ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Monday, July 26, 2010

මීයන්ගේ මොළේ


දවස් ගානක ඉඳන් මීයො සෙට් එකක් වද දෙනවා ඉවරයක් නෑ.
ගෙදර මාරම අවුල් ජාලයයි.ගෙදර කරන් වයර් කාලනම් තිබුනෙ නෑ.හැබැයි කාඩ්බෝඩ් පෙට්ටි(පැකින්) ඔක්කොම විනාශ කරල දාලා.ගෙදරින් හැම දාම කෑගහනවා මේ මීයන්ට මොනාහරි බෙහෙතක් දාන්න කියලා.ඉස්සෙල්ලාම නම් මම කැමතිවුනෙත් නෑ.මොකද තිරිසන්නුනේ..
උන්ට මොනාද තේරෙන්නේ..

කොහොමහරි තාත්තත් පෙරේදට කලින් දවසේ ජාතිය ඇමතුවා.කරන්ට් වයරුත් කනකන්ද ඉන්නේ කියලා කෑගැහුවා.ඒ නිසාම පෙරේදා ගිහින් ගෙනාවා මීයන්ට බෙහෙත්.
කොලපාටට හුරු චොකලට් කෑලි වගේ ඒවා වගයක් තමා කඩෙන් ඉල්ලුවාම දුන්නේ(මෝර්ටීන්).
ඒවා පොඩ්ඩක් චොකලට් සුවඳයි.කොහොමහරි ඒවා මීයන් කෑවම ගෙදරින් එළියට ගිහින්ලු මැරෙන්නේ.එහෙම වෙන්නෙ කොහොමද කියලනම් දන්නෙ නෑ.

ඉතින් පෙරේදා රෑ ඉස්සෙල්ලාම පොඩ්ඩක් ටෙස්ට් කරන්න පොඩි මී බෙහෙත් කෑල්ලක් සාලෙ තියලා නිදාගත්තා.ටිකක් උඩක තිබ්බේ.නැත්තම් බල්ලා ඕවා කාල මල මගුලක් වෙයි.ඊයේ උදේ බලනකොට අර බෙහෙත් එහෙම්මමයි.කාලා තියා ඒ හරියෙන්වත් ගිහින් නෑ මම හිතන්නේ.මට පව් කියල හිතුනා.එහෙම හිතලා ඒ බෙහෙතුත් අයින් කරලා බෙහෙත් පැකට් එකත් හැංගුවා.මොකටද නිකන් අහින්සක සත්තු මරන්නේ.ග

අද උදේ නැගිටලා මම අර බෙහෙත් පැකට් එක විසිකරන්න හිතාගෙන හංගපු තැනට ගියා.

හත්තිලව්වයි...

මීයො පැකට් එකටම වැඩේ දීලා.. පැකට් එකත් එතන නැහැ.

මීයො පැකට් එකම අරන් ගිහින් එයාලගේ ඩිනර් එකට...

18 comments:

  1. හපෙ අප්පේ.......මදැයි කොළා....:D

    ReplyDelete
  2. දැන් මීයො නැද්ද බලපන්... ඔය බෙහෙත් ජාති උන්ට ඉවෙන් දැනෙනවා,

    ReplyDelete
  3. බලපන් මලයෝ මීයො සෙට් එක පාසනං ටික ආපහු කඩේට විකුනන්න ඇති. නැතිනම් තරහට අල්ලපු ගෙදර ඉන්න මීයන්ට වැඩක් දෙන්න ඉස්සුවද දන්නෙ නැහැ.

    ReplyDelete
  4. අඩේ අඩේ..මටත් මේ දවස් ටිකේම ඔය සීන් එකමනේ.. අද යයි හෙට යයි කියලා බලන් හිටියට මී කපල් එක අපේ ගෙදර අතඇරලා යන පාටක් නෑ..අපිත් ගෙනාවේ ඔය චොකලට් එකමයි.හැබැයි නිල් පාට.. දාන දාන කෑලි ටික ඔක්කොම උදේ බලද්දි නෑ.. හැබැයි මැරෙන පාටකුත් නෑ. සීලිම උඩ මී නැටුම් සද්දෙ නම් එහෙමමයි..
    පස්සේ මායි නංගියි කතා උනේ මීයෝ දෙන්න ඒවා එකතු කරනවද දන්නෑ කියලා.. අපි කන කෑමකට දාලා අපිටම මරු කැඳවන්නද කොහෙද උන්ගේ ප්ලෑන.

    ReplyDelete
  5. @Shadow/හේමලයා -
    මීයො පව්නේ කියල හිතලා අයින් කලේ.. උන්ටම ඕන කියලා අරගෙන ගිහින්නේ.. දුක තමයි..

    @පිස්සා පලාමල්ල -
    දැනට නම් මීයෝ පේන්න නැහැ.. මේ යක්කු මහ රෑනේ සද්දෙ දාන්නේ.. ඒකනේ බැරි.. කරන මගුලක් සද්ද නැතුව කලානම් එකක්..

    ReplyDelete
  6. @ෆා ද බ්ලොගී -
    ඔව් ඔයා කියන දේ වෙනවද දන්නෙත් නෑ.. නැත්තම් මේ කන හැටියට මීයො හොයාගන්නත් බැරිවෙයි..
    මම හිතන්නෙ ඔයා අද තමයි මේ පැත්තෙ ඉස්සෙල්ලාම ආවේ.. ගොඩක් සතුටුයි වගේම ගොඩක් ස්තූතියි.

    @දුමී -
    තරහට අල්ලපු ගෙදර ඉන්න මීයන්ට වැඩක් දෙන්න ඉස්සුවද කෙසේවෙතත් කිව්ව වගේ කරන්නද දන්නෙ නෑ යන්නේ මීයො සෙට් එක.. එහෙම උනොත් මල කෙළියයි

    @හිඟන්නා -
    මුන් ඊටත් එහා ගිය එවුන්..

    ReplyDelete
  7. උඹ මී කතාවක් කියපුවම තමා මතක් උනෙ......

    ඔන්න ඇමරිකාවෙ තියනවා නෙද නාසා ආයතනය කියල එකක්.. අර හඳට රොකට් යැව්වෙ.......
    ඔන්න ඒකෙ මීයො බො උනාලූ.... කොහොමටවත් මොකක්වත් බේරගන්න බැරිලු... අන්තිමට ඒකේ විදුදනන් කරල තියෙන්නෙ මී කතුරු අටවපු එක... හැබැයි එක මීයෙක් වත් අහුවෙලා නැ... පස්සෙ බැරිම තැන එයලා මීයො මරන්න අලුත් උපකරණයක් හැදුවලු... ඒක හදාගනත් ලෙසිලු. ඒකෙ තියෙන්නෙ ලැලි කැල්ලකුයි ඇණ දෙකකුයි කම්බි කැල්ල කුයි ලු. ලැලි කෑල්ල දෙපැත්තෙ ඇණ දෙක ගහල ඒකෙ අර කම්බිය බඳිනව... බැඳල ඇණදෙක දෙපැත්තෙන් පාන් කැල්ලකුයි චිස් කැල්ලකුයි තියනව. දැන් මීයා එනව ඇණදෙක මැද්දට, ඇවිත් හිතනව...
    ම්ම්ම්ම්ම් පාන් කනවද...? චීස් කනවද?? මෙ විදියට කම්බිය මැද්දට බෙල්ල තියාගෙන එපැත්තයි මෙපැත්තයි බල බලා ඉදලා අන්තිමට බෙල්ල කැපිලා මැරෙනව....
    කොහොමද හරි සරල ක්‍රමයක් නෙද???
    ලංකාවෙ විශ්වවිද්‍යාලයක මහාචාර්‍ය වරයෙක් ඊටත් වඩා ලාබෙට මී කතුර හදන විදිය කියාදුන්නලු....
    එකට එයාට නාසා ආයතනය මගින් ලොකු තැග්ගකුත් දුන්නලු. ලංකාවෙ එක්කනා හදපු එක නාසා ආයතනයෙන් හදපු එකම තමයි, හැබැයි වෙනසකට තියෙන්නෙ ඒකෙ පානුත් නැ චීස් කැල්ලකුත් නැ. ඉතින් මීයා පුරුදු විදියට එනව.... ඇවිත් කම්බියෙ බෙල්ල තියාගෙන හිතනව,,,
    අයියො.... පානුත් නැ චීසුත් නැ... මෙහෙම දෙපැත්ත බලබලා හිත හිත ඔලුව හරව හරව ඉඳල කම්බියට බෙල කපාගෙන මැරිල යනව.

    කොහොමද ලංකාවෙ පොරගෙ වැඩ????

    ReplyDelete
  8. ලංකාවේ අය ගැන නම් මොනා කියනවද?
    ඕන වැඩකට සුපිරි..

    ReplyDelete
  9. @ My3
    අයියො පරණ ගොන් ජෝක් එකක් නෙ ඕයි. අපිට නං හිනාගියේ නෑ. ඕක ගිහින් කියනව වෙන කාටහරි.

    ReplyDelete
  10. හූ හූ My3...

    @♠GaŋGster♠™ -
    සැර වැඩිද මන්දා....
    මේ පැත්තේ ආවට ස්තූතියි..

    ReplyDelete
  11. @♠GaŋGster♠™ -

    හිනා යන්න කව්ද ඕයි ඔවා ලියන්නෙ?

    ReplyDelete
  12. මීයො ඔයටික අරන් ගිහිල්ල ගෙදර බත් පිගානටයි, තේ එකටයි දාන්න බැරිකමක් නෑ. බලාගෙන.

    ReplyDelete
  13. තාම සොයනවා බෙහෙත් වලටයි මීයන්ටයි වෙච්ච දේ.. ඊයෙ රෑ නම් එච්චර සද්දයක් තිබුනෙ නෑ..
    ඩිනර් එක වැඩ කරලද දන්නේ නෑ.
    ස්තූතියි Praසන්ன

    ReplyDelete
  14. මචන් මීයො නෙමෙයි .බස්සා හෙම ආවද ඔය පැත්තෙ .

    වෙලාවට දැන් කැම්පස් එකේ නැත්තෙ . නැත්නම් උඹට තමයි බස්සට අහුවෙන්නෙත්

    ReplyDelete
  15. ඒක නම් ඇත්ත තමයි හැම එකාම ඔහොම කියනවා හී හී...
    බස්ස ආවොත් පොරට කියනවා හිරේ ගිහින් ඉන්න ඕන විදිය... හොහ්

    ReplyDelete
  16. අපරාදෙ කියන්න බැහැ නියම මොලේ.

    ReplyDelete
  17. නියම මොලේදත් අහනවා..
    කොහොමහරි දැන් නම් මීයො එකෙක්වත් පේන්න නැහැ..

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා