ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Wednesday, July 7, 2010

කොළඹට කිරි ගමට කැකිරි

කලින් කොටසෙ කිව්වනේ යාලුවෙක් මගේ CV එක ඉල්ලන් ගියා කියලා.මොකුත් අරමුණක් නැතුව හිටියා.ඔහේ කරන්නන් වාලේ වැඩ කර කර.

කොළඹට කිරි ගමට කැකිරි කතාව පටන් ගන්නේ මෙතැනින්...

එදා මට මගේ යාලුවා ගිය කම්පැනියෙන් ඊමේල් එකක් ආවා.interview කෝල් කරලා.කියපු පරිදිම යාලුවා වැඩේ කරලා.පස්සෙ මම ඒ කම්පැනියට කෝල් කලා.කෝල් කල දවසට පහුවෙනිදම interview එන්න කිව්වා.මොකද්ද exam එකක කතාවකුත් කිව්වා.මාර ජමර වෙලාවක තමයි තිබ්බේ.දවල් 12ට.
ඉතින් එදා රෑම මෙහෙන් පිටත් වෙලා යාලුවගේ බෝඩිමට ගිහින් යන්නයි හිතුවේ.ඒ විදියටම වැඩේ කලා.බෝඩිමට ගියාමයි මතක් උනේ CV එකේ කොපි එකක් ගේන්න බැරි උනානේ.හරි ඉතින් කොළඹනෙ ඉන්නේ.ඕක printout එකක් ගන්න බැරියයි කියල හිතාගෙන 11ට විතර තමයි කම්පැනියට යන්න බෝඩිමෙන් පිටත් උනේ.

කිව්වට විශ්වාස කරන එකක් නෑ එක කඩේකවත් printout ගන්න බෑ.බොරැල්ලෙ ඉඳන් හෙන දුරක් ගියා.එක තැනක්වත් නෑ.කොහොමහරි නිකන් හිතාගන්නවත් බැරි කඩයක printout ගන්න තිබ්බා.කඩල කඩයක් වගේ නිකන්.

කම්පැනියටත් ගියා.ඇතුලට යනකොට නම ලියලා විකාරයක් කරල යන්න ඕන.ඇතුල් වෙන වෙලාව දාන්න තියෙනවා.ෆෝන් එකත් ගත්ත නිසා වෙලාව බලන්න හැරුනා.මලා ඔරලෝසු 4ක වෙලාවල් 4ක්.පිස්සු වගේ.

"මොකෙන් කියල බලන්නද නේද මල්ලි" කියල එතන හිටපු සික්කෙක් නෝන්ඩියකුත් දැම්මා.

රටවල් 4ක වෙලාවල් වෙන්න ඇති.ඇතුලට ගියා.වාඩිවෙලා ඉන්නව ඉන්නව මොකෙක්වත් නෑ.මට එහා පැත්තෙ girl කෙනෙක් හිටියා.ඒකිම කතාවට ආවා.

"ඔයා SLITTද UCSCද?" කියල ඇහුවා.

මම කිව්වා "නෑ මම රුහුණේ" කියලා."හාපෝ රුහුණෙ කචල් නේද? හැමදාම වහල නේද?" කියලා එයා කිව්වා.

මම ඉතින් ඔලුව වනලා බිම බලාගත්තා.මම කරගත්ත දේවල් කිව්වනම් ඒකි දුවනවා එතැනින්.මමත් නිකන් හිටියෙ නෑ.

"ඔයාගේ කැම්පස් එක මොකද්ද?" කියලා මම ඇහුවා.

ඒකි නිකන් ඇඹරෙන්න ගත්තා.
"මම කැම්පස් ගියේ නෑ.resources වලට interview ආවේ" කියලා එයා කිව්වා.

ආහ්.මේයා මේ කැම්පසුත් යන්නෙ නැතුව තමයි ටෝල්කස් දීල තියෙන්නේ.මම ඉතින් ඕව කියන්න ගියෙ නෑ.සද්ද නැතුව හිටියා.එතකොට කම්පැනියෙ කෙනෙක් ඇවිත් මගෙන් ඇහුවා

" ඔයා SLITTද UCSCද?".

යකෝ මේක ඇහුවෙත් ඒකමනේ.මම ඉතින් ඇත්ත කිව්වා.කොහෙද ගෙවල් කියලත් ඇහුවා.ඒකටත් ඇත්තම කිව්වා.සද්ද නැතුව යන්න ගියා.මොනාවෙන්න යනවද මන්ද.කොහොමහරි interview board එකට දැම්මා.ඔක්කොම විස්තර ඇහුවා.Subject එක ගැන ඇහුවා.පස්සේ paper එකක් දුන්නා.ඒකේ තිබ්බේ හාත්පසින්ම වෙනස් දේවල්.ගොඩක් ඒවා ඉගෙන ගෙන නෑ.කොහොමහරි පැය දෙකක් තිස්සේ ලිව්වා.MCQ එකක්.

"අපි ඔයාට දන්වන්නම්" කියලා මාව එව්වා.

මොනා දන්වන්නද?වැඩක් නෑ.මොන පිස්සුවක්ද මේක?අහන්නෙ එකක්.ලියන්න දෙන්නෙ තව එකක්.මම එහෙම්ම බෝඩිමට ආවා.එදා සිකුරාද දවසක්.මම එක දෙයක් තේරුම් ගත්තා.මෙහේ තැන තියෙන්නේ අර එයාල කියපු කැම්පස් වල ඉන්න කට්ටියට තමයි.අනික් එවුන් ගනන් ගන්නෙවත් නෑ.ඒකයි ඇත්ත.ඔහොම හිත හිත ගෙදර ගියා.

හරියටම අඟහරුවාදා 2nd interview කෝල් කලා.බදාද 12ට එන්න කිව්වා .එදා කොහොමහරි නිවඩු දවසක්.අවුරුදු දවස් වල තමයිදවස් වල මේ හුට පට උනේ.11 වෙනිද තමයි මම ගියේ.12 ඉදන් 1.45 වෙනකන් interview එක තිබ්බා.රටේ නැති ප්‍රශ්න ඇහුවා.අර උත්තරේම දීලා යන්න කිව්වා.අනේ මන්ද.එන්න එන්නම එපාවෙනවා.එදා රෑම ගෙදර ගියා.ඊට පහුවෙනිදා තමයි ගෙදර ගියේ.

නිදාගෙන නැගිට්ට ව්තරයි දවල් 11ට විතර කම්පැනියෙන් කෝල් එකක් එනවා.

"ඔයාගේ අනික් interview එක තියෙනව අද." කියලා කිව්වා.

එයාල හොඳටම දන්නවා මම බදුල්ලෙ කියලා.ඊට වඩා අවුරුදු හෙටයි කියලා.මම කිව්වා මම අද තමයි ගෙදර ආවේ කියලා.එහෙන් කිව්වේ

"කොහොමහරි ට්‍රයි කරලා හවස 6ට කලින් එන්න" කියලා.

මොනා කරන්නද?යාලුවෙක්ගේ වාහනයක් කොළඹ යනවා කියලා දැනගත්තා.එහෙන්ම interview යන්න කිට් එක දාගෙනම බදුල්ලෙන් 1ට වගේ පිටත් උනා.මගට ඇවිල්ලත් කම්පැනියට කෝල් කරල කිව්වා එනව කියලා.කොහොමහරි කම්පැනියට යනකොට හවස 6.15යි.මාව දාල යාලුවත් ගියා.කම්පැනියෙ සද්දයක්වත් නෑ.
ඇතුලෙ කෙනෙක් ඇවිත් ඇහුවා

"ඇයි ආවේ" කියලා.මම විස්තරේ කිව්වා."පොඩ්ඩක් ඉන්න" කියල ගිහින් ඇවිල්ල කියපු දේ දන්නවද??

"ඔයාට කව්ද එන්න කිව්වේ? අද ගොඩක් කට්ටිය නිවාඩුනේ." කියලා.

මම විස්තරේ කිව්වා.එයාල කිව්වා

"ඔයාට එන්න කියපු බවක් සඳහන් වෙලා නෑ.ඊළඟ interview එක තියෙන දවස කියන්නම් සොරි" කියලා.

මට කුණුහරප මතක් උනා.කොච්චර කට්ටක් කාලද මෙතනට ආවේ.මම පොඩ්ඩක් විතර අනන් මනම් කියලා එළියට ආවා.යන්න තැනකුත් නෑ.පස්සෙ මාමට කෝල් කරල ගෙන්නගෙන තමයි එතැනින් ගියේ.
ඇයි මෙහෙම දේවල් කරන්නේ?
එයාලට කියන්න ලේසි.එහෙම්ම මම අදහස නැතිකරගත්තා.ඕන නෑ මට මේ වගේ ඒවා.ඊට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්නවා.අපි හිඟමන් යනව නෙමෙයිනේ.අපේ සුදුසුකම් වලට හරියන්නයි අපි ජොබ් එකක් හොයන්නේ.
එහෙම එකේ මෙහෙම කරන එක සාධාරණද?
ගෙදර ඇවිත් ඉන්න අතරේ මම කලින් දාපු තැනකිනුත් මට ආපහු interview call කලා.ඒක අප්‍රේල් අන්තිමට තිබ්බේ.හොඳම කතාව තමයි අර කලින් ගිය කම්පැනියෙන් කෝල් කරනව කිව්වට සද්දයක්වත් නෑ.පස්සේ බැරිම තැන මම කෝල් කලා.එහෙන් මොකද්ද දන්නවද කිව්වේ.

"ඔයාගේ 2nd interview එකේ තොරතුරු අපි ළඟ නෑ.ආපහු තියන්න වෙනවා.අපි කෝල් කරන්නම් ඔයාට" කියලා.

ඔන්න බලන්න.
මේ දේ දැනගන්න ලැබුනෙත් මම කෝල් කරපු නිසා.මෙහම වගකීමක් නැතුව වැඩකරන එකෙන් වෙන්නේ අපි වගේ මිනිස්සු තැලෙන එක නෙමෙයිද?
මෙහෙම දේවල් තව කොච්චර සිදුවෙනව ඇද්ද?
නමුත් ලෝකයාට කම්පැනියෙ නම කිව්වත් ඇති.ෂා මරු කම්පැනියනේ.ඔහොම තමයි කියන්නේ.
ඒත් ඒකෙ සිදුවෙන මෙවැනි දේවල්.ඕව කවුරුවත් දන්නෙ නැති දෙවල්.සාමන්‍යයෙන් කොළඹ එන්න එපැයි හොඳ ජොබ් එකක් හොයාගන්න.ඕකනෙ ඇත්ත කතාව.
ඒත් එහෙම ආපුවාම මොනාද කියන්නේ?
එයාල ජොබ් දෙන්නේ උගත්කම බලල නෙමේ.

ඉන්නෙ කොහෙද?පාසල මොකද්ද?කැම්පස් එක මොකද්ද?club එක මොකද්ද?ඔන්න ඕව තමයි එයාලට වැදගත්.ගමේ

ඉඳල ජොබ් වලට කොළඹට එන කෙල්ලො කීදෙනෙක්නම් අමාරුවේ වැටිල ඇත්ද?
මොකද කම්පැනියෙ බොස්ට ඕන විදියට එයාල හිටියෙ නැත්තම් එයාල ඉවරයි.මෙහෙම කිව්වම කාටත් තේරෙනව ඇති.ඔන්න ඕකයි අද රටේ තත්වේ.කම්පැනිවලට කට්ටිය ගන්නවා.මරව මරව වැඩ ගන්නවා.ඊට පස්සෙ බල්ලො වගේ එළියට දානවා.ගිය අවුරුද්දෙ එක කම්පැනියකින් එක සැරේට 300ක් එළියට දැම්ම ඔයාලට මතක ඇති.කොළඹ තිත්ත උනා මට.මේ වැඩේ නිසා.

ඔහොම ඉන්නකොට ආපහු සැරයක් අර කම්පැනියෙන් කෝල් කරල කිව්වා

"ඔයාගේ 2nd interview එක හෙට තියෙනවා 12ට" කියලා.ආපහු .

මම ඒ වෙලාවේම හිතාගත්තා මට ජොබක් නැතුව ගෙදර හිටියත් මම ආයෙමත් ඒ කම්පැනියට යන්නෙ නැ කියලා.කොහොමවුනත් අප්‍රේල් අන්තිමට තිබ්බ interview එකෙන් මම select උනා.ඒක වෙන කම්පැනියක්.මේ වනවිට මම Lanka Dairy ආයතනයේ IT section එකේ Software Engineer ලෙස කටයුතු කරනවා.

කොහොමහරි එදා මම ගත්ත තීරණය ගැන අද මම සතුටු වෙනවා.

කොළඹ තරම් ගම් වල පහසුකම් නෑ තමයි.
ඒත් එහෙම කියල එයාලව අයින් කරන එක සාධාරණද?

කව්ද මේවට වගකියන්නේ??

17 comments:

  1. ජීවීතයේ විවිධ හැල හැප්පීම් මත වුවද ඔබගේ වර්තමාන වෘතීයය ජීවිතය පිලිබද මයියා සතුටු වනවාය,
    කෙසේ නමුත් බල්ලා කන්ද ලගට යා යුතු නමුත් කන්ද බල්ලා ලගට නෝඑන බව මයියා අදහන සථ්‍යක්.

    ReplyDelete
  2. මටත් මායියා ට සමාන අදහසක් කියන්න තියෙනවා.

    ඔබව රස්තියාදු කරපු එක අනිවාර්යයෙන් වැරදි. නමුත් සම්මුඛ පරීක්ෂණයකදී ඔබේ පැත්තෙනුත් දක්ෂතා දැක්වීමට වග බලා ගත යුතුයි. "දන්නෙනැති දේවල් ඇහුවා" වැනි නිදහසට කරුණු ඉදිරිපත් කිරීම උපාධිධරයෙකුට සුදුසු නැහැ (විශ්ව විද්‍යාල වලට පාසල් මෙන් විශය නිර්දෙශ නැත්තේ ඇයි දැයි සිතා බලන්න ).

    ඔබේ කලින් ලිපි වලට අනුව (මා සියල්ලම තාම කියවා නැහැ ඒ නිසා සමහරවිට මා වැරදි වෙන්න පුලුවන්) ඔබ එතරම් උනන්දුවෙන් ඉගෙන ගත් පාටක් නැහැ. මේක කියන්න නිකම්ම පහර ගැහීමට නෙවෙයි - නමුත් ඔබ කැම්පස් ගියේ එතරම්ම ඉගෙනීමට ආසාවකින් නොවන වගයි පෙනෙන්න තියෙන්නෙ. හැබැයි අනෙක් අතට රුහුණු කැම්පස් එකේ ඉගෙනීම්ට වාතාවරණයක් තිබුනාදැයිත් සැකයි.

    ReplyDelete
  3. (Same person as 'Anonymous' above)

    මේ බ්ලොග් එක කියවාගෙන යද්දි තව කාරණයක් කියන්න හිතුණා. මේක අපේ රටේ විතරක් නොවෙයි බොහෝ රටවල (සමහර දියුණු රටවල පවා) තිබෙන ප්‍රශ්ණයක්: යම් පුද්ගලයෙක් සිරගත උනහම හේතුව නොසලකා ඒ පුද්ගලයාව සමාජයෙන් සදාකාලිකව හංවඩු ගැහෙනවා. මේ නිසා අසරණ මිනිස්සු කොන් කෙරෙනවා විතරක් නෙවෙයි වැඩදායී විශාල මිනිස් ශ්‍රමයක් සමාජයට නැතිවෙනවා. ඒ අතින් ඔබ ඉන්න තත්වය ගැන සතුටුයි.

    ReplyDelete
  4. උබ හොඳ තැනක ඉන්න එක ගැන සතුටුයි.

    ReplyDelete
  5. @Anonymous
    /* විශ්ව විද්‍යාල වලට පාසල් මෙන් විශය නිර්දෙශ නැත්තේ ඇයි දැයි සිතා බලන්න */

    මට අහන්න තියෙන්නේ අර කෙල්ල අහපු ප්‍රශ්ණය මයි.
    ඔයා කෙහෙද ඉගෙන ගත්තේ SLITT ද, UCSC ද?

    මේ බ්ලොග් එක ලියන සගයා නම් රුහුනේ දී ඉගෙන නොගෙන වල බැස්සා යැයි හිතමු. එතකොට ඔයා? මට ඇත්තටම හරිම පුදුම හිතුණ හින්දයි මේ ලියන්නේ?

    ReplyDelete
  6. අඩො ඕක තමා ඇත්ත......මම ජොබ් කියකටනම් දැම්මද??? එකකටවත් අඩුමතරමෙ ලිපිය ලැබුනා කියලවත් එන්නෙ නෑ......උන් හිතාගෙන ඉන්නෙ අපි බයියො කියලා..... මෙලොදෙයක් කරන්න බැරි කැඳයො කියල...එකනිසා තමයි මම ටියුශන් පටන්ගත්තෙ,......මට නම්බුපිටින් ඒක කරගෙන ඉන්න පුලුවන්.....
    උඹ කොහොමහරි ඉදිරියටම පලයන්..... එකට ඕනි ශක්තිය උඹට තියනව.....

    ReplyDelete
  7. @කතන්දර: මම ඉගෙන ගත්තෙ කටුබැද්දෙ.

    ReplyDelete
  8. @මයියා - ගොඩක් ස්තූතියි..
    හැබැයි කන්දෙ ඉන්න එකෙක් බල්ලට අඬගහල ගලක් ගහල පලයන් කිව්වනම් බල්ලට උනත් දුක හිතෙයි.හැබැයි ඒ වේදනාව බල්ලට මිසක් වෙන කාටවත් දැනෙන්නෙ නෑනේ..

    @පිස්සා පලාමල්ල - ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  9. @කතන්දරකාරයා - ගොඩක් ස්තූතුයි..
    @Anonymous - අදහසට ස්තූතියි..
    මම කියන්න ඕන ඒව ටික කතන්දර කාරයා කියල තියෙනවා..
    මේකයි..
    මම මේ ගැන පස්සෙ කියන්නම්.හැබැයි අවසානයෙ පොඩි දුකක් ආවේ ඔයත් කැම්පස් කෙනෙක් කියල දැනගත්තම..
    සහෝදරයා ඔයාගේ නම මොකද්ද??

    ReplyDelete
  10. ඔච්චර කට්ටක් කාල දැන් ඉන්න තැන ගැන සංතෝෂයි.

    ReplyDelete
  11. සියලුම ලිපි එක හුස්මට කියෙව්වෙ අදයි...

    ගොඩා...ක් සාර්තකයි..
    එ..ත් අත්දැකීමක් විදිහට කටුකයි නේද?
    ගොඩක් thanks අත්දැකීම් බෙදා හදා ගත්තට...

    ReplyDelete
  12. සිරකරු සහෝදරයා,
    බස්නාහිර පලාතේ විශ්ව විද්‍යාලයක ඉගෙන ගත්තාට මගේ ගම දකුණු පලාතේ.. ඔයාට තරම්ම අසාධාරණ කම් නොවුනත් ඔය වගේ සිද්ධි මටත් වෙලා තියෙනවා. මුලින්ම ජොබ් එකක් හොයන කාලෙ ගමේ ඇඩ්‍රස් එක තියෙන සී.වී දැම්මම එක කොම්පැණියකින්වත් කතාකලේ නැහැ.ඒ සී.වී එකටම කොලඹ ඇඩ්‍රස් දාලා දුන්නම මෙන්න එක පිට එක කෝල්ස්!

    ඔය වගේම කොම්පැණියක ඉන්ටවීව් එකකට හවස 4 ට එන්න කියලා ඒ ඔෆිස් එකේ ස්ටාෆ් එකත් ගෙදර යනකම්ම මාව තියාගත්තා දවසක්. ඉඳලා ඉඳලා මගේ වාරෙ ලැබෙනකොට හවස 7 යි. ඇතුලට ගිය ගම්න් ම මම ඉන්ටවීව් බෝර්ඩ් එකටම ලුණු ඇඹුල් ඇතුව කිව්වා මෙහෙම අපිව අමාරුවෙ දාන්නෙ ඇයි කියලා.. එයාල සමාව ඉල්ලුවා.

    කොලඹ, මොරටුවෙ අය වැඩ්ඩො, රුහුණෙ අයට වැඩ බැහැ කියල මතයක් කාට හරි තියෙනවද කියලා මම දන්නෙ නැහැ. හැබැයි එහෙම මතයක් තියෙනවනම් ඒක වැරදියි කියලා පෙන්නන්නත් ඕන ක්‍රියාවෙන්ම තමයි. රුහුණෙන් කොලඹ රස්සාවලට එන නංගිල මල්ලිල හොඳට වැඩ පෙන්නුවාම ඔය කාගෙ කාගෙත් හිතේ තියෙන කහට අයින් වේවි. අනාගතයේ රුහුණේ ලමයෙක් රස්සාවකට ආවම මේ වගේ කරදර නොවී තියේවි. ජය වේවා!

    ReplyDelete
  13. ගොඩක් ස්තූතියි සොබනි...

    ඔව් හරියටම හරි..
    ඔය දේ තමයි කොතනත් සිද්ධවෙන්නේ.

    මොනා උනත් ඔයා අරම අමතපු එකනම් එළමකිරි.මට ඒ දේ කරගන්න බැරිවුනා එදා.විශ්වවිද්‍යාල වලින් රුහුණ කිව්වම ඕන එකෙක් ඉස්සෙල්ලාම අහන්නේ "හාපෝ වලි නේද?" කියලා.ඕකයි අද තත්වේ.

    අනාගතයේ ඔබත් මමත් හිතන පරිදිම සිද්ධ්වෙන්න කියලයි මමත් ප්‍රාර්ථනා කරන්නේ..

    ReplyDelete
  14. කැම්පස් එකේ නම කිවුවට අර කොම්පැනිය ගැන කියන්නෙ නැත්තෙ ඇයි.....

    ReplyDelete
  15. නම දාන එක හරි නැහැනේ..
    මොකද මෙහෙම සිද්ඪියක් වුන පළමු කෙනා මම මා දන්න විදියට..
    තව කීයක් නම් ඒ කම්පැනියෙ වැඩද..
    ඒ දේ සිද්ධවුනේ මගේ කරුමෙට වෙන්නැති..

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා