ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Tuesday, June 15, 2010

විශ්ව විද්‍යාල ජීවිතය(II වසර) - I කොටස


කොහොම කොහොමහරි 2nd year 1st semester එකත් පටන් ගන්න දවස ආවා.එච්චර ගානක් නෑ ඉතින්.timetable හම්බුණා.හප්පේ වෙලාවක් ඇත්තෙම නෑ වගේ.ඕවා ප්‍රශ්නද? වෙලාවක් නැති වෙන්නේ lectures ගියොත්නෙ.හික් හික්.ඉතින් හොස්ටල් එකේ rooms එහෙමත් මාරු වුණා.ඒ room එකේ 12ක් හිටියා.ඒත් එක්කම juniorsලගේ social එක ආවා.ඒක කරන්න ඕන අපිනේ.දැන් ඉතින් අපි නමට හරි seniorsලනේ.කොහොමහරි social ඒකත් දුන්නා.

මල කෙළියයි කියන්නෙ එදා සම්මානයකුත් හම්බුණා "මට බැරියා" කියලා.මඩ සම්මාන උළෙලීදී. සම්මානේ හම්බෙන්න හේතුවක් තිබ්බා.ඒක පස්සේ කියන්නම්.දැන් මෙහෙම යමුකෝ ගොන් පාට් නැතුව.

ඉතින් කාලයක් යනකන් වලියක් ගියේ නෑ.පාඩුවේ හිටියා.පිස්සු කෙළිල්ල නම් නැවැත්තුවේ නෑ.මාර ජොලි කැම්පස් ජීවිතය.ඒ දේ හොදටම තේරුණේ ඔය දවස් වල තමයි.මොකද 1st year එකේදී ඔහොම හිතන්නවත් කාලයක් තිබ්බෙ නෑ.ගහගත්ත විතරයි.ඉතින් ඔහොම ඉන්නකොට Exam එකත් ළන් වුණා.බොරු කියන්න ඕන නෑනේ.ඒකටනම් පොඩ්ඩක් පාඩම් කලා.පොඩි උනන්දුවක් ඇතිවුණා. ඒත් ඉතින් කුප්පි වලින් තමයි.කොහොමහරි එකත් ලිව්වා.ගොඩ.ගොඩ කිව්වට ඉතින් ඇණයක් දෙකක් තියෙනවා.ඒවා තිබුණේ නැත්තම් ඉතින් වැඩක් නෑනේ.යාලුවෝ කරන දිහා බලාගෙන මමත් කරපු subjects වල average එක හැදුවා.පුහ්.මටත් 2nd class එකක් තියෙනවා.ඉතින් මටත් පොඩි ආසවක් ඇතිවුණා.යාලුවෝ කිව්වා පිස්සු කෙළින්නේ නැතුව ඉගෙන ගනින්.උඹට ඉගෙනගන්න පුලුවන් එකෙක් කියලා.මම ඉතින් ඒ දේවල් ඒ දවස් වල හිතුවෙ නෑ. ඔන්න ඉතින් ඔහොම Exam එක ඉවර වුණා.සාමාන්‍යයෙන් අපේ science එකේ 2nd semester එකේ තමයි වලි පටන් ගන්නේ.මොකද අලුත් batch එක එන්නේ එතකොටනේ.ඒක බෙදාගන්න තමයි ගහනන්නේ.මේ සිද්ධ්ය ඕනම කැම්පස් ඉන්න එකෙක් දන්න දෙයක්.ඉතින් අනේ නිවාඩු දුන්නා.

නිවාඩුව ඉවරවෙලා සුපුරුදු පරිදි කැම්පස් ආවා එකේ වැඩ පටන් ගන්න.ඔන්න ඔහොම ඉන්නකොට තමයි අපේ batch එකට අලුත් Refry (කැඳවුම්කරුවෙක්) පත් කරන්න ඕන වුනේ.සාමන්‍යයෙන් semesterඑකෙන් semester එකට Refry ලා මාරු වෙනවා. අනේ කරුමෙක මහත.ඒ semester එකේ Refa උනේ මම.උනා නෙම්.කලා.බලෙන් දැම්මා.මොකෙක්වහ් ඔය පට්ටම බාර ගන්න කැමති නෑ.මොනා කරන්නද?අකමැත්තෙන් වුණත් බාරගන්න සිද්ධ වුණා.මල කෙළියයි.Meetings වල කතා කරල තියෙන එවුන් ඇයි අපි.ඔහේ කියෙව්වට ඕවගේ කතාකරන්නෙ කොහොමද?පත්වුණ දවසේ ගොඩක් එවුන් හිනා වුණා.හිනා වුණා නෙමේ හිනායන්නැති.මටත් හිනා යන එකේ.හරි කමක් නෑ කියල වැඩේට බැස්සා.අපේ පළවෙනි වැඩේ වුණේ හොඳ Batch fund එකක් හදාගන්න එක.

ඒකට අපි “සහන් රන්වලයනේ යුද්ධෙටත් ඇවිත්” show එක ගෙන්නන්න තීරණය කලා.කොහොමහරි swineeer එකක් ගහන්න තීරණය කලා.ඒකට adds එකතු කරන්න තව sposership හොයන්න හැම දෙයක්ම කරන්න ගත්තා.ඒ දේවල් කරන්න batch එකෙන් මට පුදුම සහයෝගයක් ලැබුනා.කොහොම හරි ඔය දේවල් එළටම කරගෙන ගියා.

ඔහොම යනකොට තමා මට හිතාගන්න බැරිදෙයක් සිද්ධ වුණේ.
ඒ දේ මගේ ඔක්කොම දේවල් නැතිකලා..

No comments:

Post a Comment

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා