ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Friday, July 9, 2010

ප්‍රස්ස්ස්ස්ස්ස්


මේ කතාව විශ්වවිද්‍යාලයෙන් out වෙන්න ඔන්න මෙන්න තියල වුන දෙයක්.
මේක මතක් උනේ බ්ලොග් ගඩොල් ගේ කතාව කියෙව්වට පස්සේ.

out වෙන්නත් කිට්ටුයිනේ.ගෙදර ගියාට පස්සේ නිවාස අඩස්සියේ නිසා හොඳට සප්පායම් වෙන්න අපි සෙට් එක තීරණය කලා.හොස්ටල් එකේ නම් හැමදාම වගේ සෙට් වෙන කට්ටිය ඉන්නවා.අපි ඉතින් එහෙමටම බොන්න යන්නෙ නෑ.එහෙමයි කියලා නොබී ඉන්නෙත් නෑ.

ඉතින් කොහොමහරි අපි කොල්ලො 10ක් විතර එදා රෑ සෙට් වෙන්න තීරණය කලා.හොස්ටල් එක ලඟ තියෙනවා restaurant එකක්.ඒකට තමයි ගියේ.ඉතින් අනන් මනම් කතා දන්නෙ නැද්ද..අපට වුන දේවල්,කර ගත්ත දේවල්,ඉස්සරහට කරන දේවල් දොඩවන්න ගත්තා.කට්ටියට හොඳටම සූර් දැන්.ඇවිදගන්න බෑ.හොස්ටල් එකට ගිහින් එළම පිස්සුවක් නැටුවා.රූම් වලට පැනල කට්ටියව බකට් කලා.බොරුවට වගේ බදාගෙන ඇඬුවා.Juniorsගෙන්නලා පොර ටෝල්කස් දුන්නා.අපේ එකෙක් කිව්වා

"අඩේ අලුත් එවුන් ඇවිල්ලනේ ඉන්නේ.. යමන් උන්ගේ හොස්ටල් එකට.. ගිහින් මීටිමක් ගමු" කියලා.

අපේ පට්ට සුපර් ජුන්ඩො.අපිට ඉතින් ඉන්නෙ කොහෙද කියල මතක නෑ.හරි යමන් කියලා ගියා.වෙලාව රෑ 12ට වගේ.නිදාගෙන ඉන්න එවුන්වත් නැගිට්ටවල එළියට ගෙන්නුවා.

මීටිම පටන් ගත්තා.පොඩි එවුන් දන්නෙ නෑ අපි මේ සූර් වෙලා කියලා.මම කොහොමත් මීටින් වල කතාකරන්න යන එකෙක් නෙමේ.මම වාඩිවෙලා අහගෙන හිටියා.

ඔය අතරේ අපිත් එක්ක සෙට් වුන එකෙක් මම ඉන්න තැනින් නැගිටලා මීටින් එක ගන්න එකා ලඟට ගියා.අර ඔක්කොම ඉස්සරහ

"මචන් පොඩ්ඩක් ඉඳපන්"

කියලා පොර මොනාහරි juniorsලට කියන්නයි ගියේ.ඒත් සිද්ධවුනේ වෙන දෙයක්.මහ අමුතු සද්දයක් ආවා.

"ප්‍රස්ස්ස්"...

මට සිද්දිය තේරුණා.වෙරි කොහෙන් ගියාද දන්නෙ නෑ.මට හිනාව නවත්තගන්න බෑ.මටයි තව එකෙකුටයි විතරයි සිද්ධිය මීටර් වුනේ.

"ප්‍රස්ස්ස්" ගෑවේ අපේ එකාට .... ගිහින්.

ඒ අතරේ තව එකෙක්

"කාගෙද බන් කලිසමක් ඉරුණේ?" කියල ඇහුවෙ නැතැයි.

ඌ දන්නෙත් නෑ ඇත්ත සිද්ධිය.අපිට තවත් හිනා.
කොහොමහරි සිද්ධිය වුන එකා එහෙම්ම මාරු.විලි ලැජ්ජයි.ජුන්ඩෝ ඉස්සරහා.හොඳවෙලාවට උන්ටත් සිද්ධිය වැඩිය මීටර් නෑ.එක්කො මීටර් වෙලා බයේ සද්ද නැතුව හිටියද දන්නෙත් නෑ.

කොහොම්හරි අපේ හොස්ටල් එකට ඇවිත් රොයිටර් සේවාව දියත් කලා.

එදායින් පස්සේ අරූ මොනාහරි කියාගෙන ආවම "ප්‍රස්ස්ස්" ගෑවම පොර එහෙම්ම සයිලන්ට්..
අපේ Going down එකෙත් ඒ සිද්ධිය රඟපාල පෙන්නන්න අපේ juniorsලා අමතක කලේ නෑ.
එදානම් ඌට එපාවෙලා හිටියේ....

8 comments:

  1. ප්‍රශ්න අතරෙ හොද හොද වැඩත් වෙලා තියෙනවා නේද?

    ReplyDelete
  2. පොඩි උන් ඉස්සරහ පට්ට නෝන්ඩිය ඌට

    ReplyDelete
  3. අඩේ මරු කොලු වැඩක් කරලා තියන්නේ !! ලොල් !!! :P

    ReplyDelete
  4. ඒ කොලුවැඩේ කරපු තැන තමයි අවුල් :D

    ReplyDelete
  5. හපොයි අසරණයා! හික් හික්!!ඒ වුණාට හිනාත් යනවා!!!

    ReplyDelete
  6. අපට හිනාගියාට ඌට නම් මතක් කරද්දිත් මලේ මල..
    අදහස් දාපු ඔක්කොමලට ස්තූතියි...

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා