ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Sunday, August 1, 2010

කිස් 3000යි


මගේ යාලුවෙක්ට එළකිරි සිද්ධියක් වෙලා පහුගිය දවසක..
හරියටම කියනවනම් පෙරේදට කලින් දවසෙ තමයි වෙලා තියෙන්නේ..
මේක මගේ යාලුවෙක් කිව්වට මගේ මාමගේ පුතා.පොරත් ඉතින් මම වගේම නැතැයි..

කොහොමහරි එදා ඌ මොකක් හරි බෑන්ක් වැඩකට හාලිඇල මහජන බැංකුවට ගිහින් තියෙනවා.පොර ඉන්නෙත් හාලිඇල.හාලිඇල මහජන බැකුවට මේ දවස්වල අලුත් කෙල්ලො 3 දෙනෙක් ඇවිත් ඉන්නවා.මම හිතන්නේ A/L කරපු අය.ඉතින් නිකමට වගෙත් බැකුවේ සෙනගින්නම් අඩුවක් නෑ..
ගොඩක් කොල්ලො ඇවිත් අනිමිසලෝචන පූජාව කරනවා..

ඉතින් එදා මූ සල්ලි වගයක් ඩිපෝසිට් කරන්න පෝළිමේ ඉන්නවලු.සෙනගත් එදා වැඩිලු.එක පාරටම අර කෙල්ලො 3 දෙනා හිනාවෙන්න පටන් ගත්තලු.මූට හෙනම අවුල්ලු.මූටද දන්නෑනේ හිනාවෙන්නේ..එහෙමත් නෙවෙයිලු.

වෙලා තියෙන්නේ පිස්සු බෝල බෝල සිද්ධියක්..

අන්කල් කාරයෙක් චෙක් එකක් මාරු කරගන්න ඇවිල්ලා.අපේ එකා හිටපු පෝලිමේම තමා පොර ඉඳල තියෙන්නේ.ඉතින් සුපුරුදු පරිදි අන්කල් චෙක් එක කවුන්ටරේට දීලා.රුපියල් 33,000ක චෙක් එකක්.චෙක් එකේ මුදල අකුරිනුත් ලියන්න එපැයි.
ඉතින් අන්කල් කාරයා කලබලේටද මන්ද

තිස්තුන් දහසක් පමණයි කියන එකට කිස් තුන්දහසක් පමණයි කියල ලියලා.

සිද්ධියට බැංකුවේ හිටපු ඔක්කොටම හිනාලු..
පස්සේ අන්කල් දාඩිය පිහිද පිහිද අලුත් චෙක් එකක් ලිව්වලු..

22 comments:

  1. අර කොත්තු වෙනුවට තොත්තු ඉල්ලුවා වාගෙ වැඩක්.......

    ReplyDelete
  2. හෆොයි අසරණ කෙල්ලෝ තුන්දෙනා.. එක්කෙනාට එකොලොස් දාහ ගානේ විත් ඩ්‍රෝ කරන්න වෙනවා..! හිහි..මරු කතාව.

    ReplyDelete
  3. හික් හික් එල එල අන්කල්ට බඩ කපාගන්න හිතෙන්න ඇති

    ReplyDelete
  4. මමත් හාලිඇල යන්න ඕන කෙල්ලො තුන් දෙනා බලන්න කෙල්ලො ලස්සන ඇති නේ

    ReplyDelete
  5. aparade e cheque eke photo ekakuth ganna tibbe :P

    ReplyDelete
  6. මේව හිරේ යන වැඩ !

    ReplyDelete
  7. දන්සලට ආධාරයක් කරන්න කියලා කිව්වාම ආදරේ කරන්න කියලා ඇහුණා වගේ කතාවක් නේද ? හැබැයි ඊටත් වඩා සිරා වෙලා වගේ

    ReplyDelete
  8. මම කල්පනා කලේ ෆා ගෙ ගනන් දැනුම ගැන... කිස් 3000 තුනට බෙදපුවම 11000ක් එන්නෙ කොහොමද කියන එක තමයි ගැටළුව... හිකිස්

    ReplyDelete
  9. හික් හික්!! මරු කතාව!!! ඉතිං සිකාත් යන්න එපායැ කිස් ටිකක් ඉල්ලගන්න

    ReplyDelete
  10. @Shadow/හේමලයා -
    ඒක නම් ඇත්ත තමයි.. අන්කලයට එපා වෙන්නැති කොහොමහරි..

    @ෆා -
    කෙල්ලො 3 දෙනා කොයි වෙලෙත් හිනාවුන ගමන් ඉන්නේ.. එයාලට ඉතින් මේ වගේ දෙයක් උනාම ආය ඊට වඩා දෙයක් නැතිවෙන්න ඇති.කොහොමහරි එයාලගේ හිනාවෙන තමයි මුලු බැංකුවමත් දැනගෙන තියෙන්නේ සිද්ධිය..
    ස්තූතියි දෙන්නටම...

    ReplyDelete
  11. @පුබුදුවා -
    අන්කලය දාඩිය පෙරාගෙන ආපහු චෙක් එකක් ලිව්වලු.. එක්කො මෑන්ස් පව්ලත් එක්ක ප්‍රශ්ණයක්වත් දාගෙන ආවද මන්ද..

    @තිසර ප්‍රියංකර -
    හා හා එන්න එන්න.. හොයාගන්න අමාරු නැහැ.ඇතුල්වෙන තැනම තමයි ඉන්නේ..ගියායනම් කමක් නෑ මේ වගේ වැඩ නම් කරන්න එපා.මොකද නැත්තම් උන් හිනාවෙන්න ගත්තම පොළොව පලාගෙන යන්න හිතෙයි..
    තව එකක් අනි කොල්ලන්ගෙන් පරිස්සම් වෙන්න.මොකද එයාලත් ඇහැගහගෙනයි ඉන්නේ...

    ස්තූතියි දෙන්නටම..

    ReplyDelete
  12. @බුද්ධික -
    මොන ෆොටෝද අයියො.. ඒක ෆොටෝ ගහන්න ගියානම් පොරගෙන් මොනා නැතත් අම්බානකට කන්න තිබ්බා..

    @දුමී -
    ඒක නම් ඇත්ත තමයි..
    අර කෙල්ලො 3 දෙනාට නැතුව එතන ඉන්න වෙන නෝන කෙනෙකුට දුන්නනම් හිරේ යන්නත් බැරිකමක් නෑ.මොකද ඔය වගේ ජොලි හේතුවකුත් ඇති පොලීසියට හිරේ දාන්න..
    ආඩම්බරව කියන්නත් පුලුවන්නේ එතකොට කිස් 3000ක් දීල හිරේ ගියා කියලා..

    ස්තූතියි දෙන්නටම..

    ReplyDelete
  13. @Hasitha -
    හික් හික් ඒක මරු.. ඔහොම උනානම් ඉවරයිනේ.. කිස් 3000 හොඳයි තව.. මොකද ඒක පොඩි කෙල්ලො 3 දෙනෙක් ඉන්න තැනනේ උනේ.. සාමාන්‍යයෙන් ආධාර ඉල්ලන් යන්නේ ගෙවල් වලටනේ. ඒ ගෙදර ඉන්න නෝනට ඔහොම කිව්වනම් මහත්තයගෙන් හොඳ දන්සැලක් කන්න තිබ්බා..

    @අභීත උදය බණ්ඩාර එදිරිසිංහ -
    මම හිතන්නේ ෆා හරි ගානටම ගනන් හදන්න ඇති.මොකද චෙක් එකේ හරි ගාන 33,000යි නේ.අන්කල් ලියල තියෙන විදියටනම් කිස් තමයි 3000..

    @blog gadol -
    හොඳට තියෙයි ගියානම්.. මමත් ඔය කෙල්ලො 3 දෙනාව දැකල තියෙනවා..කොයි වෙලෙත් චැට් එක ඕන් කරගෙනයි ඉන්නේ.කාට හරි වැරැද්දක් වෙනකන් බලාගෙනයි ඉන්නේ හිනාවෙන්න.වයසෙ වැරැද්දනේ..
    අර දුමී කිව්වවගේ මම ගියානම් මට හිරේ තමයි යන්න වෙන්නේ.. පෙර වැරදි වලට..

    ස්තූතියි තුන්දෙනාටම..

    ReplyDelete
  14. නියම කතාව. ලියල තියෙන එක දැක්කම අංකල්ට තිස් තුන්දාහෙ කරන්ට් එකම වදින්න ඇති.

    ReplyDelete
  15. ඒකනම් ඇත්ත. ඒක තමා පොර දාඩිට පෙරාගෙන ආපහු එකක් ලියන්න ඇත්තේ.හොඳ වෙලාවට ලොකු ගෑනියෙක්ට දුන්නනම් පොරගේ පවුල් ජීවිතයටත් 33,000 තමා..
    ස්තූතියි Praසන්ன..

    ReplyDelete
  16. නිකමට හරි kiss 33000 ලැබුනා නම් 33000w වැදුනා තමයි.

    ReplyDelete
  17. ඒක නම් ඇත්ත තමයි... හී හී..
    ස්තූතියි..

    ReplyDelete
  18. අර කොටුවක් කපන්න නෙමෙයි කොටුවක් පනින්න කිව්ව වගේ හික් හික් එළම සිද්දිය

    ReplyDelete
  19. ඒක තමයි එළදත් අහනවා..
    කොහොමහරි අද මට අපේ මාමගෙ පුතා මීට් වුනා.පොර අදත් බෑන්ක් එකේ ඉද්දී අර අන්කල් කාරයා ආවලු.මුලු බැන්ක් එකේම එවුන් කන්න වගේ බලන් හිටියලු පොර දිහා.. විලි ලැජ්ජයි..
    ස්තූතියි පිස්සා...

    ReplyDelete
  20. මොන මගුලක් උනත් ලියන්න කලින් බ්ලොග් එකට හොද ටෙම්ලේට් එකක් දාගනින්කො මොකද්ද මේ මගුල දැක්කම තියෙන ඒව කියවන්න නෙමෙයි හිතෙන්නෙ

    ලොකෙම පන්ඩිතෙයො වගේ සමහරු බ්ලොග් ලියන්නෙ හැබැයි කියවන එකට කියවන්න ලෙසිවෙන්න හ‍රි තීම් එකක් දාගන්න දන්නෙ නැහැ මොකද්ද උම්බලගෙ රස වින්දනෙ උම්බලට හ‍්රියන්නෙම පබාල බබාල ගෙ වැඩම තමයි

    ReplyDelete
  21. අදහසටනම් බොහොම ස්තූතියි..
    ඒත් ඒක ලියල තියෙන විදිය නම් හරිනැහැ නේද? මොකද මේක ගොඩ දෙනෙක් නැතත් කීපදෙනෙක් හරි එන යන බ්ලොග් එකක් නේ.
    ඔයිට වඩා ලස්සනට චෝදනාව වුනත් කලානම් සතුටුයි..
    ලෝකෙ පණ්ඩිතයො වගේ බ්ලොග් ලියන අය ඉන්නවා තමයි.ඒවා කියවන අයත් ඉන්නවා.ඔයාල වගේ අයත් ඉන්නවා.හැම කෙනාටම පණ්ඩිතයන් වගේ බ්ලොග් ලියන්නත් බැහැනේ.ඒක ඒ අයගේ දක්ෂතාවයක්..

    අපට හරියන්නේ පබාල බබාල ගෙ වැඩ කියමු.. එතකොට ඔයාට හරියන්නේ මොකද්ද?
    මේවගේ ඇද හොය හොය විවේචනය කරන එකද?

    ReplyDelete
  22. ලස්සන කෙල්ලෝ දැක්කම අපටත් ඔහොම ලියන්න හිතෙනවා නෙව

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා