ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Sunday, June 13, 2010

විශ්ව විද්‍යාල ප්‍රවේශය



එදා උදේන්ම ආවා අම්මලා එක්ක.මමයි මගෙ ගමේම යලුවෙකුයි.අපි දෙන්නම එකම කැම්පස් එකට select වුණ එක ගැන ඇත්තටම සතුටුයි.එදා එනකොට කැම්පස් එකේ එක ගාව සෙනග.පොඩ්ඩක් විතර බයත් උනා.කොහොමහරි කැම්පස් එක ඇතුලට ගියා.එහෙන් මෙහෙන් අරන්චි වුණා කලින් දවසෙ රෑ ගහ ගෙන කියලා.කොහොමහරි එදා දවසත් ගෙවුණා.Hostel එකේ නවතිනවට ගෙදරින් එච්චර කැමති වුණේ නැතිනිසා දන්න කියන තැනක අපි දෙන්නව නැවැත්තුවා.

ඒ පැත්ත එච්චර හුරුත් නෑනේ.අහන අහන එකා කියනවා දරුණු පැත්තක් කියලා.කොහොම හරි ඊට පහුවෙනිදා කැම්පස් ගියා.එදා ගියාම ආරංචි උනා ආපහු ගහගෙන කැම්පස් එක වැහුවා කියලා.එදාම ආපහු අපි ගෙදර ගියා.එළ.
පස්සේ සතියකින් විතර කැම්පස් පටන් ගත්තා.හපෝ.එක එක ජාතියේ එවුන්.අනේ මන්ද.ඉස්සෙල්ලාම English Intensive Course එක තිබ්බේ.ඒකට groups වලට කැඩුවා.මම අහුවුණේ 4 වෙනි එකට.ඔක්කොම තිබ්බේ 6යි.මගේ English දැනුම ගොඩාක් හොද නිසා 4න් බේරුනා. හික් හික්.

කොහොම හරි මාසයක් කට්ට කාලා ඒකත් ඉවර උනා.පස්සේ සති 2ක නිවාඩුවක් හම්බුණා.ඒක ඉවරවෙලා තමා හරියටම කැම්පස් එකට ආවේ.

මල් පූජාවක් එහෙම තියල අපිව අපේ අයියලා අක්කලා හොඳට පිළිගත්තා.පස්සේ තමා Subject Combination දාල තිබ්බේ.එළ.බලාපොරොත්තු වෙච්ච එකම හම්බුණා.Computer Science & Maths

ඔන්න ඔහොම කැම්පස් ජීවිතය ආරම්භ වුණා...

No comments:

Post a Comment

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා