ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Thursday, December 23, 2010

ඔබ තුතින් සිටීනම් එය සැපතකි හැමදාම මට

විශ්වවිද්‍යාලයේ තෙවන වසර ගෙවීගෙන යනකොට හරියටම කියනවනම් ජනවාරි 23න් වෙනිදා මගේ ෆෝන් එකට ආවා කෝල් එකක්...
කතාකලේ ගෑණු කටහඬක්..

"අයියේ මට වැඩි වෙලා කතා කරන්න වෙලාවක් නෑ.. ඉක්මනට තනූජට ෆෝන් එක දෙන්න"

මම :- තනූජා ? ඒ කවුද? කවුද ඔය කතා කරන්නේ?

"ඉක්මනට දෙන්න අයියේ මම ගෙදරට හොරෙන් කෝල් එක ගත්තේ.. මේක විහිළු කර්න වෙලාවක් නෙමේ.."

මම :- සොරි ඔයාට වැරදීමක් වෙලා මම හිතන්නේ.. මේ නම්බර් එකත් මම ලඟ නෑ.. තනූජා කියල කෙනෙක් මම දන්නෙත් නෑ..

මම ඔය කෝල් එක එන කාලයේ සස්පෙන්ඩ් වෙලා හිටියේ.. කොටින්ම කියනවනම් කිසිම සිහියකින් නෙමේ හිටියේ.. ඒ නිසා මම ආපු කෝල් එක ගනන් ගත්තෙම නෑ..

එතකොටම ෆෝන් එකට මැසේජ් එකක් ආවා..

"සොරි අයියේ.. වැරදීමක් වෙලා තියෙන්නේ.. bs"

ඒ මැසේජ් එක ආවෙත් අර නම්බර් එකෙන්..
මම පැයක් දෙකක් විතර ඉඳලා ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා.. මට විනාඩි 1000ක් ෆ්‍රී තියෙන නිසාමත් ආපහු සැරයක් අර කටහඬ අහන්න හිතුණ නිසාමත් මම කෝල් කලා..

එහෙනුත් එහෙම කෝල් කරනවට අකමැත්තක් තිබුනෙ නෑ.. එයාගේ නම සචිනි.. ගමේ හැදුන වැඩුන කෙනෙක්. ගොඩක් අහින්සකයි. සමාජේ තැලිල පොඩිවෙලා නෑ.සමාජේ ගැන දන්නෙ නෑ. මම ඉතින් සමාජේ ඉන්න පුලුවන් පිලිකුල්ම තැනත් ඉඳල ආපු එකෙක්නේ..

ඉස්සෙල්ලාම යලුවෝ වගේ හිටියත් පස්සේ අපි දෙන්නටම තේරුණා මේක යාලුකමට එහා යයිද කියලා.

එදා මට හොඳට මතකයි. ඊට පහුවෙනිදා මට විභාගයක් තිබ්බා. ඊට කලින් දවසේ රෑ තමයි සචිනි නන්ගි මට ආදරෙයි කියල කිව්වේ..

මම ජීවිතේ අලුතින් පටන් ගන්න හිතුවා.. මම ගැනත් හිතන්න කෙනෙක් ඉන්නවනේ කියල මට දැණුනා. ඒත් විශ්වවිද්‍යාලයේ ඒ වෙනකොට තිබ්බ පරිසරය අනුව මට කිසිදේකින් අයින් වෙන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. වලි වැඩිවුනා. ගහගත්තා. ඒ දේවල් වලට නන්ගි කොහෙත්ම කැමති උනේ නෑ.

ඔය දේවලුත් එයගේ හිතේ තියෙන්න ඇති සමහරවිට මම හිතන්නේ..
එයාගේ මල්ලි හිටියේ ආමි එකේ..

සචිනිගේ තාත්ත ගොඩක් ලෙඩ වෙලා හිටියේ.. ඔහොම ඉන්නකොට එයාගේ A/L විභාගය ආවා.
ඒකත් කිසිම ෆිට් එකකින් නෙමෙයි ලියල තිබ්බේ.මොකද එයාගේ තාත්ත ලෙඩින් නිසා.

හරියටම සැප්තැම්බර් මාසයේ ඉඳන් එයාගේ කිසිම සද්දයක් නැතිවුනා. කෝල් කලත් ෆෝන් එක ඕෆ්. මට අන්තිමට කතා කරපු දවසෙවත් කිසිම අවුලක් තිබුනෙ නෑ.මටම හිතාගන්න බැරිවුනා මොනා කරන්නද කියලා.

මම එයාලගේ ගෙදර තියෙන තැන දැනන් හිටියෙ නෑ.. පුලුවන් තරම් හොයල බැලුවා.. ඒත් හොයාගන්න බැරිවුනා..කැම්පස් අවුට් වෙන දවසත් ආවා. කිසිම සද්දයක් නෑ. ෆෝන් එක වැඩත් නෑ.
මේ අවුරුද්දේ මුල එනම් ජනවාරි මාසයේදී දැනගන්න ලැබුනා සචිනිගේ තාත්තා කලින් අවුරුද්දෙ ඔක්තෝබර් මාසයේදී අන්ත්‍රාවුනා කියලා.සචිනි ඊට මාසෙකට කලින් ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේදී Airforce එකට බැඳිලා.

මට මොකුත් හිතාගන්න බැරිවුනා.. මොනා කරන්නද මම?
ඇයි මට මේ දේවල් කිව්වෙ නැත්තේ.. එහෙම කියන්නත් බෑ. මම එපෑය මේවා හොයාගන්න. ඒත් මම කොහෙන් කියල දැනගන්නද?
මම හිත හදාගත්තා.. සචිනි මට කැමති නැතුව වෙන්නැති එහෙනම්. මම කොහොමත් හොඳ එකෙක් නෙමෙයිනේ..

වැඩි කාලයක් මට එහෙමත් ඉන්න වුනේ නෑ. ජූලු මාසයේදී සචිනි නන්ගි මට කෝල් කලා පරණ නම්බරෙන්ම.. මාස කීයකටනම් පස්සෙද?

කෝල් කරලා ගොඩක් වෙලා යනකන් ඇඬුවා. ඔක්කොම දේවල් කිව්වා.එයාගේ මුල ඉඳන්ම ආසවක් තිබ්බ Airforce යන්න. ඒත් මම කැමති උනේ නෑ.ඒකයි මට කියන්නෙම නැතුව ගිහින් තියෙන්නේ..
හැබැයි ඒ වෙනකොට මමත් ගොඩක් අසරණ වෙලා හිටියේ.. සචිනිට ඉක්මනට මම ගාවට එන්න ඕන වුනා..එයා තනිවුන නිසා වෙන්නැති. ඒත් මම ඒ වෙනකොට ස්ථාවර වෙලා තිබුනෙ නෑ. දැනටත් ස්ථාවරයි කියල කියන්න බෑ මට. ඉතින් මම කොහොමද එච්චර ලොකු වගකීමක් ගන්නේ..
මම ඒ නන්ගිට ඒ දේවල් තේරුම් කර්ලා දුන්නා.. මම මොකක් හරි පිලිවෙලක් උන ගමන් මම සචිනිව මම ගාවට ගන්න බවට පොරොන්දු වුනා..

සචිනිට වෙනද වගේ කතා කරන්න බැරිවුනා. සතියකට සරයක් වගේ තමයි පුලුවන් උනේ.. මට තේරුනා අපි ඈත් වෙනව කියලා.. ඒත් මම පුලුවන් උපරිමයෙන් කලා. හැබැයි මම කෙලින් තීරණේක හිටියෙ නෑ. මොකද මම කරන කරන වැඩේ හබක් වෙන නිසා.. ඔහොම ඉන්නකොට හිතපුවත් නැති දවසක සචිනි මට කෝල් කලා. හැබැයි වෙනද වගේ නෙමේ. ගොඩක් වෙනස් විදියට..

"අයියා මට තවත් ඉන්න බෑ.. මට කවුරුත් නෑ.. දන්නවා අයියට තීරණයක් ගන්න බෑ කියලා. ඒත් මට කරන්න දෙයක් නෑ මේ වෙලාවේ.."
එහෙන් එහෙම කියනකොට මට ගොඩක් දුකයි.. මම ඒ දේ එයාට පෙන්නන්න ගියේ නෑ..

"නන්ගිට කැමති තීරණයක් ගන්න නන්ගි" කියල මම කියනකොටම එහෙන් ෆෝන් එක තිබ්බා..

මේ සිද්දිය උනේ මීට මාසෙකට විතර උඩදී..
පස්සෙ දවසක මට කතා කරල කිව්ව සචිනිට කැප්ටන් කෙනෙක් ප්‍රපෝස් කරපු කතාවක්.. මම මොකුත් කිව්වෙ නෑ.. හිතුණොත් එන්ගේජ්මන්ට් එක හරි ඉක්මනට ගන්නව කියල කිව්වා..
මගෙන් සුභ පැතුම් කියල මම ෆෝන් එක කට් කලා..

මම සචිනිට කිසිම දොසක් කියන්නේ නෑ.. මෙතන සම්පූර්නයෙන්ම වැරදි මම.. මගේ කෙලින් තීරණයක් නැති එකයි මේ හැමදේටම මුල..
ඒත් මම අසරණයි.. ඇත්තටම කියනවනම් සචිනි,තව මගේ දෙමව්පියන් ගොඩක් පව් කරල ඇති මම වගේ එකෙක්ව ලබන්න.. මොකද කවදාවත් මට එයාලට සතුටක් දෙන්න බැරිවුනා. මගේ ජීව්තේ හැමදාම කරදර විතරයි.
ඒවා කවදාවත් ඉවරවෙන දේවල් නෙමෙයි. එකක් ඉවරවෙනකොට එකක් එනවා..

මූණු පොතේ ඉන්න යාලුවෝ දන්නව ඇති මම ඒකේ පිස්සු නටන තරම. ඒත් මම පිටතට හිනා වෙලා හිටියට මම තනියෙන් විඳවනවා..
ඕන දුකක් හිනා වෙලා පිටකරන්න මට පුලුවන් කියල මම හිතනවා. මොකද තවත් මට දෙමව්පියන්ට අනික් අයට දුකක් දෙන්න බැරි නිසා.

ඊයේ හිතාගන්න බැරි පණිවිඩයක් මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා..

මම ආදරය කල සචිනි නන්ගි මට කියන්නෙම නැතුව මේ මාසේ 17 වෙනිදා විවාහ වෙලා.. මම ළඟ ෆොටෝ එකකුත් තියෙනවා. ඒත් ඒක දාන එක එයාට මම කරන අපහාසයක් කියල මට හිතුනා..

හැබැයි සචිනිට විවාහයට මාව මතක් වෙලා තියෙනවා කියල මම හිතනවා.මම එහෙම හිතන්න එක කාරණයක් තියෙනවා..

එයා මාතර පැත්තෙ නිසා ගෑණු ළමයි අඳින ඔසරි වලට පොඩ්ඩක් වත් කැමති උනේ නෑ. ඒත් මම අපි දෙන්නා යාලු වුන දවසෙම කිව්වා ඔයාගේ වෙඩින් එක දවසේ ඔයා ඔසරිය ඇඳලා ලස්සනට ඉන්න ඕන කියලා..

කිව්ව වගේම එයා වෙඩින් එක දවසේ ඒ විදියටම ගොඩක් ලස්සනට ඉන්නවා..
මට ඒ ඇති සචිනි නන්ගී...

ඔයාට සුභම සුභ අනාගතයක්....

කඳුලු බින්දුවක් යතුරු පුවරුවේ වැටුන බැවින් මම කතාව නවත්වමි...

40 comments:

  1. ගොඩක් දුකයි.හිත හදාගන්න බලන්න.කාලය ගොඩක් දේවල් වලට විසදුම් දෙනව.

    ReplyDelete
  2. දුකයි නම් තමා සහෝ. ඒ වුනාට මක් කරන්නද? හිත හදාගන්නවා ඇර..

    නදී අක්කා කිව්වත් වගේ කාලය ගොඩක් දේවල් වලට විසඳුම දෙනවා. ඉවසලා බලමු!

    ReplyDelete
  3. හිත හදාගන්න කියන්න බෑ. මම දන්නවා කරන්න අමාරුයි කියලා. ඉතිං මම කියන්නම් හිත හදා ගන්න උත්සාහ කරන්න කියලා. අතීතය අමතක කරන්න කියන්නේ නෑ. මම දන්නවා එහෙම කරන්න බෑ කියලා...

    ReplyDelete
  4. ගනන් ගන්න එපා බන්... මතක් වෙන වෙලාවට ටිකක් හිනා වෙලා මොකක් හරි වැඩක් කරපන්... වැඩක් වගේ එකක් ඇත්තෙම නැත්තන් බිත්තියකට හරි කෙලහන් අත මිට මොලවල... අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි... හිතේ අමාරු කොහෙන් ගියාද නෑ...

    ReplyDelete
  5. මට කියන්න හිතුන දේවල් කලින් කොමෙන්ට් කරපු කට්ටියත් කියලා. දැන් ඉතිං ඕවා ගනන් ගන්නෙ නැතුව හිත හදාගන්න බලපං මචෝ!!!

    ReplyDelete
  6. හිතට ගොඩක් දුකයි තමයි සහෝ,ඒත් ඉතින් දැන් මොනවා කරන්නද?එයාගෙ අනාගතේ ගැන හිතලා වත් සතුටු වෙන්න තමයි සහෝදරයා තියෙන්නේ

    ReplyDelete
  7. අර සාතන් කියල තියෙන දේම තමයි මටත් කියන්න තියෙන්නෙ සහෝ.

    ReplyDelete
  8. දුක බෙදාගත් සැමටම ස්තූතියි..
    මට වගේ කාටවත් සිද්ධවෙන්නෙපා කියලයි මම කියන්නේ... මීට වඩා යමක් කීමට අපහසුයි

    ReplyDelete
  9. මං මොනා කියනද...මටත් දුකයි...යාළුවා

    ReplyDelete
  10. පව් පව්.. අතහැරලා දාපන්.. අල්ලන් ඉන්න තරමට අපිටත් අමාරුයි. අපි මෙ දුවන රෙස් එකෙ ඉස්සල්ලාම දිනුම් කණුවට යන උන්ට තැගි හම්බ වෙනවා. උඹට එ තැග්ග දෙන්නෙ නැහැ. සමහර මිනිස්සු ඉන්නවා එ මිනිස්සුන්ට බැදිමක් කියන්නෙ එක දෙයක් විතරයි. එත් සමහරුන්ට බැදිම් කියන්නෙ සියලුම දෙ :D

    ReplyDelete
  11. ස්තූතියි දෙන්නටම... තාමත් උත්සාහ කරනවා...

    ReplyDelete
  12. ජිවිතේ අපි පතන හැමදේම අපට ලැබෙන්නේ නෑ... මම කියන්නේ නෑ හිත හදා ගන්න කියලා..ඒක අමාරු බව මම දන්නවා...ඒත් ජිවිතේ හැටි එහෙම තමයි... ඒත් ජිවිතේ නැති වුන දෙයක් දිහා බලාන හූල්ලන්න එපා..ඒකෙන් වෙන්නේ දුක වැඩි වෙන එක විතරයි.. හිත හදා ගන්න දිරි ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා..

    ReplyDelete
  13. @අකීකරු හිත-
    ආදරය කියන්නෙත් මහ පුදුම දෙයක් එක අතකට..
    කෙනෙක් දුක් විඳිනකොට ඒ වෙලාවේම තව කෙනෙක් සතුටු වෙනවා..
    හිත එක තැනක නැහැ.. වැඩක් කරන්න බෑ..
    කොච්චර අමතක කරන්න හැදුවත් වැඩි වැඩියෙන් ආපහු මතක් වෙනවා..
    මොනා කරන්නද ? මට උරුම නැති දේවල් කරන්න ගියාම ඒවා ඔරොත්තු දෙන්නෙ නෑනේ..
    ගොඩක් ස්තූතියි දුක බෙදාගත්තාට..

    මම ඔයාගේ බ්ලොග් එක කියවගෙන යනකොට ඉන්න බැරිවුනා..

    ReplyDelete
  14. මෙහෙම වෙන්නෙ අපේ ප්‍රමාදය නිසාද නැත්තං අතින් ගිලිහුනාට පස්සෙ අපිට ඒ දේ ගැන දුක හිතෙන නිසාද. හිත හදාගන්න අමාරු බව දැන දැන මට හිත හදාගන්න කියලා බොරුවට කියන්න බෑ සහෝ. ඒත් වෙන්වීමකින් දැනෙන වේදනාවකට හොඳම විසඳුම කාලය කියල නම් මම දන්නවා.

    ReplyDelete
  15. සිරකරුවා : මට එන්න පමා උනා ඒකට සමා වෙන්න... පූසා හරි... අපි මොනා කිවුවත් ඒ වගේ දෙයක් වුනාම දරාගන්න අමාරුයි තමයි. ඒවගේම ඒ මතකේ අමතක කරන්න අමාරුයි... ඒත් දැන් හැමදේකටම ප්‍රමාදයි නම් මොනවා කරන්නද? මට කෙනෙක් කියපු කථාවක් කියන්නම්.
    "අපි හිස උඩ බරක් තියාලෙන ඉන්න තරමට අපිට වේදනාව වැඩී. ඒබර ගොඩක්වෙලා තියාගෙන හිටියොත් අපිට සිහිනැතුව වැටෙයි. ඒත් ඒබර බිම්න් තියන දවසක, මොහොතක අපිට දැනෙන සනීපය අපිට හිතාගන්නවත් බැරිවේවි."
    ඒත් මගෙන් අයන්න එපා ඒක කරන්නේ කොහොමද කියලා... මමත් ඒකට උත්තරයක් හොයනවා...
    බුදුසරණයි...!!!

    ReplyDelete
  16. @පිණිබිඳු & පොඩ්ඩා -
    හදිස්සියේ කොළඹ යන්න සිද්ද වුන නිසා ඊයේ දවසටමවත් මේ පැත්තෙ එන්න බැරි වුනා..
    ගොඩක් ස්තූතියි දෙන්නටම දුක බෙදාගත්තට..

    කාලය විසඳුම නම් කාලය ඉක්මනින් ගෙවෙන්නයි කියලයි මම ප්‍රර්ථනා කරන්නේ...

    ReplyDelete
  17. hmmm , harima amarui neda hitha hada ganne . oya eta passe katawat ma adera kale nadde?
    eya ganama hewwa da?
    godak ayata homoma dewal unama manasikawa watenewa
    mona unat duk windot sapa labai,

    ReplyDelete
  18. තාම දුක් විඳිනව විතරයි.. සැප නම් නෑ.. ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  19. දුකයි තමා. ඒත් හැමදේම වෙන්නෙ මනුස්සයොන්ටනෙ මචං

    ReplyDelete
  20. @කතන්දර , රංග - මොනා කරන්නද දැන් ඉතින් අර කිව්ව වගේ නේද?
    ස්තූතියි දෙන්නටම..

    ReplyDelete
  21. ගනන් ගන්න එපා. ඕව ඔහොම තමා.දුක බෙදා ගන්න මාත් ඉන්නව.

    ReplyDelete
  22. ස්තූතියි මචන්.. මේ පැත්තෙ ආවට..
    මම උත්සාහ නොකරනව නෙමෙයි..

    ReplyDelete
  23. ආහ් මට දැනුයි මතක් උනේ, ලගදි FB ස්ටේටස් වලඉන් තෙරුනා අවුලක් බව. අර බෝතලේක ෆොටෝ එක එහෙමත් දැම්මෙ ඔය දවස් වල නේද සහෝ??

    ReplyDelete
  24. සොරි වෙන්න රිප්ලයි එක ප්‍රමාද වුනාට.. අද තමයි ගෙදර ආවේ..
    ඔව් බන් ඒ දවස්වල තමයි..
    මූණු පොත පැත්තෙ එන්න හිතෙන්නෙත් නෑ බන්..

    ReplyDelete
  25. බැඳිම් එකින් එක ගිලිහෙන තරමටම ජීවිතය ගෙනියන්න පහසු වෙනව කියල හිත හදා ගනින් සහෝ!!!

    ReplyDelete
  26. එහෙම හිතුවට ඇත්ත කතාව එහෙම වෙන්නෙ නෑනේ සහෝ.. ඒකනේ අවුල.. ස්තූතියි..

    ReplyDelete
  27. මට නම් කියන්න දෙයක් නැහැ අයියා. හැමදේම වෙන්නේ හොඳටයි කියලා තව ටිකක් ඕක ගැන හිතලා බලන්න

    ReplyDelete
  28. ඔහොම තමයි මචෝ, ජීවිතේ කියන්නෙ අමුතුම සෙල්ලමක්. හිත හදාගන්න බලපන්.. අන්තිමට අපිට ඉතුරු වෙන්නෙ අපිම විතරයි..

    ReplyDelete
  29. @හසියා -
    හැමදේම වෙන්නේ හොඳටයි කියන එක මගේ ජීවිතේ නෑ බන්.. ඒ කියන්නේ මට වෙච්ච දේවල් හොඳයි කියලා හිතුවොත් එහෙනම් නරක කියල දෙයක් ලෝකෙ ඉතුරු වෙන එකකුත් නෑ..
    මටම මෙහෙම වෙන්නෙ ඇයි කියන එකයි මට තියෙන අවුල..

    @ගඩොල් -
    ඒකනම් ඇත්ත බන්.. ඒ දේවල් තේරුම් යනකොට ඔක්කොම වෙලා ඉවරයි..

    ස්තූතියි දෙන්නටම..

    ReplyDelete
  30. බිඳුනු කලට අමතක කල නොහැකි නම් සිතෙන්
    බිඳෙන බඳුන් කුමකට සුරකිම්ද ආදරෙන්

    ඔය සින්දුවේ තේරුම දැනෙන කාලේ වෙන කොට මම නම් බිඳුනු බඳුන් ගැන හිත හිතා ජීවිතේම අවුල්කර ගන්න ගිහින් අනූ නමයෙන් බේරිලා . . !

    උඹට ජීවිතේ අවුල්වෙන්න කලින් මේ ගීතයේ තේරුම හිතට දැනේවා කියලා පතන්නම් .

    ReplyDelete
  31. සමහර දේවල් තේරුම් යනකොට ඔක්කොම වෙලා ඉවරයි කියනවනේ..

    මින් මත්තටවත් මෙහෙම දේවල් සිද්ධ නොවෙන්න වග බලාගන්නවා.. මොකද මේ ලිපියට වඩා ලොකු දෙයක් විශ්වාසය නිසා දැනටමත් සිදුවී අවසන්..

    තාම එයට විසඳුමක් නෑ. මේ ලිපියේ ඉන්න කෙනාට ඒ ගැන මතකයක් වත් නැතුව ඇති..
    අවසානයේ දුක පමණි..

    ස්තූතියි දුකා..

    ReplyDelete
  32. දුක හිතෙන කතාවක්...

    ReplyDelete
  33. දුකයි තමා අයියා ඒ උනාට අපි ඇත්තට මූන දෙන්න ඕනිනේ

    ReplyDelete
  34. ඇත්තට මූණ දෙන්නනම් ඕන තමයි.. ඒත් මේකනම් ඇත්ත කියන්නේ බොරුවෙන් ජීවත් වෙන එක කොච්චර හොඳයිද කියල හිතෙනවා

    ReplyDelete
  35. අපි හිතන හිතන දේ වෙනවා නම් ජීවිතේ මොන තරම් ලස්සන වෙයිද බන්,,නැගිටින්න බලපන් පහු ගිය සේරම දේවල් අමතක කරලා,අලුත් මිනිහෙක් වෙයන්,උබ ඉගෙන ගත්තු එකෙක්,උබට තව එකෙක්ට යට වෙලා වැඩක් කරන්න බැරිනම් උබ තනියම දෙයක් පටන් ගනින්.

    ReplyDelete
  36. එහෙම සීන් එකක් නෑ බන් ඩිලාන්. මට එහෙම කිසිම අවුලක් නෑ. ඒත් මේ දේ දැන් එන්න එන්නම නරක පැත්තට යනවා

    ReplyDelete
  37. e machan mara duka seen eka...umabata witarak wena seen ekak neme ban..dan pissu kelinne natiwa umba kiwwa wage demawpiyanta uben satutak nolabuna eke dan wath piliwelak wela..hadapu demawpiyanta wath satutak wena widiyata idapan ban ayye....api mona dewal kiwwath eke duka danne umba witarai..bt ohoma nasti wenawata wada piliwelakata inne eka e ganu lamayatath kawada hari santosayak wei kiyala mata hetenne

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා