ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Sunday, June 13, 2010

පාසල් ජීවිතය


පාසැල් ජීවිතය නම් ඔක්කොම ලියන්න ගියොත් මේකෙ ඉඩ මදි වෙනවා..
ඒ තරම් සුන්දරයි..
කොහොම කොහොමහරි O/L දක්වා පිස්සු නට නට ආවා.ඒ කාලේ ජොලියට වගේ ගහගන්නවා.Class පිටින් ගිහින් තව class වලට ගහනවා.ඒ විතරක් නෙමේ.ගුටිත් කෑවා ඉතින්.කීපවතාවක්ම ගෙදරින් එක්ක එන්න කියල තියෙනවා.සමහර ඒවා තාම ගෙදරින් දන්නෙ නෑ.මොකද අපේ මාමා තයි ඕවට එන්නේ හී හී..

කොහොම හරි O/Lත් ගොඩ ගියා.වෙලාවකට පුදුමයි කොහොමද ගොඩ ගියේ කියලත්.සෙට් එකම ගොඩ හියා.ඊට පස්සෙ A/L Maths කරන්න පටන් ගත්තට පස්සෙ තේරුනා මොනාට Maths තෝරගත්තද කියලා.ඒ තරම් වයර්.ඒවගේ තියෙන සංකීර්ණකම කවදාවත් හිතුවෙ නෑ.කොල්ලො එක්ක පිස්සු නැටුවා විතරයි.කෙල්ලො පස්සෙ යන ඒවා.තව වැඩ.ඒවත් එක්ක ඉගෙන ගන්න වෙලාවක් කොහෙන්ද??පළවෙනි පාර Exam එකට ගියාම Exam එකේ තිබ්බ වැඩි හරියක් lesson එදාමයි දැක්කේ.මට හොදට මතකයි.Chemistry වල චාලක රසායනය කියල පාඩමක් තියෙනව කියල දැනගත්තේ එදා paper එකේදි.කොහොමහරි බලාපොරොත්තු වුන විදියටම Result ටුත් ලැබුනා.fail..
එදා පොඩි දුකකුත් ආවා.ඒත් එක්කම සතුටකුත් ආවා.සතුට තමයි මමත් එක්ක වල බැහැපු ඔක්කොම Exam fail.කොහොමහරි දෙවෙනි පාරත් දන්නෙම නැතුව ආපහු පිස්සු කෙලින්න ගත්තා.බොන්න පුරුදු වුනා.class ගිහින් බිව්වා.කොහොම හරි එකට යලුවෝ එක්ක පාඩම් කලා.ඊට පස්සේ මොකද උනේ.Exam ලිව්වා.අම්මේ යාන්තන් ගොඩ. මේ මහ ලොකුවට නම් නෙමේ..යාලුවොත් ගොඩ.දැන් මොකද කරන්නේ.එක එකා course කරනවා කියලා එහේ මෙහේ ගියා.

මම මොනා කරන්නද??බැරිම තැන IDM එකේ course එකක් කරන්න ගියා.එකෙත් එළ පිස්සො සෙට් එකක් හිටියා.මොන course ද?? කොහොම හරි එකටත් 4000ක් තාම දෙන්න තියෙන්වා.Assignment කලෙත් නෑ.ඔහොම ඉන්නකොට තමයි කැම්පස් දාන්න කියලා ගෙදරින් කිව්වෙ.ඒ දවස් වල මාර ආසාවක් Forces තිබ්බා යන්න.Interview එහෙමත් ගියා.කොහෙද ඉතින්.Interview හෙටයි කියල තමයි පාරමි කුලතුන්ගට බෝම්බ ගැහුවේ.ඉතින් ගෙදරින් බර බරේ.කොහොම හරි කැම්පස් එකට දැම්මා.
මල කෙළියයි.කැම්පසුත් ආවා.රුහුණු කැම්පස් එකෙන් ආවේ.කලින් Batch වල දන්න කියන අය හිටියා.කොහොම හරි කැම්පස් යන්නම කලින් එකෙ ඇතුලෙ situvation එක දැනගන්න පුලුවන් උනා.අපිව ගොඩ දාන්න අයියලා අක්කලා ආවනේ.එයාලගෙන් දැනගත්තේ.
“මල්ලී.. රුහුණු එකේ දෙපැත්තක් තියෙනවා.එක පැත්තක් JVP.අනික් පැත්ත Antiragersල” කියලා.ගොඩක් කරුණු දැනගන්න ලැබුණා.කොහොමත් රුහුණෙ වලි ගැන කොහොමත් දන්නවා.ටී.වී එකේ දැකල තියෙනවා.ඒ ඔක්කොම කරල හොඳ තැන් jobs වල කරන අයියලා ගැනත් අහල තිබ්බා.ඒ නිසා ඒවා ගැන බයක් දැනුණේ නෑ.කොහොමහරි JVP එකට මම ආස නෑ පොඩ්ඩක්වත්.ඒ නිසාද මන්දා මම අනික් පැත්තට යන්න තීරණය කලා.ඒ තීරණය ගැන මම අදටත් ගොඩක් සතුටු වෙනවා.
එහෙම මම තීරණය කලාට කිසිම නිදහසක් තිබුණේ නෑ.දෙපැත්තෙම Senior කට්ටිය ගෙදර අවිත් තෙල බෙදන්න(මේ කියන්නේ මොකද්ද කියලා ඉස්සරහට කියන්නම්) පටන් ගත්තා.මම ඉතින් බල්ල වගේ අහන් ඉන්න එක තමයි කලේ.කොහොමහරි කැම්පස් පටන් ගන්නවා කියල ලිවුමක් ආවා.හුහ් හුහ්.අනේ මන්ද.ඔක්කොම යන්න ලෑස්ති වෙලා ඉන්නකොට තව ලියුමක් ආවා කල් ගියා කියලා.හොයල බලද්දී ගහ ගෙන.මරු.ගෙදරින් ඉතින් තවත් ෂෝක්.කොහොම කොහොම හරි කැම්පස් පටන් ගන්න දවස ආවා.
ඕන දේකට මූණ දෙනව කියලා ගෙදරින් ආවා.හිතුවෙ නෑ කැම්පස් ජීවිතය මගේ මුලු ජීවිතේම වෙනස් කරයි කියලා.

මතු සම්බන්ධයි.........

3 comments:

  1. සංතෝසයි... අපේ ඉස්කෝලේ කණුවක් වග දැනගත්ත එකට... අයියෙක්ද මල්ලියෙක්ද කියලා දන්නේ නෑ... කොහොම වෙතත් සහෝ උඹට ජය... දිගටම ලියපන්...

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා