

ඒත් මතකද ඒ සිද්ධිපෙල? මම දෙවනවතාවට සිරගතවූ හැටි.

එදා මම ඇතුලු බොහෝ දෙනෙක් ගැටුම ඇතිවෙන අවස්ථාවේ හිටියේ ගණිත දේශණශාලාවේ.අපේ සයින් එහෙමත් ඒකෙ තිබ්බා.ඒවයින් කෙසේ වෙතත් ශිෂ්‍යයින් ගැන හිතන පරිපාලනය එදා අපිව දේශනශාලාවෙන් පන්න ගන්න ට්‍රයි කලා.දේශන ශාලාවේ හිටපු හිඟ දෙනෙක්ට දේශන ගිය එකේ වරදට සිර කුඩුවේ කූරු ගනින්න සිද්ධවුනා.

අපිව බේරගන්න ඔය කියන පරිපාලනයේ එක පෙන්දෙක් වත් ඉදිරිපත් උනේ නෑ.අපේ සයින් තියෙන ඇටෙන්ඩන් ශීට් එකත් පොලීසියට එව්වේ සිකුරිටි කෙනෙක් අතේ.ඒකයි පොලීසිය ඒක බලන්නෙවත් නැතුව කෑලිවලට ඉරල විසි කලේ.ඔය දැන් කෑගහන පරිපාලනයේ කවුරුහරි ඒ වෙලාවේ ඉදිරිපත් උනානම් මම් ඕන නෑ අහින්සක කොල්ලො ගොඩක් බේරගන්න තිබ්බා.

ඔන්න ඕකයි තත්වේ.මේව කියල වැඩක්නැති නිසයි පිකට් කරන්නේ,කෑ ගහන්නේ.මේව බලන් ඉන්න අය මොනාද කියන්නේ.හපෝ කැම්පස් ගිහින් ඉන්න දන්නෙනෑ.ගියානම් ඉගෙනගෙන එන්න දැනගන්න ඕන.විප්ලවකාරයෝ.අපිත් කැමතියි පාඩුවේ වැඩක් කරගෙන ඉන්න.ඒත් කැම්පස් ලමයි කියන්නේ පඹයොවත් පිළිමවත් නෙමේ වෙන අසාධාරණ ඉවසගෙන ඉන්න.

පරිපාලනේ ඉන්න අය කවුරුත් කැම්පස් නොගිය අය විදියටයි කටයුතු කරන්නේ.
ඒකයි දුකට කරුණ වෙන්නේ..

කැම්පස් යන්න ඉන්න කැම්පස් වල ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට එක දෙයයි කියන්න තියෙන්නේ.. පරිපාලනේ අමන තීරණවලට යටත් වෙන්නෙපා.
එයාලා කරන්නේ ශිෂ්‍ය පරිපාලනයක් නෙමේ. ශිෂ්‍ය මර්දනයක්...

Saturday, February 19, 2011

මෙන්න මේවා තමා නියම ඉන්ටවීව් - II කොටස



එදා කතාව බලන්න ඇතිනේ.. මේ දවස් වල පොඩි පොඩි වැඩ වගයක් තිබුන නිසා කතාවේ ඉතුරු ටික(හොඳම හරිය) ලියන්න බැරිවුනා.මේ දවස්වල මැෂින් එක ඕන් කරපු ගමන්ම යන්නේ ටොප් ජොබ් සයිට් එකට. දානවා දානවා විතරයි.. සද්දයක්වත් නෑ. ප්‍රශ්න ඉවරයක් වෙන්නෙත් නෑ.
හරි හරි කතාවේ ඉතුරු ටික බලමු..

කොහොමහරි කොන්ක්‍රීට් ගැන අහල හරි ජොබ් එක සෙට් වුනානේ.මොන agreement එකක්වත් සයින් කලේ නෑ.ඔහේ ආපහු ගෙදර ආවා.සඳුද ඉදන් වැඩ.අපිටත් මොකෝ ඉතින් ඔන්ලයින්නෙ කරන්නත් තියෙන්නේ.එනකොට තව එල සීන් එකකුත් වුනා.අපේ සර් එළුබෙටි ට්‍රාන්ස්පෝට් එකක් ගැනත් ඇහුවා.බොස් නම් නෙමේ අනික් කෙනා.එළුබෙටි පටවන්න පුළුවන්නම් ටොන් එකකට ලක්ෂ 2 ගානෙ ගෙවන්නම් කිව්ව.මේකත් ෂුවර් එකටම ලොක්කගේ වැඩක් වෙන්නැති.කොන්ක්‍රීට් ගැන අහපු එකේ එළුබෙටි මොනාද..
ඉන්ටවීව් ගියේ IT field එකේ.කොහොම උනත් කොන්ක්‍රීට් ගැනයි එළුබෙටි ගැනයි මනා අවබෝධයක් ලබාගෙන අපි ගෙදර ආවා.සඳුද ඉඳන් වැඩ.

අපිට ඉස්සෙල්ලාම කරන්න තිබ්බේ කම්පැනි එකේ සයිට් එක ගහන එක.ඒක බිස්නස් කම්පැනියක් නිසාත්IT section එක අලුතින් පටන් ගත්ත නිසාත් සයිට් එක පිළිබඳ ලොකු අවබෝධයක්වත් තිබුනෙ නෑ.අපිත් එක තව 36ක් වැඩ කරන බව තමයි ලොක්කනම් කිව්වේ.ඔක්කොමල ඔන්ලයින්.
මලම හත්තිලව්ව උනේ එකම කම්පැනියට සයිට් 10ක් ගහන්න වෙච්ච එක.මාසයක් තිස්සේ සයිට් 10ක් ගැහුව එක එක ජාති වලින් එකම කම්පැනියට.හැමදාම නිදාගද්දී පාන්දර 2 පහුවෙලා.ඇති වැඩකට නම් කමක් නෑ.මේ අද හොඳයි කියන එක හෙට එපාලු.මාසේ අන්තිමට කරන්ට් බිල එනකොට තමයි සයිට් පෙනුනෙ මට.ගෙදරින් බකට් එක ඇද්දා.හැමදාම එකම තැනනේ.කම්පැනි සයිට් එක ගහල එපැයි අනික් ඒවා ගැන බලන්න.
කොහොමහරි පලවෙනි මාසෙ ඉවරවුන්නට පස්සේ තමයි කම්පැනියේ බොස්ට ඕන විදිය ඩිසයින් කරල එව්වේ.මරු තමයි.ඕක කලින් එව්වනම් මොකද වෙන්නේ.හරි ඒකත් කමක් නෑ කියල කට්ට කාගෙන හිටියා.ඊට පස්සේ සැලරි කේස් එක.30 වෙද්දී දානව කියපු සලරි ඊලඟ මාසෙ 10 වෙනිද වෙනකොටවත් නෑ.ඇහුවම රටේ නැති ඒවා.බෑන්ක් කේස්ලු.අරවලු මේවලු.කොහොමහරි කියල කියල සල්ලි දාගත්තා.
කම්පැනියෙ සයිට් එකත් ලාවට වගේ හදල දාගත්තා.මල කෙලියයි.. ඒකේ එකේ එකට ඉන්නේ මායි අරුයි විතරයි. එතකොට අනික් 34? ඕක අදටත් ප්‍රශ්නයක් මට..

ඕව වැඩක් ඇයි අපිට.මරු ජොබ් එක අපිට තිබ්බේ හැමදාම ආර්ට් වර්ක් කර කර ඉන්න විතරයි.ඒ කිව්වෙ සින්හලෙන් හෑන්ඩ් බිල් ගහන එක.මටනම් තිත්ත වෙලා තිබ්බේ මේ මගුල.කරන්න දෙයක් නැති නිසා හිටියා.ඕන් ඉඳල ඉඳල ආව සිස්ටම් එකක්.ඇඩ්මින් පැනල් එකක් හදන්න ආවේ.නිදි මරාගෙන ගැහුවා.පළවෙනි වැඩේනේ.සති දෙකක් විතර මහන්සිවෙලා හදලා zip කරලා යැව්වා.හොස්ටින් වත් අපිට දුන්නෙ නෑ.
යැව්ව යැව්වමයි.සද්දයක්වත් නෑ.මේන් සති දෙකකට විතර පස්සෙ වෙන එකෙක්ගෙන් එනව මේල් එකක්.මම දන්න පොරක්.ඒකත් වෙබ් ඩිවලොපින් කරන කෙනෙක්.

ඇඩ්මින් පැනල් එකක් තියෙනව සයිට් එකක.customiz පාරක් දාල එවන්න පුලුවන්ද හෙට දවස ඇතුලත.කියල මේල් එකේ දාල තිබ්බා.මොකද්ද කියල බැලුවමයි දන්නේ.මම අර සති 2කට කලින් යවපු සිස්ටම් එක.
මේක කොහොමද මුගේ අතට ගියේ? මම අනික් පැත්තට පොරගෙන් ඇහුවා මේක කොහොමද ආවේ කියලා.අපේ ලොක්ක තමයි දීලා තියෙන්නේ.160ක් ගෙවන්නම් කියලත් කියලා.මම ඒවෙලාවෙම ලොක්කට අරූ එවපු මේල් එක ෆෝවඩ් කරලා මේ ගැන ඇහුවා.පොර කිව්වේ මාර කොන්ක්‍රීට් කතාවක්.මම කොහොමද කියන්නෙ අහනවා ඒක මම හදපු සිස්ටම් එක කියලා.යකෝ මම දන්නෙ නැද්ද මම හදපු එක.
කතා දෙකක් නෑ මම කිව්ව මට වැඩ කරන්න බෑ කියලා.කොහොමහරි ඒ වෙනකොට මම ලෝන් එකක් ඇප්ලයි කරල තිබ්බේ.ජොබ් එක ගහල ගියොත් ඒ ඔක්කොම හබක් වෙන නිසා ෂේප් එකේ හිටියා.
ඒ ඔක්කොමත් හරි ලෝන් එක රිජෙක්ට් වුනා.රිජෙක්ට් වෙන්න ප්‍රධාන හේතුව උනේ හරියට පඩි වැටෙන්නෙ නැති එකයි එපොයින්මන්ට් ලෙටර් එකයි නිසා.ලොක්ක නියම එපොයිමන්ට් ලෙටර් එකක් දීල තිබ්බ මම ඉල්ලුවාම.ඒකේ තියෙන්නේ බෑන්ක් මැනේජර්ට ලියපු ලිව්මක් විතරයි.ඒකට තමයි එයාල එපොයින්මන්ට් ලෙටර් එකක් කියන්නෙ මම හිතන්නේ.
දැන් ඉතින් නැතිවෙන්න දෙයක් නැත. හොඳටම පරක්කුවෙලා හරි ඇත්ත තේරුම් ගත්ත නිසා දැන් මාස 3කට විතර කලින් රස්සාවෙන් අයින් උනා.ඉස්සෙල්ලාම අයින් කරන්නත් කැමති උනේ නෑ.උන්ට හොඳයිනේ ඉතින්.මම නිකන් හිටියෙත් නෑ.එකින් එක හොයල බැලුවා.

අපි වරද්ද ගත්තේ අපිට ඉන්ටවීව් කෝල් කරපු ලෙටර් එකෙන්.ඒක දැක්කේ පස්සේ.ලෙටර් එකේ තිබිල තියෙන්නේ POST OF SOFTWEAR ENGINEER කියලා.මෙතනම software කියන්නත් අකුරු වැරදියිනේ.
තව එකක් ඉස්සෙල්ලාම කම්පැනියෙ ඉන්ටවීව් තියෙනව කියලා පස්සේ හොටෙල් එකකට ගත්ත එක.අපිත් එක්ක තව 36ක් වැඩ කියපු එක.ඒවා ඔක්කොම බොරු.ලොක්කගේ ගෙදර තමයි කම්පැනිය කියල තියෙන්නේ.ඔක්කොම ලස්සනට ප්ලෑන් කරල දීපු ගේමක්.මම බොස් කිව්වට එයා අඩුම ගානේ software කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ.

දැන් ඉතින් මම පාඩුවේ ඉන්නවා.අපේ හොඳ කමින් මුන් ප්‍රයෝජන ගත්තා.

අපරාදේ මාස 6ක් එහෙම්මම නාස්ති උනා.කිසිම එක්ස්පීරින්ස් එකක් නැතුව.
දැන් ඉතින් ඔහේ ෆ්‍රීලාන්ස් වගේ කර කර ඉන්නවා.අලුත් ජොබකට දාන්නත් බයයි..

ආ කෝ අර මට සුභ පතපු අය? :-D

මෙහෙම හොරුන්ගෙන් පරිස්සම් වෙන්න

Saturday, February 12, 2011

මෙන්න මේවා තමා නියම ඉන්ටවීව්



මේ දවස්වල දවස ගෙවෙන්නේ කල්පනා කරලමයි.. මට පිස්සු හැදීගෙන එනවද මන්දා. බස් පැත්තෙ බුකියේ එහෙම වැඩිය එන්න හිතෙන්නෙත් නෑ.
මහා යුද්ධෙක අවසානය සිදුවුනා වගේ පසුගිය දවසක උපාධියත් ගත්ත ඕන්.වෙලාවකට පුදුමත් හිතෙනවා ඇත්තටම ගොඩ ගියාද කියලත්..

ඒ දවස්වල හොරස්කෝප් කාරයෙක් කිව්ව මතකයි මගේ නඩුව අවුරුදු 5ක් යනකන් ඇදෙනව කියලා. ඒ කිව්වේ 2008 අගෝස්තු වල.පොර කිව්ව නිසාමද මන්ද මේ වන විටත් කිසිම තේරුමක් නැතිව නඩුව මාස 4න් 4ට වගේ ඇදෙනවා.
ඉතින් මොකා කොහොම කිව්වත් ඔය දේවල් අමතක කරන්න පුලුවනැයි..

ඒ දේවල් එහෙම වෙද්දී මේ ළඟදී හොඳම සිද්ධියක් උනා මට. මේ සිද්ධියට කලින් තමයි කොළඹට කිරි ගමට කැකිරි පෝස්ට් එකත් දැම්මේ..

ඔන්න හොනාට ඇන්දුනු හැටි පටන් ගන්නයි යන්නේ..

ඉස්සෙල්ල කියපු පෝස්ට් එකේදී කිව්වනේ මම අලුත් ආයතනයක Software Engineer කෙනෙක් විදියට වැඩ භාරගත්ත කියලා.ඒක සිද්ධවුනේ මෙහෙමයි..

අපේ තාත්ත මාර්ගයෙන් මම අඳුරගත්ත සර් කෙනෙක් හිටියා.කැම්පස් අවුට් වුන ගමන්ම ඒ සර්ගේ පිහිට තමයි ඉතින් මම ඉල්ලුවේ.මොකද එයා IT field එකේ ඉන්න කෙනෙක්.ඉතින් ඔය ජොබ් හොයන සෙල්ලමට මගෙත් එක්ක එකටම හිටපු ෆිට් එකකුත් එකතු උනා ඉතින්.
ඔහොම ඉන්නකොට හරියටම අප්රේතල් අන්තිම සතියේ ඩයලොග් නම්බර් එකකින් කෝල් කරලා ඉන්ටවීව් කෝල් කලා.Exam එකක් තියෙනව කිව්වා මේල් කලා බලන්න කියලත් කිව්වා.මගේ යාලුවාටත් ඒ විදියටම කියල තිබ්බා.
මට එක පාරටම හිතාගන්න බැරිවුනා මේක කාගේ හරි ලණුවක්ද දන්නෙනෑ මොකද ඩයලොග් නම්බර් එකකින් කෝල් කල නිසා කියලා.පස්සේ මේල් එකකුත් ආපු නිසා අවුලක් හිතුවෙම නෑ.
මේල් එකේ තිබ්බ එකට අනුවනම් මට තිබ්බේ උදේ 9.30ට යාලුවට තිබ්බේ 10.30ට ඉන්ටවීව් එක.Post of Software Engineer කියල තමයි පෝස්ට් එක විදියට දාල තිබ්බේ.ඊට පහුවෙනිදා තව මේල් එකක් ආවා ඉන්ටවීව් තියෙන ලොකේෂන් එක වෙනස් කලා එදාටම cinemen grand hotel එකට එන්න කියල තිබ්බා. කලින් මේල් එකේ තිබ්බේ කම්පැනියෙ ඇතුලේ ඉන්ටවීව් තියෙනව කියලා. අපිට තවත් අවුල් දැන්. අඩෝ සුද්දොත් එනවද දන්නෙනෑ අපිව ඉන්ටවීව් කරන්න.
කොහොමරි කියපු දවසට අපි දෙන්නම ගියා.හිතපු තරම් නම් යකා කලු නෑ.ඇති සුද්දෙකුත් නෑ.වයස 60ක විතර කෙනෙකුයි අපේ සර් විතරයි ඉන්ටවීව් බෝඩ් එකේ හිටියේ.බෝඩ් එකක් කිව්වට හොටල් එක ඇතුලේ යන තැනම පොඩි මේසයක තමයි ඉතින් ඉන්ටවීව් එක තිබ්බේ..
මෙන්න මගෙන් අහපු ප්රමශ්න ටික..

බොස් - මිනිස් මොලේද කොම්පුටරේද වැඩියෙන්ම දියුණු ?
මම - මිනිස් මොලේ (හිනත් ගියා පොඩ්ඩක්)
බොස් - ඔයා කොහොමද එහෙම කියන්නේ.. අද කාලේ තාක්ෂනයත් එක්ක මිනිසුන්ට හැරෙන්නවත් බැහැනේ.
මම - තාක්ෂනය දියුනු කරන්නෙත් මිනිස්සුනේ.. ඒ නිසා මිනිස් මොලේ තමයි.
බොස් - හරි.. ඔයා Software Development කරල ඇතිනේ.ඇයි මේ ජොබ් එක තෝරගත්තේ?
මම - ඔෆිස් එකක කට්ටිය එක්ක වැඩ කරල පළපුරුද්දක් අවශ්ය්යි.. ඒ නිසා.

මම එහෙම කිව්ව ගමන් පොරගේ මූණ අවුල් වෙනව මම දැක්කා. ඊට පස්සේ පොර මාර කතා ටිකක් කිව්වේ..

බොස් - සරල ප්රේශ්නයක් අහන්නම්.කොන්ක්‍රීට් හොයගත්ත කෙනාගේ නම දන්නවද?
මම - නෑ
බොස් - කැම්පස් ලමයෙන් දෙන්න ඕන උත්තරයක්ද දුන්නේ ඔය?
එහෙම කියල කොන්ක්‍රීට් හොයාගත්ත එකා ගැන ලොකු විස්තරයක් දුන්නා.
මාව නිකන් කරකවල අතෑරියා වගේ.කොන්ක්‍රීට් හදපු එකෙක් කොහෙන්ද මෙතනට ආවේ..

බොස් - ඔයාගේ සැලරි එක්ස් එක කීයද?
මම - 25,000යි සර්.
බොස් - හරි අපි ඔයාට කතා කරන්නම් වාඩිවෙලා ඉන්න.
එහෙම කියල මගේ සී.වී එකේ ලොකුවට 25000 කියල ලිව්වා. ඉන්ටවීව් එක ඉවරයි.
අලේ... අඩු ගානේ IT කියන එකේ තේරුමක් වත් ඇහුවෙ නෑ.සින්හලෙන්ම තමයි ඉන්ටවීව් එකත් තිබ්බේ. යාලුවාටත් එසේම තමයි.පස්සේ අපිව තෝරගත්ත කියල කිව්වා.අපිට මාර හැපී.Agreement sign කරන්න එන්න කිව්වා.Agreement එකක් නම් පේන තෙක්මානෙකවත් නෑ.

"පළවෙනි මාස 3 යනකන් 15000 ගෙවනවා.ඊට අමතරව සෑම ප්රොිජෙක්ට් එකකින්ම 10% ඇඩ් වෙනවා"
කියල කිව්වෙ නැතැයි අන්තිමට.ඒ මදිවට ගෙදර ඉඳන් ඔන්ලයින් කරන්නත් තියෙන්නේ.හරි කමක් නෑ ජොබ් එකක්නේ කියලා ගෙදරත් ආවා

ඊලඟට සිද්ධවුනේ හපෝ මතක් වෙනකොටත් එපා වෙනවා.. ඒ ටික පස්සේ ලියන්නම්. දැන් පොඩ්ඩක් කේන්තියක් ආවා.මොනා ලියවෙයිද දන්නෙනෑ..
Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා