ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Monday, June 14, 2010

විශ්ව විද්‍යාල ජීවිතය (I වසර)


එහෙනම් මමත් කැම්පස් ආවා.මරු.මේකද කැම්පස් කියන්නේ.ඔන්න ඕවා තමයි මුල් දවස් වල මට හිතුණේ.කොහොම කොහොම හරි ඔක්කොමල වගේ ඉක්මනට fit උනා.බදුල්ලේ අය ගොඩක් හිටියා අපේ batch එකේ.නිසාමද කොහෙද ඇවිල්ල සතියක් යන්න හම්බුණේ නැහැ card එකකුත් වැවුණා.නමටම හරියන එකක් set උනා.මම හැමතිස්සෙම කියවනව කියලා වක්කඩේ කියලා දැම්මා එක.චික්.මොන තරම් ජරා එකක්ද??ඊට පස්සේ හෙන ගේමක් දීලා එක rename කරගත්තා වකා කියලා.ඒකට මරු හේතුවකුත් හැදුවා.ඒ තමයි මට වකා යුනිස් වගේ බෝල් දාන්න පුලුවන් කියලා මට වකා කියනවා කියලා කලා.ඒත් ඒ වෙනකොට ඔක්කොම එවුන් දැනගෙන ඉවරයි. :(
ඉතින් කොහොමහරි ඉස්සෙල්ලාම lectures ගියා.මොකද අයියලා කිව්වා lectures යන්න කියලා.හාපෝ ඉන්න බෑ.කවදා කාපු ටකරන්ද? පස්සෙ පස්සෙ lectures යාම නැවැත්තුවා.අපේ කැන්ටින් එකට වෙලා ඔහේ පිස්සු කෙල කෙල හිටියා.තනියම නෙමේ.කැම්පස් එකෙත් ඉස්කෝලේ වගේම් සෙට් එකක් සෙට් වුණා..

අපේ කැන්ටිම ගැන කියන්නම ඕන.
ඒකට කියන්නේ Gym කැන්ටින් එක කියලා.අපේ අයියලා අක්කලා ලොකු ගේමක් දීලා ලබාගත්තු තැනක්.ඉස්සර ඒ කියන්නේ 1996 කාලේ රුහුණු science එකේ දරුණුවට රැග් එක තිබිල තියෙනවා.ඒකට විරුද්ධව ගොඩ නැගුණු කණ්ඩායමක් තමයි අපි ඔක්කොම.

ඉතින් gym කැන්ටින් එකට ආපු නැති දවසක් නැති තරම්.ඒ තරම් ඒ කැන්ටින් එක ගෙදර වගේ.අපේ කණ්ඩායමේ නම පොදු සිසු බලවේගය.අදටත් ඒ නම කිව්වම ඕන එකෙක් දන්නවා. මම කලින් කිව්වනේ මාව නැවැත්තුවේ බෝඩිමක කියලා.ඒත් බෝඩිමට වඩා hostel එකේ තමයි හිටියේ.හැම වැඩකම,ඕන එකක හිටියා.ඒ නිසාම අමුත්තක් තිබුණෙ නෑ.හොදම සීන් එක තමයි මම නැවතිලා හිටපු බෝඩිම තියෙන්නෙ අනික් පැත්තෙ කට්ටියගේ hostel එක තියෙන හරියේ.(ජෙප්පො).අපේ hostel එකෙ එවුන් කිව්වා අපට එතන ඉන්න එපා දෙයියන්ගේ නාමෙන් hostel වරෙන් කියලා.කොහෙද මම අහයි ඕවා.මම ඉතින් හා කිය කිය එතනම හිට්යා.ඔන්න ඔහොම ඉන්නකොට තමයි ඉස්සෙල්ලාම Exam එක ආවේ.ඒක කොහොමහරි කුප්පි වලට පින්සිද්ද වෙන්න කර ගත්තා.ඔක්කොම ගොඩ ගියේ කුප්පි වලින්.ඉතින් එක ඉවරවුණා විතරයි අපේ junior batch එක එනවා කියලා දැනගන්න ලැබුණා.ඉතින් අපිත් අපේ අයියලා අක්කලා වගේ එයාලව ගොඩ දාන්න යන්න එපැයි.අපිවත් එහෙම ගොඩ දාන්න ආවනේ.කොහොමහරි ඒවට ගියා.මම අපේ Area එකේ ඒවා cover කලා.ඔන්න ඔය දවස් වල තමයි ටික ටික වලි යන්න පටන් ගත්තේ.ඔය කාලෙම faculty trip එකත් ගියා.ඒ ඉවර වෙලා ආපු දවසෙම තමයි අපේ junior බෝට්ටු list එක ආවේ. ඉතින් දෙපැත්තෙන කට්ටිය දෙපැත්තට වෙලා කට්ටිය ගොඩ දානවා.එදා මම campus එකට ආවා විතරයි රණ්ඩුවක් ගියා.
එදා තමයි මම ඉස්සෙල්ලාම එකෙක්ට ගැහුවේ.හිතුවෙනැ ඉතින් මේවා කොහෙන් කෙළවර වෙයිද කියලා.කොහොමහරි එදා මම බෝඩිමට ගිහින් පහුවෙනිදා ආපහු කැම්පස් යනකොට මට ත්රීාවීල් එකකින් ආපු අයියා කෙනෙක් මූණට පුරවලා දුන්නා පාරක්.අම්මෝ ඒක තාම මතකයි.තොල ඉදිමුණා.පිස්සු වගේ. එදා හිතාගත්තා ගේමම තමයි කියලා.එද ඉදන් ඉගෙනීම ගැන හිතුවෙම නෑ.
හැම scn එකකටම ගියා.Deanට පවා චාටර් වුණා.ඔහොම ඉන්නකොට තමා අපේ juniorsලා කැම්පස් එකට හරියටම එන දවස ආවේ.

එදා බදුල්ලේ සෙට් එක කැන්දගෙන එන්න මමත් ආව ඉතින් පොරසේ.හී හී.එදා උදේ බදුල්ල stand එකේ ඉදන් අනික් පැත්තේ එකෙක්ටත් කෙලියා.තනියම නෙමේ.ගැන්සියත් එක්ක ඇවිත්.මම නිකමටවත් හිතුවෙ නෑනේ යකෝ මම මාතර එන්න ඕන තනියම කියලා.ඔන්න දැන් මාතර එන්න බස් එක බදුල්ලෙන් ආව.ඊට කලින් බස් එකේ මගේ බෝඩිමේ යාලුවා යනවා.මම පස්සෙ යන එකේ.juniorsla අපේ බස් එකේ.ඔහොම යනකොට යනකොට හරියටම ලුණුගම්වෙහෙර හරියේ මගේ යාලුවා මට කෝල් කලා.
"අඩේ අපේ බස් එකට මැරයො සෙට් එකක් නැග්ගා.උඹව තමා හෙව්වේ.අම්බලන්තොටින් නැග්ගේ.පොඩ්ඩක් පරිස්සමෙන්" අප්පට සිරි.දැන් මොකද කරන්නේ.දැන් කැම්පස් එකේ කොල්ලන්ගෙන් දිගට හරහට කෝල්ස් එනවා. ඔක්කොම කිව්වේ "මොනා හරි කරපන්" කියල විතරයි.උන් කියල මොනා කරන්නද? මට කරගන්න දෙයක් නෑ.පස්සේ බැරිම තැන මම බස් එකේ කොන්දට විස්තරේ කිව්වා."අයියේ. මට අම්බලන්තොටින් මැරයො සෙට් එකක් ගහන්න ඉන්නවලු.මොනා හරි කරන්න" කියලා.එයා කිව්ව "මල්ලි බය නැතුව ඉන්න අපි බලාගන්නම්" කියලා.පුහ්.මට මාර ෆිට් එකක් ආවේ.ඔහොම යනකොට එක පාරටම හම්බන්තොටින් සෙට් එකක් නැග්ගා.ඒ සෙට් එක අතරේ අපේ අනික් පැත්තෙ එවුනුත් හිට්යා. මට තේරුණා මොකක් හරි දෙයක් වෙන්න යනව කියලා.එකෙක් අර නැගපු කලු බඩෙක්ට මාව පෙන්නුවා.එක පාරටම 10ක් විතර අවිල්ලා මාව වටකලා."මුන් තමයි අර සෙට් එක" මම මටම කියාගත්තා.දැන් බස් එක යනවා.ඔහොම යනකොට කොන්දට මම ඇහෙන් පෙන්නුවා සෙට් එක.මම ඉඟියෙන් කිව්ව මුන් තමයි අර සෙට් එක කියලා."අනේ බුදු අයියේ මොනා හරි කරපන්" ඒ දේ කියාගන්න බැරුව මාර ගේමක් දුන්නා.කොහොමහරි අම්බලන්තොට බස් එක නැවැත්තුවා.ඉවරයි.
අර මම ලඟ හිටපු එකෙක් මගේ බඩ ගාවට දැලි පිහියක් තියලා.. "දැන් මහත්තයා වගේ බස් එකෙන් බැහැපන් කලබල කරන්නෙ නැතුව" කියලා කිව්වා.මම කලබල කලේ නම් නෑ.අරකෙන් ඇද්දොත් එපා කියන්න ඇයි.මම බහින්නේ නැතුව හිටියා.එතකොටම හොඳ වෙලාවට බස් එකත් ඇද්දුවා.එතකොට බස් එකේ හිටපු අර සෙට් එක "හෝව් හෝව්" කියල බස් එකෙ උඩට ගැහුවා.එතකොට කොන්දට ඔක්කොම තේරුණා.ඒකා එක පාරටම "ඇයි මොකද යකෝ" කියල කඩාගෙන පැන්නා. ඊට පස්සේ අරුන් කොන්ද එක්ක පැටලුණා.පස්සේ මාර අව්ල දැන්.මොකද බස් cleaner මාතර එකෙක්.ඒකා "කව්ද යකෝ චණ්ඩි" කියාගෙන ආවා.මැරයො ටික salender.උන් ටික බල්ලො වගේ බැහැල ගියා.අන්තිමට බහින එකාට කණට ගහනවත් මම දැක්කා.මට මර fit.අරුන් ටික බැස්ස විතරයි මට මාර මොරාල්.ඉන්නකන් බල්ල වගේ.හී හී.

මම කැම්පස් එකේ අපේ එවුන්ට කෝල් කරල මගදි බස් එකේ ඉන්න එවුන්ට ගහන්න සෙට් කලා.ඒ තරම් පිස්සුවෙන් වගේ මම. කොහොමහරි ඒ වැඩේ කරගන්න බැරිඋනා.පස්සේ එදාම වහාම ක්රි යාත්මකවන පරිදි බෝඩිම අතැරලා hostel ආවා.දැන් ඕන ....

පස්සේ දිගටම ගහගත්තා.හැමදාම වලි.තනියෙන් කැම්පස් ගියේම නෑ.ගියොත් ඉවරයි.ඔහොම ඉන්න කොට තමයි මහ වලිය ගියේ.අම්මො මරු.දෙපැත්තට බෙදිලා ගල් ගහගන්නවා.පත ගල් එන්නේ.අපේ කොල්ලො කීප දෙකෙන් hospitel admit කලා.පස්සේ වලියත් ඉවරයි.batch එකත් ආවා.කොහොමහරි ගහගත්ත ඒවට ගෙදරින් පවා එක්කන් එන්න සිද්ධ උනා.

ඔන්න ඔහොම වලි වලින් පිරිණු එක අවසන් උනා.2nd year එකේ උන දේවල් මගේ ජීවිතය උඩු යටිකුරු කලා.ඒ දේවල් මතක් වෙනකොටත් බයක් දැනෙනවා.
ඒ තරම් අද්දැකීම් ගොඩකට මූණ දුන්නා....

9 comments:

  1. loweth machan mama ubath ekka batch goda dhanna gihin wichcha dewal hodata dannawa.....

    ReplyDelete
  2. e ban man me ada meka balanne sirawatama niyamai ban :) :) himita kiyawanna ona

    ReplyDelete
  3. ade nama daapanko.. kawda kiyala hoyaganna bane..
    any way thnx 4 the comment :-)

    ReplyDelete
  4. අනේ මල්ලියේ... මාත් ඔය කැන්ටිමට ගියා. විභාග තියන්නේ ඉතින් ජිම් එකේනේ... අන්තිමට අර මාල පලන්දන්නෙත් ඒකේනේ... හැබැයි මම සයන්ස් වුනත් උඩ කැන්ටිම්... සමයන් තමයි.... තුන් වෙනි අවුරුද්ද වෙන කොය කොයි කැන්ටිමත් එකයි... දැන් නම් සම්පූර්ණ බැචි එකම පහල ලු නේද? ඒ වුනාට උඩ පහල නැතිව අනිත් පීඨත් එක්ක මූ වෙන එකෙත් ලොකු වෙනසක් තියෙනව. මම උඩ කියල මොකද දේශපාලනේ කොරේ නැහැ නෙ...

    කොහොම වුනත් මගේ කැම්පස් එකේ මගේ පැකැල්ටි එකේම පොඩ්ඩෙක් බ්ලොග් ලියනව දැක්කම සතුටුයි...

    වැප් ගේ බස් එකෙන් තමයි බ්ලොග් එක දැක්කේ මල්ලො...

    දිගටම ලියමු එහෙනම්........

    ReplyDelete
  5. ඉස්සෙල්ලාම අපේ ෆැකල්ටියේ අයිය කෙනෙක් හමුවීම ගැන සතුට පළ කරනවා.ඇත්තටම අයියේ මොන කැන්ටිමේ උනත් වෙනසක් නෑ අයියේ.අපි එහෙම මැරයො නෙමේ අයියේ.

    ඒත් අයියේ මෙතන ඉන්න කීපදෙනෙක් තමයි මේ සියලුම ප්‍රශ්ණ ඇතිකරන්නේ.management එකට කිසිම අදාලත්වයක් නෑනේ අපේ faculty එක ගැන.එයාලට ඕන මොන ආකාරයකින් හරි කැමපස් එක වහගන්න.
    මොකද එයාලගේ සමහරක් අයගේ දේශපාලණ අරමුණු ඉටු කරගන්න.නැතුව වෙන අය ගැන හිතල නෙමේ.

    ඔව් අයියේ.දැන් එකේ ඔක්කොම පහළ ඉන්නේ.
    දැන් වත් මම management එකේ ඉන්න එවුන්ගෙන් ඉල්ලන්නේ අපිට අපේ පාඩුවේ ඉන්න දියල්ලා..

    අයියේ ඔයා හොඳම හරිය කියවලා නෑ.ඉස්සරහ හොඳ හොඳ ඒවා ඇති..
    බොහොම ස්තූතියි අයියේ..

    බොහොම ස්තූතියි චැප් ඔයාටත්..

    ReplyDelete
  6. මම අයිය කෙනෙක් වෙන්න හිතලවත් නැහැ . ලබන ආත්මෙ වත් බලන්නම් කෝ අයිය කෙනෙක් වෙන්න. මේ ආත්මේ මම ගැහැණු පරාණයක් ලෙස ඉපදී සිටිමි....

    වෙරිපිකේෂන් හරි කරදරයි මල්ලි... අයින් කරමුද?

    ReplyDelete
  7. අනේ වෙරි සොරි වෙන්න ඕන අක්කේ..
    මම හිතුවේ අයිය කෙනෙක් කියලා..
    අක්කලා මෙහෙම කතා කරනවා අඩුයි..ඒකයි මම එහෙම හිතුවේ..වෙරිෆිකේෂන් ඕනම නෑ තමයි..

    මම මීට පස්සේ "Wath" කියලා කතාකරන්නම්කෝ.. කමක් නෑනේ නේද??

    අනික් ටිකත් බලන්න අක්කේ..

    ReplyDelete
  8. වකා අයියේ , ජෙප්පොන්ට කෙලවෙන්න කියලා ඔයා වැඩෙ කරගෙනෙ යන්න..
    we know Your da best.....

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා