ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Saturday, July 3, 2010

ගෙදර ජීවිතය

කැම්පස් එකෙන් අවුට් උනාට මොනාද කරන්න ඕන කියල මොකුත් අවබෝධයක් තිබුනෙ නෑ මට.Computer Science කලාට කිසිම දෙයක් ඔලුවෙ තිබ්බෙ නෑ.ඉතින් ගෙදර internet තිබුන නිසා ෆේස් බුක් එකට පින්සිද්ධ වෙන්න කාලය ගත කලා.ජොබ්ස් වලට දැම්මෙත් නෑ.මගේ අදහස වෙලා තිබ්බේ ඉක්මනින් තාත්ත ගාවට යන්න.නඩුව ඉවරවෙලා.හිතුවේ නෑ මේවා දුර දිග යන ඒව කියලා.ගෙදර ඇවිල්ලා සති 2කින් ලොකු බෝධි පූජාවක් තිබ්බ මට.යන්තරයකුත් දැම්මා.නඩුවට යන්නත් එපැයි.ලොකු කේස් එක තමයි තිබ්බේ.

කොහොමහරි නඩුවට ගියා.හිතුවේ මේ තොවිලේ මෙදා පාරවත් ඉවරවෙයි කියලා.නඩුවට කලින් දවසෙ ගියා lawyer හම්බෙන්න.පොර කිව්වා නඩුව දවසේ උදේන්ම ඇවිත් හම්බෙන්න කියලා.ඉතින් ඒ විදියටම කලා.

"කේස් එක පොඩ්ඩක් දරුණු වෙලා.ඊයෙ තමයි රසපරීක්ෂක වාර්තාව මගේ අතට ආවේ.ඒකෙ තියෙනවා මේක වැඩිය හානිදායක නොවන පිපිරීමක් කියලා..මේ හේතුව නිසා නඩුකාරතුමා ඔයාලගේ ඇප කැන්සල් කරයිද දන්නේ නෑ.." කියලා lawyer කිව්වා.

අපිට පිස්සු වගේ.ඒ කියන්නේ මේ කරුමෙ ඉවරයක් නැද්ද?අපිට ආපහු ඇතුලට යන්න වේද?lawyer කාරයා ටිකක් කල්පනා කර කර ඉඳලා

"නෑ නෑ නඩුකාරතුමාට එහෙම කරන්න බෑ.. අපි බලමුකො මොකද වෙන්නෙ කියලා.." එහෙම කියලා අපට උසාවියට යන්න කිව්වා.

එකෙක් වත් සද්දයක් නෑ.උදේ අපි සෙට් එකම හෙම ජොලියෙ හිටියේ.නඩුකාර තුමාට කරන්න බැරිදෙයක් නෑනේ.අපි උසාවියෙ ඇතුලෙ ගිහින් වාඩි උනා.මට පොඩ්ඩක් හිනත් ගියා.ඒ අර කලින් දවසෙ හම්බුන පොලිස්කාරයා එදත් හිටියා.පොර මම ලඟට ඇවිල්ලා

"අද එහෙම නිදාගත්තොත් බලාගෙනයි" කියලා ගියා.මට තනියෙන් හිනා.

ඒ අස්සේ හොඳම සීන් එක.අපේ සෙට් එකේ එකෙක් මොකද්ද ජරාවක් පාගගෙන ඇවිල්ල උසාවිය ඇතුලට.මුලු උසාවියම ගඳයි.ඉතින් ඌ අපේ එකෙක් නෙමේ වගේ අපිත් අනික් එවුන් එක්කම "මොකද්ද ඒ ගඳ?" කිය කිය හිටියා.ඉඳල ඉඳල අපේ නඩුවත් ගත්තා.කිසිම ෆිට් එකකින් නෙමේ උසාවියට ගියේ.නඩුව විභාග කලා.මොනාද මන්දා කියවගෙන කියවගෙන ගියා.ආරවුල් ඇතිකිරීම.දේශණ ශාලාවට 36,000ක අලාභ හානි සිදු කිරීම අනන් මනම්.අපේ ඔලුවෙ තියෙන්නේ අර මොකද්ද වාර්තාව ගැන.ආය කිසිම කතාවක් නෑ නඩුව මාස 6කට කල් දැම්මා.

මොකද්ද මෙතන උනේ? අපි ගිහින් lawyer ගෙන් ඇහුවා.

"දැන් ඔයාලට බයවෙන්න දෙයක් නෑ.දැන් නිකන් සාමාන්‍ය වලියක් විදියට නඩුව යන්නේ.. තව නඩු 2,3 කින් ඉවර කරගන්න පුලුවන් වේවි සමහරවිට." කියලා කිව්වා.

ම්ම්.. ඒකත් සමහරවිට.අනේ මම දන්නේ නෑ ඕවා.මට නඩු 2යි ඔක්කොම.එපා වෙනවනේ මෙහෙම ගියොත්.මම හිතුවෙ එදා නඩුවෙන් මොකක් හරි සහනදායි විසදුමක් හම්බෙයි කියලා.කොහෙද.දෙන සහනෙ තමයි නඩුව කල් දාන එක.එදාම ගෙදර එන්න පිටත් උනා.
ගෙදර එනගමන් කල්පනා කර කර ආවා.මම කරන්න යන වැඩ මොකුත් හරියන්නෙ නෑ.මම හිටියේ තාත්ත ගාවට යන්න.දැන් ඒක කරන්න වෙන්නෙත් නෑ.ආපහු නඩුව තීයෙන්නේ සැප්තැම්බර් වල.එතකන් මොකුත් කරන්න බෑ.අනික් නඩුව ඔක්තෝබර් වල.කීයක්නම් ප්‍රශ්ණද?ගෙදරත් ආවා.තාත්තටත් සිද්ධිය කිව්වා.

"ඔන්න බලන්න ඔය දේවල් කලින් හිතුවනම් මේ මොන ප්‍රශ්නයක් වත් නෑනේ දැන්.. දැන් ඉතින් මොනාකරන්නද? ඔහේ ජොබ්ස් වලටවත් දාන්න.." කියලා තාත්තා කිව්වා.

මම ඒත් දැම්මෙ නෑ.දාන්න තරම් ෆිට් එකකුත් නෑ.බලාපොරොත්තුවක් තියන් ඉඳලා ඒක හරිගියෙ නැතිවුනාම ටිකක් අමාරුයිනෙ ආපහු හිටපු විදියට එන්න.අක්කගෙ Engagement එකත් තිබ්බා.මම කැම්පස් එකේ ඉදිද්දිත් කලේ වෙබ් අඩවි සම්බන්ධ දේවල්.ඒ නිසා මේ සයිට් එක තමයි මම ඉස්සෙල්ලාම කලේ.පස්සෙ මම හිටපු තැන ඒ කියන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ පොදු සිසු බලවේගය ගැන සයිට් එකක් ගහන්න හිතුනා.මොකද එතන වෙනුවෙනුයි මේ හැම දෙයක්ම කලේ.

කොහොමහරි මේ සයිට් එක මම ෆේස්බුක් එකේ දැම්මා. නිකන් අහම්බෙන් සයිට් එකේ වැඩ ගැන,අඩුපාඩු තැන් ගැන කියලා comment එකක් ආවා මට.මේක තමයි ඒ comment එක..

Name: Nisal Kooragoda

Email: nisalk@gmail@com

Comment: hello

I was one of the members who was with the first ever Podu sisu Balawegaya group and has seen the history as it is


First, its a great step you decided to go online

Secondly very constrcutively,
1) there are spelling and grammar errors on pages
2) There are issues with accessibility and content type(language type)


While I support your effort to eradicate ragging and making university a place to remember, feel free to get in touch if you need any help advice on the site

I am a snr consulting manager in a London based IT and mew media consultancy and I am able to help you with the process.please send me a copy of your CV.I can see what I can do regards.


මම එදාම තමයි එයාව ෆේස් බුක් එකෙත් දැක්කේ.මම එයාට තෑන්ක්ස් කරලා මගේ CV එකක් යැව්වා.පස්සේ එයාගාව ඔන්ලයින් වැඩ කරන්න සෙට් කලා.මාත් එක්ක ලකාවේ 2යි ඉන්නේ.අනික් කෙනත් ඔන්ලයින් කරන්නේ.
Polarsoft තමයි කම්පැනිය.බලද්දී ඒ අයියත් අපේ කැම්පස් එකේ 96 බැච් එකේ කෙනෙක්.ඒ දවස් වල තමයි රුහුණේ කේස් වැඩිම කාලේ.කොහොමහරි මාසයක් එක දිගට එයාලත් එක්ක වැඩ කලා.Mail server එකෙනුයි,ස්කයිප් වලිනුයි තමයි එයාලව සෙට් වෙන්නේ.

ඔහොම යනකොට මගේ මැෂින් එක කෙලවුණා.ඒක එහෙම්මම හදන්න උනා.ඕවා හදිස්සියේ කරන්න බැහැනේ.ඉතින් වැඩේට සති 3ක් විතර ගියා.මට මේ දේ එයාලට දන්වන්නත් බැරිවුනා.
මැෂින් එක හදාගෙන ඉවරවෙනකොට පෙරහැර ගිහින් ඉවරයි.

එයාල mail එකක් දාල තිබ්බ මම වෙනුවට කෙනෙක් replace කලා කියලා.ඒකත් ඉවරයි.පස්සේ මොනා කරන්නද ඉතින්? ඔහොමම ගියා යන්නන් වාලේ.ගෙදර ඉඳන් ගොඩක් වැඩ කලා.කම්පැනි එකේ වැඩකරපු ටික කාලෙට ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මට පාලුවක් දැණුනෙ නැත්තේ මගෙත් එක්ක යාලුවෙක් හිටියා මම පොඩි කාලෙ ඉඳන් දන්න.එයත් එක්ක එකතු වෙලා සයිට් වැඩ කරන එක තමයි කලේ.

ඔහොම ඉන්නකොට අපේ තාත්ත දන්න කෙනෙක්ගේ යාලුවෙක් මගෙන් CV එකක් ඉල්ලගත්තා.මොකක් හරි කරන්නම් කියලා.ඔක්කොම සෙට් උනා එළටම.වැඩේ හරියන්න ඔන්න මෙන්න තිබ්බේ.ඒක නිසාමද දන්නේ නෑ මම ගියා සත්තරයක් බලන්න.මොනා වෙන්න තියෙනවද දන්නේ නෑනේ..

අප්පටසිරි..මේ යකා බලන් හිටිය වගේ කිව්වෙ නැතැයි ඔක්කොම.මට උන දේවල් ඔක්කොම කිව්වා.හැබැයි අන්තිමට කියපු දෙයින් මට එපා උනා.ඊට කලින් මගේ ජොබ් එක ගැන විස්තර ඇහුවා.මම කිව්වා එකකට apply කරල තියෙන්නේ ඒක හරියයි කියලා.

"ඔයාට ලැබීම අඩුයි..ගොඩක් අපල තියෙනවා.. ඔයා ජොබ් එක හරියයි කියල හිතුවට කම්පැනිය තාම ලෑස්ති නැහැ ඔයාව ගන්න.පමාවෙයි." කියලා සාත්තරකාරය කිව්වා.

මට හොඳටම අවුල්.ගෙදර ඇවිත් මනෝ පාර ගහන් හිටියා. ටික දවසක් යනකොට උදේ අර මම කියපු කම්පැනියෙන් කෝල් එකක් ආවා.ගොඩක් ප්‍රසිද්ධ කම්පැනියක්.එහෙන් කිව්වේ තව පැය 2ක් ඇතුලත ඊමේල් එකක් එවනව හෙට interview එන්න කියලා.මට මාරම සතුටුයි.ඉතින් දන්න දන්න හැම එකාටම කිව්වා.

"ඉඳපන් බන් මම ගිහින් චාන්ස් එකක් තිබ්බොත් උඹලවත් ගන්නම්" ඔහොම තමා පොරසේ කිව්වේ.

කොටින්ම කියනවනම් shirts 5යි කලිසම් 3 කුයිත් ගත්තා.පැය 2ක් ගියා.3ක් ගියා.ආපු ඊමේල් එකක් නම් නෑ.මම අඳුරන කෙනෙක් ඉන්නව ඒ කම්පැනි එකේ..බැරිම තැන මම එයාට කෝල් කරලා විස්තරේ කිව්වා.එයා කිව්වා බලලා ටිකකින් කෝල් එකක් දෙන්නම් කියලා.
පය 2කට විතර පස්සෙ එනව කෝල් එකක් එයාගෙන්..

"ඔයා arrest වෙලා හිට්යද කැම්පස් ඉද්දී??" කියලා ඇහුවා.

මට කරගන්න දෙයක් නෑ.මම හිමීට ඔව් කියලා වෙච්ච සිද්ධිය කිව්වා.එතකොට එහෙන් කිව්වේ

"මේකයි.මේව පෞද්ගලික ආයතන නිසා personality එලටම බලනවා.. ඔයා වෙන මොකකට හරි apply කරන්න" කියලා.

මට ඉන්න තැන පවා අමතක උනා.කොහොමද ඒ ආරන්චිය එයාල දැනගත්තේ.මම හොයල බැලුවා.අපේම මගේ ලගින්ම හිටපු එකෙක් තමයි වැඩේ කරල තියෙන්නේ.උනම් කිව්වෙ ඌ ඒක ගැන එච්චර හිතුවෙ නෑ.මම ගැන ඇහුවම නිකමට කිව්ව කියලා.එදා යාලුවෝ එක්ක හොඳාම බිව්ව මම.තව පොඩ්ඩෙන් ලොකු වලියකුත් යනවා.මම ඔක්කොම දේවල් අතෑරියා.ඉගෙන ගන්න එක.ඔක්කොම.හරි සමාජෙට මාව මැරයෙක්නම් මම ඒ පැත්තෙන් යනවා.එහෙම හිතාගත්තා.ඒත් අම්මා,තාත්තා අනික් අය නිසා ඒ දේ මට තාම කරගන්න බැරුවයි ඉන්නේ.

ඔහොම ඉන්නකොට මගේ තනියට හිටපු,මාත් එක්ක වැඩ කරපු මගෙ යාලුවාත් ජොබ් එකකට ගියා.ඒකත් මම ගිය එක වගේම ප්‍රසිද්ධ කම්පැනි එකක්.

"උඹ බය නැතුව ඉඳපන්.. මම ගිහින් උඹව කොහොමහරි ගන්නවා." කියලා පොරත් ගියා.

මම තනිවෙලා දැන්.
මගේ යාලුවා මාව ගනීද??

එතන සිද්ධවුනේ තවත්සිද්ධියක්!!!!

11 comments:

  1. ජිවිතේ කියන්නේ බාල්දි පිට බාල්දි , ඒවා වලින් නොසැලී ඉදිරියට යාම තමා වටින්නේ !!!

    ReplyDelete
  2. වැටෙන්න එපා බන්. උබට ඩිග්‍රි එක තියෙනවනෙ... දිගටම ඇප්ලයි කරපන්. අද කාලෙ ජොබ් එකක් ගන්න එක ලේසි නැහනෙ බන්.
    උත්සහය අත අරින්න එපා.

    නඩු නම් ඉතින් දන්නවනේ අපේ රටේ. අවුරුදු ගනන් පරම්පරා ගනන් යනවනේ...

    ReplyDelete
  3. @හිඟන්නා : ගොඩක් ස්තූතුයි අදහසට..
    @පිස්සා පලාමල්ල : ඔව් බන්.. තව ඉස්සරහා තියෙනව හොඳ වැඩ.. ඔය මීට මාස 5කට විතර කලින් වුන දේවල්....

    ReplyDelete
  4. වානේ පන්නරය ලැබෙන්නේ තැලෙන්න තැලෙන්න වගේ මිනිස් ජීවිතෙත් ප්‍රශ්න එන්න එන්න ඒවාට මුහුණු දුන්නාම තමා ජීවිතේ ජයගන්න පුලුවන් වෙන්නේ.............

    ReplyDelete
  5. ඔව් Hasitha...
    ගොඩක් ස්තූතියි අදහසට.....

    ReplyDelete
  6. එන අභියෝග වලට මූන දීල ඒවයින් සැලෙන්නෙ නැතිව කොහොම හරි ඉස්සරහට යන එක තමයි කරන්න තියෙන්නෙ.

    ReplyDelete
  7. මචන් ඔක්කොම ටික කියෙව්ව අද.... උබනම් මාරම චරිතයක් බන්. සිරාවටම. අත්දැකීම් සෑහෙන ලැබිල උබට...

    මට තේරෙන්නෙ නැත්තෙ... කැම්පස් යන්නෙ ඉගෙන ගන්න මොලයක් තියෙන උන්... ඇයි බන් උන් කැම්පස් ගිහින් මරා ගන්නේ..... ඔය ඔක්කොම කොල්ලො නේද... සිංහල උන් නේ...

    අනික ඔය නවක වදය.... ඇයි බන් අපි වගේම කොල්ලෙක්ට අලුතෙන් ආව කියල වද දෙන්නෙ ??
    මම නම් දකින්නෙ ඔය නවක වදය දෙන උන් මානසික අසහනකාරයො විදියට...

    අනික් උන් ඔය ජෙප්පො. කාලම කන්නි. උන් රටම කනව. විශ්ව විද්‍ය්යාල තුල ගැටුම් වලට මුල ඔය දේශපාලනය සහ නවක වදය මම නම් හිතන්නේ.

    අනික පොලිසිය... උබලට සලකපු විදියටම පේනවනේ..

    ඇයි බන් අපේ රටේ අපේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නෙ... ??

    හුඟක් දේවල් තියෙනව උබේ කතාවෙ...

    මචන් උබට ඩිග්‍රි එක හම්බුනාද ?? අතට ආවද... ???

    ReplyDelete
  8. ඩිග්‍රිය ගොඩ.තාම අතට ආවෙ නෑ.දෙසැම්බර් තමා කොන්වොකේෂන්..

    අදහසට ගොඩක් ස්තූතියි..

    අපිත් නවකවදයට විරුද්ධයි.මේ නවක වදය හේතුවෙන් තමයි මේ ගැටුම් නිර්මාණය උනේ.
    අලුතින් එන බැච් එක රැග් කරලා ගන්න තමයි ඔය කියන එවුන් හිතන් ඉන්නේ.ඒ වෙනමොකකටවත් නෙමේ උන්ගේ පටු දේශපාලණ අරමුණු කරගන්න...

    පොඩි එවුන් දම්මලා කැට හොල්ලවනවා..
    පිකට් කරවනවා..
    කුණුහරපෙන් බනිනවා.. එහෙම තමයි උන් අලුත් බැච් එක පිළිගන්නේ..
    මෙතන ලොකු කතාවක් තියෙනවා..

    මම ඩිග්‍රි එක අතට ගත්තම ඒවා දාන්නම්...

    ReplyDelete
  9. අළුත් ලිපියක් එනකන් අපි බලන් ඉන්නවා

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා