ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Thursday, December 23, 2010

ඔබ තුතින් සිටීනම් එය සැපතකි හැමදාම මට

විශ්වවිද්‍යාලයේ තෙවන වසර ගෙවීගෙන යනකොට හරියටම කියනවනම් ජනවාරි 23න් වෙනිදා මගේ ෆෝන් එකට ආවා කෝල් එකක්...
කතාකලේ ගෑණු කටහඬක්..

"අයියේ මට වැඩි වෙලා කතා කරන්න වෙලාවක් නෑ.. ඉක්මනට තනූජට ෆෝන් එක දෙන්න"

මම :- තනූජා ? ඒ කවුද? කවුද ඔය කතා කරන්නේ?

"ඉක්මනට දෙන්න අයියේ මම ගෙදරට හොරෙන් කෝල් එක ගත්තේ.. මේක විහිළු කර්න වෙලාවක් නෙමේ.."

මම :- සොරි ඔයාට වැරදීමක් වෙලා මම හිතන්නේ.. මේ නම්බර් එකත් මම ලඟ නෑ.. තනූජා කියල කෙනෙක් මම දන්නෙත් නෑ..

මම ඔය කෝල් එක එන කාලයේ සස්පෙන්ඩ් වෙලා හිටියේ.. කොටින්ම කියනවනම් කිසිම සිහියකින් නෙමේ හිටියේ.. ඒ නිසා මම ආපු කෝල් එක ගනන් ගත්තෙම නෑ..

එතකොටම ෆෝන් එකට මැසේජ් එකක් ආවා..

"සොරි අයියේ.. වැරදීමක් වෙලා තියෙන්නේ.. bs"

ඒ මැසේජ් එක ආවෙත් අර නම්බර් එකෙන්..
මම පැයක් දෙකක් විතර ඉඳලා ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා.. මට විනාඩි 1000ක් ෆ්‍රී තියෙන නිසාමත් ආපහු සැරයක් අර කටහඬ අහන්න හිතුණ නිසාමත් මම කෝල් කලා..

එහෙනුත් එහෙම කෝල් කරනවට අකමැත්තක් තිබුනෙ නෑ.. එයාගේ නම සචිනි.. ගමේ හැදුන වැඩුන කෙනෙක්. ගොඩක් අහින්සකයි. සමාජේ තැලිල පොඩිවෙලා නෑ.සමාජේ ගැන දන්නෙ නෑ. මම ඉතින් සමාජේ ඉන්න පුලුවන් පිලිකුල්ම තැනත් ඉඳල ආපු එකෙක්නේ..

ඉස්සෙල්ලාම යලුවෝ වගේ හිටියත් පස්සේ අපි දෙන්නටම තේරුණා මේක යාලුකමට එහා යයිද කියලා.

එදා මට හොඳට මතකයි. ඊට පහුවෙනිදා මට විභාගයක් තිබ්බා. ඊට කලින් දවසේ රෑ තමයි සචිනි නන්ගි මට ආදරෙයි කියල කිව්වේ..

මම ජීවිතේ අලුතින් පටන් ගන්න හිතුවා.. මම ගැනත් හිතන්න කෙනෙක් ඉන්නවනේ කියල මට දැණුනා. ඒත් විශ්වවිද්‍යාලයේ ඒ වෙනකොට තිබ්බ පරිසරය අනුව මට කිසිදේකින් අයින් වෙන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. වලි වැඩිවුනා. ගහගත්තා. ඒ දේවල් වලට නන්ගි කොහෙත්ම කැමති උනේ නෑ.

ඔය දේවලුත් එයගේ හිතේ තියෙන්න ඇති සමහරවිට මම හිතන්නේ..
එයාගේ මල්ලි හිටියේ ආමි එකේ..

සචිනිගේ තාත්ත ගොඩක් ලෙඩ වෙලා හිටියේ.. ඔහොම ඉන්නකොට එයාගේ A/L විභාගය ආවා.
ඒකත් කිසිම ෆිට් එකකින් නෙමෙයි ලියල තිබ්බේ.මොකද එයාගේ තාත්ත ලෙඩින් නිසා.

හරියටම සැප්තැම්බර් මාසයේ ඉඳන් එයාගේ කිසිම සද්දයක් නැතිවුනා. කෝල් කලත් ෆෝන් එක ඕෆ්. මට අන්තිමට කතා කරපු දවසෙවත් කිසිම අවුලක් තිබුනෙ නෑ.මටම හිතාගන්න බැරිවුනා මොනා කරන්නද කියලා.

මම එයාලගේ ගෙදර තියෙන තැන දැනන් හිටියෙ නෑ.. පුලුවන් තරම් හොයල බැලුවා.. ඒත් හොයාගන්න බැරිවුනා..කැම්පස් අවුට් වෙන දවසත් ආවා. කිසිම සද්දයක් නෑ. ෆෝන් එක වැඩත් නෑ.
මේ අවුරුද්දේ මුල එනම් ජනවාරි මාසයේදී දැනගන්න ලැබුනා සචිනිගේ තාත්තා කලින් අවුරුද්දෙ ඔක්තෝබර් මාසයේදී අන්ත්‍රාවුනා කියලා.සචිනි ඊට මාසෙකට කලින් ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේදී Airforce එකට බැඳිලා.

මට මොකුත් හිතාගන්න බැරිවුනා.. මොනා කරන්නද මම?
ඇයි මට මේ දේවල් කිව්වෙ නැත්තේ.. එහෙම කියන්නත් බෑ. මම එපෑය මේවා හොයාගන්න. ඒත් මම කොහෙන් කියල දැනගන්නද?
මම හිත හදාගත්තා.. සචිනි මට කැමති නැතුව වෙන්නැති එහෙනම්. මම කොහොමත් හොඳ එකෙක් නෙමෙයිනේ..

වැඩි කාලයක් මට එහෙමත් ඉන්න වුනේ නෑ. ජූලු මාසයේදී සචිනි නන්ගි මට කෝල් කලා පරණ නම්බරෙන්ම.. මාස කීයකටනම් පස්සෙද?

කෝල් කරලා ගොඩක් වෙලා යනකන් ඇඬුවා. ඔක්කොම දේවල් කිව්වා.එයාගේ මුල ඉඳන්ම ආසවක් තිබ්බ Airforce යන්න. ඒත් මම කැමති උනේ නෑ.ඒකයි මට කියන්නෙම නැතුව ගිහින් තියෙන්නේ..
හැබැයි ඒ වෙනකොට මමත් ගොඩක් අසරණ වෙලා හිටියේ.. සචිනිට ඉක්මනට මම ගාවට එන්න ඕන වුනා..එයා තනිවුන නිසා වෙන්නැති. ඒත් මම ඒ වෙනකොට ස්ථාවර වෙලා තිබුනෙ නෑ. දැනටත් ස්ථාවරයි කියල කියන්න බෑ මට. ඉතින් මම කොහොමද එච්චර ලොකු වගකීමක් ගන්නේ..
මම ඒ නන්ගිට ඒ දේවල් තේරුම් කර්ලා දුන්නා.. මම මොකක් හරි පිලිවෙලක් උන ගමන් මම සචිනිව මම ගාවට ගන්න බවට පොරොන්දු වුනා..

සචිනිට වෙනද වගේ කතා කරන්න බැරිවුනා. සතියකට සරයක් වගේ තමයි පුලුවන් උනේ.. මට තේරුනා අපි ඈත් වෙනව කියලා.. ඒත් මම පුලුවන් උපරිමයෙන් කලා. හැබැයි මම කෙලින් තීරණේක හිටියෙ නෑ. මොකද මම කරන කරන වැඩේ හබක් වෙන නිසා.. ඔහොම ඉන්නකොට හිතපුවත් නැති දවසක සචිනි මට කෝල් කලා. හැබැයි වෙනද වගේ නෙමේ. ගොඩක් වෙනස් විදියට..

"අයියා මට තවත් ඉන්න බෑ.. මට කවුරුත් නෑ.. දන්නවා අයියට තීරණයක් ගන්න බෑ කියලා. ඒත් මට කරන්න දෙයක් නෑ මේ වෙලාවේ.."
එහෙන් එහෙම කියනකොට මට ගොඩක් දුකයි.. මම ඒ දේ එයාට පෙන්නන්න ගියේ නෑ..

"නන්ගිට කැමති තීරණයක් ගන්න නන්ගි" කියල මම කියනකොටම එහෙන් ෆෝන් එක තිබ්බා..

මේ සිද්දිය උනේ මීට මාසෙකට විතර උඩදී..
පස්සෙ දවසක මට කතා කරල කිව්ව සචිනිට කැප්ටන් කෙනෙක් ප්‍රපෝස් කරපු කතාවක්.. මම මොකුත් කිව්වෙ නෑ.. හිතුණොත් එන්ගේජ්මන්ට් එක හරි ඉක්මනට ගන්නව කියල කිව්වා..
මගෙන් සුභ පැතුම් කියල මම ෆෝන් එක කට් කලා..

මම සචිනිට කිසිම දොසක් කියන්නේ නෑ.. මෙතන සම්පූර්නයෙන්ම වැරදි මම.. මගේ කෙලින් තීරණයක් නැති එකයි මේ හැමදේටම මුල..
ඒත් මම අසරණයි.. ඇත්තටම කියනවනම් සචිනි,තව මගේ දෙමව්පියන් ගොඩක් පව් කරල ඇති මම වගේ එකෙක්ව ලබන්න.. මොකද කවදාවත් මට එයාලට සතුටක් දෙන්න බැරිවුනා. මගේ ජීව්තේ හැමදාම කරදර විතරයි.
ඒවා කවදාවත් ඉවරවෙන දේවල් නෙමෙයි. එකක් ඉවරවෙනකොට එකක් එනවා..

මූණු පොතේ ඉන්න යාලුවෝ දන්නව ඇති මම ඒකේ පිස්සු නටන තරම. ඒත් මම පිටතට හිනා වෙලා හිටියට මම තනියෙන් විඳවනවා..
ඕන දුකක් හිනා වෙලා පිටකරන්න මට පුලුවන් කියල මම හිතනවා. මොකද තවත් මට දෙමව්පියන්ට අනික් අයට දුකක් දෙන්න බැරි නිසා.

ඊයේ හිතාගන්න බැරි පණිවිඩයක් මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා..

මම ආදරය කල සචිනි නන්ගි මට කියන්නෙම නැතුව මේ මාසේ 17 වෙනිදා විවාහ වෙලා.. මම ළඟ ෆොටෝ එකකුත් තියෙනවා. ඒත් ඒක දාන එක එයාට මම කරන අපහාසයක් කියල මට හිතුනා..

හැබැයි සචිනිට විවාහයට මාව මතක් වෙලා තියෙනවා කියල මම හිතනවා.මම එහෙම හිතන්න එක කාරණයක් තියෙනවා..

එයා මාතර පැත්තෙ නිසා ගෑණු ළමයි අඳින ඔසරි වලට පොඩ්ඩක් වත් කැමති උනේ නෑ. ඒත් මම අපි දෙන්නා යාලු වුන දවසෙම කිව්වා ඔයාගේ වෙඩින් එක දවසේ ඔයා ඔසරිය ඇඳලා ලස්සනට ඉන්න ඕන කියලා..

කිව්ව වගේම එයා වෙඩින් එක දවසේ ඒ විදියටම ගොඩක් ලස්සනට ඉන්නවා..
මට ඒ ඇති සචිනි නන්ගී...

ඔයාට සුභම සුභ අනාගතයක්....

කඳුලු බින්දුවක් යතුරු පුවරුවේ වැටුන බැවින් මම කතාව නවත්වමි...

Sunday, December 12, 2010

කලින් දොස්තරගේ තවත් පිම්මක්

කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවේ..
මේ දවස්වල වයිරස් උණින් පීඩවිඳින නිසා මොකුත් වැඩක් කරගන්න බැරිවුණා.. ඊට අමතරව ජොබ් එකේ වැඩත් හිරවෙලා..

ඔයාලා ඔක්කොටම මතක ඇති මහත් ආන්දෝලනයට පත් වුන මෙහෙමත් දොස්තරලා මම දාපු පෝස්ට් එක. ඒක නිසා මම නොසෑහෙන්න බැනුම් ඇහුවා. මම විතරක් නෙමේ.. ඔයාලත්..

ඊයේ පෙරේදා ආපු අලුත් බ්ලොග් එකක් තමයි ඇනෝනිමස් ආතල් කියන්නේ.. ඒක ලියන අපේ ඇනෝනිමසයා සහෝදරයාගේ [ඇනොනිමස්] දොස්තර මොලේ කචල් බාර් එකේ සූර් වෙයි පොස්ට් එක දැකලයි මේ පැත්තේ එන්න හිතුණේ..
මම කියවනවට වඩා ඔහුගේ වචන වලින්ම මේ පොස්ට් එක දැම්මනම් එය වඩාත් සුදුසුයි මම හිතන්නේ..
මෙන්න ඒක..

***********************************************

මම හිතන්නෙ හැමෝටම වගේ මතක ඇති බදුල්ලේ මහ ඉස්පිරිතාලේ දොස්තර කෙනෙක් රෝගීන්ට සලකන අමානුෂික අන්දම ගැන "සිරකරුවෝද මනුෂ්‍යයෝය" බ්ලොග් එකේ ලියපු සටහන.

මතක නැත්නම් මෙතනින් ගිහින් බලන්න.

එතනදි සිරකරුවාත් ඇතුලුව දොස්තරගේ වැඩේ දෝෂ දර්ශණයට ලක් කරපු හුඟක් අයට පස්සේ කඩාගෙන පැනපු නිර්නාමික කමෙන්ට් වලින් තර්ජනාංගුලි එල්ල වුනා. "පවුල් පිටින් බානවා" කියන එක ටිකක් ශිෂ්ඨ සම්පන්න විදියට මේ අය කියල තිබුනා. කියල තිබුන හැටියට මේ අය දොස්තරලා, නැත්නම් දොස්තර සිසුවෝ. අපි කවදත් නිර්නාමික නිසා අපිට බනින්න මේ අයට පුලුවන් කමක් නැහැ :D

මම මේ කියන සිද්දියට මුහුණ දුන්නේ සතියකට විතර කලින්. බදුල්ලේ ඉන්න කට්ටිය දන්නව ඇති බණ්ඩාරවෙල පාරෙ තියෙන ටිකක් ප්‍රසිද්ධ බාර් එක. කාලෙකින් හම්බ වුන කට්ටියකුත් එක්ක එදා ටිකක් රෑ වෙලා එතනට ගියෙ මී විතකුත් එක්ක ආ ගිය තොරතුරු ටිකක් කතා කරන්න.

ටික වෙලාවකට පස්සෙ යාලුවෙක් අපිට එහා පැත්තෙ පුටු ටිකේ හිටපු කට්ටියක් දිහා ටිකක් අවධානෙන් බලන්න පටන් ගත්තා. තවත් වෙලාවකින් පස්සෙ තමයි අපිට කතාව කිව්වෙ. සිරකරුවගෙ බ්ලොග් එකේ තිබුන ලිපිය කියවපු බදුල්ලේ හිටපු අපි ඔය දොස්තර ගැන ඒ කාලේ හොයන්න පටන් ගත්තා. මේ කියන යාලුවට තමයි වැඩියෙන්ම ඇම්ම තිබුනෙ. මෙයා මේ දොස්තර ගැන ගොඩක් විස්තර හොයා ගෙන තිබිලා තියෙනවා. කතාවේ හැටියට මේ දොස්තරට ගොඩක් බලවත් යාලුවො ඉන්නවලු. අනිත් දොස්තරල ඉඳන් ටිකක් බයේ ඉන්නව කියලයි ආරංචිය.

යාලුවට අනුව මේ එහා පැත්තේ පුටු වල ඉඳන් බොන්නෙ මේ දොස්තරත් ඇතුලු තවත් කට්ටියක්. ආයේ ආයේ ඇහුවාමත් කියන්නේ සහතිකයි කියල. මිනිහා මේ ගැන හොඳට හොයපු නිසා අපිට සැක කරන්න වැඩිය ඉඩක් තිබුනෙත් නැහැ.

අපේ බෝතල් හිස් කරන ගමන් අපි මේ කට්ටියගෙ කතාවලට ඇහුම් කන් දුන්නා. කතාව දෙමලින් නිසා මොනවත් තේරුනේ නැහැ. සිංහලෙනුත් දෙමලෙනුත් සින්දු කිහිපයක් කට්ටිය වෙරි මතේම කිව්වා.

මේ කතානායක දොස්තරගේ සඟයො මෙයාට කතා කලේ "සර්" කියල. ටිකක් ලොක්කෙක් වෙන්න ඕනෙ.

"සර් වෙලාවක එන්න මගේ ක්වාටර්ස් පැත්තෙ. මම ඉන්නෙ කැම්පස් එකේ හොස්ටල් එකට එහා පැත්තෙ. ගර්ල්ස් හොස්ටල්. නානකොට ඔක්කොම පේනවා. හහ් හහ්...."
"සර් ෆැමිලි එක්ක එන්න. හොඳ ෆන් එකක් ගන්න පුලුවන්."

මේ වගේ කතා තමයි මේ අයගෙන් අහ ගන්න පුලුවන් වුනේ. (තව දේවල් කියවුනත් මේ මතක තියෙන ටික විතරයි) මේ අය සහතිකවම දොස්තරල කියල තහවුරු වුනේ ඉඳල හිටල ඇහුනු කතා වලින්ම තමයි. සිංහලෙන් කතා වුනේ බොහොම ටිකයි. ඒ ටිකෙන් ඇහුනු දේවල් තමයි ඔය උඩ තියෙන්නේ. දෙමල තේරෙන කෙනෙක් අපි අතරේ හිටිය නැති නිසා දෙමලින් කතා කරපු දේවල් ඇහුනත් තේරුම් ගන්න බැරි වුනා.

කොහොම වුනත් මේ දොස්තර එලියට ගියේ අනිත් අයගේ කර උඩින්.

අපි ඊට පස්සෙ කතා වුනේ මේ ගැන ලියපු සිරකරුවා බැනුම් අහපු තරම ගැන. ඒ කාලේ හුඟක් කට්ටිය හිතුවේ නැහැ දොස්තර කෙනෙක් මේ වගේ වැඩ කරයි කියල.

ඒත් මේ ලඟදි සිරසෙන් පෙන්නුව වීඩියෝ එක දැක්කනම් තේරුම් යයි දොස්තරල කියන්නෙත් මොලේ අප්සට් ගහන්න පුලුවන් මිනිස්සු මිසක් දෙයියො නොවන බව. අවුරුදු හයකටත් වඩා ලොකු මානසික පීඩාවකින් උපාධියක් කරන කෙනෙක්ට මානසික ලෙඩ හැදෙන්නේ නැහැ කියල හිතන්න බැහැ.

කොහොම වුනත් කෑගල්ලේ දොස්තර හිරේ යද්දි මේ දොස්තර තාම බාර් වල පදමට සූර් වෙනවා. හුඟක් වෙලාවට මේ සඟයොන්ගෙ පන්දම් බිල් පිටින් වෙන්න ඕනේ. ලොක්කොත් එක්ක නිදා ගන්න පුලුවන් නම් ඕන ජඩ වැඩක් කරල යහතින් ඉන්න පුලුවන් කියන එකට තව මොන කතා ද?

***************************************************

මෙන්න මේකයි කතන්දරේ...

හැබැයි දැන් මේකටත් ඇනෝලා කට්ටිය කියයිද දන්නෙනෑ මමම හදල දාපු එකක් කියලා..
Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා