ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Thursday, July 15, 2010

මාමේ බාල සමාගමූ


මේ සිද්ධියත් වුනේ පාසල් යන කාලේ.

මේක ෂෝර්ට් & ස්වීට් කතාවක්.

එතකොට උසස්පෙල කරන්න ඇවිත් වැඩි දවසක් නෑ.පිස්සුම ක්ලාස් එකක් තමයි සෙට් වුනෙත්.ගොඩක්ම කලේ පීරියඩ් කට් කරන එක.Chemistry,Physics practical යන්නෙම නැති තරම්.
ඉතින් ඔහොම යනකොට අපේ එකෙක්ට මරු අදහසක් ආවා..

"අපි හැමදාම ඉස්කෝලෙ ඇවිල්ලා ඉගෙන ගන්නෙ නෑනේ බන්.. පිස්සු නටනවා විතරයිනේ.අපි practical යන්නෙත් නැති එකේ සෙට් එකම යමුද ක්‍රිකට් ගහන්න" කියල කිව්වෙ නැතැයි.

අපි එක පයින් ඒ යෝජනාව ස්ථීර කලා.

"ආය කල් යවන්න ඕන නෑ බන්.. හෙටම යමන් ඔන්න ඔහේ" කියලා අරූ වැඩිදුරටත් කිව්වා.

දැන් මේ අපි කරන්න යන්නේ පහුවෙනිදා ඉස්කෝලේ එන්නෙ නැතුව ක්‍රිකට් ගහන්න යන්න.හරි ඔක්කොම සෙට්.

ගෙදරටත් සුපුරුදු පරිදි පචයක් ගහලා ගියා සෙල්ලම් කරන්න.සෙල්ලම් කරක කර ඉන්නකොට තවත් කොල්ලෙක් ආවා.ඒක අපි මේක ප්ලෑන් කරන දවසේ ඉස්කෝලෙ ආවෙ නෑ.

"උඹලත් මාර පොරවල්.මම යකෝ ඉස්කෝලෙට ගියා.අපේ ක්ලාස් එකේ කොල්ලො එකෙක්වත් නෑ.මමත් එහෙම්ම හැරිල ආව මෙහෙට" කියලා පොර කිව්වා.

සෙල්ලම් කරල ඉවරවෙලා ගෙදරත් ගියා.ගෙදරින් අවුලකුත් නෑ.පහුවෙනිදා ඉස්කෝලෙ ගියා.මාරම සීන් එකක් තමා වෙලා තියෙන්නේ....

අපේ කොල්ලෙක් ගෙදරට ඇත්තම කියල ඇවිල්ලා සෙල්ලම් කරන්න.
"ඉස්කෝලෙ හරියට උගන්වන්නෙ නෑ.ඒ නිසා ඉස්කෝලෙ යන්න බෑ" කියල තමා ඌ ගෙදරින් ඇවිත් තියෙන්නේ.මේක ගෙදරින් යනකන් ඉඳලා මුගේ තාත්ත සිද්ධිය ඇත්තද බලන්න ඉස්කෝලෙට ඇවිල්ලා.ආය ඇවිල්ල නිකන් ඉඳලත් නෑ.සර්ලගෙන්ම අහලා මේ සිද්ධිය ඇත්තද කියලා.හරිනෙ ඉතින්.පිස්සු බෝල බෝල.

දැන් ඉතින් ඕව කතා කරල වැඩක් නෑ.එන දේකට මූණ දෙනව කියල හිටියා.අපේ කොල්ලො සෙට් එකම ක්ලාස් එකෙන් එළියට ගත්තා.පට්ට අව්වේ පිට්ටනිය දිගට හිටෙව්වා.ආය කාඩ් කුඩේ කුඩු.අනික් ක්ලාස්වල එවුන් සත්තු වත්තට ආවා වගේ අපි දිහා බලන් ඉන්නවා.අපේ අංශ ප්‍රධාන ටොමිය සර් ආවා.

"හෙට එනකොට ඔක්කොමලා අම්ම හෝ තාත්ත එක්කන් එන්න ඕන.නැත්තම් ක්ලාස් එකට ගන්නේ නෑ." කියල කිව්වා.
ලොකු උදව්වක්" කියන්නත් හිතුණ මට.

හිහ් හිහ්.මට නිකන් එක පාරටම මතක් උනේ අපේ දෙයියව.ඒ කියන්නේ මගේ මාමව.පොර තමා මගේ මේ හොර වැඩ වලට එන්නේ.මීට කලිනුත් කීපවතාවක්ම ඇවිත් තියෙනවා.ඒ නිසාම මාමටත් මේක නුහුරු දෙයක් නෙමේ.මම මීට කලිනුත් මාමට කියල තියෙන්නේ

"ඇවිත් එයාල කියනදේට ඔලුව වනල යන්න" කියල විතරයි.ඒ දේවල් එලෙසම එයා කලා.සමහර ඒවා අදවනතුරු ගෙදරින් දන්නෙත් නෑ.මේකත් එහෙමම තමා.

සුපුරුදු පරිදි අපි භාරකාරයෝ එක්ක ඉස්කෝලෙ ආවා නිකන් මොන්ටිසෝරි යනව වගේ.ඔක්කොටම මීටින් එකක් ගත්තා.සර්ල මොනාද මන්ද කියනවා.අපේ මාමා ඩිම් වෙලා අහන් ඉන්නවා.කොටින්ම කියනවනම් මාම සිද්ධිය හරියට දන්නෙත් නෑ.
එක පාරටම සර් කෙනෙක් අපේ මාමගෙන්

"ඔබතුමා දැනුවත්වද ළමය ඉස්කෝලෙ එන්නෙ නැතුව සෙල්ලම් කරන්න ගියේ?" කියල ඇහුවෙ නැතැයි.

එතකොට මාමා මම කිව්වාසේම ඔලුව වැනුවා.සර් ඒවෙලාවින් පස්සේ අපේ මාමගෙන් මොකුත් ඇහුවෙ නෑ.එපා වෙන්නැති සමහරවිට.මොකද අනික් හැමකෙනාම වගේ කිව්වේ මෙහෙම දෙයක් ගෙදරින් දන්නේ නෑ කියලා.කොහොමහරි ආපු කට්ටියගේ ලිස්ට් එකක් ගත්තා.ඒ ජරමරෙත් ඉවරයි.
හොඳම සීන් එක වුනේ ඊට පහුවෙනිදා.

අපේ එවුන්ගෙන් කාගෙද භාරකරුවො ආවෙ නැද්ද බලන්න ලිස්ට් එකෙන් නම් කියව කියව චෙක් කලා.
හත්වලාමයි මගේ නම නෑ...

සර් කාරයා මාව එළවන්න හැදුවා.

මම කිව්ව "නෑ සර් මම එක්කන් ආවා" කියලා.

සර් මාත් ඉඳිද්දිම ලිස්ට් එක ආපහු සැරයක් චෙක් කලා.ඒත් මගේ නම නෑ.පස්සේ මම අරන් බැලුවා.
පස්සෙයි සිද්ධිය දන්නේ..

ලිස්ට් එක ලියපු කොලේ 2ට බෙදලා එකේ දාල තියෙනවා ළමයාගේ නම,භාරකරුගේ නම කියලා.
ඉතින් අපේ මාමා, ළමයගෙ නමට මාමගේ නම ලියලා භාරකාරයගේ නමට මගේ නම දාලා.
ඉතින් සර් ලිස්ට් එක කියවන්නේ ළමයිගේ නම් සෙට් එක බලලනේ.ඒකෙ මගේ නම නෑනේ.

මට මැරෙන්න හිනා.මට වඩා සර්ට හිනා...

ඔයින් ගියා ඇති....

20 comments:

  1. හෆොයි......මාමා වැඩේ කාල නෙව...:).

    ReplyDelete
  2. මරු මාමා , ගොනා වගේ ඉන්නවා ......... හිහිහි .... ලොල් !!

    ReplyDelete
  3. මදැයි ඔයින් ගියා.

    ReplyDelete
  4. අනේ අම්මපා මට ඔය වගේ මාමා කෙනෙක් හොයාගන්න බැරිඋනානේ

    ReplyDelete
  5. @Shadow/හේමලයා ,හිඟන්නා :-
    තව පොඩ්ඩෙන් මට ගෙදර තමා යන්න වෙන්නේ..
    මරුම මාම තමයි..

    @ලසන්ත :-
    ඔයින් ගිය එකනම් හොඳයි තමයි..
    හික් හික්

    ReplyDelete
  6. @sheshanie :-
    තමා තව පොඩ්ඩෙන්,මාම රට පටලවගෙනනේ..

    @sameerausa :-
    ඕන නම් අපේ මාමව එවන්නම් ලොල්.

    ඔක්කොමලට ස්තූතියි

    ReplyDelete
  7. ෂික් ඔහොම මාමෙක් හිටියානම් මමත් අද මිනිහෙක්නේ...

    ReplyDelete
  8. කැම්පස් එක්කන් යන්න බැරිවුනානේ මාමව...

    ReplyDelete
  9. අඩො උඹට තිබුනෙ මාමාව කැම්පස් එක්කන් එන්න .. එහෙනම් මෙ කරඩර වලින් භාගයක් හරි අඩු වෙනවනෙ......උඹ වෙනුවට මාමාව හිරෙ යවන්නත් තිබුනා,..... අපරාදේ,................!!! :))))))))))
    මෙ එක නෙවෙයි මතකද උබට 11C වල කෙල්ලෙක්ගෙ බෑග් එකට ...... දාලා විච්ච දෙ????
    ඇයි බස්සගෙ ගෙදර ගාව චීන පටස් ගහපුව එහෙම........

    ReplyDelete
  10. නියම මාමා කාරයෙක් තමයි අහුවෙලා තියෙන්නෙ. නියමයි කතාව.

    ReplyDelete
  11. @My3 :-
    කතානම් කොච්චර තියෙනවද? ඒව ලියන්න ගත්තොත් ඉවරයක් නැතිවෙන්න ලියන්න පුලුවන්..

    @Praසන්ன :-
    මරුම මාමා තමයි.. කැම්පස් අරන් යන්න බැරිවුනානේ..

    ස්තූතියි අදහස් වලට

    ReplyDelete
  12. එළ කිරි මචන්, මම අද මේ අමුතු නම දකලා අහම්බෙන් වගේ අවේ. අපිත් කම්පස් හින්ද බොකටම වදිනවා.මම මුල ඉදන් අගටම හැම පෝස්ට් එකම කියෙව්වා. එළ. ජය වේවා....!
    machan ubata comment karanna maara kattak kewe, dana dana hama sarema mokak hari una me 3 weni try 1.

    ReplyDelete
  13. ගොඩක් ස්තූතියි මචන් අමිල ..
    කැම්පස් වල කට්ටිය මෙහෙම හරි සෙට් වෙන එක ලොකු දෙයක්..

    ඔව් බන් වෙන්නැති.. මටත් බ්ලොග් එකට ලොග් වෙන්න දුන්නෙ නෑ.. මොකක් හරි අවුලක් තිබුණා.. දැන් හරි

    ReplyDelete
  14. මාමා දෙයියෙක් වගේනේ. මෙහෙම මාමලා දැන් කාලේ හොයාගන්න කොච්චර අමාරුද ?

    ReplyDelete
  15. ඒක නම් එහෙමම තමයි..
    ස්තූතියි Hasitha

    ReplyDelete
  16. හා හා හා හා
    හරි ශෝක් :D
    අපේ තාත්තත් හැමදාම අත්සන් කරන්නේ වැරදි තරුවේ !

    ReplyDelete
  17. තව පොඩ්ඩෙන් මමනම් ක්ලාස් එකෙන් එළියේ..
    :-D

    ReplyDelete
  18. මම මේක කියවන්න සෙට් උනේ ලගදි..ටොමියා කිව්වේ පිකිස්‌ කරන සර් නේද...පට්ටයි..එයාව මතක් වෙනකොටත් ෆන්...හැමදාම පීරියඩ් ඒකෙන බාගකෙට වඩා ඉවරයි කතාවට..පට්ට පට පට..

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා