ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Saturday, July 24, 2010

යළි අප හමුවේවී....

කැම්පස් එකේ මේ දවස්වල වෙන දේවල් හොඳ දේවල් නම් නෙමේ..
ඒ නිසාමද මන්ද මට අපේ බැච් එක මතක් වුනා.ඉතින් කාලෙකට පස්සේ මම විශ්වවිද්‍යාලයෙන් නික්මයනකොට අරන් ආපු ඔටෝ එක කියවන්න හිතුනා.
ඒකෙ මගෙ යාලුවෙක් මට ලියපු කවි ටිකක් තිබ්බා.. මගේ හොඳම යලුවන්ගෙන් කෙනෙක්.. චතූ තමයි ලියල තියෙන්නේ..(හොස්ටල් එකේ කෙල්ලො කීප දෙනෙක් එකතුවෙලයි ලියල තියෙන්නේ)


කව්යක් ලියන්නයි උඹ ගැන සැරසෙන්නේ
මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ
පිස්සා මතක්වෙයි මගෙ සිතුවිලි ගොන්නේ
යන්නට එපා බන් මම නෑ සමු දෙන්නේ

ආවදා පටන් සරසවියට රුහුණු
ක්ලාස් 5 දී නුඹ මට මුණ ගැසුණු
කටක් නෙමෙයි වක්කඩයෙකි ගඳ ගැසුණු
"වකා" උනා නම උඹ හට පට බැඳුණු

ආවේ පාන්දර රස බස් අහන්නටයි
වූයේ උඹෙ ජෝකර් වැඩ බලන්නටයි
ආයේ කඳුලු ඇස්තුල උඹේ විහිලුවටයි
කීවේ මුසා අකලට වැසි වසින්නටයි

තිබුනත් කොහේ රට හැම තැන වලි ගුස්ති
යන්නේ පුරුද්දට මිස උඹේ නැත ගති රස්ති
දුන්නත් ටෝල්ක්ස් සේ වලිගය නැති රස්ති
වෙන්නේ අන්තිමට උඹ අත නැති සොත්ති

කීදේ කරනවා කලදේ කියමි මම
කියමින් ගොතන පච වැල් දැන් දනී සැම
උඹෙ පොර ටෝල්ක්ස් උඹට හරියයි නියම
දැන්නම් කතා ඇති කවදා වෙයිද නිම

මොනදේ කලත් උඹ ආ කල මේසයට
ඉල ඇට ඇදෙයි උඹ කරනා විහිළුවට
පිනවන සිත් සතන් අපගේ මනාවට
අන්දරේ උඹයි අල රජ සභාවට

මැටි ගොන්බූරුවා හරකා සමනළයා
මොන නම් කියන්නද උඹ මහ ගොන් අලියා
උණුවන හිතකි හොඳ බොක්කකි ඇති නරියා
ගතිගුණ හරිම ඉහළයි උඹේ වානරයා

කුණු කුණු ගගා කියවන පද වැල් සින්දු
මුණු මුණු වැනිය රැහැයියන්ගේ හඬ රැන්දු
චුරු චුරු ගානවා කන්බෙර වී පන්දු
බුරු බුරු ගායි හද උඹ ගයනා සින්දු

කල කැපවීම අමතක නොමවේ කිසිදා
දින 42ක මතකය සිත තුල රන්දා
කල අල සේවයට උඹේ හිත ගත බන්දා
අල අප සැවොම උඹ හට ණයවීද මන්දා

සොයුරෙකි,යාළුවෙකි සෙනෙහස දුන්නු මට
හිමි නැති උණා උඹෙ මිතුදම විඳින්නට
තවමත් පසුතැවෙයි විඳවයි විටින් විට
ආයෙත් එපා අප තනිකර දුවන්නට

තුන් වසරක කාලය නිමවන දවසේ
අමතක වේද මට උඹ මගෙ සිත් අහසේ
පිස්සුව නවත්වා දැන් මිනිසෙකු විලසේ
තෙරුවන් බලෙන් සතුටින් ඉඳපන් සිත්සේ

කඳුලක් ඇවිත් නෙතු අද්දර දඟ කරනා
දනවයි හිතට වෙන්වන බව සෑම දෙනා
වකා උඹට මම කල කී දේ දන්නා
පතන්නෙමි සුභ අනාවක් සිත් දුක් ඇති නොවනා

8 comments:

  1. ජීවිතේ හැමදාටම වටිනා මතක සටහනක්

    ReplyDelete
  2. කඳුලක් ඇවිත් නෙතු අද්දර දඟ කරනා
    දනවයි හිතට වෙන්වුන බව සෑම දෙනා.......

    ReplyDelete
  3. You took me back to my old days and memories.

    ReplyDelete
  4. වටිනා සමරු සටහනක්.

    ReplyDelete
  5. නියම යාලුවෝ ටිකක් උඹට ඉදලා තියනවා සිකා...... දෑන් උඹ සාර්ථකද ?.......

    ReplyDelete
  6. තවම උත්සාහ කරනවා සාර්ථක වෙන්න...

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා