ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Thursday, July 22, 2010

පොලීසියේ අලුත්ම බිල්ල


ටික දවසකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තෙ ආවේ...

අද උදේ ලැබුණ ආරංචියකින් මගේ මුලු දවසම අවුල් වුණා.ඒ සිද්ධවෙලා තියෙන දේ මගේ ජීවිතයටත් ගොඩක් සමීප නිසා වෙන්න ඇති මට එහෙම දැණුනේ.

මීට සති 3කට විතර කලින් රුහුණු විශ්වවිද්‍යාලයේ ලොකු ගැටුමක් ඇතිවුනා.හැබැයි අපි ඉන්න කාලේ වගේ එකක් නෙමේ.සිසුන් සහ ගමේ අය අතර තමයි ගැටුම හටගෙන තිබ්බේ.මේ සිද්ධියෙන් සිසුන් කිහිපදෙනෙක්ට පිහි ඇනුම් පාරවල් පවා කන්න සිද්ධවෙලා තිබුණා.සිසුන් සහ ගමේ අය කීපදෙනෙක් රිමාන්ඩ් එහෙමත් කලා.මේ සිද්ධිය වුනේ Art ,Management සිසුන්ට.කොහොමහරි ඊට පහුවෙනිදාම විශ්වවිද්‍යාලය වහන්න තීරණය වුනා.සාමන්‍යයෙන් විශ්වවිද්‍යාල වැහුවම හොස්ටල් වලවත් කට්ටියට ඉන්න දෙන්නෙ නැහැ.විශ්වවිද්‍යාලය වහපු දවසේ හොස්ටල් එකට නියෝගයක් එවල තිබුණා "12ට කලින් සිසුන් සියල්ලම ඉවත් විය යුතුයි" කියලා.

පස්සෙ පොලීසිය හොස්ටල් එකට කඩන් පැනල ඒ වෙනකොටත් හොස්ටල් එකෙන් ඉවත්නොවී හිටපු සිසුන්ට අමානුෂ්‍ය ලෙස පහරදී තිබෙනවා.සිසුන් කීපදෙනෙක් රෝහල් ගතකලා.
එක සිසුවෙක්ට(Art final year) අසාධ්‍ය නිසා බදුල්ලට මාරු කර එවා තිබෙනවා.මොකද ඔහුගෙ ගමත් බදුල්ල නිසා.
හැබැයි සිද්ධවුනේ අපි කවුරුත් නොහිතපු දෙයක්.

ඒ සිසුවා අද උදෑසන මෙලොවින් සදහටම සමුගෙන....

මේ දේ තමයි පොලීසියට උවමනා කරල තියෙන්නෙ ඇත්තේ.මේ දේවල් මෙහෙමම යට යයි.මට මේ වෙලාවේ ඇත්තටම මොකුත් ප්‍රකාශ කරගන්න අමාරුයි.ඒ තරම් මම මානසිකව වැටිල ඉන්නේ.මොනා වුනත් මේ වෙලාවේ අපි ඔක්කොම එකට නැගී සිටිනවා.

මේ වනවිට මාතර නගරයේ පොලීසියට එරෙහිව ලොකු උද්ඝෝෂණයක් යනවා.විශ්වවිද්‍යාලය පවා වැසීමට පියවර අරන්.
නමුත් දැන් මේ දේවල් කලා කියලා අර නැතිවූ සිසුවා අප අතරට එයිද?

පොලීසියේ අයට හිතක් පපුවක් නෑ.සමහරවිට දැන් යන උද්ඝෝෂණයටත් තව පොඩ්ඩකින් පොලීසිය කඩා පැනලා මල වින්නැහියක් කරයි...

අතිගරු ජනාධිපතිතුමණි..
ඔබ තුමාවත් මේ ගැන සොයා බලා සාධාරණයක් ඉෂ්ඨ කරන්න....
මෙම විශ්වවිද්‍යාල ශිෂ්‍ය දඩයම නවත්තන්න....

21 comments:

  1. ඛේදනිය පුවතක්...අපි කොයිබටද?..දසක් බලාපොරොත්තු පොදි බැඳන් සරසවියට ඇවිත්...:(.

    ReplyDelete
  2. මේ ගැන හොයා බලලා උපරිම දඩුවම් දෙන්න ඕනෙ!!

    ReplyDelete
  3. මාත් රුහුණු විශ්වවිද්‍යාලයේ,අපි සයන්ස් අය වුනත් මේ ප්‍රශ්නනේදී අපි එකට ඉන්නවා,දැන් ගෙදර ආවේ උද්ඝෝෂණ තැන ඉදලා,බේද අමතක කරලා පොදු අරමුණක් සදහා අපිත් ඉන්නවා Art ,Management සිසුන් සමග.පොඩි නිවරදි කිරිමක් කරන්න ඕන පොලීසිය ගැහුවේ ජනරජ මාවත ලගදී ගෙදර යන්න හිටිය අයට.....

    ReplyDelete
  4. අද තමයි මං බ්ලෝග් එක දැක්කේ.අයියා දෙවුන්දර බාලේ අයියා දන්නවද?හැබයි මං නම් 2009 Batch එකේ,අදුර ගන්න කැමතියි.මාත් සයන්ස් එකේ නිසා.බෝම්බේ සීන් එකටඩ උසාවි ගියේ????

    ReplyDelete
  5. මේව යට යවන්න දෙන්නෙ නැතිව කොහොමහරි අවුස්සල ගන්න ඕනි.

    ReplyDelete
  6. මමත් ඔය පුවත දැක්කා... විශ්ව විද්යාල සිසුන් එකතු වෙලා උද්ගෝශනයක් මාරගයෙන් හරි මේ වගේ වැඩ ආයෙ නොවෙන්න වගකිව යුතු තැන් වලට දැනුම් දෙනවනම් හොඳයි. ඒත් පලක් වෙයිද මේ රටේ ???

    ReplyDelete
  7. ඔය ඔක්කොටම වස්තු බීජය තමයි ඉගෙන ගන්න එන ලමයි ඉගෙන ගන්නේ නැතුව අරගල කරන්න යාම. දැන් හැමෝම මට බනියි මම වැරදි දෙයක් කියනවා කියලා. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න. ඔය කිසි දෙයක් වෙන්නේ නෑ ඉවසීමෙන් යුතුව වැඩ කරලා ගමේ මිනිස්සු එක්ක පිහි ඇනුම් ඇන ගත්තේ නැත්නම්. ඉතින් දැන් පොලිසියට විරුද්ධ වෙලා මේ ප්‍රශ්න විස‍ඳෙන්නේ නෑ. සිසුන් විශ්ව විද්‍යාල වලට ගියේ මොකටද කියලා දැනගෙන වැඩ කරන්න ඔනේ.

    ReplyDelete
  8. මිය ගිය අයගේ අම්මා මිය යාමට හේතුව පොලිසියේ පහරදීම නොව සිසුන්ගේ පහරදීම නිසා බව කියයි. හෙන හතම ගහපන් ඕකුන්ට

    http://www.adaderana.lk/news.php?nid=9076

    ReplyDelete
  9. @Shadow/හේමලයා,
    @blog gadol,
    @Praසන්ன ,
    මමත් කියන්නේ ඒ ටිකම තමයි.. අනිවා වැරදිකරුවන දඬුවම් ලැබිය යුතුයි.

    ReplyDelete
  10. @LankaeTeam -
    ස්තූතියි නිවැරදිකිරීමට..
    ඔව් මල්ලි බාල අපේ බැච් එකේ.මට මල්ලිව facebook එකේදී හම්බුණා මතකයි.
    මම වකා.දැන් දන්නවද?
    හොඳයි ඔක්කොමල එකතුවෙලා කරපු එක.ඒහ් දැන් දැන් සිද්ධිය වෙන පැත්තකට යන සිද්ධියක් තියෙන්නේ..
    මේ ලින්ක් දෙකේ සිද්ධි 2ක් තියෙන්නේ..
    http://www.lankadeepa.lk/2010/07/23/front_news/01.htm

    @පිස්සා පලාමල්ල -
    ඔබ කිව්වාසේ දැනටමත් ඵලක් නැතිවෙලා වගේ.. සිද්ධිය වෙනම මගකට ගන්න උත්සාහයක් යනවා..
    මාධ්‍යයන් 2කින් මේ වනවිට පරස්පර විරෝධී අදහස් 2ක් යනවා.. අනේ මන්ද.. මේවයින් තැලෙන්නේ අසරණ දෙමව්පියන්..
    http://www.adaderana.lk/news.php?nid=9076

    ReplyDelete
  11. @Anonymous -
    මම ඔයාට දොස් කියන්නේ නෑ..ඕනම කෙනෙක් ඔය දේ තමයි කියන්නේ.නමුත් ඇතුලාන්තය කවුරුත් දන්නෙ නෑ.

    ඔයා දන්නවද? මේ නැතිවුන සිසුවා ඔය කියන කිසිදෙයක් දන්නෙවත් නැතුව ඇති.. ඒ තරම් අහින්සකයෙක් ඒකා.

    කීපදෙනෙක් කරන වැඩ නිසා හැම කෙනාම ඔය මිම්මෙම් මනින්න එපා ...

    ReplyDelete
  12. අනිවා ඔය ජරා වැඩේ කරපු එවුන්ට නිසි දඳුවම් ලැබෙන්න ඕනේ ...

    ReplyDelete
  13. ඒ පාර තවත් කතාවක්...
    සිද්ධිය වෙන කොහේවහ්.. සිසුව මිය ගිහින් තියෙන්නේ වෙනම සීන් එකකින්..
    අනේද කියන්නේ...
    http://www.lankadeepa.lk/2010/07/23/front_news/11.htm

    ReplyDelete
  14. මොකටද මල්ලී අත පුච්ච ගන්න වැඩ කරන්නේ. ඉස්කෝලේ ප්‍රින්ටරේ කාට්‍රිජ් එක පුරවන්න දන්නෙම නැතුව හරියට ඔය කියපු වෙලේ මමත් මාතර ගියා. රස්තියාදු වෙලා ගොඩක් මං ආපහු ඉස්කෝලෙට එන කොට රෑ උනා ගොඩක්. විරොධතාවේ හිටපු අය කරපු දේවල් සියල්ල අනුමත කරන්නේ නම් නෑ. ඒ ගැන මං වැඩිය කියන්නේ නෑ.

    හැම එකාම හෙළුවෙන් ඉන්න කොට අපි කොච්චර හොදට ඇදන් හිටියත් වැඩක් නෑ. ඒ එක්කම හැමෝම හොදට ඇදුම් ඇදන් ඉන්නකොට අපි හෙළුවෙන් ඉදලත් වැඩක් නෑ. අහිංක කොල්ලෙක් මලා. උඹලට කරන්න තියෙන්නේ සමගියෙන් වැඩ කරණ එක මිසක් අනවශ්‍ය දේවල් නෙවේ.

    කැම්පස් එකේ හැමදාම ගහගත්ත ආට් කට්ටියි,සයන්ස් කට්ටියයි එකතුවෙලා ඉන්නවා. ළමයි කීයක් ඉන්නවද කැම්පස් එකේ. ලෝයර් කෙනෙක් බලපල්ල හොද. කාටවත් කඩේ යන්නේ නැති. මූලික අයිතිවාසිකම් නඩුවක් ගනිල්ලා ඉතිහාසය අලුතින් ලියනගමන්. උසාවයට යන්න ඕන දේවල් විරෝධතාවයෙන් වෙන්නේ නෑ. අද වෙනකං උනේ මැරුණ කෙනා නිසා ජීවත්ව ඉන්න උඹලා ගුටිකාපු එක.මැරුණ කෙනාට යුක්තිය අරං දෙන්න ඕන නං බැච් වලිං එකාගෙන් රු.50ක් අරං දාපල්ලා නඩුවක්. දැනට වෙලා තියෙන දේවල් හොදටම ඇති නඩු දාන්න. තමං නිර්දෝශ වෙයල්ලා.

    මට තියෙන එකම ප්‍රශ්නේ ප්‍රශ්න වලට බය උඹලාට ඔය ප්‍රශ්නෙත් මාස දෙකයි. උගත් බුද්ධිමත් කියන්නේ දුර බලලා කැපවීමෙන් ප්‍රශ්න විසදගන්න පිරිසකට. උඹලා කරන්න ඕන දේ නෙවෙයි කරන්නේ. ඔක්කෝටම වඩා ලොකු ප්‍රශ්නේ ඒක.

    ReplyDelete
  15. නඩු දාල හරියයිද?
    ඔයා මගේ බ්ලොග් එක කියෙව්වද?

    කියෙව්වනම් ඔයා සමහරවිට වෙනම අදහසක් දෙයි මේ සම්බන්ධව..
    අපි ප්‍රශ්ණ වලට බයවෙනවා නෙමේ..බය වෙන්න සිද්ධවෙනවා.වෙන දේවල් හැටියට.

    හරි නඩුවක් දැම්ම කියමු.කාට විරුද්ධවද? පොලීසියට විරුද්ධවද? උසාවිය අහන්නෙත් පොලීසිය කියන දේ.
    ඒකෙන් වෙන්නෙ එකම දෙයයි.තවත් කොල්ලො කීපදෙනෙක්ට හිරේ යන්න වෙන එකයි.එතකොට ඔය කියන කවුරුත් නැහැ.උන් ටිකයි විඳවන්නේ.මම අද්දැකීමෙන් කියන්නේ.මම වැරදි කලා වෙන්නැති.ඒත් මාත් එක්ක හිරේ හිටපු එවුන් අඩුම ගානේ වලියක් කියන්නෙ මොකද්ද කියලවත් දන්නෙනැති එවුන්.උන්ට මොකද්ද අද නීතියෙන් ලැබිල තියෙන සාධාරණය?මාස 6කට වරක් උසාවි එන එක තමයි.ඕකයි අද රටේ තත්වෙ.

    අපි අපේ දේවල් කැප කරපු නිසා තමයි මේකෙ රහ හොඳට දන්නේ..
    අපි කරගත්ත.අපට වුන දේවල් දැක්කම ඕන එකෙක් බැක් වෙනවා.. ඒක උන්ගේ කොන්ද පනනැති එක නෙමේ.කවුරුත් කැමති නෑනේ නිකරුණේ දුක් විඳින්න.

    ReplyDelete
  16. කියපු දේ තේරුං ගනිං මල්ලි. මං කියන්නේ මූලික අයිතිවාසිකම් නඩුවක්. ශේෂ්ඨාධිකරණයේ. පොලිසියේ සම්භන්දයක් නෑ.බලපං කැලණියේ ශිෂ්‍ය සංගම් සභාපතියි, තව ගෑණු ළමයෙකුයි නඩු දාලා මූලික අයිතිවාසිකම් නඩුවක්.හැමදේටම නඩ් දාන්න බෑ තමයි.මං කියන්නේ මේ ප්‍රශ්නෙදි ඒකයි දැං ඉතුරු.අඩුව තියං අත පුච්ච ගන්න එපා. කට්ට ඔය වයසෙදි කන්නේ නැත්තං ආය කවදද කන්නේ???? වේලක් දෙකක් බඩගින්නේ ඉන්න,සතියක් අව්වේ වේලෙන්න, කූඩුවට නගින්න, ඇයි හිරේ යන්න. ඔවිවා නොකර මේ රට හදන්න (උවමනාව ඒක නම්) අමාරුයි. කල් යද්දී තේ රෙන දේ ගොඩක් වෙනස්. අපි උඹලාගේ පැත්ත ගන්නේ අපිට උඹලා දැනෙන නිසා. නමුත් අපට පව් හිතෙන්නේ උඹලා අනා ගන්න නිසා.

    ReplyDelete
  17. දැන්ම අයියට තේරෙනවනේ...
    ඊයෙ කියපු කතාව නෙමේ අද.. ඊයෙ කිව්වා කිසිම පහර දීමකින් නෙමේ සිසුවා මිය ගියේ කියලා.. අද කියනවා පහර දීමකින්ලු...
    ඔන්න නීතිය...............

    ReplyDelete
  18. මේ සිද්ධිය ගැන එක එක්කෙනා එක එක කතා කියනවා නිකම් හතර බීරි කතාව වගේ.

    කොහොම වුණත් ජනාධිපතිතුමා මේකට මැදිහත් වෙලා මේ ගැන සොයලා වාර්තාවක් ඉදිරිපත් කරන්න කියලා නියෝග කරලා තියෙන එක නම් හොඳ දෙයක්.

    ඒකත් ඔය කලින් එකතු කරපු වාර්තා වගේ හමස් පෙට්ටියට නොගියොත් තමා හොඳ

    ReplyDelete
  19. ඒක නම් ඇත්ත..
    ඔක්කොම සිද්ධි එකකට එකක් වෙනස්.. ඊයෙ මේ මරණය ස්වභාවිකව සිද්දවුනු එකක් කිව්ව පොලිස්පති අද කියනවා මේක ඔලුවට පොලු පහරක් වැදුන නිසා සිදුවූවක්ලු..
    එතකොට කව්ද පොලු පහර ගැහුවේ??
    පොලීසියද?? බස්සද??

    ReplyDelete
  20. dikwelle policeye Oic samantha

    ReplyDelete
  21. කොහොමහරි වැරදි කරුව මොකා උනත් ඒකට නිසි දඩුවම් ලබාදෙන්න කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ...

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා