ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Saturday, October 22, 2011

සන් සක්විති



සක්විති කිව්ව ගමන් මතක් වෙන්නේ මොකක් හරි ජිල්මාට් කේස් එකක්නෙ.මේ කියන්න යන එකත් ඒ වගේම සීන් එකක් තමයි.

කවුරුත් දන්නව ඇතිනෙ SCJP Course එක ගැන.අපේ කැම්පස් එකේ හුඟ දෙනෙක් එක රැල්ලට වගේ ඕක කලා.කීප දෙනෙක් ඇරෙන්න ඔක්කොම වගේ ගොඩත් ගියා.මමත් ෆයිනල් ඉයර් එකේදී ඕක කලා.ඕක නිසා කැම්පස් එකේ එක්සෑම් දුන්නෙත් නෑ ඇටෙන්ඩන්ස් නෑ කියලා.

ඔහොම කෝස් එකක් ගැන අපි දැනගෙන හිටියෙ නෑ කලින්.ඕක ගැන අපේ ඔලුවට දැම්මේ අපේ බැච් එකේම කොල්ලෙක්.පොර ඒ වෙනකොට SCJP කම්ප්ලීට් කරල අනික් ස්ටෙප් එකට ක්ලාස් යන ගමන් හිටියෙ.අපිට ලැබුන ලීෆ් ලට් වලත් පොරගෙ ෆොටෝ එක උඩින්ම දාල තිබ්බා Sun Certified කියලා.ජොබ්ස් වලට එහෙමත් ගේමක් නැතුව යන්න පුලුවන් කියපු නිසාත් අපි පානදුරේ ක්ලාස් යන්න පටන් ගත්තා.එක්සෑම් එහෙමත් ගොඩ දැම්මා.

ඔය ඔක්කොම ඉවරයිනෙ දැන්.මේ ළඟදී තමයි කතාවේ හොඳම හරිය එළිවුනේ.කැම්පස් අවුට් වෙලා දැන් අවුරුදු 2කටත් කිට්ටුයි.මේ ළඟදී අපිත් එක්කම SCJP කරපු කොල්ලෙක්ට අර අපිට SCJP ගැන කියල දීපු පොර අහම්බෙන් සෙට් වෙලා තියෙනවා.ඒ පොර වැඩ කරන ඔෆිස් එකේදී.මෑන් ට්‍රේනින් ඉන්න දවස්වල.මෙච්චර කොලිෆයිඩ් බුවා තාම ට්‍රේනින් ඉන්නේ මොකද කියලා අවුල් වෙච්චර පාර මූ ළඟටම ගිහින් කතා කරලා..

මචන් උඹ මොනාද මෙහෙ කරන්නේ?

ආහ්. උඹ මෙහෙද වැඩ කරන්නේ? මම තාම ට්‍රේනින් ඉන්නෙ බන්. දැන් සතියක් විතර වගේ ඇවිල්ලා..

ඒ කියන්නෙ උඹ මටත් පස්සෙනේ ඇවිල්ල තියෙන්නේ.ඉතින් උඹට අඩුම ගානේ මම ඉන්න පොසිෂන් එකට හරි එන්න තිබ්බනේ.මෙතන වේලෙන්නේ?

උඹ හවස මීට් වියන්කො මට.මම විස්තරේ කියන්නම්.මෙහෙම කියන්න බෑ

කොහොමහරි දෙන්නා හවස මීට් වෙලා.අවාසනාවට ඇත්ත කතාවකුයි වෙලා තියෙන්නේ බලද්දී :-D

මම උඹට දෙයක් කියන්නම්.හැබැයි කාටවත් කියන්න එපා බන්.උඹ මේක හිතේ තියාගනින්.

හරි කියපන්කො මොකද්ද උනේ?

අපේ පානදුරේ IJTS එකේ එකා මහ &*^%^ බන්.අපි දෙන්න එකතුවෙලා වැඩ කලේ.අන්තිමට ඌ මට කෙලෙව්වා.මට උඹේ ට්‍රේනින් පොසිෂන් එකට ඇප්ලයි කරන්න බෑ.මොකද ඒකට SCJP ඉල්ලනවා..

ඈ.. ඉතින් බන් උඹ SCJP කලේ අපි ඔක්කොටම කලින්නෙ බන්.උඹ අනික් ස්ටෙප් එකත් කම්ප්ලීට් ඇතිනෙ දැන්?

ඒක තමයි බන් මම මේ කියන්න යන්නේ. පානදුර IJTS එක දැම්මේ අලුතින්නේ.ඉතින් එකට Students ලා හිටියෙ නෑ.ඒකෙ ඔව්නර් මම දන්න එකෙක්.පොර තමයි මට කිව්වේ කැම්පස් එකෙන් කට්ටිය ගෙනෙන් කියලා.ඉතින් මගේ ෆොටෝ එකත් දාලා ලීෆ්ලට් ගැහුවා.

තෝ මාර පොරක්නෙ බන්.එතකොට උඹ අනික් ස්ටෙප් එකට කියල ක්ලාස් ගියේ? උඹ ඒ දවස්වල කැම්පස් එකේ ලෙක්චර්ස් කට් කරගෙනනෙ ගියේ?

එහෙම කරන්න උනා බන්.ක්ලාස් යනව කියලා මම ගෙදර ගියේ බන්.ඒවට මට එහෙන් ගෙව්වා.

ගෙව්වා?උඹල බිස්නස් එකක්ද කලේ ඒ කියන්නේ?

එහෙම බිස්නස් එකක් නෙමේ බන්.මම කැම්පස් එකට ඇවිල්ලා කිව්ව තමයි කෝස් එක ගැන.කොහෙද ඉතින් හැම එකාම SCJP කරන්න ගත්තනේ.

අපේ ෆැකල්ටියෙන් විතරක් 30ක් වගේ කරන්න ඇතිනෙ බන්.දැන් උඹට ගෙව්ව කිව්වේ ඒ එන එවුන්ගෙන් අරන්ද?

ඔව් බන් මම ගෙනාපු හැම එකාගෙන්ම මට රු 5000 ගානෙ දුන්න මට.මෙච්චර ගොඩක් මම අල්ලල දීලා නිකන් අත පිහිදාගන්නද බන් මට කියන්නේ?

5000 ගානේ? අඩෝ උඹට දුක හිතුනෙ නැද්ද බන් කොල්ලොන්ගෙන් ඔහොම සල්ලි ගනිද්දී.අපේ එවුන් හෙන අමාරුවෙන්නෙ බන් ඔය කෝස් කරන්න සල්ලි හොයාගත්තේ.

මාත් ඒ දවස්වල ටිකක් අමාරුවෙන් හිටියේ.ණය වගයකට හිරා වෙලා හිටියා බන්.වෙන ඔප්ෂන් එකක් තිබුනෙ නෑ.උඹ මේ දේවල් කාටවත් කියන්න එපා.මම උඹව විශ්වාස කරලයි කිව්වේ.
මම SCJP එක කරන්න ඉන්නේ ලබන මාසෙ වගේ.එක්සෑම් ගොඩ දාගන්න පුලුවන් වෙයි නේද මචන්?

අනේ මන්ද බන්. කරල බලපන් අවුඅලක් නැතිවෙයි.

ඔන්න ඔහොමයි වැඩේ පත්තු උනේ.අරූට කාටවත් කියන්න එපා කිව්වට ඌ ඒක කෙලින්ම මගේ කනේ තිබ්බා.. මමත් නිකන් හිටියෙ නෑ.දන්න දන්න අයට කිව්වා.හොස්ටල් එකේ ගින්නක් වගේ ආරන්චිය ගියා.

මට තියෙන අවුල මේකයි.ඔය කෝස් එක කරන්න 44ක් වගේ ගියා ඒ දවස්වල.සල්ලි ගොඩක් අමාරුකම් තියෙන අයත් ඕක කලා.කොල්ලන්ගෙන් කලෙක්ෂන් දාලා කරපු අයත් හිටියා.එහෙම අයගෙන් අර විදියට සල්ලි ගත්ත එකටයි මට අවුල.

හොස්ටල් එකේ "සන් සක්විති" කිව්වහම දැන් කවුරුත් දනන්වා.පොර හොයාගන්නවත් නෑ දැන්.එෆ් බී ප්‍රොෆයිල් එකත් අයින් කරලා.කෝල් කලාට ආන්ස් කරන්නෙත් නෑ.හොස්ටල් පැත්තෙවත් එන්න දෙන්නෙ නෑ කියල තමයි කොල්ලොනම් කියන්නේ.ඒත් මම නම් පොරව හම්බෙනකම් ඉන්නේ.ඒ වෙන මොනාටවත් නෙමේ.මගෙන් ගත්ත රු 5000 ඉල්ලගන්න :-D

ප.ලි. - මේ ළඟදී PCJT කරා කියපු එකෙකුත් හෙනම කතාවක් දාල තිබ්බ මට මතකයි. ඒකත් මෙවැනිම සිද්ධියක්දැයි මට නිකමට සිතේ... :-D

Sunday, October 9, 2011

එය කෙලෙස කරන්නද?



ඔබේ දෙපාමුල වැටීගෙන
සෙනෙහස අයදින්න සිතුනත්
ඔබ අන්සතු කියා දැන දැන
එය කෙලෙස කරන්නද?

Saturday, July 23, 2011

ග්‍රීස් යකෙක් නෙමෙයි ග්‍රීස් යක්කු



මේ දවස්වල ග්‍රීස් යකා කියන එක හැම තැනම ඇහෙන එකක්.මේ ලගදිත් කොහෙන්ද මන්දා එකෙක් අල්ලලා තිබ්බනේ.
ඔය ග්‍රීස් යකෙක් ගැන එලම සීන් එකක් අද දැනගන්න ලැබුනා.

ඔය ග්‍රීස් යකාගේ සීන් එක කට්ටිය සෙට් එකක් එකතු වෙලා කරන වැඩක්ලු.මේ දවස්වල ඔය එක යකෙක් මහියංගන පැත්තෙත් තව එකෙක් බදුල්ලේ පැත්තෙත් ඉන්නවා කියලයි ආරංචිය.උන් කෙල්ලන්ට විතරලු කරදර කරන්නෙත්.කොහොමහරි මේ වැඩේ ගැන අද එකෙක් මාර කතාවක් කිව්වා.මහියංගන පැත්තේ මුදලාලි කෙනෙක් තමයි මේක කියල තියෙන්නේ.

මේ වැඩේ පිටිපස්සේ ආණ්ඩුවත් ඉන්නවලු.මහියංගන පන්සල ඉස්සරහ වැවක් තියෙනවනේ.අන්න එකේ රාජසිංහ රජතුමා ඉන්න කාලේ දාපු නිධානයක් තියෙනවලු.නිධානයක් කිව්වට එක රත්තරන් වලින් හදපු දම්වැලක්ලු.දම්වැලේ එක පුරුකක විතරක් රත්තරන් කිලෝ එකක් තියෙනවලු.මේ දම්වැලෙන් මහියංගන දාගැබ වටේ වට කීයක්ද මන්දා ඔතන්නත් පුළුවන්ලු.ඒ කියන්නේ දම්වැල පැස්ට දිග එකක් වෙන්න එපයි.ඒ කියන්නේ නිධානයක්ම තමයි එකෙන්ම.මේ දම්වැල(නිධානය) ගොඩ ගන්නනම් ගැහැණු 11,000 කගේ ලේ සොලවන්න ඕනලු.ඉතින් ඔය විගඩම කරන්නලු මේ ග්‍රීස් යක්කු ඉදිරිපත්වෙලා ඉන්නේ.උන් කරන්නේ ගැහැණුන්ගේ බෙල්ලයි පපුවයි හපාකන එකලු.ඔන්න ඕකයි සීන් එක.මහියංගන ප්‍රදේශයේ ගිය සතියේ විතරක් ග්‍රීස් යකාගේ සිද්ධි 8ක් වාර්තාවෙලා තියෙනවලු.

මේ වෙන දේවල් හැටියට නම් මේවා බොරු කියන්නත් අමාරුයි.අපල දුරුවෙන්න අලිත් මරණ කාලයක්නෙ මේ.

Monday, May 23, 2011

බී එස් ගේ හමුදා නොවන නායකත්ව පුහුණුව



ඇත්තටම මොකද්ද මේ නායකත්ව පුහුණුව?

එක එක තැන් වල එක එක කතා කියයි.උසස් අධ්‍යාපන ඇමතිගේ මේ ලබාදෙන පුහුණුවෙන් ඇත්තටම මොකක් වෙයිද?

එතුමා කියන විදියට නම් මේ තුලින් නවක වදය නවත්වන නවත්තනවලු.අද නිව්ස් වල කිව්ව විදියට නම් දැන් කිසිම ළමයෙක්ට කිසිම බයක් සැකයක් නැතුව විශ්වවිද්‍යාල වලට යන්න පුලුවන්.මොකද නායකත්ව පුහුණුවකින් යන නිසා.

නායකත්ව පුහුණුවෙයි රැග් එකෙයි මොකක් හරි සම්බධයක් ඇති එහෙනම්.ශාරීරික වර්ධනය වැඩි දියුණු කරගෙන යන නිසා රැග් කරන්න එනකොට දුවල බේරෙන්න වත් එහෙනම් කියල දෙනව ඇති.නැත්තම් ඉතින් නවක සිසුන් ජේෂ්ඨ සිසුන්ට තගක් දාන්න වෙනවා අපිට රැග් කරල අහුවුනොත් බලාගෙනයි වත් කියලා.

මගේ හැඟීම නම් මේක මහා පිස්සුවකි.කුජීතය.

ආණ්ඩුව උත්සාහ කරන්නේ මේ තුලින් නවක වදය නැවැත්වීමට නම් මෙයින් වනුයේ ගැටුම් තවත් වැඩිවීමකි.මෙම ලබදෙන පුහුණුව විශ්වවිද්‍යාල වල සිටින සිසුන්ට සහ ආචාර්ය්‍යවරුන්ටත් ලබාදෙනවනම් එය නම් යම්තාක් දුරට හෝ සෑහීමකට පත්වේ.

මේ ආමි ට්‍රේනින් මහ ලොකුවට ලබාදෙන වෙලේ සෑම විශ්වවිද්‍යාල සිසුවෙක්ටම අවසන් වසරේදී කාරිමික පුහුණුවක් ලබාදෙනවානම් ඒක කොච්චර හොඳ දෙයක්ද? දැනට කොළඹ ආශ්‍රිත විශ්විද්‍යාල වලට පමණක් සීමා වෙලා තියෙන මේදේ අනික් විශ්වවිද්‍යාල වලටත් ව්‍යාප්ත වෙන්න දුන්නොත් රැකියා ප්‍රශ්නය හෝ යම්තාක් දුරට අඩුවේවි.දැනට විශ්වවිද්‍යාල වලින් ඉවත් වෙන බොහෝ සිසුන්ට මෙසේ පුහුණුවක් නොමැති කමින් පුද්ගලික විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගත්ත සිසුන් සමග ලොකු තරඟයක් දීමට සිදුව තිබේ.

අපේ උසස් අධ්‍යාපන ඇමති තුමා කියන කතා ඇහුවමනම් එතුමා විශ්වවිද්‍යාලයක් ළඟින් වත් ගිය කෙනෙක් වෙන්න බෑ.එතුමාගෙන් අදහස් වලින් නම් තේරෙන්නේ ශිෂ්‍ය පරිපාලනයක් නොව ශිෂ්‍ය මර්දනයක් සිදු කිරීමට යන බවයි.

මෙහි අවසානය කුමක්ද? හිතන දේ ලියල යන්න

Friday, May 13, 2011

ලෝක විනාශයේ පොඩි කතා



කාලෙකින් අවකාශෙ පැත්තෙ ආවේ ඕපයක් හොයාගෙන.ඊයෙ පෙරේදා බ්ලොග්වල මොකද්ද අවුලක් තිබ්බලු නේද? මම නම් දන්නෙ නෑ.

මේ දවස්වල අසනීප තත්වයෙන් ඉන්න නිසත් ගෙදරටම වෙලා ඉඳල ඉඳල ඊයෙ නෑ ගෙදරක ගියා.එහෙන් කනට වැදුනු සිද්දියක් තමයි අද අරගෙන ආවේ.


අර වෙනවයි කියන ලෝක විනාශය ඇත්තටම වෙයිද? එහෙම උනොත් මොකද වෙන්නේ ඕව ගැන තමයි කතාවුනේ.ඔය ගැන කතවෙනකොට තමයි පොඩි එවුන් දෙන්නෙක් ලෝක විනාශය ගැන කියපු කතාවක් ඇදිල ආවේ.

මේ පොඩි එවුන් දෙන්නට වයස අවුරුදු 8ක් වගේලු.උන් කතාවෙලා තියෙන්නේ මෙහෙම දෙයක්..

එක්කො ලෝක විනාශෙ වෙන එක හොඳයි.ඒක වෙන්නෙ ලබන අවුරුද්දෙනේ.ලෝක විනාශෙ ලබන අවුරුද්දෙ වුනෙ නැත්තම් මට ඊළඟ අවුරුද්දෙ ශිෂ්‍යත්වෙ විභාගෙ ලියන්න වෙනවනේ.එහෙම උනොත් අපේ අම්මගෙන් තමයි ලෝක විනාශෙ වෙන්නේ.

ඔහොම එකෙක් කියනකොට අනික් එකා නිකන් ඉඳලත් නෑ.පොර කියල තියෙන්නේ අමුතුම කතාවක්.

ලොක විනාශේ වෙනවනම් ඒක ඔක්කොටම වෙන්න ඕන.බැරිවෙලාවත් ඕකෙන් අපි විතරක් ඉතුරුවුනානම් මාර කේස් එකක් වෙන්නේ.එහෙම උනොත් අපිට තමයි අර ඉස්සර මානවයො කලාවගේ ආපහු ගල්වලින් ගිනි පත්තු කරලා ගිනි ගොඩවල් ගහලා පටන් ගන්න වෙන්නේ.

පොඩි එවුන්ගේ අදහස් ඔන්න.අපිට ජීවිතේට ඔහොම දෙයක් හිතිල තියෙනවද?
මේ වගේ තුන් හතර දෙනෙක්ගෙන් අදහස් ගත්තනම් මම හිතන්නේ අපිට ලෝක විනාශයක ගේමක් නැතුව මූණ දෙන්න පුලුවන් වෙයි :-D

Tuesday, April 19, 2011

පියානෝ ගැසීම

ජාලේ පිස්සු නටන අතරතුර අහම්බෙන් සෙට් උනා වීඩියෝ එකක්.ඇත්තටම මේකනම් මාරම හැකියාවක්.සමහරවිට කට්ටිය බලලත් ඇති මේක මීට කලින්.බලල නැති අය බලන්න..



ගෙදර පියානෝවක් එහෙම තියෙනවනම් ඔන්න දක්ෂ කොල්ලන්ට චාන්ස් එකක්

Friday, April 8, 2011

ෆෙන්ෂුයිද මොනාද මන්දා



අම්බානක් උණ මරගාතේ මේ පෝස්ට් එක ලියමි..

චීන ෆෙන්ෂුයිද මොනාද කියල ක්‍රමයක් තියෙනවනෙ.දෙරණ නාලිකාවේ ඒ සම්බන්ධව වැඩසටහනකුත් යනවා.ඒකෙ කියන විදියටනම් වැඩේ එළටම වෙනවා.ඒ නිසාම මාත් කරල බලන්න හිතුවා ඒ ක්‍රමයක්.

ගෙදර සාලේ තක්කාලි ගෙඩියක් මොකකහරි තියලා ඒකට අපි මොනාහරි දෙයක් ඉෂ්ඨ වෙන්න කියල හිතාගෙන මාරු කාසි දාන්න කියල තමයි කිව්වේ.එකම දේ හිතාගෙන දවස් 3ක් මේ වැඩේ කරන්නත් ඕන.
දවස් 3කට පස්සේ එයාල කියන වෙලාවට ගෙදර මිදුලේ වලක් කපලා අර තක්කාලි ගෙඩිය දාන්නත් ඕන.
ඊට පස්සේ අර තක්කාලි ගෙඩියට දාපු මාරු කාසි වලින් පැනිරහ දෙයක් ගෙනල්ල කන්නත් ඕන.

ඉතින් මම ඕක කිව්ව විදියටම කලා.කිසිදු ප්‍රතිචාරයක් නොමැත.අනේ මන්ද මේවා කරලා සාර්ථක උන අයනම් ගොඩක් ඉන්නව කියලානම් ඒ වැඩසටහනේ කිව්වා.සමහරවිට මෙහෙමත් වෙන්න පුලුවන්.එක දෙයක් හිතන් ඔය වැඩේ කරන්න කිව්වට කීයක් නම් හිතේ තියෙනවද..
ආය එකක් කියල නැහැනේ කරදර.ඒ නිසා මොකක්ද ඉෂ්ඨ කරන්නේ කියලා තක්කාලි ගෙඩියටත් ප්‍රශ්නයක් වෙන්නැති.

මේ ළඟදී එළ වෙන්ෂුයිද මොනාද මන්දා ක්‍රමයක් කිව්වා.

ඒකට ඉස්සෙල්ලාම හොඳ දානපතියෙක්ගේ නිවසක් හොයාගන්න ඕන.ඊට පස්සේ ඒ ගෙදර මිදුලෙන් පස් ටිකක් අරගෙනරෙදි කෑල්ලක ඔතලා තමන්ගේ ගෙදර සල්ලි ගැවසෙන තැනක තියන්න කියලා.ඒ කිව්වේ අල්මාරියේ ලාච්චුවේ,පර්ස් එකේ වගේ.
එතකොට කවදාවත් මුදල් වලින් අඩුවක් වෙන්නෙ නෑලු..

ඔන්න නියම ක්‍රමයක් ට්‍රයි කරල බලන්න..

හැබැයි මාර කේස් එක කියන්නේ හොරෙන් තමයි ඔය වැඩේ කරන්න වෙන්නේ.මොකද දානපතියෙක්ගෙ ගෙදරින් පස් ගන්න කිව්වට ඒ ගෙදර අයිතිකාරයා මිදුලෙන් පස් ගන්නව දැක්කොත් අන්තිමට කියයි හූනියම් කරන්න යනව කියලා..

එහෙම උනොත් ඉතින් ආපහු හිරේ තමයි..

Sunday, March 20, 2011

මෝඩ ගොන් ආතල්


ඊයෙ රෑ බුකියෙ බස් වල හිටපු යාලුවො නම් දන්නව ඇති ඊයෙ මොකද්ද උනේ කියලා.එකෙක්ගේ ගොන් ආතල් වැඩක් නිසා තව පොඩ්ඩෙන් මොනවයින් මොනව වෙයිද දන්නේ නෑ.
බ්ලොග් අවකාශයේ ඉන්න වැඩිදෙනෙක්(ඔක්කොමල වගේ) මම තාම මූණටවත් මුණගැහිල නෑ.ඒත් එයාලා එක්ක පුදුමාකාර විදියට සහෝදරත්වයෙන් බැඳිල ඉන්නේ.එහෙම එකේ ඒ එකෙක්ට මොනාහරි කරදරයක් කිව්වහම ඕන කෙනෙක් කලබලවෙනවා.

රත්ගමයා කිව්වහම ඕන එකෙක් දන්නව බ්ලොග් අවකාශයේ.ඒත් ඊයේ පොර අවකාශයේ පේන්න හිටියෙ නැති නිසා අර සුළැඟිල්ල ලියන හාදයාගේ අලුත්ම කතාව උනේ රත්ගමයට කරදරයක් වෙලා කියල රාවයක් යවපු එකයි.මුලදි අපි විශ්වාස නොකලත් පස්සේ මෙහෙමත් බොරුවක් කියයිද යන සැකය මත තමයි අපිත් මේ ගැන හොයන්න හැදුවේ.
පස්සෙයි තේරුණේ මේක අරූගේ ගොන් ආතල් එකක් කියලා.කරපු වැඩේ බරපතලකම ඌට තේරුම් කරන්න ගියත් අන්තිමට ඌ කලේ අපිවත් බයිට් එකට ගත්ත එක.පොර කිව්වේ උඹල කලබල උනානම් ඒ ඇති මට.ලොල්.ඕන් ඔය වගේ දේවල්.

මේ බොරුවට සම්බන්ධ සියලුම අයට කියන්නේ මේක..
මෙහෙම මේ විදියට ආතල් ගන්න එපා.අන්තිමට අර ඉයෙ ජනනි කිව්ව වගේ කොටිය කෑව වගේ වෙයි..



සතුටට කරුණකුත් තියෙනවා..
ඒ තමයි ඊයේ බ්ලොග් අවකාශයේ ඉන්න ගොඩක් අයගේ සමගිකම පෙනුනා මේ දෙයින්.. ඔක්කොම එකා වගේ කතාකලා..




ප.ලි. :- මේ වැඩේ කරපු හාදයා සමාව ගත්තලු

Monday, March 14, 2011

තප්පර තුනේ ආතල්


මේ සිද්ධිය මතක් උනේ ඊයේ රෑ ලාවට හීනයක් දැක්කහම..කැම්පස් ඉන්න කාලේ අපේ බැච් එකේ කොල්ලෙක්ට ගහපු මඩ පෝස්ටර් එකක් මතක් උනා.
ඒ දවස්වල ඔයාලටත් මතක ඇති හච් , මොබිටෙල් සිම් වල තිබ්බා තප්පර 3නේ ෆ්‍රී ටයිම් එකක්.තප්පර 3ක් උනාට මොකෝ ඕන පණිවිඩයක් කියාගන්න පුලුවන් ඒකෙන්.හැබැයි හොඳ පුහුණුවක් තියෙන්න ඕන.මුලු කතාවම තප්පර 3න් කියන්න බැහැනේ.ඒක ගානට කෝල් එකෙන් කෝල් එකට පණිවිඩේ කියන්න ඕන.තප්පර 3න් පැන්නොත් ඉවරයි ඔක්කොම.
ඉතින් මේ ක්‍රමේ මල් කඩන අයටනම් ගොඩක් වාසිලූ..සල්ලි කැපෙන්නෙත් නෑ.වැඩේ ගොඩ.ඔය තප්පර 3 කේස් එක නිසා අපේ එකෙක්ට හොඳ සීන් එකක් උනා.
අපේ බැච් එකේ මුතූ කියල එකෙක් හිටියා පොර තමයි ඔය තප්පර තුනේ සීන් එකේන් හොඳටම වැඩ ගත්ත එකා.පොර කොයිවෙලෙත් ඔයා ෆෝන් එකෙන් හතර අතේ තප්පර 3නේ කෝල්ස් ගන්නවා.වැඩියෙන්ම මල් තමයි.මෑන්ස් මල් කඩන්න තමයි හච් එක ගහ්තේ.පොරට ඩයලොග් සිම් එකක් තමයි තියෙන්නෙ නැත්තම්.කොහොමහරි මූට ටැපලිලා අපේ ඇල්ෆා කියලා කොල්ලෙකුට කෝල් එකක් අරගෙන..

මුතුවා එක සැරේ ගත්ත කෝල් 4හි සමරි එක තමයි මේ

මුතූ - ඇල්ෆා උඹ කැම්පස් එකේද ඉන්නේ?
ඇල්ෆා - යකෝ උඹ ඩයලොග් එකෙන් මේ කතා කරන්නේ
මුතූ - මොකද්ද ඇහුන්නෑ.
ඇල්ෆා - යකෝ මේ උඹේ ඩයලොග් නම්බර් එක බන්
මුතූ - ඇහෙන්නෑ බන්.
ඇල්ෆා - යකෝ මේ උඹේ ඩයලොග් නම්බර් එක
මුතූ - ඇහෙන්න කියපන්කෝ.
ඇල්ෆා - හච් එකෙන් ගනින් යකෝ.. මේ ඩයලොග් එක

එතනින් පස්සෙ තමයි මුතූට වැඩේ තේරිලා තියෙන්නේ.. ඒ දවස්වල ඩයලොග් එකෙන් කෝල් එකක් යනව කියන්නෙ හෙණ ගැහුව වගේ සල්ලි කැපෙන්නේ.කෝල් එකක් නෙමෙයිනේ.කෝල්ස් 6ක් කියන්නෙ ඉතින් දැන් රුපියල් 100ක රීලෝඩ් එකක් වගේ තමයි..

කොහොමහරි සිද්ධියෙන් පස්සේ පෝස්ටර් එකක් මගින් මේ සිද්ධිය අනෙක් එවුන්ව දැනුවත් කරන්න අපේ කොල්ලො අමතක කලේ නෑ..

Monday, February 21, 2011

හොරාට සයින් ගැසීම හා 80% පැමිණීම



හොරට සයින් ගහන එක කැම්පස් අයට නම් එච්චර නුහුරු වචනයක් නෙමේ.ඒ තරම්ම මේ දේ අද කැම්පස් වල සිද්ධවෙනවා.

මේ ළඟදී රුහුණු විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ අපූරු සිදුවීමක් වාර්තා වුනා.

පරිගණක විද්‍යා දේශණයකදී හොරාට ගහපු සයින් එකක් මාට්ටුවීම සම්බන්ධව සිද්ධියක්.
මේ සිද්ධිය වෙලා තියෙන්නේ මේ ලඟදී කැම්පස් ආපු නන්ගි කෙනෙක්ට.මෙයා තමයි හොර සයින් එක ගහල තියෙන්නේ වෙන කෙනෙක්ට.කොහොමහරි මේ නන්ගිව දේශණය කරපු සර් පෞද්ගලිකව ගෙන්නලා අහල තියෙනවා කාටද සයින් එක ගැහුවෙ කියලා.මෙයා ඒකට උත්තර දීලා නෑ.
ඒ තරහට ඊට පහුවෙනිදා එම දේශණයේදීම මේ නන්ගිට හැමෝම ඉස්සරහ දේශණ ශාලාවෙන් පිටව යන්න කියලා සර් කියල තියෙනවා.ඒකට විරුද්ධව ඒ වෙලාවේ ඒ නන්ගි එක්කම දේශනශාලාවේ හිටපු හැමෝම නැගිටල එලියට ඇවිල්ලා.ඉතින් ඕන් ඕකට දැන් අම්බානක් කේස්ලු.

මේ අවුරුද්දේ බැච් තුනම එකතු වෙලා කරන්න හිටපු ෆන්ෂන් එකකටත් දැන් පර්මිෂන් දෙන්න බෑ කියනවලු මේ හේතුව නිසා.

මේ සිද්ධි පෙලට කවුරුද වග කියන්න ඕන? ශිෂ්‍යයෝද? නැත්තම් පරිපාලනයද?

මම කැම්පස් ඉන්න කාලෙත් ඔය කියන හොර අස්සන් අල්ලන කේස් එක තිබ්බා.අපි 1st year ඉන්නකොට තමයි 80% පැමිණීමත් එක්ක හොර අස්සන් අල්ලන කේස් එක ආවේ.හැබැයි ඒක නම් හිතන තරම් ක්‍රියාත්මක කරන්න පරිපාලනයට පුලුවන් උනේ නෑ.මොකද ඒකට අපි විරුද්ධවෙලා පිකට් කරලා සෑහෙන ගේමක් දුන්නා.
80% දේශණ යන්නේ මොකටද?සාමාන්‍යයෙන් දේශණයක් හොඳට කරනවනම් ඒකට කිව්වත් නැතත් යනවා.සමහර දේශන තියෙනවා මෙලෝ රහක් නෑ.ගියත් කරන්නේ නිදාගන්න එක.practical නම් අනිවාර්යෙන් 80% යන්න වෙනවා.

ඔක්කොටම කලින් විශ්වවිද්‍යාල වල මේ තියෙන පාසල් ක්‍රමය නැති කරන්න වෙනවා.විශ්වවිද්‍යාලයක් කියන්නේ ඉගෙනගන විතරක් තියෙන තැනක් නෙමෙයි.ඉගෙන ගන්නත් ඕන.බාහිර වැඩ කරන්නත් ඕන.එතකොට තමයි එයා නියම කැම්පස් කෙනෙක් වෙන්නේ.80%ක් දේශණ යන්න ගත්තහම වෙන්නේ හොස්ටල් එකෙන් දේශනයට - දේශනයෙන් හොස්ටල් එකට වගේ දෙයක්.
හැබැයි පරිපාලනයනම් කියන්නේ අමුතුම කතාවක්.

බාහිර වැඩ කෙසේවෙතත් දේශ්න සඳහා සහභාගි විය යුතුයි.ඕක තමා එයාලගෙ තියරි එක.අනේ මන්ද මෙයාලා කැම්පස් ගිහින් නෙමෙයිද මන්දා මේ තැන්වල අද ඉන්නේ.පීඨ සංගම්,උත්සව,ක්‍රීඩා මේවා කැම්පස් වල සාමාන්‍යයෙන් වෙන දේවල්.මෙහෙම ශිෂ්‍යයින් දේශණවලට හිරවීමෙන් වෙන්නේ නිකන්ම නිකන් බොග රැලක් බිහිවීම පමනයි.එතකොට ශිෂ්‍ය සංගම්,පීඨ සංගම් ඔක්කොම නැතිවෙලා යාවි.එතකොට පරිපාලනයට ඕන ඕන විදියට නටන්න පුලුවන් වේවි.

හොරාට සයින් ගැසීමෙන් වෙන අවධානම පරිපාලනය පැහැදිලි කර දෙන්නේ මෙන්න මෙහෙමයි..

විශ්වවිද්‍යාල වල ගැටුම් ඇතිවෙන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා.හැම කැම්පස් එකකම පිටට් පේන්න නැතත් ඇතුලෙ කේස් තියෙනවා.කවුරුහරි කෙනෙක් දේශණයට හොර සයින් එකක් දාලා ගැටුමකට සම්බන්ධ වුනොත්?එහෙම උනොත් එයා බයනැතුව කියයි මම ගහගත්තෙ නෑ මම හිටියේ දේශනයේ කියලා.
ඒකෙ අනික් පැත්තත් තියෙනවා.මොකද කවුරුහරි ඇත්තටම දේශ්ණයක ඉඳිද්දී ගැටුමක් සම්බන්ධව ඔහු වැරදිකරුවෙක් වුනොත් ඔහුටත් පුලුවන් කියන්න මම හිටියේ දේශනයේ කියලා.කතාව සම්පූර්ණයෙන් ඇත්ත.

බලන්න පරිපාලනය කොච්චර අපි ගැන හිතනවද?

ඒත් මතකද ඒ සිද්ධිපෙල? මම දෙවනවතාවට සිරගතවූ හැටි.

එදා මම ඇතුලු බොහෝ දෙනෙක් ගැටුම ඇතිවෙන අවස්ථාවේ හිටියේ ගණිත දේශණශාලාවේ.අපේ සයින් එහෙමත් ඒකෙ තිබ්බා.ඒවයින් කෙසේ වෙතත් ශිෂ්‍යයින් ගැන හිතන පරිපාලනය එදා අපිව දේශනශාලාවෙන් පන්න ගන්න ට්‍රයි කලා.දේශන ශාලාවේ හිටපු හිඟ දෙනෙක්ට දේශන ගිය එකේ වරදට සිර කුඩුවේ කූරු ගනින්න සිද්ධවුනා.

අපිව බේරගන්න ඔය කියන පරිපාලනයේ එක පෙන්දෙක් වත් ඉදිරිපත් උනේ නෑ.අපේ සයින් තියෙන ඇටෙන්ඩන් ශීට් එකත් පොලීසියට එව්වේ සිකුරිටි කෙනෙක් අතේ.ඒකයි පොලීසිය ඒක බලන්නෙවත් නැතුව කෑලිවලට ඉරල විසි කලේ.ඔය දැන් කෑගහන පරිපාලනයේ කවුරුහරි ඒ වෙලාවේ ඉදිරිපත් උනානම් මම් ඕන නෑ අහින්සක කොල්ලො ගොඩක් බේරගන්න තිබ්බා.

ඔන්න ඕකයි තත්වේ.මේව කියල වැඩක්නැති නිසයි පිකට් කරන්නේ,කෑ ගහන්නේ.මේව බලන් ඉන්න අය මොනාද කියන්නේ.හපෝ කැම්පස් ගිහින් ඉන්න දන්නෙනෑ.ගියානම් ඉගෙනගෙන එන්න දැනගන්න ඕන.විප්ලවකාරයෝ.අපිත් කැමතියි පාඩුවේ වැඩක් කරගෙන ඉන්න.ඒත් කැම්පස් ලමයි කියන්නේ පඹයොවත් පිළිමවත් නෙමේ වෙන අසාධාරණ ඉවසගෙන ඉන්න.

පරිපාලනේ ඉන්න අය කවුරුත් කැම්පස් නොගිය අය විදියටයි කටයුතු කරන්නේ.
ඒකයි දුකට කරුණ වෙන්නේ..

කැම්පස් යන්න ඉන්න කැම්පස් වල ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට එක දෙයයි කියන්න තියෙන්නේ.. පරිපාලනේ අමන තීරණවලට යටත් වෙන්නෙපා.
එයාලා කරන්නේ ශිෂ්‍ය පරිපාලනයක් නෙමේ. ශිෂ්‍ය මර්දනයක්...

Saturday, February 19, 2011

මෙන්න මේවා තමා නියම ඉන්ටවීව් - II කොටස



එදා කතාව බලන්න ඇතිනේ.. මේ දවස් වල පොඩි පොඩි වැඩ වගයක් තිබුන නිසා කතාවේ ඉතුරු ටික(හොඳම හරිය) ලියන්න බැරිවුනා.මේ දවස්වල මැෂින් එක ඕන් කරපු ගමන්ම යන්නේ ටොප් ජොබ් සයිට් එකට. දානවා දානවා විතරයි.. සද්දයක්වත් නෑ. ප්‍රශ්න ඉවරයක් වෙන්නෙත් නෑ.
හරි හරි කතාවේ ඉතුරු ටික බලමු..

කොහොමහරි කොන්ක්‍රීට් ගැන අහල හරි ජොබ් එක සෙට් වුනානේ.මොන agreement එකක්වත් සයින් කලේ නෑ.ඔහේ ආපහු ගෙදර ආවා.සඳුද ඉදන් වැඩ.අපිටත් මොකෝ ඉතින් ඔන්ලයින්නෙ කරන්නත් තියෙන්නේ.එනකොට තව එල සීන් එකකුත් වුනා.අපේ සර් එළුබෙටි ට්‍රාන්ස්පෝට් එකක් ගැනත් ඇහුවා.බොස් නම් නෙමේ අනික් කෙනා.එළුබෙටි පටවන්න පුළුවන්නම් ටොන් එකකට ලක්ෂ 2 ගානෙ ගෙවන්නම් කිව්ව.මේකත් ෂුවර් එකටම ලොක්කගේ වැඩක් වෙන්නැති.කොන්ක්‍රීට් ගැන අහපු එකේ එළුබෙටි මොනාද..
ඉන්ටවීව් ගියේ IT field එකේ.කොහොම උනත් කොන්ක්‍රීට් ගැනයි එළුබෙටි ගැනයි මනා අවබෝධයක් ලබාගෙන අපි ගෙදර ආවා.සඳුද ඉඳන් වැඩ.

අපිට ඉස්සෙල්ලාම කරන්න තිබ්බේ කම්පැනි එකේ සයිට් එක ගහන එක.ඒක බිස්නස් කම්පැනියක් නිසාත්IT section එක අලුතින් පටන් ගත්ත නිසාත් සයිට් එක පිළිබඳ ලොකු අවබෝධයක්වත් තිබුනෙ නෑ.අපිත් එක තව 36ක් වැඩ කරන බව තමයි ලොක්කනම් කිව්වේ.ඔක්කොමල ඔන්ලයින්.
මලම හත්තිලව්ව උනේ එකම කම්පැනියට සයිට් 10ක් ගහන්න වෙච්ච එක.මාසයක් තිස්සේ සයිට් 10ක් ගැහුව එක එක ජාති වලින් එකම කම්පැනියට.හැමදාම නිදාගද්දී පාන්දර 2 පහුවෙලා.ඇති වැඩකට නම් කමක් නෑ.මේ අද හොඳයි කියන එක හෙට එපාලු.මාසේ අන්තිමට කරන්ට් බිල එනකොට තමයි සයිට් පෙනුනෙ මට.ගෙදරින් බකට් එක ඇද්දා.හැමදාම එකම තැනනේ.කම්පැනි සයිට් එක ගහල එපැයි අනික් ඒවා ගැන බලන්න.
කොහොමහරි පලවෙනි මාසෙ ඉවරවුන්නට පස්සේ තමයි කම්පැනියේ බොස්ට ඕන විදිය ඩිසයින් කරල එව්වේ.මරු තමයි.ඕක කලින් එව්වනම් මොකද වෙන්නේ.හරි ඒකත් කමක් නෑ කියල කට්ට කාගෙන හිටියා.ඊට පස්සේ සැලරි කේස් එක.30 වෙද්දී දානව කියපු සලරි ඊලඟ මාසෙ 10 වෙනිද වෙනකොටවත් නෑ.ඇහුවම රටේ නැති ඒවා.බෑන්ක් කේස්ලු.අරවලු මේවලු.කොහොමහරි කියල කියල සල්ලි දාගත්තා.
කම්පැනියෙ සයිට් එකත් ලාවට වගේ හදල දාගත්තා.මල කෙලියයි.. ඒකේ එකේ එකට ඉන්නේ මායි අරුයි විතරයි. එතකොට අනික් 34? ඕක අදටත් ප්‍රශ්නයක් මට..

ඕව වැඩක් ඇයි අපිට.මරු ජොබ් එක අපිට තිබ්බේ හැමදාම ආර්ට් වර්ක් කර කර ඉන්න විතරයි.ඒ කිව්වෙ සින්හලෙන් හෑන්ඩ් බිල් ගහන එක.මටනම් තිත්ත වෙලා තිබ්බේ මේ මගුල.කරන්න දෙයක් නැති නිසා හිටියා.ඕන් ඉඳල ඉඳල ආව සිස්ටම් එකක්.ඇඩ්මින් පැනල් එකක් හදන්න ආවේ.නිදි මරාගෙන ගැහුවා.පළවෙනි වැඩේනේ.සති දෙකක් විතර මහන්සිවෙලා හදලා zip කරලා යැව්වා.හොස්ටින් වත් අපිට දුන්නෙ නෑ.
යැව්ව යැව්වමයි.සද්දයක්වත් නෑ.මේන් සති දෙකකට විතර පස්සෙ වෙන එකෙක්ගෙන් එනව මේල් එකක්.මම දන්න පොරක්.ඒකත් වෙබ් ඩිවලොපින් කරන කෙනෙක්.

ඇඩ්මින් පැනල් එකක් තියෙනව සයිට් එකක.customiz පාරක් දාල එවන්න පුලුවන්ද හෙට දවස ඇතුලත.කියල මේල් එකේ දාල තිබ්බා.මොකද්ද කියල බැලුවමයි දන්නේ.මම අර සති 2කට කලින් යවපු සිස්ටම් එක.
මේක කොහොමද මුගේ අතට ගියේ? මම අනික් පැත්තට පොරගෙන් ඇහුවා මේක කොහොමද ආවේ කියලා.අපේ ලොක්ක තමයි දීලා තියෙන්නේ.160ක් ගෙවන්නම් කියලත් කියලා.මම ඒවෙලාවෙම ලොක්කට අරූ එවපු මේල් එක ෆෝවඩ් කරලා මේ ගැන ඇහුවා.පොර කිව්වේ මාර කොන්ක්‍රීට් කතාවක්.මම කොහොමද කියන්නෙ අහනවා ඒක මම හදපු සිස්ටම් එක කියලා.යකෝ මම දන්නෙ නැද්ද මම හදපු එක.
කතා දෙකක් නෑ මම කිව්ව මට වැඩ කරන්න බෑ කියලා.කොහොමහරි ඒ වෙනකොට මම ලෝන් එකක් ඇප්ලයි කරල තිබ්බේ.ජොබ් එක ගහල ගියොත් ඒ ඔක්කොම හබක් වෙන නිසා ෂේප් එකේ හිටියා.
ඒ ඔක්කොමත් හරි ලෝන් එක රිජෙක්ට් වුනා.රිජෙක්ට් වෙන්න ප්‍රධාන හේතුව උනේ හරියට පඩි වැටෙන්නෙ නැති එකයි එපොයින්මන්ට් ලෙටර් එකයි නිසා.ලොක්ක නියම එපොයිමන්ට් ලෙටර් එකක් දීල තිබ්බ මම ඉල්ලුවාම.ඒකේ තියෙන්නේ බෑන්ක් මැනේජර්ට ලියපු ලිව්මක් විතරයි.ඒකට තමයි එයාල එපොයින්මන්ට් ලෙටර් එකක් කියන්නෙ මම හිතන්නේ.
දැන් ඉතින් නැතිවෙන්න දෙයක් නැත. හොඳටම පරක්කුවෙලා හරි ඇත්ත තේරුම් ගත්ත නිසා දැන් මාස 3කට විතර කලින් රස්සාවෙන් අයින් උනා.ඉස්සෙල්ලාම අයින් කරන්නත් කැමති උනේ නෑ.උන්ට හොඳයිනේ ඉතින්.මම නිකන් හිටියෙත් නෑ.එකින් එක හොයල බැලුවා.

අපි වරද්ද ගත්තේ අපිට ඉන්ටවීව් කෝල් කරපු ලෙටර් එකෙන්.ඒක දැක්කේ පස්සේ.ලෙටර් එකේ තිබිල තියෙන්නේ POST OF SOFTWEAR ENGINEER කියලා.මෙතනම software කියන්නත් අකුරු වැරදියිනේ.
තව එකක් ඉස්සෙල්ලාම කම්පැනියෙ ඉන්ටවීව් තියෙනව කියලා පස්සේ හොටෙල් එකකට ගත්ත එක.අපිත් එක්ක තව 36ක් වැඩ කියපු එක.ඒවා ඔක්කොම බොරු.ලොක්කගේ ගෙදර තමයි කම්පැනිය කියල තියෙන්නේ.ඔක්කොම ලස්සනට ප්ලෑන් කරල දීපු ගේමක්.මම බොස් කිව්වට එයා අඩුම ගානේ software කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ.

දැන් ඉතින් මම පාඩුවේ ඉන්නවා.අපේ හොඳ කමින් මුන් ප්‍රයෝජන ගත්තා.

අපරාදේ මාස 6ක් එහෙම්මම නාස්ති උනා.කිසිම එක්ස්පීරින්ස් එකක් නැතුව.
දැන් ඉතින් ඔහේ ෆ්‍රීලාන්ස් වගේ කර කර ඉන්නවා.අලුත් ජොබකට දාන්නත් බයයි..

ආ කෝ අර මට සුභ පතපු අය? :-D

මෙහෙම හොරුන්ගෙන් පරිස්සම් වෙන්න

Saturday, February 12, 2011

මෙන්න මේවා තමා නියම ඉන්ටවීව්



මේ දවස්වල දවස ගෙවෙන්නේ කල්පනා කරලමයි.. මට පිස්සු හැදීගෙන එනවද මන්දා. බස් පැත්තෙ බුකියේ එහෙම වැඩිය එන්න හිතෙන්නෙත් නෑ.
මහා යුද්ධෙක අවසානය සිදුවුනා වගේ පසුගිය දවසක උපාධියත් ගත්ත ඕන්.වෙලාවකට පුදුමත් හිතෙනවා ඇත්තටම ගොඩ ගියාද කියලත්..

ඒ දවස්වල හොරස්කෝප් කාරයෙක් කිව්ව මතකයි මගේ නඩුව අවුරුදු 5ක් යනකන් ඇදෙනව කියලා. ඒ කිව්වේ 2008 අගෝස්තු වල.පොර කිව්ව නිසාමද මන්ද මේ වන විටත් කිසිම තේරුමක් නැතිව නඩුව මාස 4න් 4ට වගේ ඇදෙනවා.
ඉතින් මොකා කොහොම කිව්වත් ඔය දේවල් අමතක කරන්න පුලුවනැයි..

ඒ දේවල් එහෙම වෙද්දී මේ ළඟදී හොඳම සිද්ධියක් උනා මට. මේ සිද්ධියට කලින් තමයි කොළඹට කිරි ගමට කැකිරි පෝස්ට් එකත් දැම්මේ..

ඔන්න හොනාට ඇන්දුනු හැටි පටන් ගන්නයි යන්නේ..

ඉස්සෙල්ල කියපු පෝස්ට් එකේදී කිව්වනේ මම අලුත් ආයතනයක Software Engineer කෙනෙක් විදියට වැඩ භාරගත්ත කියලා.ඒක සිද්ධවුනේ මෙහෙමයි..

අපේ තාත්ත මාර්ගයෙන් මම අඳුරගත්ත සර් කෙනෙක් හිටියා.කැම්පස් අවුට් වුන ගමන්ම ඒ සර්ගේ පිහිට තමයි ඉතින් මම ඉල්ලුවේ.මොකද එයා IT field එකේ ඉන්න කෙනෙක්.ඉතින් ඔය ජොබ් හොයන සෙල්ලමට මගෙත් එක්ක එකටම හිටපු ෆිට් එකකුත් එකතු උනා ඉතින්.
ඔහොම ඉන්නකොට හරියටම අප්රේතල් අන්තිම සතියේ ඩයලොග් නම්බර් එකකින් කෝල් කරලා ඉන්ටවීව් කෝල් කලා.Exam එකක් තියෙනව කිව්වා මේල් කලා බලන්න කියලත් කිව්වා.මගේ යාලුවාටත් ඒ විදියටම කියල තිබ්බා.
මට එක පාරටම හිතාගන්න බැරිවුනා මේක කාගේ හරි ලණුවක්ද දන්නෙනෑ මොකද ඩයලොග් නම්බර් එකකින් කෝල් කල නිසා කියලා.පස්සේ මේල් එකකුත් ආපු නිසා අවුලක් හිතුවෙම නෑ.
මේල් එකේ තිබ්බ එකට අනුවනම් මට තිබ්බේ උදේ 9.30ට යාලුවට තිබ්බේ 10.30ට ඉන්ටවීව් එක.Post of Software Engineer කියල තමයි පෝස්ට් එක විදියට දාල තිබ්බේ.ඊට පහුවෙනිදා තව මේල් එකක් ආවා ඉන්ටවීව් තියෙන ලොකේෂන් එක වෙනස් කලා එදාටම cinemen grand hotel එකට එන්න කියල තිබ්බා. කලින් මේල් එකේ තිබ්බේ කම්පැනියෙ ඇතුලේ ඉන්ටවීව් තියෙනව කියලා. අපිට තවත් අවුල් දැන්. අඩෝ සුද්දොත් එනවද දන්නෙනෑ අපිව ඉන්ටවීව් කරන්න.
කොහොමරි කියපු දවසට අපි දෙන්නම ගියා.හිතපු තරම් නම් යකා කලු නෑ.ඇති සුද්දෙකුත් නෑ.වයස 60ක විතර කෙනෙකුයි අපේ සර් විතරයි ඉන්ටවීව් බෝඩ් එකේ හිටියේ.බෝඩ් එකක් කිව්වට හොටල් එක ඇතුලේ යන තැනම පොඩි මේසයක තමයි ඉතින් ඉන්ටවීව් එක තිබ්බේ..
මෙන්න මගෙන් අහපු ප්රමශ්න ටික..

බොස් - මිනිස් මොලේද කොම්පුටරේද වැඩියෙන්ම දියුණු ?
මම - මිනිස් මොලේ (හිනත් ගියා පොඩ්ඩක්)
බොස් - ඔයා කොහොමද එහෙම කියන්නේ.. අද කාලේ තාක්ෂනයත් එක්ක මිනිසුන්ට හැරෙන්නවත් බැහැනේ.
මම - තාක්ෂනය දියුනු කරන්නෙත් මිනිස්සුනේ.. ඒ නිසා මිනිස් මොලේ තමයි.
බොස් - හරි.. ඔයා Software Development කරල ඇතිනේ.ඇයි මේ ජොබ් එක තෝරගත්තේ?
මම - ඔෆිස් එකක කට්ටිය එක්ක වැඩ කරල පළපුරුද්දක් අවශ්ය්යි.. ඒ නිසා.

මම එහෙම කිව්ව ගමන් පොරගේ මූණ අවුල් වෙනව මම දැක්කා. ඊට පස්සේ පොර මාර කතා ටිකක් කිව්වේ..

බොස් - සරල ප්රේශ්නයක් අහන්නම්.කොන්ක්‍රීට් හොයගත්ත කෙනාගේ නම දන්නවද?
මම - නෑ
බොස් - කැම්පස් ලමයෙන් දෙන්න ඕන උත්තරයක්ද දුන්නේ ඔය?
එහෙම කියල කොන්ක්‍රීට් හොයාගත්ත එකා ගැන ලොකු විස්තරයක් දුන්නා.
මාව නිකන් කරකවල අතෑරියා වගේ.කොන්ක්‍රීට් හදපු එකෙක් කොහෙන්ද මෙතනට ආවේ..

බොස් - ඔයාගේ සැලරි එක්ස් එක කීයද?
මම - 25,000යි සර්.
බොස් - හරි අපි ඔයාට කතා කරන්නම් වාඩිවෙලා ඉන්න.
එහෙම කියල මගේ සී.වී එකේ ලොකුවට 25000 කියල ලිව්වා. ඉන්ටවීව් එක ඉවරයි.
අලේ... අඩු ගානේ IT කියන එකේ තේරුමක් වත් ඇහුවෙ නෑ.සින්හලෙන්ම තමයි ඉන්ටවීව් එකත් තිබ්බේ. යාලුවාටත් එසේම තමයි.පස්සේ අපිව තෝරගත්ත කියල කිව්වා.අපිට මාර හැපී.Agreement sign කරන්න එන්න කිව්වා.Agreement එකක් නම් පේන තෙක්මානෙකවත් නෑ.

"පළවෙනි මාස 3 යනකන් 15000 ගෙවනවා.ඊට අමතරව සෑම ප්රොිජෙක්ට් එකකින්ම 10% ඇඩ් වෙනවා"
කියල කිව්වෙ නැතැයි අන්තිමට.ඒ මදිවට ගෙදර ඉඳන් ඔන්ලයින් කරන්නත් තියෙන්නේ.හරි කමක් නෑ ජොබ් එකක්නේ කියලා ගෙදරත් ආවා

ඊලඟට සිද්ධවුනේ හපෝ මතක් වෙනකොටත් එපා වෙනවා.. ඒ ටික පස්සේ ලියන්නම්. දැන් පොඩ්ඩක් කේන්තියක් ආවා.මොනා ලියවෙයිද දන්නෙනෑ..

Tuesday, January 25, 2011

එන එන කරදර නිම් නෑ කෙළවර




දග ගේ සිටිනා ලොවට හොරෙන්
කාලය ගෙවමින්
නැත අන් සරනා ඔබ සිහි වී
කදුලු නෙතින්

සිත මගෙ දුවනා නෑ එක්තන්
පෙර වාගේ
එන එන කරදර නිම් නෑ කෙළවර
මා අසරණ කරලා

දවසක වෙයිද නිම
මේ දුක
මා සිත් තුටු කර

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා