ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Wednesday, August 18, 2010

ලංකාවේ ක්‍රිකට්

ටික කලකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තෙ ආවේ.කොහෙද ඉතින් කලින් බ්ලොග් පොස්ට් එකත් එක්ක බ්ලොග් කෙරුවාවත් එපා කෙරෙව්වනේ මේ ඇනෝලා සෙට් එක.
ඉතින් ඇනෝලට කමෙන්ට් දාන්න බෑ දැන්.ඒ නිසා මගේ නමිනුත් කමෙන්ට් දානවා දැන්.ඕවා නවත්තන්න බෑනේ අයියො..


මේ ලියන්න යන පුවත හැමෝම දන්න එකක්.අපේ ක්‍රිකට් කෙරුවාව ගැන.

මේ දව්ස් වල තුන්කොන් තරඟාවලියක් පැවැත්වෙනවනේ.ඉතින් පසුගිය එනම් ඉන්දු - ශ්‍රීලංකා තරඟයේදී මහත් ආන්දෝලනාත්මක සිදිවීමක් වුනා.ඒ තමා ඉන්දීය සුපිරි පිතිකරු ශෙවාර්ග් ලකුණු 99 ලබා සිටියදී සුරාජ් රන්දිව් නිපන්දුවක් යවා ඔහුගේ ශතකය අහිමි කිරීම.කෙසේවෙතත් මේ සිද්දියෙන් සුරාජ් රන්දිව් ට අද පැවැත්වෙන තරඟය අහිමි කිරීමටත් දිල්ශාන්ට අද පැවැත්වෙන තරඟයේ තරඟ ගාස්තුවෙන් 50% කපා හැරීමටත් ක්‍රිකට් කමිටුව තීරණය කර තිබෙනවා.
දිල්ශාන්ට එල්ලවී ඇති චෝදනාව තමයි රන්දිව්ට නිපන්දුවක් යවන ලෙස උපදෙස් දීම.

ක්‍රිකට් ක්‍රීඩාවේ මේ දේවල් සාමන්‍ය දේවල් ලෙසයි මම නම් දැනගෙන හිටියේ.නමුත් අද වෙනවිට තරඟ තහනමක් පැනවීමට තරම් ඒක වරදක් වෙලා.ඔබට මතකද එදා සනත් ජයසූරියගේ ඉන්දියාවට එරෙහිව දියත් කල ඉණිම?
එදා ඔහු 189ට දැවීගිය හැටි මතකද?
එදා ඉන්දීය ක්‍රීඩක ගංගුලීගේ පන්දු ඕවරයේදී සනත් සෑම පන්දුවකටම ඉදිරියට පැන පහරදුන්නා.
අවසානයේ ගංගුලී මොකද්ද කලේ? හිතලම වයිඩ් පන්දුවක් දැම්මා.සනත් දැවී ගියා.
එතකොට ඒ වුනදේ හරිද? ඒවා කවුරුවත් කතා කලාද?

දකුණු අප්‍රිකානු ක්‍රීඩක ගිබ්ස්ට මොකද වුනේ?
ඔහු එක් තරඟාවලියකදී පිට පිට ශතක 4ක් ලබාගෙන ලොකවාර්තාවකට හිමිකම් වීමේ අවස්ථාව මග හැරුණුහැටි මතකද?එදත් අවසන් තරඟයේදී දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 3ක් පමණයි අවශ්‍යව තිබ්බේ.
ඒ වනවිට ගිබ්ස් නොදැවී ලකුණු 96ක් ලබා සිටියා.කෙසේ හෝ ලකුණු 4කින් තම ජයග්‍රහණය ලබාගැනීමට ඔහුට හැකිවුනාද?
පන්දු යවන්නා යොමුකල වයිඩ් පන්දුව කඩුලු රකින්නාටද රැකගැනීමට නොහැකිවූ නිසා ලැබූ ලකුණු 5න් දකුණු අප්‍රිකාව ජයගත් නමුත් ගිබ්ස්ගේ ශතකය අහිමිවිය.
මෙය ශෙවාර්ගේ සිද්දියා හා සාමනවුවද මෙවැනි ලෙස ආන්දෝලනාත්මක වූයේ නැත.

ශෙවාර්ගේ පුද්ගලික් වෙබ් අඩවියේ සටහන් වූයේ තරඟයෙන් අනතුරුව සුරාජ් රන්දිව් ඇවිත් තමාගෙන් සමාව ගත් බවයි.

මෙන්න මේක තමයි ශ්‍රීලාංකීය අභිමානය...

26 comments:

  1. ඒකනං ඇත්ත තමයි බං.ලංකාවෙ ක්‍රිකට් පාලක මණ්ඩලේට කොන්දක් කියල එකක් නෑ නොවැ! ඉන්දියාවෙන් යැපෙන හින්දා උන්ට වැදගෙන ඉන්නෙ...

    ReplyDelete
  2. සන්තෝසයි මචන් උඹේ පොස්ට් එකක් අයෙත් දකින්ඩ ලැබුනු එකට....

    ශෙවාග් අඬන්ඩ පටන්ගත්තනෙ පොඩි එකෙක් වගේ. "අනේ මට සෙන්චරිය ගහගන්ඩ බැරි උනා" "එයා හොර කරා" කිය කිය. පොඩි එවුන් හොඳයි තව....

    ReplyDelete
  3. ඔය ලුණු ඇඹුල් ඇතිව ලියල තියෙන්නෙ.SLC ආයතනය NGO එකක් ද කොහෙද.

    ReplyDelete
  4. What ever the logic is,this action by Rndiv & Dilshan was bad & childish (plan was bad & executed poorly)....but the reaction of SLC is way too much over the line...and Sehewag Some how went from being the victim 2 the joker not knowingly....thats the funny part.....:)

    ReplyDelete
  5. Mekane ban case eka...oya okkoma eththa..ee uanth me porawal okkoma nondi karagannawa ne....ube kathawa sahathika eththa machan..ape ewun kelawa gannawa apitama...lokuwatama..!!!

    ReplyDelete
  6. කාල කන්නින්ට මතක නැහැ බන්. ඔහුන් තමයි මෙවා කැවෙ.. විනය.. ලූ.. කැගැස්සෙනවා.. නෙද

    අනෙ මෙවා බල බල ඉන්නවාට වැඩිය හොදයි සිර ගත වෙන එක ඇත්තටම.

    මම නම් කියන්නෙ මෙ හැම දෙටම හෙතුව බුදු දහමයි, දෙව විස්වාසයි දෙක කලවන් වීම කියලා..

    ReplyDelete
  7. වැඩේ කළාට කමක් නෑ. ඊට පස්සේ ගිහිල්ල සමාව ගන්න ලැජ්ජ නැද්ද? හරියට නීතියක් කැඩුව වගේනෙ. ලංකාවෙ එකෙක් මොනව හරි කළොත් තමයි ඔක්කොම.

    ReplyDelete
  8. අනේ ශිවාග් ගේ... අපේ උන්ට කොන්ද පන නැහ නේ. අර ඉස්සර අර්ජුනල වගේ කොන්දක් තින මිනිස්සු උන්න නම් ඔහොම සමාව ගන්න හුරතල් කොරන්නෙ නැහ.

    ReplyDelete
  9. @ ඉරෝෂන්:
    කතාවනම් ඇත්ත, යුදදෙ දිනලත් අපේ එවුන්ට හොදක් කිව්වේ කීයෙන් කීදෙනාද?
    අපේ එවුනුත් මේවට වැරදී....

    ReplyDelete
  10. @blog gadol -
    ඒක ඇත්ත බන්.
    මේව අහන්න වෙන අපි තමයි මෝඩයෝ බන්.
    අපේ එවුන්ගේ කොන්ද පණ නැතිකමනේ මේ ඔක්කොටම මුල.මහ ලොකුවට ගිල්ක්‍රිස්ට් ග්ලව් එකේ මොනාද දාගෙන සෙල්ලන් කලා කියලා නඩුත් දාන්න ගියා..ඒත් මේ වගේ වැඩ උන්ට හොඳයි..

    @චමිල -
    ඔව් මචන් පෝස්ට් එකක් හොයාගෙනම මේපැත්තෙ ආවා.
    ඔව් බන්..ඒකගෙ ලොකු එක පෙන්නන්නයි එහෙම කලේ.කොහොමත් පණ්ඩිතයනේ ඕකා.ඒ අතින් සචින්ලා එහෙම කොච්චර හොඳද?

    @gemunu -
    මම ඔයාගේ බ්ලොග් පෝස්ට් එකත් බැලුවා මේ ගැන දාල තියෙන..
    ඔව් ඔව් ඒක කියන්නත් බෑ මේ වෙන වැඩ දැක්කහම..

    ස්තූතියි තුන්දෙනාටම...

    ReplyDelete
  11. @හේමලයා -
    Corrent machanz..thnx 4 the idea :)

    @Anonymous -
    ඒකනම් බලන්නම වටිනවා තමයි.. බැලුව විතරක් නෙමේ.. ෆේස්බුක් එකෙත් දැම්මා..ස්තූතියි සහෝ..

    @Ruwa -
    ඔව් මචන්.අපේ එවුන්ගෙත් පණ්ඩිතකම බන් වෙලාවකට..
    බලපන් එක මැච් එකක්වත් මුන් හිතට අරගෙන සෙල්ලම් කරන්නෙ නෑනේ.මේවා බලන එවුන්ට තමයි පපුවෙ අමාරුව හැදෙන්නේ..
    බලපන් 1 වෙනි මැච් එකත්.කෙහෙම්මල් බෝනස් පොයින්ට් එකක් ගන්න ගිහින් තව පොඩ්ඩෙන් අම්බානක් කනවා..
    ස්තූතියි මචෝ..

    @රවා -
    ඔව් මචන්..ඒකනම් ඇත්ත.හිරේ යන එක ඊටවඩා හොඳයි.හැබැයි පොඩි අවුලකට තියෙන්නේ මැච් තියෙන දවස්වල හිරගෙදරත් ක්‍රිකට් තමයි..
    ඒවගේ ඇතුලෙනම් මේවගේ වැඩ උනොත් ඉතින් සොරිම තමයි..
    ස්තූතියි සහෝ..

    ReplyDelete
  12. @පිස්සා පලාමල්ල -
    හරියට හරි.මතකනේ අර්ජුන එදා මුරලිග් කේස් එක ඇද්ද හැටි.එදා එහෙම කතා නොකලනම් අද මුරලි හොයාගන්නවත් නැතිවෙයි.
    අද එහෙම එවුන් කොහෙද?ඇතුලෙ බ්ලේඩ් තල වගයක්නෙ ඉන්නේ.එකාට එකා කපාගන්නවා.බලපන් ගමේ එවුන් කොච්චර ඉන්නවද ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ අය.උන් ගමටම සීමා වෙලා.. අහ්හ් අමතක වුනානේ ක්‍රිකට් කියන්නේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක්ලුනේ.. ඒක වෙන්නැති මෙහෙම වෙන්නේ ..

    @ඉරෝෂන් & පොඩ්ඩ මල්ලි -
    ඕක තමයි අපේ එවුන්ට හෙන ගහල තියෙන්නේ..මහ සෙනග මැද්දේ ගේම ඉල්ලනව අනික් එවුන්.අපේ එවුන් බල්ලො වගේ ඉන්නවා.හැබැයි අපේ එවුන් තමයි අන්තිමට වැරදිකරුවො වෙන්නෙත්.

    ස්තූතියි 3 දෙනාටම..

    ReplyDelete
  13. මම කියන්නෙ අපේ උන්ට පේන්නෙ අපේ උන්ගෙ වැරදිමයි... හරි... රන්දිව් ඕක හිතල දැම්මා කියමුකො.. හරි ඉතින් මොකද?

    ලෝක කුසලාන අවසන් තරගෙක ගිල්ක්‍රිස්ට් කියලා එකෙක් ගොල්ෆ් බෝලයක් දාගෙන 100ක් ගැහුවෙ අපිට විරුද්ධවම.... අපේ උන් කට ඇරියද?

    ඔන්න ඔහොම ක්‍රිකට් බෝඩ් එකක් අපිට ඉන්නෙ

    ReplyDelete
  14. @අභීත -
    ඔව් ඇත්ත..
    අපේ එවුන් බොරුවට කෑ ගහනවා.එච්චරයි.ඒක නිසා තමයි මොකුත් කරගන්න බැරි.එදා ලෝකකුසලාන කේස් එක කොහොමද කිව්වේ.. නීති මාර්ගෙට යනවා අනන් මනම්.ඒත් ඒවා අහපු අපි තමයි ඇන්ඳුනේ..
    දැන් වෙලා තියෙන සිද්දියේ ශෙවාර්ග් නෙමෙයි පොඩි එකා වෙලා තියෙන්නේ.. සුරාජ් මොකටද කෙහෙම්මල් සමාවක් ගන්න ගියේ.
    රෙදි නෑනේ දැන්.. ස්තූතියි සහෝ..

    ReplyDelete
  15. YouTube එකේ එහෙම මේක ගැන ඉන්දියාවෙ එවුන් දාලා තියන comments දැක්කම පොලව පලාගෙන යන්න හිතෙනව.

    ReplyDelete
  16. ඒකනම් ඇත්ත තමයි.ඇයි cricinfo වල..එතකොට tensport වල.
    ඔය ඔක්කොමගේ කියන ඒවා ඇහුවම ක්‍රිකටුත් එපාවෙනවා..
    ස්තූතියි සහෝ අදහසට..

    ReplyDelete
  17. අනේ මන්ද මොනව කියන්නද කියලා

    ReplyDelete
  18. දන් ඉතින් උන දේ උනා... මීට පස්සේවත් ටිකක් හිතලා ගේම දෙන්න ඔනි

    ReplyDelete
  19. @පුබුදුවා -
    මොනව කියන්නද බන්.. අපේ එවුන් අපේ එවුන්ටම කෙලවගද්දී අපිට උඩ බලන් ඉන්න තමයි පුලුවන්.
    මොනා වුනත් මේ ප්‍රශ්ණය නිසා සුරජ් රන්දිව් මාරම ප්‍රසිද්ධ වුනා..
    ස්තූතියි සහෝ..

    @kuku -
    මොනා හිතල කරන්නද බන්..?
    ආපහු කලත් ඔච්චර තමයි.. :)
    ස්තූතියි කාලෙකින් බ්ලොග් එක පැත්තෙ ආවට..

    ReplyDelete
  20. onna dan sirakaruta baye shewag hangila...
    shewag ge mailak tharamwath nathi mu blog eke pora wenna hadanawa... ane huke nannane....

    ReplyDelete
  21. උඹත් හොඳයි අපේ ක්‍රිකට් බෝඩ් එකට යවන්න.. උඹල වගේ හැන්ගිලා කෑ ගහන එවුන් තමයි ක්‍රිකට් බෝඩ් එකෙත් ඉන්නේ..
    උන්ගෙත් උඹල වගේ කයිය විතරනේ...
    ඒ නිසා ඒවගේ ජොබ් එකක් හොයාගනින්කො හොඳේ... ස්තූතියි..

    ReplyDelete
  22. මගේ අදහස: රන්දිව් නිපන්දුව දාපු එකත් හරි.... අර යකාගේ හිත රිදුන නම් පොඩ්ඩක් මහත්මා ගතිය ගැන හිතල සමාව ඉල්ලපු එකත් හරි...
    එහෙම කළේ අපේ රට/කණ්ඩායම ගැන හිතලා නේද කියන එක තේරෙන්නෙ නැති, ඉන්දියාවටම පු.දෙ. ශ්‍රී ලංකා ක්‍රීකට් පාලක මණ්ඩලේ ඉන්න ගෑණු/පිරිමි දෙකොට්ටාස්සයටම අයිති නොවන කට්ටියට මොනව කියන්ඩද කියලා මටම ‍තේරෙන්නේ නැහැ.....

    ReplyDelete
  23. ඔව් මචන්..
    ක්‍රිකට් බෝඩ් එක අර කිව්ව වගේ NGO කාරයෝද කොහෙද..
    ස්තූතියි අදහසට..

    ReplyDelete
  24. චා සීන් එක බන්.

    මාර චා...

    ReplyDelete
  25. බ්ලොග් එකට සාදරයෙන් පිළිගන්නවා බිඟුවා..
    බොහොම ස්තූතියි..

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා