ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Friday, October 22, 2010

මහළු මඩම දඟ ගෙයක්ද



2006 වර්ෂයේ ඉඳන් අපේ මියගිය ආච්චියි,සීයයි වෙනුවෙන් සෑම ඔක්තෝබර් මාසයේම අපි බදුල්ලේ කයිලගොඩ වැඩිහිටි නිවාසයට දානයක් දෙනවා.ඊයේ තමයි දිනය ඒ කියන්නේ ඔක්තෝබර් 22.ඊයේ තමයි මට ප්රලථම වතාවට ඒ සඳහා එන්න පුලුවන්කම ලැබුනේ.අනෙකුත් හැම වර්ෂයකම මම හිටියේ කැම්පස් එකේ නිසා එන්න බැරිවුනා.
ඉතින් වැඩිහිටි නිවාසයේ නැවතිලා ඉන්න අය එක්ක ගොඩක් කතාකලා.ඔක්කොම 70ක් විතර ඉන්නවා මේ වෙනකොට.ඉතින් ඔහොම ඉන්නකොට එතන හැමදේම හොයල බලල කරන ආච්චි කෙනෙක් හිටියා.මම එයාගෙන් විස්තර ඇහුවා.එතකොට ඒ ආච්චි කියපු කතාව තමයි මේ.ඒ ආච්චිට දැන් වයස 64යි.

මගේ ගම තිබුණෙ මාරවිල.මට පුතාලම 5 දෙනෙක් ඉන්නවා.මගේ පුතාල 5 දෙනාම දැන් කසාද බැඳලයි ඉන්නේ.මම නැවතිලා හිටියේ ලොකු පුතාගේ ගෙදර.ඒ දවස්වල නම් මට කිසිම අඩුවක් මගේ පුතා දැනෙන්න දුන්නෙ නෑ.ඒත් දැන් එයාට වගකීම් වැඩි.එයාගේ නෝනා ගැන බලන්න ඕන.ඉතින් වෙනද වගේ එයාට මට සලකන්න බැරිවුනා.මමත් එහෙම සැලකිලි බලාපොරොත්තු වුනෙත් නෑ.ඉතින් ඔහොම ඉන්නකොට එයාලට දරුවෙක් ලැබුණා.පුතෙක්.අර කතාවටත් කියනවනේ ආච්චිලා තමයි පොඩි දරුවන්ව නරක් කරන්නෙ කියලා. දරුවව පොඩි කාලේ ඉඳල බලාගත්තෙ මමයි.දරුවට අවුරුද්ද ලබනකොට දරුවගේ අම්ම ඒ කියන්නේ මගේ ලේලි රස්සාවෙන් අස්වුනා.ඉතින් ඊට පස්සෙ දරුවව මම ලඟට වැඩිය එව්වෙ නෑ.ලේලි දරුවට සමහර අවස්ථාවල සැරකරනවා.එතකොට මට වාවන්නෙ නෑ.මම දන්නවා පොඩි දරුවන්ට සැර කරන්නේ එයාලව හදාගන්න.ඒත් ඉතින් අපි කොහොමද ඒ දේවල් බලන් ඉන්නේ.අනේ මන්දා.වයසෙ හැටි වෙන්නැති.
පොඩි දරුවට සැරකරනකොට "ආච්චිඅම්මා" කියාගෙන මම ලඟට දුවගෙන එනවා.එතකොට මට තවත් වාවන්නෙ නෑ. දවසක් මම කුස්සියේ පිඟන් වගයක් සෝදමින් හිටියා.මට දරුව අඬන සද්දෙ ඇහිලා මම සාලෙ පැත්තට ගියා.වෙනද වගේම දරුවා "ආච්චිඅම්මා" කියාගෙන මගේ ඇඟේ එල්ලුනා.ඒ වෙලාවේ මට ලේලිත් එක්ක පුදුම තරහක් ආවා.ලේලිට ගහන්න බැරිකමට මම අතේ තිබුණ පිඟන් ටික බිම දාල දරුවත් වඩාගෙන මිදුලට ආවා.එදා මට මගේ ලේලි නොසෑහෙන්න බැන්නා.වෙනස්කම් කරන්න පටන්ගත්තා.මගේ පුතත් ඒවට මොකුත් කිව්වෙ නෑ.බැරිම තැන ඕන දෙයක් කියලා ඇඳුම් කෑලි දෙකක් මල්ලක දාගෙන කිසි අරමුණක් නැතිව පාරට බැස්සා. හෙමින්ම බස් හෝල්ට් එකටත් ආවා.මගේ ලඟ සල්ලි සතයක්වත් තිබුණෙ නෑ.මම මොකුත් කරකියාගන්න දෙයක් නැතිව ඔහේ බලාගෙන හිටියා.එතකොට හදිසියේ එතනට පිරිසක් ආවා.පසුව තමා දැනගත්තේ එයාල බදුල්ල මුතියන්ගන විහාරයේ දානමය පින්කමකට යන්නයි මේ හදන්නෙ කියලා.පස්සේ ඒ නඩේ ඉන්න මහත්තයෙකුට මම ගෙදරින් ආ බවත් මාවත් බදුල්ලට රැගෙන යන ලෙසත් මම ඉල්ලීමක් කලා.එයාල මුලදි අකමැති වුනත් පසුව කැමතිවුනා.බස් ටිකට් එක රුපියක් 200 ගානක්.මම පුදුම වුනා බදුල්ල මෙච්චර දුරද කියලා.
කොහොමහරි අපි ඔක්කොම බදුල්ලට ආව.ඒත් සිද්ධවුනේ වෙන දෙයක්.මාව එක්කන් ආපු අය එක්කෙනෙක් වත් නෑ.එයාලා මට නොකියම ගිහින්.මම හයියෙන් ඇඬුවා.මම ආගමේ කෙනෙක්.ඒ නිසා මම කඩේකට ගිහින් ඇහුවා පල්ලියක් තියෙන තැනක්.එයාලා යන්න ඕන විදිය කිව්වා.ඒත් මම අඩියෙන් අඩිය කටිටියෙන් අහගෙන කොහොමහරි පල්ලියකට ගියා.එදා පල්ලියේ ලොකු උත්සවයක් පොලි ලමයින්ගේ.මම එතන තිබුණ ටැප් එකකින් වතුර ටිකක් බීලා එළියේ පඩියක වාඩිවෙලා හිටියා.
එහෙම ඉන්නකොට පොඩි දරුවෙක් "ආච්චිට මේක දෙන්න කිව්වා" කියලා පොඩි කෑම පාර්සලයකුයි,රුපියල් 50 කුයි මගේ අතට දුන්නා. මම පස්සෙ පල්ලියේ ෆාදර් හම්බුනා ගිහින්.මම ෆාදර්ගෙන් ඉල්ලුවේ මට පල්ලියේ නවතින්න ඉඩ දෙන ලෙසයි.ඒත් එතුමා කිව්වේ පල්ලියේ ගැහැනු අයට නවාතැන් ලබා දීමට නොහැකි බවයි.කොහොමවුනත් එතුමාගෙන් තමයි බදුල්ලේ පිහිටි වැඩිහිටි නිවාසය ගැන දැනගත්තේ.එතුමා කිව්වා පන්සලට ගිහින් හාමුදුරුවො හම්බෙලා විස්තරේ කියන්න කියලා.එයා උදව්කරයි කිව්වා.මම පන්සලට ගිහින් ලොකු හාමුදුරුවො හම්බෙලා විස්තරේ කියලා වැඩිහිටි නිවාසයට යන්න ලියුමක් ඉල්ලුවා.ලොකු හාමුදුරුවෝ කිව්වේ ලියමුක දෙන්න විදියක් නැහැ,කමක් නෑ අම්ම යන්න මම කෝල් කරල කියන්නම් කියලා. කොහොමහරි හොයාගෙන හොයාගෙන වැඩිහිටි නිවාසෙට ගියා.මම එතනට යනකොටත් හාමුදුරුවො කෝල් කරල කියල තිබ්බා.ඒත් එයාල කිව්වේ මට උදේ වෙනකන් විතරක් ඉන්න දෙන්නම් කියලා.ඒත් පස්සෙ මට අනුකම්පා කරලා මාව නවත්තගත්තා.මේ වනවිට මම මෙහෙට ඇවිත් අවුරුදු 2ක් වෙනවා.තාම මගේ පුතාලා මාව බලන්නවත් ආවේ නෑ.මට මෙහෙ හොඳයි.

මෙහම කියලා ඒ ආච්චි හයියෙන් අඬන්න ගත්තා.ඒ කතාව අහන් හිටපු අපි ඔක්කොටමත් ගොඩක් දුකයි.වැඩිහිටි නිවාසයේ ඉන්න අයගෙන් ගොඩක්ම කට්ටිය හොඳ හොඳ සල්ලි කාරයන්ගේ අම්මලා තාත්තලා.ගුරුවරියන් දෙන්නෙකුත් හිටියා.අනේ මන්දා.දෙමව්පියන්ට සලකන්නෙ නැති එවුන් කොච්චර සල්ලි හම්බ කලත් වැඩක් වෙයිද? මුන් පොල්කිරි බීල වෙන්නැති හැදුනේ.කාලකන්නියෝ.

තව සීය කෙනෙක් හිටියා.එයා ටිකක් අවසිහියෙන් වගේ ඉන්නේ.එළියට වෙලා වාඩිවෙලා ඉන්නවා.අපි ඇහුවා ඇයි සීයේ ඔතන ඉන්නේ යමු ඇතුලට කියලා. එතකොට ඒ සීයා කිව්වේ "මගේ පුතා එනව කිව්වා මාව එක්කන් යන්න ඒකයි මම මේ බලන් ඉන්නෙ කියලා.ඒ සීයා හැමදාම එහෙමලු.ඒත් මේතාක්කල් ආපු පුතෙක් නැහැලු.

මේ විදියට දෙමව්පියන්ට සලකන එවුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙනවා...

20 comments:

  1. ඉස්සෙල්ලාම උඹගේන් පෝස්ට් එකක් දකින්න ලැබීමම මට ලොකු සතුටක්.

    දෙවනුව, පොඩ්ඩක් හිතපන් මේ උඹෙත් මගෙත් අනාගත ඉරණම කියලා. ධර්මද්වීපය අද කොතනද තියෙන්නෙ. උඹ කල්පනා කරලා බලපන් අපේ අම්මට තාත්තට අපි සාධාරණව යුතුකම් ඉෂ්ඨ කරනවාදවත් කියලා. අඩු ගානේ ඒ ගොල්ලන්ටවත් මේ ඉරණම අත් නොවෙන්න අපි මොකක් හරි ප්ලෑන් එකක් හදලා තියෙනවද.

    මම හිතන්නෙ අපිට එහෙම සැලසුමක් අවශ්‍යයි, අපි අපේ අම්මට තාත්තට සලකන විදිහ බලලාඅ තමයි කවද හරි අපේ දරුවෝ අපිට සලකන්න ඉගෙන ගන්නෙ.

    ReplyDelete
  2. සහතික ඇත්ත බන්..

    මේ දේවල් වලට අපිත් එක පැත්තකින් වගකියන්න ඕන.අද කාලේ දෙමව්පියන්ට කතා කරන්න දන්නෙනැති එවුන් ඉන්නේ.දෙමව්පියන්ට නොසෑහෙන්න බැනල ඒ විතරක් නෙමේ දෙමව්පියන්ට ගහන අයත් ඉන්නවා.

    මෙහෙම ලිපියක් දැම්ම කියලා තියෙන ඔක්කොම වැඩිහිටි නිවාස වහන්න පුලුවන් කමක් නෑ.
    උඹ කිව්ව වගේ අපි අපි අපේ අම්මට තාත්තට සලකන විදිහ බලලා තමයි කවද හරි අපේ දරුවෝ අපිට සලකන්න ඉගෙන ගන්නෙ..
    බොහොම ස්තූතියි අදහසට..

    ReplyDelete
  3. ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ!!!වදපු අම්මව අමතක කරල අර මිනිහ කොහොම ඉන්නව ඇද්ද කියල මටනම් හිතා ගන්නවත් බෑ.ඔය එක වැඩිහිටි නිවාසයක් විතරයිනෙ.ඔය වාගෙ තව කීයක් ලංකාවෙ ඇද්ද?අජාසත්තටනම් තමන්ගෙ දරුව ඉපදුන වෙලාවෙවත් හිතුනනෙ මගේ තාත්තත් මට මේ වාගෙනෙ ආදරේ කරන්න ඇත්තෙ කියල.අජාසත්තලටත් අන්ත එවුන්නෙ දැන් ඉන්නෙ.

    ReplyDelete
  4. වැඩිහිටි නිවාසවල ඉන්න හුඟාක් අම්මලා තාත්තලා කියන කතාව තමා මේක. ඒත් ඒ කවුරුත් තමන්ගේ දරුවන්ට දොස් කියන්නේ නැහැ, සාප කරන්නේ නැහැ එදා වගේම අදත් තමන්ගේ දරුවන්ට එයාලා ආදරෙයි.

    මවුපිය සෙනෙහස ඒ තරම්ම විශාලයි.

    පීතෲඝාතක අජාසත් ටත් තමන්ගේ තාත්තා තමන්ට කොච්චර ආදරයක් දක්වන්න ඇද්ද කීයලා හිතුණේ තමන්ගේ පුතා උපන් වෙලාවෙලුනේ.

    කොහොම වෙතත් දෙමාපියන්ගේ වටිනාකම තේරුම් ගන්න යද්දී පරක්කු වැඩි වෙන්න පුලුවන්.........

    ReplyDelete
  5. කාලෙකට පස්සෙ ආයෙත් දකින්න ලැබීම සතුටුයි.
    සංවේදී කතාවක්. වැඩිහිටි නිවාස වගේම ලංකාවෙ ළමා නිවාසත් තියෙනවා. දෙමාපියන්ගෙන් ළමයින්ට වගේම ළමයින්ගෙන් දෙමාපියන්ටත් යුතුකම් ඉෂ්ට වෙනවනම් මේ දේ වලක්වගන්න පුලුවන් වෙයි.

    ReplyDelete
  6. @dinesh & හසියා

    මේ දේවල් වෙනස් කරන්න බැරි එකයි දුකට කාරණාව කියන්නේ..
    අවුරුද්දෙන් අවුරුද්දට තව වැඩිහිටි නිවාස ඉදිවෙනවා පිරිස වැඩිවෙනවා.
    මේ දේවලුයි නවත්වන්න ඕන.
    ඔය බොරුවට කෑගහන දේශපාලණ අය පොඩ්ඩක් මේ වගේ තැන් වලට ගිහින් කරුණු සොයා බලා මේ වගේ අමන වැඩ කරන තිරිසණුන්ට නිසි පරිදි දඩුවම් ලබා දුන්නනම් මේ දේවල් නවත්වන්න පුලුවන්.
    එහෙම නොකරන එකයි මේ දේවල් වැඩිවෙන්න හේතුව...

    දෙමව්පියන් කොච්චර මහන්සිවෙලාද දරුවන් උස මහත් කරන්නේ.දෙමව්පියන්ගේ ඇස් වලින් යන කඳුලු වලින්ම ඇති මේ වගේ වැඩ කරන එවුන්ට දඬුවම් ලැබෙන්න.
    හසියා කිව්ව වගේ මේ තිරිසණුන්ට දඬුවම් ලැබෙන කොට මේ අසරණ දෙමව්පියන් වන්දි ගෙවල ඉවරයි.එතකොට පරක්කු වැඩියි..

    ReplyDelete
  7. @Praසන්ன

    ස්තූතියි පසන්..
    ඔව් මාස 2කට විතර පස්සෙයි මේ පැත්තෙ ආවේ.. ගොඩක් ගොඩක් දේවල් වුණා.ඒවා ඉස්සරහට ලියන්නම්.

    ReplyDelete
  8. මම දැනට සතියකට විතර කලින් තමයි මේ බ්ලොග් එකට මුලින්ම ආවෙ. ඔයාගෙ ඔක්කොම ලිපි කියෙව්වා. කැම්පස් එකේ විස්තර නම් මාරයි. අලුත් ලිපියක් දාලා තියෙනව දැක්කම සතුටුයි. ඒ උනාට ලිපියෙ තියෙන දේවල් දැක්කම දුකයි. මොනව කරන්නද? මේ වගේ මිනිස්සුන්ට ස්වභාව ධර්මයෙන්ම විපාක ලැබෙයි.

    දිගටම ලියන්න
    ජය වේවා!

    ReplyDelete
  9. ස්තූතියි ලසන්ත..
    මාස දෙකකට විතර පස්සෙ තමයි මාත් බ්ලොග් පැත්තෙ ආවේ.. ඒ ඇවිල්ලත් දාන්න වුනේ මේ වගේ දුක හිතෙන සිද්ධියක් තමයි.
    ඔයා කිව්ව හරි.
    මේ වගේ වැඩ කරන එවුන්ට ස්වභාධර්මයම දඬුවම් කරයි.

    ReplyDelete
  10. අද තමා ආවේ මේ පැත්තෙ...දෙමව්පියො වටින්නෙ නැති එකා ඕනම බලු වැඩක් කරයි..මොකකද උන් බල්ලොන්ටත් වඩා අන්ත නිසා

    ReplyDelete
  11. ස්තූතියි රත්ගමයා ..
    ඔව් බල්ලො තව හොඳයි.. උන් කෙලෙහිගුණ දන්නවා.කතාකරන්න බැරිවුනාට වලිගෙ හරි වනනවා.
    මේ දේවල් කරන්නේ කොහොමද කියල මට නම් තාමත් හිතාගන්නවත් බෑ.
    අනේ දෙමව්පියන් කොච්චර අසරණ වෙනව ඇද්ද..

    ReplyDelete
  12. හිතා ගන්න බෑ මොනා කියන්නද කියලා. අපි දරුවන්ට ආදර්ශයක් උනොත් තමයි අපේ දරුවොත් කවදහරි දවසක අපට සලකන්නෙ. දරුවො දකින්නෙ අපි අපේ දෙමව්පියන්ට නොසැලකීම නම් අපිටත් කවදහරි දවසක ඒකම තමා. හොඳ දෙමාපියන් වගේම හොඳ දරුවන් ලබන්නත් පින් කරන්න ඕනෙ.

    ReplyDelete
  13. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට..
    සහතික ඇත්ත.මේ දේවල් ඉදිරි පරම්පාරාවේදී තුරන් වෙයිද නැත්තම් තවත් වැඩිහිටි නිවාස වැඩිවෙයිද දන්නෙ නෑ හැබැයි..

    ReplyDelete
  14. මගේ බ්ලොග් එකේ ප්‍රනිචාරය දැකලයි මෙහාට ආවේ..සමාජයේ නොදකින පැති ගැන වැඩිපුර කථා කරන ඔයාට සුභ පැතුම්..ආයෙම එනකොට අළුත් දෙයක් ඕනි..

    ReplyDelete
  15. බොහොම ස්තූතියි.. මමත් සහෝ ගේ බ්ලොග් එකට අදයි ආවේ.. දිගටම ලියන්න.
    මේ දවස්වල වැඩ වල අඩුවක් නෑ. නැත්තම් ලියන්නනම් තියෙනව ගොඩක් දේවල්..
    ඩිග්‍රි එක එහෙම අතට ගත්තට පස්සේ හොඳ හොඳ ලිපි ටිකක් තියෙනව දාන්න..

    ReplyDelete
  16. කාලෙකින් update කරේ නෑ නේද? අලුත් පොස්ට් එකකට කාලෙ හරි. අපි බලන් ඉන්නවා කියවන්න.

    ReplyDelete
  17. මේ අදහස් ගැනත් පොඩ්ඩක් හිතන්න.

    1. ලෝකය යන්නේ ඉදිරියටයි. අපි අපේ දෙමව්පියන් කල උපකාරවලට කළගුණ සැලකිය යුද්දේ අපේ දරුවන්ට හොඳ දෙමව්පියන් වීමෙනි.

    2. අපේ අනාගතය ගැන බලාගැනීම අප කළ යුතුයි. සමහර දෙමව්පියන් තම දේපල දරුවන්ට ලියා දී ඉන්පසු ඔවුන්ගෙන් යැපීමට සිතති. බාග් බාන් නමැති හින්දි මූවි එක බැලුවාද? එතරම් මොඩ්ඩ වැඩක් තවත් මේ ලෝකයේ නැත.

    3. මේ කතාවේ අප දන්නේ අම්මා ගේ පැත්ත විතරයි නේද?

    කතන්දර

    ReplyDelete
  18. @පිණිබිඳු -
    මේ දවස්වල වැඩ ටිකක් වැඩියි. ඒ නිසා පෝස්ට් එකක් දාන්න බැරිවුනා. දවස් 4කට පස්සෙ තමයි අද බ්ලොග් එක පැත්තෙ ආවෙත්.
    ගොඩක් ස්තූතියි..
    හැකි ඉක්මනින් පෝස්ට් එකක් දන්නම්.. මේ එක IT field තෝරගත්තහම ඉතින් වැඩ විතරනේ..

    @කතන්දර -
    ගොඩක් ස්තූතියි..
    ඔව් කතාව ඇත්ත. නමුත් දෙමව්පියන්ට දරුවන්ගෙන් වෙන්න ඕන යුතුකම් කොටසක් තියෙනවා නේද?
    දරුවන්ට අනාගතය සකසා දෙන්නේ දෙමව්පියන් නේද?
    එසේ නම් දරුවන් දෙමව්පියන්ගේ අනාගතය ගැනත් සොයා බැලිය යුතුයි නේද?

    ReplyDelete
  19. Kiyanna wachana na Sahodaraya!
    Ape paththe eka achchi kenek hitiya. Issaranam hoda posath pawlaklu. hamadema wiyadam karala thiyenne ekama daruwata uganwanna. Eth putha job ekakata giyata passe aye awith na. Game samithiyen hadala dunnu palakata wela jeewath unu ee ammage malagedaratawath putha awe na.

    ps- Singlish walin liwima gana samawenna..

    ReplyDelete
  20. thnx බ්ලොග් ගඩොල්.. සෑහෙන කාලෙකින් මම හිතන්නෙ මේ පැත්තෙ ආවේ..
    මාත් වැඩිය මේ පැත්තෙ එවෙන්නෙ නෑ දැන්. උඹේ බ්ලොග් පෝස්ට් fb එකේ දැක්කොත් නම් කියවනවා..

    මේ දේවල් නවත්වන්න බෑ බන්.. කියන්න තියෙන්නේ අර සුනිල් කියනව වගේ ලකාවේ ඔහොම තමා අයි ඩෝන්ට් නෝ වයි කියලා...

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා