ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Sunday, December 12, 2010

කලින් දොස්තරගේ තවත් පිම්මක්

කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවේ..
මේ දවස්වල වයිරස් උණින් පීඩවිඳින නිසා මොකුත් වැඩක් කරගන්න බැරිවුණා.. ඊට අමතරව ජොබ් එකේ වැඩත් හිරවෙලා..

ඔයාලා ඔක්කොටම මතක ඇති මහත් ආන්දෝලනයට පත් වුන මෙහෙමත් දොස්තරලා මම දාපු පෝස්ට් එක. ඒක නිසා මම නොසෑහෙන්න බැනුම් ඇහුවා. මම විතරක් නෙමේ.. ඔයාලත්..

ඊයේ පෙරේදා ආපු අලුත් බ්ලොග් එකක් තමයි ඇනෝනිමස් ආතල් කියන්නේ.. ඒක ලියන අපේ ඇනෝනිමසයා සහෝදරයාගේ [ඇනොනිමස්] දොස්තර මොලේ කචල් බාර් එකේ සූර් වෙයි පොස්ට් එක දැකලයි මේ පැත්තේ එන්න හිතුණේ..
මම කියවනවට වඩා ඔහුගේ වචන වලින්ම මේ පොස්ට් එක දැම්මනම් එය වඩාත් සුදුසුයි මම හිතන්නේ..
මෙන්න ඒක..

***********************************************

මම හිතන්නෙ හැමෝටම වගේ මතක ඇති බදුල්ලේ මහ ඉස්පිරිතාලේ දොස්තර කෙනෙක් රෝගීන්ට සලකන අමානුෂික අන්දම ගැන "සිරකරුවෝද මනුෂ්‍යයෝය" බ්ලොග් එකේ ලියපු සටහන.

මතක නැත්නම් මෙතනින් ගිහින් බලන්න.

එතනදි සිරකරුවාත් ඇතුලුව දොස්තරගේ වැඩේ දෝෂ දර්ශණයට ලක් කරපු හුඟක් අයට පස්සේ කඩාගෙන පැනපු නිර්නාමික කමෙන්ට් වලින් තර්ජනාංගුලි එල්ල වුනා. "පවුල් පිටින් බානවා" කියන එක ටිකක් ශිෂ්ඨ සම්පන්න විදියට මේ අය කියල තිබුනා. කියල තිබුන හැටියට මේ අය දොස්තරලා, නැත්නම් දොස්තර සිසුවෝ. අපි කවදත් නිර්නාමික නිසා අපිට බනින්න මේ අයට පුලුවන් කමක් නැහැ :D

මම මේ කියන සිද්දියට මුහුණ දුන්නේ සතියකට විතර කලින්. බදුල්ලේ ඉන්න කට්ටිය දන්නව ඇති බණ්ඩාරවෙල පාරෙ තියෙන ටිකක් ප්‍රසිද්ධ බාර් එක. කාලෙකින් හම්බ වුන කට්ටියකුත් එක්ක එදා ටිකක් රෑ වෙලා එතනට ගියෙ මී විතකුත් එක්ක ආ ගිය තොරතුරු ටිකක් කතා කරන්න.

ටික වෙලාවකට පස්සෙ යාලුවෙක් අපිට එහා පැත්තෙ පුටු ටිකේ හිටපු කට්ටියක් දිහා ටිකක් අවධානෙන් බලන්න පටන් ගත්තා. තවත් වෙලාවකින් පස්සෙ තමයි අපිට කතාව කිව්වෙ. සිරකරුවගෙ බ්ලොග් එකේ තිබුන ලිපිය කියවපු බදුල්ලේ හිටපු අපි ඔය දොස්තර ගැන ඒ කාලේ හොයන්න පටන් ගත්තා. මේ කියන යාලුවට තමයි වැඩියෙන්ම ඇම්ම තිබුනෙ. මෙයා මේ දොස්තර ගැන ගොඩක් විස්තර හොයා ගෙන තිබිලා තියෙනවා. කතාවේ හැටියට මේ දොස්තරට ගොඩක් බලවත් යාලුවො ඉන්නවලු. අනිත් දොස්තරල ඉඳන් ටිකක් බයේ ඉන්නව කියලයි ආරංචිය.

යාලුවට අනුව මේ එහා පැත්තේ පුටු වල ඉඳන් බොන්නෙ මේ දොස්තරත් ඇතුලු තවත් කට්ටියක්. ආයේ ආයේ ඇහුවාමත් කියන්නේ සහතිකයි කියල. මිනිහා මේ ගැන හොඳට හොයපු නිසා අපිට සැක කරන්න වැඩිය ඉඩක් තිබුනෙත් නැහැ.

අපේ බෝතල් හිස් කරන ගමන් අපි මේ කට්ටියගෙ කතාවලට ඇහුම් කන් දුන්නා. කතාව දෙමලින් නිසා මොනවත් තේරුනේ නැහැ. සිංහලෙනුත් දෙමලෙනුත් සින්දු කිහිපයක් කට්ටිය වෙරි මතේම කිව්වා.

මේ කතානායක දොස්තරගේ සඟයො මෙයාට කතා කලේ "සර්" කියල. ටිකක් ලොක්කෙක් වෙන්න ඕනෙ.

"සර් වෙලාවක එන්න මගේ ක්වාටර්ස් පැත්තෙ. මම ඉන්නෙ කැම්පස් එකේ හොස්ටල් එකට එහා පැත්තෙ. ගර්ල්ස් හොස්ටල්. නානකොට ඔක්කොම පේනවා. හහ් හහ්...."
"සර් ෆැමිලි එක්ක එන්න. හොඳ ෆන් එකක් ගන්න පුලුවන්."

මේ වගේ කතා තමයි මේ අයගෙන් අහ ගන්න පුලුවන් වුනේ. (තව දේවල් කියවුනත් මේ මතක තියෙන ටික විතරයි) මේ අය සහතිකවම දොස්තරල කියල තහවුරු වුනේ ඉඳල හිටල ඇහුනු කතා වලින්ම තමයි. සිංහලෙන් කතා වුනේ බොහොම ටිකයි. ඒ ටිකෙන් ඇහුනු දේවල් තමයි ඔය උඩ තියෙන්නේ. දෙමල තේරෙන කෙනෙක් අපි අතරේ හිටිය නැති නිසා දෙමලින් කතා කරපු දේවල් ඇහුනත් තේරුම් ගන්න බැරි වුනා.

කොහොම වුනත් මේ දොස්තර එලියට ගියේ අනිත් අයගේ කර උඩින්.

අපි ඊට පස්සෙ කතා වුනේ මේ ගැන ලියපු සිරකරුවා බැනුම් අහපු තරම ගැන. ඒ කාලේ හුඟක් කට්ටිය හිතුවේ නැහැ දොස්තර කෙනෙක් මේ වගේ වැඩ කරයි කියල.

ඒත් මේ ලඟදි සිරසෙන් පෙන්නුව වීඩියෝ එක දැක්කනම් තේරුම් යයි දොස්තරල කියන්නෙත් මොලේ අප්සට් ගහන්න පුලුවන් මිනිස්සු මිසක් දෙයියො නොවන බව. අවුරුදු හයකටත් වඩා ලොකු මානසික පීඩාවකින් උපාධියක් කරන කෙනෙක්ට මානසික ලෙඩ හැදෙන්නේ නැහැ කියල හිතන්න බැහැ.

කොහොම වුනත් කෑගල්ලේ දොස්තර හිරේ යද්දි මේ දොස්තර තාම බාර් වල පදමට සූර් වෙනවා. හුඟක් වෙලාවට මේ සඟයොන්ගෙ පන්දම් බිල් පිටින් වෙන්න ඕනේ. ලොක්කොත් එක්ක නිදා ගන්න පුලුවන් නම් ඕන ජඩ වැඩක් කරල යහතින් ඉන්න පුලුවන් කියන එකට තව මොන කතා ද?

***************************************************

මෙන්න මේකයි කතන්දරේ...

හැබැයි දැන් මේකටත් ඇනෝලා කට්ටිය කියයිද දන්නෙනෑ මමම හදල දාපු එකක් කියලා..

12 comments:

  1. උඹ හදල තමා දාලා තියෙන්නේ!

    ReplyDelete
  2. දැන් කැල්ලට සනීපද මල්ලී? කැල්ලව සනීප කරල දීපු එවුන්ට පන්න පන්න ගහන්න ලැජ්ජ නැද්ද මල්ලී? කොහොමටත් ඔයා ලැජ්ජා අවයවය කපපු කෙනෙක්නේ. ඒකනේ ඔයා ජෙප්පෙක් වෙලා තියෙන්නේ, හිරේ ගියේ. ඒ හින්දා මම ප්‍රශ්නය ඉලා අස් කර ගන්නවා!

    ReplyDelete
  3. මට හරි,මගේ කෙනෙකුට හරි,දැක්ක දු‍ටු වෙලාවක මොන යම් කෙනෙකුට හරි උඹේ කලින් කතාවෙ වාගෙ දෙයක් සිද්ධ උනොත් එදාට නීතිමය විදියට ගන්න පුලුවන් උපරිම ක්‍රියාමාර්ගෙ ගන්නවා.රටේ නීතිය කියල දෙයක් තාම ඉතුරු වෙලා තියනවනෙ.

    ReplyDelete
  4. @dinesh -
    කොහෙද බන් නීතිය ??
    ඒකෙ මොනාද තව ඉතුරු වෙලා තියෙන්නේ..?

    උඹ මගේ බ්ලොග් එක බැලුවද කලින් ලිපි එහෙම.. ඒවගෙන් මට නැතත් මගේ යාලුවන්ට නීතියෙන් හොඳටම සාධාරන වුන හැටි මම කියල ඇති..
    නෑ බන්.. දැන් ඔක්කොම මුදලට යට වෙලා..

    ReplyDelete
  5. කවුරු බැන්නත් උඔ ලියපන්....

    දිනේෂ්, උඔ කියන විදිහට නීතියෙන් වැඩ ‍කරන්න ගිහින් රෝහල් අධ්‍යක්ෂක තුමෙක්ගෙන් අහගන්න ලැබුනු ලොකුම දේ
    "මේකට විරුද්ධව පියවරක් ගත්තොත් රටේම දොස්තරල වර්ජනය කරයි... අපහාස නඩු දාල වෘත්තීය සමිතියෙ වියදමින් ඕගොල්ලන්ට විරුද්ධය නඩුව මෙහෙයවයි... මෙතන වැඩකරන අයටවත් මටවත් උදව් කරන්න බෑ..."

    දොස්තරල කියන්නෙත් මිනිස්සු... ඇයි උන්ගෙ අතින් වැරදි වෙන්න බැරිද... උන්ගෙ වැරදි සමාජයෙන් වහල හංගගෙන ඉන්න ඕනද?...

    ReplyDelete
  6. අඩෝ කැරියා තෝ තවම අර ඩොක්ටර් ගෙ නමයි හොස්පිට්ල් එකක් හොයා ගත්තෙ නැද්ද? ගූ කැරියා බොරු දාලා ඉල්ලන් පුක ඉරා ගත්තා

    ReplyDelete
  7. උඹ නම් බුද්ධාගමේ එකෙක් වෙන්න බැහැ.. එහෙම එකෙක් නම් උඹට කවදාවත් හරියන්නෙ නෑ..
    මම මීට වඩා දෙයක් මේ රූපය බලාගෙන කියන්න බෑ.. මොකද උඹ වගේ නෙමේ.. අපි මේ රූපෙට වඳිනවා පුදනවා..

    @සාතන් -
    බොහොම ස්තූතියි මචන්..
    ඒක තමා කවුරුවත් තේරුම් ගන්නෙ නැත්තේ.. හැම දොස්තර කෙනාම මේ වගේ වැරදි කරන්නෙ නෑනේ.. වැරද්දක් කලොත් ඒක කරපු එකා වැදගත් නැහැ..
    වැරැද්ද වැරැද්දමයි..

    ReplyDelete
  8. උබ හොඳින් කියල දැන ගන්න ලැබුනු එකත් ලොකු දෙයක් කොල්ලො. නීතිය ගැන සිරි ලංන්කාවෙ කුමන කතාද

    ReplyDelete
  9. @ සිරකරුවා:
    ඔයා ආපු එක ගැන ගොඩක් සතුටුයි. නිවැරදි දෙයක්ගැන කථා කරන්න බය වෙන්න ඕනි නැහැ. ඔයා හරි කියලා ඔයා දන්නවා... ඔයා ඔයාට වරදක් වෙනවට අකමැතිනම් තව කෙනෙකුට වරදක්කරන්න එපා. ඒක කාටත් අදාලයි. මම දන්න තරමින් සිරකරුවා යථාර්තය අදුනනවා.. ඒක නිසා බය වෙන්නේ මොකටද?

    බුදුන්ගේ නාමයෙන් පෙනි ඉන්න පුදුගලයා : විදවන්න උනාම තේරේවි වරදේ තරම.

    ReplyDelete
  10. @පිස්සා & පොඩ්ඩ මල්ලි -
    ගොඩක් ස්තූතියි දෙන්නටම..
    මේ දවස් 2,3 මේ හිටියෙ නෑ ඒකයි.
    අපේ කොන්වොකේෂන් තිබ්බනේ.. ඒ තිබ්බ නාට්‍ය ගැනත් පෝස්ට් එකක් දාන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..

    ReplyDelete
  11. ම්චං මම හැමදාම හැම එකම කියවලා අද තමා මේකෙ කොටන්ඩ පටන්ගත්තෙ උබේ කතා ඔක්කොම ඇත්ත. උබ කියන ඔය ඩොකා කරන බලු වැඩත් ඇත්ත. දිගටම ලියපන් මචං වෙන නමකින් හරි කමක් නෑ.

    ReplyDelete
  12. තැන්කූ ඉබ්බා..
    සින්ඩිය පැත්තෙ එහෙම ආවේ නැද්ද? සින්ඩියට දාපන් බ්ලොග් එක ඉක්මනට හිට් වෙයි..

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා