ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Wednesday, June 30, 2010

විශ්ව විද්‍යාල ජීවිතය (III වසර) - 1 කොටස


3rd year එකත් පටන් ගත්තා.3rd year එකේ අන්තිමට ලොකු project එකකුත් තියෙනව කරන්න computer වල.course එකේ exam එහෙමත් මේ අවුරුද්දේ මුල කරන්න වෙනවා.ඒත් ඒ ගැන වැඩිය ගානක් තිබුනෙ නෑ.හොස්ටල් රූම් එකත් මාරු උනා."බංකරේ" තමයි අපි ඉන්න සෙට් වුනේ.එකේ 4 දෙනාටයි ඉන්න පුලුවන්.ඒ හරියේ ටිකක් නිදහස් කියල හිතලා ඒකට යන්න තීරණය කලා.උඩ ඇඳක තමයි මම හිටියේ.මගේ හොඳම යාලුවෝ 3 දෙනෙක් මාත් එක්ක හිටියා.ඉරිද වෙන්න එපා කිය කිය හිටියේ.ඒ තරම් අප්පිරියයි පානදුරේ යන එක.

අලුත් junior බැච් එකත් ඇවිත්නෙ ඉන්නේ.දන්නැද්ද ඉතින්.නංගිලා එහෙමත් ඇතිනේ.හරියට කවුරුත් දැක්කෙත් නෑ.අපට exam අස්සෙනේ බැච් එක ආවේ.එදා කැම්පස් එකට ගියා.අතේ නෝට් එකකුත් තිබ්බා.2nd year එකේ ඇණයක් තිබ්බා මේ පාර ගොඩ දාන්න.ඉතින් ඒකට නෝට් එකක් හොයාගෙන ඒක photocopy කරන්නයි ආවේ.

එනකොට හරියටම "යකා හන්දිය" ළඟ ඉදන් එක සෙට් එකක් මට අතින් අඬගැහුවා.මට එක පාරටම අඳුරගන්න බෑ.වෙලාව 12ට වගේ.එතකොටම අපේ මල්ලිලා සෙට් එකක් practical ඉවරවෙලා එනව දැක්කා. මොකක් හරි දෙයක් මෙතන වෙනව කියල මට දැනුනා.මම උන් ඉන්න පැත්තට ගියා.මට අඬගහල තියෙන්නේ management එකේ කොල්ලො සෙට් එකක්.
උන් මොනාද මෙතන කරන්නේ?ඇයි මට අඬගැහුවේ?මම විතරයි 3rd year එකෙක්ට එතන හිටියේ.

අපේ මල්ලිලාටික කිව්වා "අයියේ අද අපි junior බැච් එක කැන්ටින් එකට එක්කන් යනවා.. ඒකට මොනාහරි කරන්නද දන්නෙ නෑ මුන් ඇවිත් තියෙන්නේ?? " කියලා.

මම අපේ රෙෆාට කෝල් කරලා සිද්ධිය කිව්වා.කෝල් කර කර ඉන්නකොටම management , science උඩ කට්ටිය හෙන සෙට් එකක් එතනට ආවා. ඔක්කොමල 200ක් විතර.අපි 20ක් වත් හිටියෙ නෑ.
මම ආපහු රෙෆාට කෝල් කලා

"කැත සිද්ධියක් වෙන්න යන්නේ.ඉක්මනට කට්ටිය අරන් වරෙන්" කියල මම කට් කලා.කොතනටවත්ද එන්න ඕන කියලවත් කිව්වේ නෑ.

කොහොමහරි වැඩිවෙලාවක් යන්න උනේ නෑ.අපේ කොල්ලොටික ආවා එතනට.සික්කොත් ආවා.
management එකෙන් ඇවිත් තියෙන්නේ junior batch එක උඩ කැන්ටින් එකට එක්කන් යන්න.උන් සෙට් එකම බැහැල ඉඳල තියෙන්නේ ඒකට.කොහොමහරි උන්ට ඕන වැඩේ උනේ නැහැ. පොඩි එවුන්ටික කොර වෙලා බලන් ඉන්නව මොකද මේ වෙන්නෙ කියලා.අපේ කොල්ලන් හූ කියන අස්සේ මුලු බැච් එකම අපේ කැන්ටින් එකට ගියා.ඊට පස්සේ අපි ටිකත් යන්න ගියා.

"උඹට ආපහු සැරයක් ඇතුලට යන්න ඕන වෙලාද ඔච්චර දඟලන්නේ?? "එක පාරටම මෙහෙම කියනව ඇහුනා මට.

ඒ හඬ ආවේ management එකේ කොල්ලො ඉන්න පැත්තෙන්.මම එහෙමම නැවතුනා.හැරිලා ටිකක් වෙලා උන් දිහා බලන් හිටියා.අපේ කොල්ලො ඇවිත් මාව එක්කන් ගියා.ඇත්තටම මට ගොඩක් දුක හිතුනා. ඇයි මුන් අපට ඉන්න දෙන්නෙ නැත්තේ?ඇයි වලියටම ඇදල ගන්නේ?මම දැන් මොනාද කලේ මුන්ට?ඉඳල ඉඳල කැම්පස් ආව විතරයි මොකක් හරි.මේ බවක් දන්නවනම් හොස්ටල් එකට වෙලා නිදාගන්නවා.
management එකේ කොල්ලො අතරේ මම දැක්ක මාත් එක්ක remand වෙලා හිටපු එකෙක් ඉන්නවා.මට මාර තරහක් ආවේ.ඇයි යකෝ මුන්ට තවත් ලැජ්ජාවක් නැද්ද?ඇතුලෙ ඉන්නකොට ෆුල් ෂේප් එකේ ඉඳල දැන් ආය පාරක් පටන් ගෙනද?මම කැන්ටින් එකට ගිහින් අර හිටපු එකාට කෝල් කරලා බැන්න හොඳටම.

"නැ බන්.අපිත් මොකද්ද case එක කියල දන්නේ නෑ.පහළට ආවම තමයි මොකද්ද එක කියලත් දන්නේ.බයවෙන්නෙපා.කිසිම case එකක් යන්නේ නෑ." කියල ඒක කිව්වා.

මෙතන මොනා සිද්ධවෙනවද දන්නේ නෑ.management එවුන්ට science එකත් එක්ක තියෙන ගණුදෙනුව මොකද්ද?අපි උන්ගේ බැච් කඩන්න යනව ඇයි.ඒ මදිවට හාමුදුරුවොත් ඇවිත්.උන් නම් හාමුදුරුවො නෙමේ.නමට සිවුරු පොරවගත්ත එවුන්.එදා දවසත් එහෙම්ම අල උනා.මෙලෝ වැඩක් කලේ නෑ.

ඔහොම යනකොට අපිත් එක්ක course එක කරපු අයිය කෙනෙක් exam එක ලිව්වා. එක සැරයෙන්ම පොර ගොඩ.ඊට පස්සේ ක්ලාස් එකෙන් අපිටත් බර බරේ.exam කරපන් කියලා.පෙබරවාරි මාසෙ වගේ.පස්සේ ඔක්කොම වැඩ අතෑරලා course එකට බහින්න තීරනය කලා.course fee එකත් ගෙව්වා.ගෙදර ගියා.සති 2 කට මෙඩිකල් එකක් දැම්මා.රූම් එකට computer එකක් සෙට් කරගත්තා.රූම් එකේ course එක කරන 3 දෙනෙක්ම හිටියා.එකෙක් අර මම කලින් කිව්ව suspend උන කෙනෙක්.පොරගේ suspend එකත් ඉවර උනා.3 දෙනාට computers 3ක් තිබ්බා.ඒ නිසා වැඩේ ගොඩ.පිස්සුවෙන් වගේ වැඩේට බැස්සා. අපිත් එක්ක course එක කරපු ගොඩක් කොල්ලෝ ගෙදර ඉඳන් exam එකට ලෑස්ති උනේ.අපි 3 දෙනා විතරයි හොස්ටල් එකේ ඉඳන් exam එකට ලෑස්ති වෙන්නේ.අර suspend එක ඉවරවුන එකා උදේ වරුවේ කැම්පස් එකේ හිටියේ.මොකද ඌට lecturesලව ගොඩ දාන්න ඕනවුනා.මොකද ඌ special එකක් කරන්න හිතන් ඉන්නේ.මේ suspend එක ඌට බලපාන්න පුලුවන් නිසා.

සාමාන්‍යයෙන් උදේ 6ට පටන් ගත්තම එක දිගට වැඩ කලා.වෙලාව යනව දැනුනේ නෑ.වැඩක් කෙරෙනව කියල අපිටම තේරුණා.ඇයි අපි මේ දේ කලින් කලේ නැත්තේ? එහෙනම් මෙලහකටත් exam එක ලියලා.එහෙනම් දැන් lectures යන්න තිබ්බා.

කොහොමහරි එක දවසක් වෙනදට වඩා කලින් නැගිට්ටා.timing තියලා paper එකක් කරන්න course එකේ.”wiz lab” ගහනව කියලා කියන්නේ.පැය 3ක් විතර යනව වැඩේට.ඔක්කොටම පැය 5ක් වත් යනවා.correction බලන්න එහෙම.
ඒ දේවල් කර කර ඉන්නකොට මෙන්න එනව කෝල් එකක්.ඒ වෙන කවුරුත් නෙමේ.ඊට ටික වෙලාවකට කලින් අපේ රූම් එකෙන් ගිය අර suspend වෙලා හිටපු එකා.හෙනම කලබලෙන් කතාකලේ..

පොර මොනාද කිව්වේ???

ප.ලි. :
මේ පොස්ට් එක දාන්න පරක්කු උනේ හේතුවක් ඇතුව.
අද උදේ මම නරක හීනයක් දැක්කා.මාව ආපහු සැරයක් remand කරනවා දැක්කා.ඒ දේට මම ගොඩක් අවුලිනුයි හිටියේ.ඒ දේ හීනයක්ම වෙන්න කියලයි මම නම් කියන්නේ...

8 comments:

  1. හීනෙන් දැක්ක දේ සිදු නොවේවා කියල තමයි මමත් ප්‍රාර්ථනා කරන්නේ. අනික හීන ඕනවට වඩා ගණන් ගන්න එපා.

    ReplyDelete
  2. ඔව් Praසන්ன.
    හැබැයි ඒ හීනේ වෙන හීනවල් වගේ නෙමේ.මට සිද්ධවුන දෙයක්නෙ පෙන්නුවේ.එකයි ..
    දැන් අවුලක් නෑ. ස්තූතියි අදහසට

    ReplyDelete
  3. ඔබ දැකපු ඒ හීනය හීනයක් විතරක්ම වේවායි පතමි. ඕවා එච්චර ගනන් ගන්න එපා මචං.

    ReplyDelete
  4. ගොඩක් ස්තූතුයි මචන් මහේෂ්..

    ReplyDelete
  5. ඔබ දැකපු ඒ හීනය හීනයක් විතරක්ම වේවායි පතමි. ඕක තමා අයියේ මටත් කියන්න තියන්නේ , විභාගයත් හොඳට කරන්න .!!

    ReplyDelete
  6. විභාගේ ලිව්වා හෙන ගේමක් දීලා ඊලඟ පෝස්ට් එකේ ඇති

    ReplyDelete
  7. අද තමයි අයියේ ඔයාගේ බ්ලොග් එක කියෙව්වේ. කතා ටික නම් උපරිමයි....

    මිනිහෙක් හරියට හැදෙන්නේ අත්දැකීම වලින්. ඔයා මේ වයසට ගත්තු අත්දැකීම වලින් ඔයාටත් දැන් හොඳ දැනුමක් ඇතියි කියලා හිතෙනවා. ඉදිරි කටයුතු හොඳින් කරගෙන යන සුභ පතනවා.........

    මේ බ්ලොග් එක සින්ඩියට දාලා නැද්ද ?

    ReplyDelete
  8. ස්තූතුයි මල්ලී.. ඔව් මල්ලි දාල තියෙන්නේ...

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා