ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Monday, June 28, 2010

නැවතත් සිරගෙදරට - 2 කොටස

බස් එක උසාවියටත් ආවා.
ඔක්කොමල බැස්සුවා.අපි මාන්චු දාලා යනවා.කැම්පස් එකේ ගොඩක් එවුන් ඇවිල්ල ඉන්නවා දැක්කා.ඒත් ඒ දිහා බලන්නවත් මට ෆිට් එකක් තිබුනෙ නෑ.
උදේ පාන්දරම ජේලර් කාරයෙක් මාව කෑවනේ.මම ගොඩක් අව්ලින් හිටියේ.අපිව උසාවිය මැදින්ම එක්කන් ගියා.

නඩුවලට වාඩි වෙලා හිටපු එවුන් "මහ පව්කාරයෝ වගයක්..කැම්පස් ගියානම් ඉගෙනගන්නේ නැතුව.."
ඔහොම කියනව මට ඇහුණා.

ඔව් ඒක ඇත්ත.අපි පව් කාරයෝනම් තමයි.නැත්තම් අපට මෙහෙම වෙන්නෙ නෑනේ. මේ විදියට කොහේවත්යන පොලිස් කාරයන්ගෙන් බැනුම් අහන්න වෙන්නෙ නෑනේ.උන්ට ඕන විදියට අපට ඉන්න සිද්ධවෙන්නෙ නෑනේ.

අපිව උසාවිය ගාව තියෙන රූම් එක ඇතුලට දැම්මා.මේ රූම් එකේ හැටි මම කලින් කිව්වනේ.අපේ අනික් කොල්ලො සෙට් එකට මේ පළමු අද්දැකීම.මොකද මේ පාර අපිව remand කලේ Judgeගේ ගෙදරට ගෙනිහින්.කොහොමහරි එකෙක්වහ් සද්දයක් නෑ.ඔක්කොමල බලන් හිටියේ මොකද වෙන්නේ කියලා.. එක පාරටම

"අර කැම්පස් 18දෙනා මෙහාට එන්න" කියලා කෑගහනවා ඇහුණා.

අපි උසාවියට ගියා.පිළිවෙලට නම් කිය කිය අපිව කූඩුවට නැග්ගුවා.මුලු උසාවියම කන්න වගේ බලන් හිටියා.මම හිතන්නේ මෙච්චර ගොඩක් ඉන්න එකම නඩුව අපේ එක වෙන්න ඇති.හරි ඔක්කොම නග්ගලා ඉවරයි.මම හිටියේ 17 වෙනියට.මම Judgeට cover වෙලා ඉන්න ට්‍රයි කලා.අම්මෝ ඔක්කොම lawyersලා 6ක්.අපි 18 දෙනාට.නඩුව පටන් ගත්තා. සුපුරුදු පරිදි පොලිස් අයියලා පච ගෝනිය දිග හැරියා.අපිව වෙව්ලනවා උන් කියන ඒවට.Lawyersලා දිගටම කතාකලා.කොහොමහරි රසපරීක්ෂක වාර්ථාවක් ගැන කියනව ඇහුණා.ඒ කියන්නේ මොකද්ද?? මොකක් හරි වෙන්න ඇති.

එක පාරටම Judge කිව්වා "නඩුව පසුව කැඳවනවා" කියලා.

අපි ආපහු අර රූම් එක ඇතුලට ගියා.ඇයි නඩුව පසුව කැඳෙව්වේ??අපි ඕවා කතාවුනා.මොනාද පොලිස් සාක්ෂි වගයක් එන්න තියෙනව කියලලු කිව්වේ.උසාවි කූඩුවේ ඉස්සරහින්ම හිටපු අය කිව්වා.ආ හරි.ටොපිය දෙන්න යන්නේ.. මම තනියම හිතුවා.කොහොමහරි ඔහොම පැයක් විතර ඉන්නකොට ආපහු සැරයක් අපේ නඩුව ගත්තා.
අනික් පැත්තෙන් පොලිස්කාරයෙකුත් කූඩුවට නැග්ගා.

"මම මේ කියන සියලුම දේවල් ඇත්තද මොකද්ද" කියලා මොකද්ද පොතක් උඩ අත තියලා ඒ පොලිස් කාරයා දිවුරුවා.

අපිට මොකුත් තේරෙන්නේ නෑ.එහෙම කියලා අම්බ පච වගයක් කිව්වා.එකේ සඳහන් උනේ බෝම්බයක් ගැන.දැන් වලිය පැත්තක.යන්නේ වෙනම case එකක්. කොහොමහරි lawyersලා අහන ප්‍රශ්ණවලට පොලීසියට කට උත්තර නෑ.ඒවට හරියට උත්තර දුන්නෙත් නෑ.ඒව සමහරවිට judge අහගෙන ඉන්නෙ නැතුව ඇති.
අපේ lwyersලා අපි lectures වල හිටියා කියලා judgeට attenden sheet ඉදිරිපත් කලා.ඒව සතපහකටවත් ගනන් ගන්නේ නැතුව

"විශ්ව විද්‍යාලවල ගැටුම් ඇතිවෙනකොට ඒවා වලක්වන්න ඔය කියන lecturerලා ඉදිරිපත් වෙන්නෙ නෑ.හැබයි පස්සේ අනන් මනම් කොල කෑලි එවලා සාධාරණය කරන්න එනවා." කියල judge කිව්වා.

කොහොමහරි පැයකට ආසන්න කාලයන් නඩුව තිබ්බා.
අන්තිමට තෝල්කයාද මොකාද කිව්වේ

"1 සිට 18 තෙක් සැක කරුවන් අදසිට නැවත දින 14ක් remand" කියලා.

අපිව වෙව්ලන්න ගත්තා.මම දැක්ක අපේ තාත්ත දොර ගාව ඉන්නවා.ඒක කියනකොටම තාත්ත අනික් පැත්ත හැරිල ගියා.උසාවිය ඇතුලේ අපේ කොල්ලෙක්ගේ අම්ම කෙනෙක් හිටියා.එයාට සිහිය නැතිවෙනවත් මම දැක්කා.මොනාකරන්නද?අපේ බලාපොරොත්තු ඔක්කොම ඉවරයි.ආපහු අපි රූම් එකට ගියා.කොල්ලො අඬන්න ගත්තා.මම හිතුවේ මම කෙසේවෙතත් අනික් අයට යන්න පුලුවන්වෙයි කියලා.ඒත් ඒවා සිහිනයක්ම උනා. අම්මලා තාත්තලාගේ සාපෙම ඇති පොලීසියේ එවුන්ට.මේ සේරටම වග කියන්න ඕන කව්ද??අපිට මොකුත් හිතාගන්න බෑ.
එක පාරටම ජේලර් කෙනෙක් රූම් එකට ආවා.

"අර කැම්පස් කට්ටිය පොඩ්ඩකට එන්න" කිව්වා.අපි ගියා.
"ඔයාලව දැන් අපි එක්කන් යනවා.මෙතන කලබලයක් වෙන්න පුලුවන්.ඒ නිසා.දැන් බස් එක මෙතනට එයි.ඔයාල පාඩුවේ ගිහින් බස් එකට නගින්න" එහෙම කියලා පොර ගියා.

ඒ කියන්නේ එළියේ අපේ කොල්ලො ගහගන්නවද??
දැන් මට තවත් අවුල්.කොහොමහරි අපි බස් එකට නැග්ගා. කොල්ලො කවුරුත් පේන්න නැහැ.මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා.කාගෙන් කියල අහන්නද?ඒ මදිවට අම්මලා තාත්තලා පේන්නත් නෑ.මෙතන කලබලයක්වත් වෙලාද?ආපහු අපි හිරගෙදරට ආවා.
අපෙන් ඇතුලෙ කට්ටිය ඇහුවා මොකද උනේ කියලා.අපේ එක අහලා එයාල කිව්වේ.

"කොල්ලෝ.. එකනම් දරුණුයි.ඔය රසපරීක්ෂක වාර්තාවක් එන්න අඩුම මාස 6ක් වත් යනවා.මේකේ ඉන්න ගොඩක් එවුන් ඕව එනකන් ඉන්නේ.එහෙනම් කොල්ලො හිතහදාගනින්" කියලා.

හරි.ඒ කියන්නේ අපිට මේ ආත්මෙට එළියට යාගන්න බැරිවෙයි.එකෙක්වත් කිසිම කතාවක් නෑ.

එකපාරටම අපේ කොල්ලෙක් හතිදාගෙන දුවගෙන ආවා.

"මචන් උසාවිය ගාව ලොකු කලබලයක් වෙලාලු.සෙට් එකක් පොලීසිය අරන් ගිහින්ලු.තාත්තලා වගයකුත් අරන් ගිහින්ලු"

ඌ එහෙම කිව්වම අපිට ඉන්න තැන අමතක උනා.
දැන් මොකද කරන්නේ??

මොනාද මේ සිද්ධවෙන්නේ??
අපේ කව්ද පොලීසියට අරන් ගියේ?? අපේ තාත්තත්??...........

15 comments:

  1. හෘද සාක්ෂියට පිටු පෑ නොකැහැකි කැම්පස් ජීවිතයෙන් බිඳක් .....

    ReplyDelete
  2. ඔව් චැප්..
    නමුත් ඒ බිඳ .. මගේ මුලු ජීවිතයම අඳුරු කලා..
    බොහොම ස්තූතියි චැප් අදහසට..

    දිගටම ඉන්න

    ReplyDelete
  3. අම්මො... මතක් වෙද්දි එපා වෙනව.. උඹල ඇතුලට වෙලා කොච්චර දුක් විඳල තියනවද?

    ReplyDelete
  4. මේවා හැංගිච්ච ඇත්ත බන්..
    මොනා උනත් උඹල එළියෙ ඉදන් අපිව එළියට ගන්න බැරුව දුක්විඳපු හැටි කවුරු නැතත් මම දන්නවා..

    ReplyDelete
  5. මචන් එදා උදේ තිබුනු එක දෙශනයකට වත් අපි ගියෙ නැනෙ... හවස බොටනි දෙශනයක් තියනව... එකට යන්නම ඔන..මොකද එකෙ විභාගයක් දෙන්න තියනව.....පස්සෙ අපි 12.20ට විතර බොසගල ගාවින් ගියා...ZOO එක පැත්තට...
    යද්දි හිටිය ජෙප්පො සෙරම කලබල වෙලා දෙශනෙට නොඉදම යන්න ගියා...දෙශනෙ හිටියෙ අපෙ උන් විතරයි......
    දෙශනෙ පටන් අරගෙන ටික වෙලවකින් ඩොන් ගනව ඇහුනා... එතකොටම දෙශනෙ ඉවර උනා...
    මට ඉශන්කි කිව්ව මචන් M3 ජෙප්පො ගහනව.. අපි කොහොමහරි යන්නම්.. උඹ මාරු වෙයන් කියල...
    මම කිව්ව එහෙම හරි යන්නෙ නැ උබල කොහොමහරි මම හොස්ටල් වලට යවනව කියල..... එතකොට තමයි දැනගන්න ලැබුනෙ..... ජෙප්පො ලෙක්චර් හොල්වලට ඇවිත් ගහන්න යනව කියල......
    මට කරන්න දෙයක් තිබ්බෙ නැ.... ඉශන්කි කිව්ව අපි සික්කො එක්ක යන්නම් උබ පලයන් කියල... එතකොට බොටනි එකෙ ලෙචෙක් සික්කො එක්කන් අව....

    මම බොටනි එක පිටපස්සෙ තාප්පෙන් පැන්න... වතු උඩින් වැටවල් උඩින් මොලොදෙයක් දන්නෙ නැතුව දිව්ව...
    පස්සෙන් එලවන සද්දෙකුත් අව..
    පනබයෙ දුවද්දි කෙලින්ම ගිහිල්ල තියෙන්නෙ රස්සන්දෙනියෙ හොස්ටල් එක ගවට... මට එපා උනා... කොහොමහරි.. බල්ල වගෙ එතනින් ඇවිත් මහපාරට අව විතරයි මෙන්නෙ එකපරම පොලිස් පොලිස් කියනව...
    මට තෙරුණ මොකක් හරි කෙස් එකක් තමයි කියල... මම එකපාරටම පාරට පැනල කොලඹ බස් එකක එල්ලුනා.. හොඳ වෙලවට ඒක නවත්තන්නෙ නැතිව දිගටම ඇද්දුව..... යන්තන් එදා කොලඹ බස් එක අපුනිසා බෙරුණා නැත්තම් මමත් අහුවෙනව...

    ReplyDelete
  6. ඔව් මචන් මම දන්නවා.
    මම එදා ඉශංකිගෙන් කෝල් කරල ඇහුවා අපේ කොල්ලො කව්ද lecture එකේ ඉන්නේ කියලා.පස්සේ කිව්වා උඹ හිටියා උඹ අව්ලක් නැතුව ගියා කියලා.
    උඹට මතකද අපේ සුපුන් අයියලත් හිරවෙලා ඉඳල එළියට ආවනේ.මම හිතුවා එයාල එක්කම උඹත් එන්න ඇති කියලා.
    කොහොමහරි මට ඕන වුනේ ඔක්කොමලව එළියට යවාගන්න.
    නැත්තම් ඔක්කොටම කලින් මට යන්න ගොඩක් චාන්ස් තිබ්බා.

    ඒත්..

    උඹල ඔහොම කතාකරද්දී අපි හිරේ ඉන්නකොට දවසක්වත් අපිව බලන්න ආපු නැති කොල්ලො හිටියා.උන් බයේ ගෙවල්වල ගිහින් හැගිලා හිටියා.හැබැයි උන්ට ඕනදේ,උන්ට කරන්න ඕනදේ අපි අපේ එකේදී කලා.උඹට මතකයිනේ?? :-)

    ReplyDelete
  7. මේ බ්ලොග් එක ඉස්සෙල්ලාම හරියට කියෙව්වෙ අද. එක හුස්මට පෝස්ට් සේරම කියවගෙන ගියා. ස්තුතියි උඹේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගත්තට.
    වෙනස්ම විදියක බ්ලොග් එකක්.

    ReplyDelete
  8. thnx පහන්..
    හම්ම්..
    මේ දේවල් මට උන දේවල්වලින් තව කාටහරිවත් හොඳක් වෙනවනම් ඒ ඇති..
    දිගටම ඉන්න ඔයාලගේ අදසහ් මගේ හිත හදාගන්න ගොඩක් වටිනවා..

    ReplyDelete
  9. ඔබ විසින් ලියන ලද ලිපි සියල්ල අද දින එක දිගටම කියවන ලදී. ඔබගේ අත්දැකීම් සැම හා බෙදාගැනීම පිළිබඳව මගේ ස්තුතිය. දිගටම ලියන්න.

    ReplyDelete
  10. බොහොම ස්තූතියි Praසන්ன අදහසට..
    දිගටම ලියනවා..

    ReplyDelete
  11. සියලුම ලිපි අද දින මා විසින් එක හුස්මට කියවීමි. ලද අත්දැකීම් අප හා බෙදා ගැනීම පිළිබඳ පමණක් සතුටු වෙමි ..

    ReplyDelete
  12. බොහොම ස්තූතියි මහේෂ්..
    තව ලිපියක් අද දැම්මා..

    ReplyDelete
  13. ඔව් මම ඒකත් බැලුවා යාළුවා. ඊලඟ ලිපිය දානකන් බලාගෙන ඉන්නවා.

    ReplyDelete
  14. ඔව් ඉක්මනින් දානවා ගොඩක් ස්තූතියි..

    ReplyDelete
  15. අයියා ඔයා බුදු දුකක් නේ විදලා තියෙන්නේ!!

    ReplyDelete

Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා