ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Friday, July 2, 2010

විශ්ව විද්‍යාල ජීවිතය - සමුගැන්ම


කැම්පස් යාමත් එපා වෙලා දැන්.මොන මොන දේවල් නැතිකරගත්තද?ඒ දවස් වල කැම්පස් ගියේ මාරම ආසවෙන්.පිස්සු කෙලින්න.දැන් එහෙමවත් යන්න හිතක් නෑ.ගෙදර ඉන්න එක තමයි හොඳම වැඩේ.ඔහොම ඉන්නකොට අපේ තාත්තටත් රට යන්න ආවා.ගෙදර අම්ම විතරයි.ඔය දේවල් බලන්නත් උනා.තාත්තා රට යන දවසේ කිව්වෙ මෙච්චරයි.

"දැන් වත් මොළේ කල්පනා කරලා වැඩකරගන්න.මමත් ගෙදර නැති එකේ ආයමත් ඔය කලබල වලට පැටලෙන්න එපා.තේරෙනවනේ අම්ම ඉන්න තත්වේ.." කියලා.

මට ඒ දේවල් නොතේරෙනවා නෙමෙයි.ඒත් මොනා කියල කරන්නද?
සිද්ධවෙන දේවල් වලක්වන්න පුලුවන්නම් මොනා කරන්න බැරිද?
තාත්තත් ගියා.අපි ආපහු ගෙදර ආවා.කැම්පස් යන්නත් කම්මැලී.ගියත් මනෝ ලෝකේ පාවී පාවී ඉන්න එකනේ කරන්නේ.කැම්පස් යන්න දවස් 3කට විතර කලින් මාර සිද්ධියක් උනා.

අපේ chemistry සර් මට අහම්බෙන් සෙට් උනා ටවුමේදී.

"ආ කොල්ලො කොහොමද? කෙට්ටු වෙලා.. මොකද නිකන් මේ?" කියලා ඕප දූප ඇහුවා.ඒ අහල නැවැත්තුවෙ නෑ.."කොහොමද ඉගෙනීමේ වැඩ එහෙම?තාම ඉස්සර වගේ පිස්සුද කෙලින්නේ? කොල්ලො කොහොමහරි ක්ලාස් එකක් දාගනින්..නැත්තන් වැඩක් නෑ" කියලා කිව්වා.

ඔව් ඔව් ක්ලාස් තමයි.මම අපේ සර්ට අකුරක් නෑර මට සිද්ධ්වෙච්ච දෙවල් ටික කිව්වා.පොර ඩිම් වෙලා අහන් හිටියේ.මම ඔක්කොම කියල ඉවරවුනාට පස්සේ

"කොල්ලො කොහොමහරි degree එක ගොඩ දාගනින්" කියල කිව්වා.

ඔක්කොටම වඩා මට මැරෙන්න හිනා.කොහොමද ක්ලාස් එකට උන වැඩේ.කොහොමහරි කැම්පස් එකේ කොල්ලන්ට කිව්වමත් මේ සිද්ධිය උන්ටත් මැරෙන්න හිනා.කොහොමහරි ඒ දවස්වල ඉඳන්ම සර්ලට මඩ ගහන එක තරම් දෙයක් නෑ.කැම්පස් පටන් අරන් සතියයි හිටියේ.මගේ 1වෙනි case එකේ නඩුව තිබ්බා.

අපි දෙන්නයිනෙ ඒකේ.එදා උසාවියට ගියේ ගොඩක් කාලෙකින්.අම්මෝ judgeව දකිනකොටත් බයයි.පළවෙනි නඩුවේ මගේ නම තියෙන්නෙත් වැරදියට.අපේ නම් කියල කතාකලා.උසාවි කූඩුවේ තප්පර 5ක් වත් ඉන්න උනේ නෑ.

"සමථ මණ්ඩල වාර්තාව කැඳවනවා" කියලා නඩුව මාස 5කට කල් දැම්මා.
මදැයි කලා.හොඳ වෙලාවට lawyer අපෙන් සල්ලි ගත්තෙ නෑ.කැම්පස් නිසා.එහෙමම කැම්පස් ආවා.ඇවිත් කොල්ලන්ට කිව්වම උන්ට ගොඩක් සතුටුයි.

ඔහොම ඉන්නකොට අපේ දෙවැනි නඩුවේ දිනයත් ආවා.ඒකට lawyers අල්ලන්න යන්න මාර කට්ටක් කෑවා.නඩුව එකටම කතාකරනවද?නැත්තම් දෙකට කඩ්නවද?තීරණයක් නෑ.කොහොමහරි මේ කෙහෙම්මලෙන් බේරෙන්නයි ඕන.අපට lawyer කෙනෙක් සෙට් උනා.එයත් අපෙන් සල්ලි ගත්තෙ නෑ.නඩු දවසත් ආවා.මේ පාර නම් තනියක් නෑ.සෙට් එකක්ම ඉන්නවනේ.උසාවියට ගියා.පොරකාගෙන ගිහිල්ලා උසාවියේ ඇතුලෙ ඉඳගත්තා.දැන් ඉතින් උසාවියත් හොස්ටල් එක වගේ තමයි.ඉන්නවා ඉන්නවා අපේ නඩුව ගන්න පාටක් නෑ.

"නැගිටිනවා.. මේක ගෙදර කියල හිතුවද?"
කියපු සද්දෙට මම උඩ ගියා.පස්සෙනෙ සීන් එක දන්නේ.මට නින්ද ගිහින් උසාවිය ඇතුලේ.පොලිස් කාරයෙක් තමයි කෑ ගහල තියෙන්නේ.මම වාඩිවෙලා හිටපු තැන එහා පැත්තේ පොඩි ඉඩක් තිබ්බා.අර පොලිස්කාරය ඇරියස් එකටම කලු තඩියෙක් ගෙනල්ලා එතන ඉන්දුවා.දැන් ඉතින් මොන නිදාගැනිලිද?හැරෙන්නවත් ඉඩ නෑ.පොලිස්කාරයා නෝන්ඩියට වගේ "හික් හික්" ගාල එතැනින් ගියා.කොල්ලොත් ඉතින් මට වඳේ දානවා.මම ඉතින් මට නෙමේ වගේ හිටියා.
අපේ නඩුව කතාකලා.නිකන් උසාවියම හිස් උනා වගේ.එක පාරටම 18ක් කූඩුවට නගිද්දී කොහොමද ඉතින්.වැඩිය නඩුව ඇහුවෙ නෑ ඒකත් මාසෙකට කල් දැම්මා.කිසි ගානක් නැතුව නඩු කල් දානවා.lawyer නම් කිව්වේ තව මොනාද රිපෝර්ට්ස් වගයක් එන්න තියෙන නිසා කල් දැම්ම කියලා.අපි දන්නේ නෑ ඕවා.එහෙමම හොස්ටල් ආවා. අපි කැම්පස් එකෙන් අවුට් වෙන්නත් තව මාස කීපයයි තියෙන්නේ.
ඒ නිසාම බැච් ට්‍රිප් එකක් යන්න තීරණය කලා.දවස් 2ක.බදුල්ල - නුවර - හන්තානේ තමයි යන්න ප්ලෑන් කලේ.

උදේන්ම පිටත් උනා.කෙලින්ම බදුල්ලට ගියේ.දුන්හිඳ ගියා.මාර ෆන් එකක් ගත්තා.ඊට පස්සේ නුවර.දළදා මාලිගාව ලඟ තමයි එදා රෑ හිටියේ.අපිමයි ඉව්වෙත්.අපි කිව්වට ඉතින් මම නම් ඕව කරන්න ගියේ නෑ.පහුවෙනිදා උදේන්ම දළදා වඳින්න යන්නයි හදන්නේ.

කොහොමහරි උදේන්ම ගියා.මම ෂෝටක් දාල හිටියේ.ෂෝට් ගහන් ඇතූලට යන්න දෙන්නෙ නෑනේ.හදිස්සියට ෂෝටට උඩින් දිග කලිසමක් දාගෙන ආවා.ඇතුල්වෙන තැනම තියෙනවා චෙක් පොයින්ට් එකක්.මම වැඩර් වගේ කෙල්ලො සෙට් එකක් එක්ක පච හල හල යනවා.කෙල්ලො ටිකව අනික් පැත්තෙන් යවලා මාව චෙක් කලා.උන්ට අහුවුනා යට ඇඳල හිටපු ෂෝටේ සාක්කුවක්.පොලිස් එවුන්ටත් ඕන්නැති දෙයක් නෑ.කිව්වේ නැතැයි කලිසම ගලවන්න කියලා.විලි ලැජ්ජාවේ බෑ.මම වට පිට බලා දිග කලිසම ගැලෙව්වා.

"ආ හරි මොකුත් නෑ. ඇඳගෙන යන්න" කියලා අරූ කිව්වා.
මොනාද දන්නේනෑ නැත්තේ..මම ඉතින් බල්ල වගේ ආපහු කලිසම ඇඳගෙන එතනින් එලියට ගියා.අපේ දසයො ටික සිද්ධිය වීඩියෝ කරල නැති එක විතරයි.විනාඩි 10ක් යන්න හම්බුනේ නෑ.මුලු බැච් එකම කේස් එක දන්නවා.අහුවෙන අහුවෙන එකා අහන්නේ

"අඩේ උඹේ කලිසම ගැලෙව්ව කියන්නේ ඇත්තද බන්?" කියලා.

ඉතින් ඒ අහන හැම එකාටම මම බණ පදයක් දෙකක් කියන්නත් අමතක කලේ නෑ.පොලීසියෙන් මට මාරම විදියට අපලයි අප්පා.මේ සිද්ධියට මුලත් පොලිස් කාරයෙක්නේ.ඊට පස්සේ හන්තානේ කන්ද නැග්ගා.එදා රෑ වෙනකොට කැම්පස් එකට ආවා.

එනකොට කැම්පස් එකේ රතු පාට කොඩි ඇදලා.මොනාටද දන්නේ නෑ.ඒ නිසාම ඒව ටිකත් කඩලම ආවා හොස්ටල්. ආපහු සුපුරුදු පරිදි lectures යාම ආරම්භ කලා.මේ පාරනම් lectures එච්චර කට් කලේ නෑ.නිදන් ඉන්න හරි ගියා.

ඔහොම යනකොට අපේ බැච් එකට ඉන්නවෙන අවසාන පැදුර ආවා.ඒකේ මමත් සින්දුවක් කිව්වා.බැච් එකෙන් සම්මානයකුත් හම්බුනා.කලා හවුලේ වැඩ කලාට.
ඒ සමගම තව function එකකුත් කලා."ටැලන්ට් ෂෝ" කියලා.අපේ අන්තිම exam එකත් ලන් උනා.ඒ නිසා ටික දවසකට ගෙදර ගිහින් එන්න හිතුවා.දන්නවද උනදේ??

ගෙදර ඇවිත් හරියටම දවස් 2යි හිටියේ.ටවුමේදී ත්‍රීවීල් එකකට හැප්පුණා.කෙලින්ම දකුණු අතට ෂොට් එක හම්බුණා.දෙකට කැඩුනෙනම් නෑ.එක්ස් රේ එක බල කිව්වේ ටිකක් crack වෙලා කියලා.අත දිගහරින්න බෑ.නියමයි.දැන් කොහොමද exam ලියන්නේ?ඕන එකක් කියලා කැම්පස් ගියා.කොල්ලන්ට කියලා කුප්පි දාගත්තා.මට අද වගේ මතකයි කොල්ලෙක් කිව්වා

"උඹ නම් මාරම අවාසනාවන්ත එකෙක් බන්.එකක් නැත්තම් එකක්" කියලා.

ඒ කතාව ඇත්ත උනත් ඒ දේ මට තදින්ම දැනුනා.මම කොහොමත් මොන ප්‍රශ්ණෙවත් ඔලුවට ගන්න කෙනෙක් නෙමෙයි.කමක් නෑ කියලා ගියා admission ගන්න.ඕහ්.. ඔක්කොම subjects ලියන්න දීලා.ඔන්න බලාපල්ලා.. මේ පාර ඔක්කොම දීලා ලියාගන්න විදියක් නෑ.මම අපේ කොල්ලන්ටත් ඇවිත් කිව්වා.මම ලියන්නෙ කරන්නෙ නැතුව කුප්පි ටික දාගත්තා.අත එල්ලගෙන තමයි හිටියේ.ඒ දවස් වල මගේ ලඟින්ම ඉඳගෙන කොල්ලො උදව් කලා.ඒ අතරින් "හක්කා" විශේෂයි.ඌ තමයි මගේ ගොඩක් subjects ගොඩ දැම්මේ.සමහර පේපර්ස් දකිද්දී ගොඩක් දුකයි.හොඳට දන්න ඒවා.ඒත් ලියාගන්න බෑ.මේ කෙහෙම්මල් අත නිසා.අම්මරුවෙන් කොහොමහරි ලිව්වා.
exam එකත් ඉවරවුනා.දැන් ඉතින් විශ්වවිද්‍යාලයෙන් සමුගන්නයි තියෙන්නේ.ටිකක් දුකයි තමයි.ඒත් මේකට ඇවිත් කරගත්ත දේවල් දිහා බැලුවම ගෙදර යන එක හොඳයි.
අපේ going down එකත් එලටම තිබ්බා.ඒකේ මට මඩ සම්මානයකුත් හම්බුනා "සක්කිලියා" කියලා.

අපේ කෙල්ලො,කොල්ලො ගොඩක් ගෙදර යන දවස ආවා.අපි නම් ටිකක් ඉඳල යන්න හිතුවේ.ඉතින් එදා කැන්ටින් එකට වෙලා සුපුරුදු පරිදි බයිලාවක් ගහගෙන හිටියා.එදා අපේ මුලු බැච් එකම වගේ සින්දු කිව්වා.
ඔය අතරේ සිද්ධියක් උනා.

අපේ super junior බැච් එකේ.මීට කලින් දවසක super junior බැච් එකේ මාතර කොල්ලෙක් අපේ කොල්ලෙක්ට අනන් මනම් කියල තිබ්බා.කොහොමත් යන්න කලින් ඒ ප්‍රශ්නෙ විසඳන්නයි හිටියේ.එදා අපි සින්දු කිය කිය ඉන්නකොට ඌ කැන්ටින් එකට ආවා.ඌ උන්ගෙ බැච් එකටත් එපා කරපු චරිතයක් වෙලා හිටියේ.මහ ලොකු ලයින් උගේ.මාතර නෙමේ තුම්පනේ හිටියත් කැම්පස් ආවම ඔක්කොමල එකයි.මම මගේ හොඳම යාලුවත් එක්ක ඌ ලඟට ගියා.යාලුවා තමයි ටෝල්ක්ස් කිරිල්ල පටන් ගත්තේ.

"මල්ලි ප්‍රශ්ණයක් වෙලා තියෙනව කියල දන්නව ඇති නේද?" කියලා ඇහුවම "ඔව් ඉතින් ප්‍රශ්ණයක් නැත්තම් මෙහෙම කතාකරන්න විදියක් නෑනේ" කියල කිව්වෙ නැතැයි මේකා.

මම මොකුත් කිව්වෙ නෑ."මෙහෙ වරෙන් මල්ලි" කියාගෙන මම ඌව එක්කන් ගියා.ඉන්න තැන ඒ විදියට ඉන්න බැරිනම් අපේම එකෙක් උනත් ඒ හැන්දෙන්ම තමයි බෙදන්නේ.. ඒක කරන්න තමයි එක්කන්ගියේ.

"තෝ ඔහොමද යකෝ seniorsලට කතාකරන්නේ?" කියලා මම උගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තිබ්බා.
මට කලින් මගේ යාලුව ඉස්සර උනා.අපි 3 දෙනෙක් අරූට ගැහුව හොඳටම.අලුත් බැච් එකේ මීටින් එකකුත් යනව ඒ වෙලාවේ.උන්ට ෆුල් හොල්මන්.වලිය අස්සේ අරූ මගේ යාලුවාව තල්ලු කලා.ඌ කෙලින්ම ගිහින් වැදුනේ නෝටිස් බෝඩ් එකේ.වීදුරුවක් කුඩුවෙන සද්දයක් ආවා.බලද්දී මගෙ යාලුවගේ ඇහැ ගාවින් ලේ එනවා.අපට ඉන්න තැන පවා අමතක උනා.අරූට එලව එලව ගැහුවා.ගහලා කැන්ටින් එකෙන් එලෙව්වා.අපේ කොල්ලො ඌව එලෙව්වා.

මට ඇත්තටම එදා ගොඩක් ඇඬුනා.
අපි මුන් වෙනුවෙන්ද මෙච්චර දෙවල් කලේ??කාලකණ්නි.
කවදාවත් හිතපු දෙයක්ද මේ සිද්ධ උනේ?අපේ එකෙක්ට අත උස්සන්න මම හීනෙකින්වත් හිතුවෙ නෑ.
මොකද අපේ එවුන් වෙනුවෙනුයි අපි හැම දෙයක්ම කලේ.එහෙම එකේ මුන් අපට සලකන්නෙ මෙහෙමයි.උන්ගෙ බැච් එකේ මල්ලි කෙනෙක් එදා මට කිව්වා

"අයියේ.. අය්යා හැමදාම අයිය ගැන හිතන්නෙ නැතුව අපේ තැනට වැඩ කලා.. දැන් අයියලා යන මොහොතෙත් එලටම වැඩේ කරල යනවා" කියලා.

ඒකෙන් මට ෆිට් එකකුත් ආවා.මට ඉතින් ඒ දේවල්වලින් තමයි සතුටුවෙන්න පුලුවන්. ඔක්කොමලගෙන් සමු අරගෙන හොස්ටල් ආවා.ඊට පහුවෙනිදා උදේන්ම ගෙදර යන්න ඕන නිසා.
කැම්පස් ජීවිතෙත් එහෙනම් ඉවරයි...
ඒත් නඩු වලටනම් එන්න තියෙනවා...
මම ගෙදර යනගමන් හිත හිත ගියේ..

මේ මට උන දේවල් කාටහරි කිව්වත් විශ්වාස කරයිද?
මෙහෙම මනුස්සයෙක්ට වෙන්න පුලුවන්ද?

දන්නෙම නැතුව බදුල්ලටත් ආවා..

12 comments:

  1. මයියා දිගටම කථාව ෆොලො කලේය. මල්ලී හිතන විදිහට මෙතන වැරදී ඇත්තේ කොතනද? ඔබගේ කථාව මයියාට පැහැදිලිය. නමුත් ඔබගේ පැහැද්ලිකිරීම (ඔය රිපොර්ට් එකක ඩිස්කසන් කියලා කියන්නේ) ඉදිරි පෝස්ට් එකකින් වැටෙනව නම් මයියා එයට ඉතා කැමතිය.

    ReplyDelete
  2. හැම අවාසනාවන්තයෙක්ම හැමදාම අවාසනාවන්තයෙක් වෙන්නේ නැත.

    ReplyDelete
  3. කාලය වෙනස්, දේශය වෙනස්. අපි දැං නාකිද?

    ReplyDelete
  4. ඇත්ත මේ කතාව තව කෙනෙක්ට කිව්වොත් විශ්වාස කරන්න ටිකක් අදිමදි කරන බව නම් ඇත්ත. ඒ වුණත් මේක් ඇත්ත කතාවක් නේ අයියා......

    ඉදිරි කටයුතු හොඳින් කරගන්න ඔබට හැකිවෙන්න කියලා පතනවා......

    ReplyDelete
  5. @මයියා : ෆුල් ඩිස්කසන් එකක් ලඟදිම දානවා.. මොකද තාම නඩු හබ අනන් මනම් ඉවර නැහැ.ඒවා ඉවරවුන ගමන් ඔක්කොමලගෙ ඇත්ත දානවා..

    @Praසන්ன : එහෙම වෙනවනම් හොඳයි ගොඩක්..

    @කතන්දරකාරයා : වයසට යන එක නවත්තන්න බෑනේ.. ඒත් වයසත් එක්ක මේවගේ භයානක දේවල් වෙනකොට ජීවිතෙත් එපා වෙනවා..

    @Hasitha : ඔව් මල්ලි..
    විශ්වාශ කරන එකක් නෑ.මිනිහෙකුට මේ දේවල් ඔක්කොම එක පාර සිද්ධවෙන්නේ කලාතුරකින්...

    බොහොම ස්තූතියි ඔක්කොමලගේ අදහස් වලට..

    ReplyDelete
  6. බාල්දි පිට බාල්දි , හපෝ මෙහෙමත් තොවිලයක් !!!

    ReplyDelete
  7. බාල්දිම තම මගේ ජීවිතේ.. ඒකයි මෙහෙම ලියන්න හිතුවේ..
    තව තියෙනවා හොඳ හොඳ බාල්දි.. ඒවත් ඉක්මනින් දාන්නම්

    ReplyDelete
  8. වකා අයියේ ,
    අන්තිමට කියල තියන සීන් එක යන වෙලවෙ අපිත් එතන හිටියා.
    අපි campus ආවා විතරයි.
    GYM එකේ වටිනකම තෙරුනා අයියෙ එදා අපිට.

    ReplyDelete
  9. "අපි '3' දෙනෙක් අරූට ගැහුව හොඳටම ... එලව එලව ගැහුවා"

    ඔයි, තමුසේ මානසික රොගියෙක්..තමුසේ හිරේ ගියය් කියලා පොරක් වෙන්නේ නෑ.

    ReplyDelete
  10. කවුද කිව්වෙ මම පොරක් කියලා? අනේ නෑ බන් මම සාමාන්‍ය මිනිහෙක්

    ReplyDelete
  11. තුනක් එකතු වෙලා එකෙක්ට ගහන්න.මරු සින්නො තමයි උඹලා

    ReplyDelete
  12. මං හරි ආසයි ඔයාගේ අදහස් වලට.... ඇත්ත, අපි හැමෝම එකම හිරගෙදරක මිනිස්සු...... ජේලර් ලගෙන්, පොලිසියෙන් පීඩා විඳින.... අපි හැමෝම හිරගෙදරක කොටුවෙලා ඉන්න සිරකරුවො.... ඒක හිරෙන් එළියෙත් වෙනසක් නෑ..... පාලකයො අපිට කැමති කැමති විදිහට රීප්ලේස් කරා නම් හරි.....මම හරි ආසයි, කැම්පස් ජීවිතේ ගැන හැම තිස්සෙම හීන දකින්න....මම....තවත් එක........ගෑණු ළමයෙක් විතරයි.......

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා