ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Thursday, July 1, 2010

පන්ති තහනම


"මචන් මට ගැහුවා. කැම්පස් වරෙන්. මොනාහරි කරන්න ඕන" ඌ කිව්වා.

මට එහෙමම නැගිට්ටුනා.
"කව්ද ගැහුවේ?" පොර කිව්වා ගහපු එකාගේ නම.ඕකා කොහොමත් එපා කරපු එකෙක්.එක සැරයක් මමත් කෙලල තියෙනව ඕකට.science උඩ එකෙක්.

ආය කිසිම කතාවක් නෑ.මම ඒ වෙනකොට මූණවත් හෝදල හිටියෙ නෑ.කොටින්ම කියනවනම් දත් මැදල හිටියෙත් නෑ.රූම් එකේ ඉන්න අනික් එකා නිදි.ඌටත් සිද්ධිය කිව්වම ඒකත් ටක් ගාල ඇඳෙන් බැස්සා.තව එකෙකුත් සෙට් උනා.3 දෙනාම කැම්පස් එකට ආවා. යකා හන්දියේ නැවතුනා.එකෙක් වත් පේන්න නැහැ.අපට තව කොල්ලෙක් සෙට් උනා.අපි හතර දෙනා හිමින් හිමින් උඩට ගියා.

"උඹ කොහෙද ඉන්නේ? කරන මගුලක් පරිස්සමෙන්" කියලා ගුටි කාපු යාලුවා කෝල් කරල කිව්වා.

අව්ලක් නෑ.ඕනම දේකට ඔට්ටු 4ක් හිටියේ.අපි ඒ වෙනකොට කිසිම හේතුවක් වත් දන්නේ නෑ.හැබැයි අපේ කොල්ලට ගහල තිබ්බේ junior බැච් එකේ එකෙක්.අපේ එකා කෙල්ලත් එක්ක බයිසිකලේ යනකොට ඒක නවත්තලා ගහල දුවලා මේ යකා. මොන ප්‍රශ්ණ තිබ්බත් junior . senior පරතරය තියෙනන ඕන.අපේ එකෙක්ට උන්ගෙ ජුන්ඩෙක් අත ඉස්සුවනම් අපිට හේතුවක් වැඩක් නෑ.ආරන්චි උනා ඌ lecture එකේ කියලා.අපි 4 දෙනා lecture එක ගාවට ගියා.අපිට ඕන උනේ ඌව.වෙන එකෙක්වත් නෙමේ.ඔක්කොමල lecture ඉවරවෙලා ආවා.මූ නෑ පේන්න.උගේ කල්ලියේ දෙන්නෙක් එනවා.උන්ව නවත්තල ඇහුවා කෝ ඌ කියලා.

උනුත් ව්‍රෝන්ග් ටෝල්ක් එකෙන් ආවා.සෙවිල්ලක් බැලිල්ලක් නෑ කෙලිය දෙන්නටම හිතේ තියෙන තරහ යනකන්.කෙල්ලො යටි ගිරියෙන් කෑ ගැහුවා. අපි එහෙමම කැන්ටින් එකට ආවා.සති 3 කට පස්සෙයි කැම්පස් ආවේ.හරිනෙ ඉතින් ආපු දවසෙම.පස්සෙ තමයි කේස් එක ඇහුවේ.

මේ යකා කැන්ටින් එක ගාවට ඇවිල්ල මොකද්ද පාර්ට් එකක් දාලා.අපේ කොල්ලො ඉතින් බලන් ඉදියි ඇයි..මූට ගහන්න යනකොට මූ දුවලා.ඒ දුවගෙන යනකොට තමයි අපේ එකා හම්බෙලා තියෙන්නේ.මූ එහෙම්මම ගහගෙන දුවලා.ඌ කොහොමහරි කැම්පස් එකෙන් මාරු වෙලා.ඌව හොයාගන්න බැරිවුනා.
අපි ආපහු හොස්ටල් ගියා.නැවත වැඩට බැස්සා.එකේ exam එක නිසා. ඔහොම සතියයි හරියටම ඉන්න උනේ.අපේ කොල්ලෙක් හෙණම අව්ලෙන් ආවා.

"උඹ අවුල් වෙන්න එපා.උඹත් එක්ක තව 8 දෙනෙක් suspend කරලා දින නියමයක් නැතුව" කියලා පොර කිව්වා.

හරි.මෙච්චරයි මට වෙන්න අඩුවෙලා තිබ්බේ.ඒකත් උනා.කිසිම පරීක්ෂණයක්වත් තිබ්බෙ නෑ.ඒ මොකුත් නැතුව දීල ෂොට් එක.අපේ බැච් එකේ කොල්ලො දෙන්නයි.junior බැච් එකේ අනික් අය.කොල්ලො ඔක්කොම ඇවිල්ල කතා කලා.course එකේ වැඩ එහෙම්ම අඩාල උනා.හිත හදාගෙන කොහොමද වැඩක් කරන්නේ?? මම ගෙදර ගියා.ගෙදරින් අදටත් දන්නේ නෑ මම suspend වෙලා හිටිය කියලා.මම බොරුවක් කියලා සතියක් විතර ගෙදර ඉඳලා ආපහු කැම්පස් ගියා.ඊට පහුවෙනිදම ලොකු පිකට් එකක් ගියා කැම්පස් එකේ.අපේ කොල්ලො කෙල්ලො තමයි කලේ ඒක.ඒකෙන් විසඳුමක් හම්බුණා.ඒකෙන් 5 දෙනෙකුගේ suspend එක අයින් කලා.ඒ junior බැච් එකේ 5කගේ.එහෙම හරි උනානේ.ඔහොම සති ගනන් ගත උනා.අපේ suspend එක අයින් කරන පාටක් නෑ.

ඕන බම්බුවක් කියලා ආපහු exam එකට ලෑස්තිවුනා.exam එක ෆිට් උනා.මමයි තව කොල්ලෙකුයි exam ලියන්න ගියා. කලින් දවසෙ ගිහින් මාත් එක්ක යන කොල්ලගේ ගෙදර නැවතිලා පස්සෙ දවසෙ ගිහින් exam එක ලියන්නයි හිතන් ඉන්නේ.මාර කේස් එකක් උනේ.
හරියටම අලුත්ගම හරියේදී ආවා පට්ට බඩේ කැක්කුමක්.ආය ඉන්නව තියා හිතාගන්නවත් බෑ.බස් එකේ ඉඳගෙනත් ඉබේටම කෑගැහුනා.මට වඩා මගෙ යාලුවා බයවෙලා.ඒ තරම් මම අමාරුවෙන් හිටියේ.ඉන්නම බෑ.කොහොමහරි යාලුවාගේ ගෙදරට යනකන් ආවා.බස් එකෙන් බැහැලා කිරි එකක් බිව්වා.ඒත් කිසිම අඩුවක් නෑ.අරූ උස්සගෙන වගේ මාව එක්කන් ගියා උන්ගෙ ගෙදරට. යාලුවගෙ අම්ම මට හදල දුන්නෙ නැති දෙයක් නෑ.ඒත් මොන.පොඩ්ඩක් අඩු වුනා.කොහොමහරි උදේ වෙද්දී අවුලක් නෑ.උදේන්ම ගියා exam එක ලියන්න.පොඩ්ඩ පොඩ්ඩ රිදුනත් අව්ලක් නෑ එච්චරම.බම්බලපිටියේ IDM exam center එකේ තමයි exam එක තිබ්බේ.හරියටම හරි.ආපහු එදා වගේම උනා.බඩ රිදෙනවා නැතිවෙන්න.exam එකට බයවෙලාවත්ද?අනේ මන්ද.මොකට බයවෙන්නද?කොහොමහරි exam center එක ඇතුලට ගියා.ඕන මගුලක් කියලා රිදෙද්දිම exam එක ලිව්වා.ඉන්නම බෑ.එළියට එන්නමයි හැදුවේ.කොහොමහරි ටික වෙලාවක් ඉඳල එළියට ආවා.එකේ මොනා ලිව්වද මන්ද?ෂුවර් එකට fail.එකේ කතා දෙකක් නෑ.හරි.කිව්ව වගේ හරි.43ක් ගහන්න ඕන පාස් වෙන්න.මට 39යි.වැඩක් නෑනේ එතනින් එහාට.මට ඒවා සිහියක් නෑ.මගේ සිහිය ඉක්මනටම මෙතනින් එළියට යන එක.මම මගේ යාලුවා එනකන් වාඩිවෙලා හිටියා.ඌත් එළියට ආවා.මලා.ඌත් fail.ඌට 36යි.අපේ exam voucher එකට ආයපාරක් exam එක free කරන්න පුලුවන්.එළියට ආවා කොහොමහරි.

මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා බොරැල්ලේ.මම ගෙදර යන්නෙ නැතුව එහේ ගියා.ඊට පහුවෙනිදා උදේ තමයි ගෙදර ගියේ.ඊට පහුවෙනිදම ලෙඩේ පෙන්නන්න ගියා.doctor කිව්වෙ නැතැයි මට කිඩ්නි අමාරුව කියලා.අනේ මන්ද කොහොම මේවා හැදෙනවද කියලා.
කොහොමහරි ඔහොම ඉන්න අතරේ අපේ faculty trip එක යන්න සෙට් උනා.අපේ අන්තිම trip එක.මෙහෙම තියාගෙන කොහොමද trip යන්නේ?ගෙදරින් යන්න දුන්නෙ නෑ.කොහොමහරි මම ගෙදරට වෙලා පොඩ්ඩක් exam එකට පාඩම් කලා.එක පාරටම colombo ඇවිල්ලා exam එක ලිව්වා.උඩින්ම පාස්.එහෙමම අනික් පැත්තට ගෙදර ගියා.ගිහින් ලෙඩේ පොඩ්ඩක් හොඳවෙනකන් ඉඳලා කැම්පස් ගියා.

එදා තමයි අපේ faculty එකේ faculty day එක.දවල් වරුවේ ගොඩක් functions තිබිලා.රෑ DJ එකකුත් තිබ්බා.suspend උනාම කැම්පස් එන්න තහනම්නේ.ඒ උනත් රෑ නිසා එකට ආවා.මල කෙළියයි.එකේ අපේ Dean,සර් ලා ඔක්කොමලා.පොඩ්ඩක් ඉඳල ආපහු කොල්ලො 2ක් එක්ක හොස්ටල් ගියා.
කොහොමහරි මාසයක්ම අපේ suspend එක ඇදලා අයින් කලා.ඒ වෙනකොට ඔක්කොම වෙන්න ඕන දේවල් වෙලා.අපේ කවුන්සිල් එකත් පිහිටෙව්වා.මාව සංස්කාරක තරතුරට පත් කලා.
කොහොමහරි faculty exam එහෙමත් ලන් උනා.exam admission දාල තිබ්බා.මලා.මට එක subject එකක්වත් ලියන්න දීල නැහැ.ඔක්කොම කපලා.ඒකටත් පිකට් එකක් ගියා ඒ පාර. හෙන ගේමක් දීලා 18න් 9ක් ලබාගත්තා.practical ටික කොහොමහරි හදාගත්තා.ඒ නිසා අවුලක් නෑ.කලින් පාරත් මෙහෙම්මමයි.ඒකෙ නම් practical එකක්වත් දුන්නේ නෑ.ඒ අතින් බැලුවම මේ පාර හොඳයි.
exam එකත් ලිව්වා.අවුලක් නෑ.නිවාඩුවත් හම්බුනා.

සති දෙකක්ම තියෙනවනේ.
ගෙදර ගියා.....

ප.ලි. :
මෙම කතාව පිටුපස ලොකු කතාවක් තියෙනවා.ඒක දැන්ම කියන්න විදියක් නැහැ.මොකද මම තාම උපාධිය අතට අරගෙන නෑ.ලඟදීම නම්,ගම් ඇතුලුව සම්පූර්ණ විස්තරේ බලාපොරොත්තුවන්න..

16 comments:

  1. නිමානොවන අතීතයක වර්තමාන හඬාවැටීම

    ReplyDelete
  2. කිඩ්නි ලෙඩෙගැන ...පොඩ්ඩක අවදානෙන් ඉන්න.......

    ReplyDelete
  3. @චැප් : ස්තූතුයි අදහසට
    @ඉලංදාරියා : මම මේ වන විටත් ප්‍රතිකාර ගන්නවා..

    ReplyDelete
  4. මේකත් කියෙව්වා. දිගටම ලියන්න.

    ReplyDelete
  5. ඔක්කොම ටික කියෙවුවා මචං..
    කියන්න ඕන මොකක්ද කියල මට හිතා ගන්න බැහැ මචං..

    ඒත් උඹේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගන්නවට බොහොමත්ම ස්තූතියි..

    [ලෙඩත් එක්ක නම් සෙල්ලම් කරන්න එපා පුතෝ.. පරිස්සම් වෙයන්..]

    ReplyDelete
  6. ගොඩක් ස්තූතියි මචන් සෝරෝ...

    ReplyDelete
  7. ඔක්කොම ලිපි ටික එක හුස්මට කියෙව්වා. විශ්ව විද්‍යාලවල සිද්ධවෙන ගැටුම් ගැන පිටට පේන චිත්‍රය බොහෝවිට නිවැරදි නෑ කියන එක ‍ඔබේ ලිපි වලින් තේරුම් ගත්තා. වැරදි කරන කිහිප දෙනෙක් නිසා, බොහෝ දෙනෙක්ගෙ අනාතය අඳුරු වෙනවා. මේ හැම දේටම වගකියන්න ඕන දේශපාලනය. විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ, දේශපාලන අතකොළු වීමෙන් වළකිනකන් ඔය ගැටුම් නවතින එකක් නෑ. කොහොම වුනත් ඕබේ ලිපිවලින් ඉගෙන ගත හැකි පාඩම් බොහොමයි. ඔබේ අත්දැකිම් දිගටම අපිත් එක්ක බොදාගන්න. ජය!

    ReplyDelete
  8. ඇත්තම කියනවනම් ගොඩක් සතුටුයි..
    ඉස්සෙල්ලාම ඔබගේ අදහසට ස්තූතියි...

    ඔව් කීපදෙනෙක් නිසා මුලු විශ්ව විද්‍යාල පද්ධතියම විනාශ වෙලා තියෙන්නේ.මේ දේවල් ගැන තවත් ගොඩක් තියෙනවා උදාහරණත් එක්කම.ඒවා පසුව පළ කරන්නම්.මොකද මම තාම උපාධ්ය අතට අරගෙන නෑ.මේ තිත්ත ඇත්ත පල කලොත් ඒ දේ උන්ට හේතුවක් වෙන්න පුලුවන් මගේ උපාධියත් නැතිකරන්න..

    ReplyDelete
  9. කැම්පස් යන්න විහිලුවටවත් ආසාවක් නැති එකෙක් මං.. ඒ වුනාට මේ වගේ දේවල් කියවනකොට කොහොම හරි විභාගේ ගොඩ දාගෙන යන්නත් හිතෙනවා හැබැයි සමහර දේවල් ගැන හිතෙනකොට බෑ කියලත් හිතෙනවා..

    ඉක්මනින්ම සුව වෙන්න පතනවා සහෝ!

    ReplyDelete
  10. ගොඩක් ස්තූතියි ළමයා ...
    ඕනම එකෙක් අද කාලේ කැම්පස් යන්න ආස නැහැ.හැමදාම නිව්ස් වල කැම්පස් වල ගහගත්ත ඒවා කියනවා.
    හැබැයි එකේ ඇතුලෙ වෙනම දෙයක් යන්නේ.වෙනම ජීවිතයක්.හැදෙන එකාට හැදෙන්නත් විනාශ වෙන එකාට විනාශ වෙන්නහ් වෙන්න පුලුවන් භයානක තැනක් ඒක.හොඳට පාඩම් කරලා කැම්පස් යන්න.ඒ ජීවිතේ සල්ලි දීලවත් ගන්න බැහැ.මගෙන් සුභ පැතුම් බොක්කෙන්ම...

    ReplyDelete
  11. තැන්කූ සහෝ.. ෆුල් ට්‍රයි එක දාන්න ඕනි!

    ReplyDelete
  12. අඩේ අයියත් මාර ලෙඩ වලට තමා පැටලෙන්නේ ~~~
    ඉක්මනින්ම සුව වෙන්න පතනවා අර කෙහෙල්මල් බඩේ අමරුවෙන්!!

    ReplyDelete
  13. ඒක කෙහෙම්මලක්ම තමයි මල්ලී... ඉස්සරහට තව තියෙනවා ලෙඩ ගොඩක්..

    ReplyDelete
  14. අද තමා මම හිතන්නේ මුලින්ම මේ පැත්තෙ ආවෙ... අනික් ලිපිත් බලන්න ආස හිතෙනවා... වෙලාවක් ලැබුනම බලන්නම්.

    ඉක්මනට ඔයාගෙ අසනීපෙ හොඳ වෙන්න පතනවා.

    ReplyDelete
  15. ඔව් @පිස්සා පලාමල්ල..
    බොහොම් ස්තූතියි.. මට උන දේවල් තියෙන්නේ.. වෙලාවක් හම්බුණාම කියවන්න..

    ReplyDelete
  16. වකා අයියේ ,
    මරු මරේ මරු......
    මෙක අපේ junior batch එකටත් මම කොහොමහරි කියවන්න දෙන්නම් අයියේ......
    තවත් විස්තර පොස්ට් කරන්න........

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා