ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Sunday, July 11, 2010

කිරි අම්මා දානේ කෑවේ වගේ


ජීවිතේ මොන මොන දේවල් උනත් පාසල් ජීවිතේ අමතක කරන්න බෑනේ.

මේ සිද්ධ්යත් උනේ අපි A/L කරන කාලේ.පාසල් යන කාලේ කරපු වැඩවල summery එකක් කලින් දැම්මනේ.මේකත් මට උන හොඳම සිද්ධ්වලින් එකක්.

අපේ තාත්තා ඒ කාලේ විදේශගත වෙලා හිටපු නිසා ගෙදර මම විතරයි කොල්ලෙකුට කියල හිටියේ(නමට හරි).ඒ නිසා නීති වැඩී.මාව එහෙමෙහේ යවන්නෙ නෑ.ගියොත් ඉතින් හොරෙන් තමයි.මගේ රූම් එක තියෙන්නේ ගෙදර ඉස්සරහාම කෑල්ලේ.ඉතින් මටම කියලා හොරට කපාගත්ත යතුරකුත් තිබ්බා.කොල්ලො සෙට් සෙට් ගෙදර එනවා.ඇවිත් ඉතින් පිස්සු තමයි.ඒ නිසාමද මන්දා කොල්ලො ආපුගමන් අම්මා කාමරේට යනවා උඹලඕන දෙයක් කරගනින් කියන වගේ අදහසකින්.ඒ දවස්වල Music වලට මාරම පිස්සුවක් තිබ්බේ.Musical එකක් තිබ්බොත් හොරෙන් හරි යනවා කොල්ලො සෙට් වෙලා.ගෙදරත් එහෙමයි.සින්දු දාගත්ත ගමන්ම තමයි.

දවසක් අපේ කොල්ලෙකුගේ ගෙදර කිරි අම්ම දානයක් තිබ්බා.
කවදාවත් ඕව මම දැකල තිබ්බෙ නෑ.ඒ දවස්වල තාත්තත් නිවාඩු ඇවිල්ලයි හිටියේ.මාරම වැඩේ කියන්නේ කිරි අම්මා දානේ තියෙන දවසෙම අපේ ගෙදරත් දානයක්.අපේ ගෙදර එකට කවද ඉන්න බැරිද..
දැන් ඉතින් කොහොමද ගෙදරින් අවසර ගන්නේ?ආය ජීවිතේට යන්න දෙන්නෙ නෑනේ.කල්පනාකලා.හරි.

බොරුවක් මතක් උනා.ඒ දවස්වල අපි Physics class ගියේ සර් ගේ ගෙදරට.සමහර දවස්වල රෑට පාඩම් කරන්න යනවා සර්ලගේ ගෙදර.කරන ඇති පාඩමක් නම් නෑ.සුපුරුදු පරිදි ගෙදරට කිව්වා

"අද රෑට සර් class එකක් දැම්මා.. හෙට උදේට ගෙදර එන්නම්" කියල.

මීට කලිනුත් මෙහෙම ගිහින් තියෙන නිසා ගෙදරින් යන්න දුන්නා.සල්ලිත් දුන්නා.ඒ වෙලාවෙනම් පොඩි දුකකුත් ඇතිවුනා.කොල්ලො ටික සෙට් වෙද්දී ඒවා ඉවරයි.මාරම වැස්ස එදා.කොහොමහරි කිරි අමමා දානේ තියෙන ගෙදරට ගියා.මාරම place එක.තේවත්තක් ඇතුලෙන් යන්න තියෙන්නේ.

කොහොමහරි එදා උදේන්ම උන්ගෙ ගෙදරින් පිටත් උනා.මොකද උදේ ගෙදර එනව කිව්වනේ.එදා දවල් 1ට class එහෙමත් තිබ්බා.කොහොමහරි එදා උදේ ගෙදර එනකොට අපේ නෑදෑයෝ ඔක්කොමල වගේ අපේ ගෙදර.නිකන් කන්න වගේ මම දිහා බලන් හිටියා.මම වැඩිය ගානක් නැතුව රූම් එකට ගියා.තාත්තා ආවා රූම් එකට.

"මොනාද class එකේ ඉගෙන ගත්තේ? කීය වෙනකන් හිබ්බද?" කියලා ඇහුවා.මම නිකන් හිටියෙත් නෑ."අමාරු ටියුට්ස් වගයක් කලා තාත්තා.. " කියලා මම කිව්වා.

ටියුට්ස්ම තමයි.එළිවෙනක් සින්දු කියපු ඒවා,කාඩ් ගහපු ඒවා තමයි කරපු ටියුට්ස්.තාත්ත මොකුත් කියන්නෙ නැතුව ගියා.මම ලෑස්තිවෙලා දවල් ක්ලාස් ගියා.

අප්පච්චියේ.. ක්ලාස් ගියාමනේ දන්නේ වෙච්ච දේ..

මගේ යාලුවෙක්ට ගෙදරින් කෝල් එකක් දීලා මෙහෙම රෑ ක්ලාස් තියෙනවද කියලා ඇහුවලු.ඌ මේ මෙලෝ දෙයක් දන්නේ නෑ.ඌ කියලා නෑ කියලා.මම උන් එකෙක්ටවත් කියල නෙමේ ගියේ.කොහොමහරි අපේ තාත්තයි.මාමයි එදා රෑම සර්ලගේ ගෙදර ගිහින්.සර්ගෙන් ඇහුවම කිව්වලු අද ක්ලාස් නැහැ කියලා.හරිනෙ ඉතින්.ඔක්කොම පත්තුනේ.

කොහොමහරි මම ගෙදරින් ගියාට පස්සේ කෝල් එකක් ඇවිත් තියෙනවා.ඒකෙන් කියල තියෙන්නේ මම එදා ක්ලාස් ගියේ නෑ මීට වඩා පොඩ්ඩක් මම ගැන සෙවෙල්ලෙන් ඉන්න කියලා.එහෙම කිව්වම ඇතිනේ ඉතින්.මට තාම ඒ කෝල් එක දීපු එකා හොයාගන්න බැරිවුනා.ඒ කියන්නේ උදේ මම ගෙදර යනකොට ඔක්කොමල සීන් එක දැනගෙනයි ඉඳල තියෙන්නේ.ඒක තමයි මන් දිහා කන්න වගේ බලන් හිටියේ.මම තාත්තට ආපහු සැරයක් පචයකුත් ගැහුවනේ.මට ඔක්කොම එකින් එක මතක් උනා.මොනා කරන්නද දැන් ඉතින්.ඔක්කොම නෝන්ඩිනේ.
මගේ අතේ VCD එකකුත් තිබ්බා Flashback live concert.යාලුවෙක් දීපු එකක්.මම ඒකත් අරගෙන ගෙදර ගියා ක්ලාස් ඉවරවෙලා.ගිහිල්ලා ඇත්තම විස්තරේ කිව්වා.බැනුම් කෝටියයි.

මට එහෙමම එපාවෙලා ගියා රූම් එකට.මගේ ඇඳ එහාපැත්තේ තාත්ත රට ඉඳන් ගෙනාපු වයින් බෝතලයක් තිබ්බා.ඒකෙන් කාලක් විතර තිබ්බා.මම එහෙම්ම ඒක ගහල ඇරලා එහෙම්ම නිදාගත්තා.ආපහු නැගිටිනකොට උදේවෙලා.මලා.තාත්ත ඇඳ ගාව වාඩිවෙලා මම නැගිටිනකන් බලන් ඉඳල තියෙන්නේ.

"මේ බෝතලේ තිබ්බ ඒවට මොනාද දන්නේනෑ උනේ නේද?" කියලා මට බෝතලේ පෙන්නලා ඇහුවා.

එතකොටයි මතක් උනේ.මමනෙ බිව්වේ.මම නිදිමතේම

"දන්නේ නෑ තාත්තා.. මම නම් නෙමේ.. පූසා බොන්න ඇති" කියල කිව්වා.

තාත්තට පොඩ්ඩක් හිනත් ගියා.මට පස්සෙයි මීටර් උනේ මම මොකද්ද කිව්වෙ කියලා.සිද්ධිය එතැනින් ඉවරවුනේ නෑ.ඊට පස්සේ වෙනම කේස් එකක්.

"උඹට මේ දේ විතරයි අඩුවෙලා තිබ්බේ" කියලා තාත්ත මට ගහන්න පැන්නා.

අම්ම තමයි තාත්තව අල්ලගත්තේ.මම හිතුවේ බීපු එකට කියලා.ඒකට නෙමේ වෙන කේස් එකක්.

අර මම ඉල්ලන් ආපු VCD එක.ඒක මම සෙටප් එක උඩ තියලයි ආවේ.තාත්ත ඒක දාල බලලා.එකේ තිබිල තියෙන්නේ full sex movie එකක්.ඕකට තමා කියන්නේ ඉල්ලන් හෙවත් ඇදගෙන නානව කියලා.
මට Musical එකක් කියලනේ දුන්නේ.වෙන එකක්නම් ඔහොම ප්‍රසිද්දියේ තියෙනවද?
මම ඒ දේවල් තාත්තට තේරුම් කරල දීලා VCD එක අරන් 2ට කැඩුවා.

අම්මෝ ඔයින් බේරුණා ඇති....

ප.ලි. :-
එදායින් පස්සේ ප්‍රස්තාපිරුළකුත් හැදුනා.. අපි කිරි අම්මා දානෙ කෑවා වගේ කියලා.. ඒවා අදටත් කොල්ලො මතක් කරලා වඳේ ගහනවා..


17 comments:

  1. නියම කතාව. හිරේ දාන්න වටින වැඩක් තමයි කරල තියෙන්නේ.

    ReplyDelete
  2. හික් හික්!! ඔය කාලෙට මියුසික් සීඩී වුණත් ගෙදරට ඇවිත් වීසීඩී ප්ලේයර් එක දැක්කට පස්සෙ ගන බවට හැරවෙනවා!!

    ReplyDelete
  3. උබව ගහක බැදල ගහන්න තිබ්බෙ හික් හික්. ඔය කාලටෙ ඉතින් හුඟක් කොල්ලො ඔහොමයි. මාත් ඉස්සර තාත්තට හම්බෙන ඔය වයින් එහෙම චුට්ට චුට්ට ඉවර කරනව හික් හික්.
    හැබයි ඉතින් උබ ගෙදර වැඩක් තියෙද්දි මග ඇරපු එක නම් හරි නැහ...

    ReplyDelete
  4. එක වැරද්දක් නෙවෙයි වැරදි ගොඩයි.තාත්තට හිතෙන්න ඇති එකක් ගහල මදි කියල.ගහනව නම් එක දිගට සතියක් වත් ගහන්න ඕන මේවට නම්.හික්z..

    ReplyDelete
  5. ගහෙං වැටිච්චි ගොනාට මිනිහ ඇන්න වගේ තමයි.
    කියෙව්වෙ නැද්ද ගුණදාස ලියනගේ ගෙ තාත්ත බ්‍රැන්ඩි බීපු හැටි.

    ReplyDelete
  6. මාර සීන් කෝන් එකක්....

    ReplyDelete
  7. ස්තූතියි ඔක්කොමලගේ අදහස් වලට..

    ReplyDelete
  8. @Praසන්ன & indi :-
    මාරයිදත් අහනවා.. තාම ගෙදරින් මතක් කරනවා කේස් එක...
    එහෙම වෙලාවට ආපහු හිරේ යන්නම තමා හිතෙන්නේ...

    @පිස්සා පලාමල්ල :-
    ඒකනම් ඇත්ත බන්.. ඒ දේ කෙරුවාට තමයි තව පොඩ්ඩෙන් අම්ම නොහිටින්න කණ පුරා හම්බෙනවා..

    @blog gadol :-
    ඒකනම් ඇත්ත .. හික්z

    ReplyDelete
  9. @පබලු :-
    අම්ම නොහොටින්නයි.. තාත්ත ආපහු රට යන්න නොහිටියානම් මම
    මේ කරන වැඩ වලට තාම කනව මම හිහ් හිහ්

    @ඉන්දික උපශාන්ත :-
    ඒ මොකද්ද ඒ කතාව?? ඒකත් මේවගේ චාටර් සිද්ධියක්ද??

    ReplyDelete
  10. ලෙඩ වාට්ටුවක්නේ !!!

    ReplyDelete
  11. ආයෙත් අහලා.. ස්තූතියි හිඟන්නා..

    ReplyDelete
  12. මාත් හිර කාරයො දැකල තියෙනවා . . .හැබැයි මෙහෙම එකෙක්ව නම් දැකල නැහැ . . . . !

    ReplyDelete
  13. හොහ් හොහ් බොහොම ස්තූතියි මචන් දුමී....

    ReplyDelete
  14. සුපිරි කතාව බං අයියේ. මට තාම හිනා :DDD

    ReplyDelete
  15. අම්මප මුට හොඳටම ගහල ආයෙත් ගහන්න ඕනෙ :D

    ReplyDelete
  16. ඇත්තටම එදා ගෙදරට කෝල් කරලා කිව්වේ කවුරු වෙන්න පුලුවන්ද? :O
    උඹ තාම හිතන් ඉන්නේ ඒ මම කියලාද? :)
    එහෙම කරා නම් අනිත් පහුවදා උඹව ක්ලාස් එක්කරන් යන්න මම එනවයැයි... :D
    හැබයි උඹට දැන් තේරෙනවා ඇති කාගේ වැඩක් වෙන්න පුලුවන්ද කියලා... අපි නොදන්න පුත්තරයා... :P

    ReplyDelete
  17. @පුසා , චන්දි -
    ස්තූතියි දෙන්නටම

    @kani -
    තොපිල සීන් එක දැනගෙන ඉඳලත් ඒ වෙලෙත් මට කිව්වෙ නෑනේ.. ක්ලාස් එකට ආවමනේ දැනග්ත්තේ..
    වෙන කොහෙන්ද බන්.. අල්ලපු ගෙදරින්ම තමයි කෝල් එක එන්න ඇත්තේ..

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා