ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Tuesday, January 25, 2011

එන එන කරදර නිම් නෑ කෙළවර




දග ගේ සිටිනා ලොවට හොරෙන්
කාලය ගෙවමින්
නැත අන් සරනා ඔබ සිහි වී
කදුලු නෙතින්

සිත මගෙ දුවනා නෑ එක්තන්
පෙර වාගේ
එන එන කරදර නිම් නෑ කෙළවර
මා අසරණ කරලා

දවසක වෙයිද නිම
මේ දුක
මා සිත් තුටු කර

16 comments:

  1. දුෂ්කරය කියා
    හැර යා යුතුද ජීවිතය
    කටු පොකුර සිපගන්න
    හෙට මලක් වනු පිණිස

    ReplyDelete
  2. අයියෝ සිකා, මොකද මේ දවස්වල? ඔන්න ඕවා අමතක කරලා දාපං

    ReplyDelete
  3. කරන කලට පව් මීරිය මී සේ....
    විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ....

    මේ ටොපිය ලඟදිම මට සෙට් වෙන පාටක් තියෙන්නෙ :(

    ReplyDelete
  4. මුට මොනවහරිවෙලා ඊයෙ රැ ඉඳලා :)

    ReplyDelete
  5. අදහස් වලට තැන්කූ ඔක්කොටම..

    ලස්සනයි පිණිබිඳු පද පේලි ටික..

    අමතක නොකරනව නෙමේ බ්ලොග් ගඩොල්ස්.. ඒත් එකක් අමතක වෙනකොට ඊට හපන් එකක් එනවනේ බන්.. උපරිම සතියයි සටුටින් ඉන්න දෙන්නේ බන්.. ඊට පස්සෙ මොකක් හරි බාල්දියක්..

    අභියා මොකෝ කේස් එක? පව්ක් කලොත්නම් ඒක එලව එලව දෙනවාමයි.. හොඳම උදාහරනෙ මම..

    මොනා වෙන්නද බන් ජේඩියා.. ඊයේ මාරයියා කේන්දරේ බැලුවනේ.. බලලා අනික් හැමතැනින්ම කිව්ව වගේ කිව්ව නොවැ.. ඉතින් චුට්ටක් විතර වගේ අවුල..

    ReplyDelete
  6. අයියෝ බං සිකා මේ මොකද? ඊයේ මාරයියාට කියලා කේන්දරේ බලවාගත්තු වෙලේ ඉඳන් මේකා මූඩ් ගහලා හිටියේ. අනේ පිස්සුද බං. උඹ දැක්කේ නැද්ද මාරයියා කේන්දර බලලා අහවර වෙලා කියාපු මසුරන් කතා ටික. ඕං ගිහින් බලප....

    ReplyDelete
  7. අනේ බං උඹලා ඉගෙන ගත්තෙ මොනවද බං...?
    ඔහොම හරියන්නේ නැහැ සිරකරුස්..

    ReplyDelete
  8. නෑ පූසා.. අවුලකින්ම නෙමේ.. මාරයියා කියපු දේවල් ඔක්කොම ඇත්ත.. ඒකයි පොඩ්ඩක් අවුල් උනේ.. උඹ මගේ බ්ලොග් එක බලන්න ඇතිනේ.. ඒකෙ තියෙන්නේ කැම්පස් ගිහින් පෙරලිච්ච බාල්දි ටික විතරයි.අනික් ඒවා ලියන්න ගියොත් හැමදාම පෝස්ට් එකක් දාන්න වෙයි..

    මාරයියා තැන් තුන් හතරකින්ම මාරයිය කිව්ව වගේම කිව්වා.මම ඔය දේවල් වැඩිය ගනන් ගත්තෙ නැති නිසයි මට අද මෙහෙම වෙලා තියෙන්නේ..
    පොඩි කාලේ ඉඳලම අපලවලට අනන් මනම් කරනවා.ඒත් මොන කිසිම අඩුවක් නැත කරදරවලින්.. ඒකයි පොඩ්ඩක් සික ගැහුවේ..
    මොනා කරන්නද නේද? ඔහොම යමු ඉතින්
    අද වෙන්න ඕන මාරයියා ඉස්සෙල්ලාම මේ පැත්තෙ ආවේ..

    ගොඩක් තැන්කූ දෙන්නටම

    ReplyDelete
  9. සැලෙන්න එපා සිරා අයියේ.. වෙන්නේ මිනිස්සුන්ට.. අද ඔයාට හෙට මට වෙන්න පුලුවන්.. ඉවසලා ඉදින්කෝ.. හැමදෙයින්ම නිදහස් වෙලා සතුටු වෙන්න පුලුවන් දිනයක් ඉක්මනින්ම එයි....

    ReplyDelete
  10. ලමයත් දන්න දේවල්... ඒ දවස ඉක්මනින් එනවානම් හොඳයි ලමයෝ.. තැන්කූ..

    ReplyDelete
  11. මචං වැඩිය හිතන්න එපා.හැම දේම ඉක්මණටම හරියයි.
    ඒක නෙමෙයි මට මේ හිරේ කේස් එක තේරෙන්නෙ නෑ බං.

    ReplyDelete
  12. මෙතන ඔබ කියන වචනෙට ගොඩක් කට්ටිය අයිති වෙනව මචන්..
    අම්මලා තාත්තලා, යාලුවෝ වගේ අය..
    හිරේ ඉන්නකොට වෙන කවුරු මතක් වෙන්නද බන්

    ReplyDelete
  13. හෙට දවස සුබ වේවා කියල පතනවා.

    ReplyDelete
  14. තැන්කූ ප්‍රසන්ස්ස්.....
    වෙන දෙයක් වෙයි

    ReplyDelete
  15. අදට වඩා එළිය ඉරක් හෙට පායනවා.... කියලා හිත හදා ගන්න යළුවා

    ReplyDelete
  16. තැන්කූ යාළුවා.. ඔයාගේ බ්ලොග් එක ලස්සනයි..

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා