ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Thursday, December 23, 2010

ඔබ තුතින් සිටීනම් එය සැපතකි හැමදාම මට

විශ්වවිද්‍යාලයේ තෙවන වසර ගෙවීගෙන යනකොට හරියටම කියනවනම් ජනවාරි 23න් වෙනිදා මගේ ෆෝන් එකට ආවා කෝල් එකක්...
කතාකලේ ගෑණු කටහඬක්..

"අයියේ මට වැඩි වෙලා කතා කරන්න වෙලාවක් නෑ.. ඉක්මනට තනූජට ෆෝන් එක දෙන්න"

මම :- තනූජා ? ඒ කවුද? කවුද ඔය කතා කරන්නේ?

"ඉක්මනට දෙන්න අයියේ මම ගෙදරට හොරෙන් කෝල් එක ගත්තේ.. මේක විහිළු කර්න වෙලාවක් නෙමේ.."

මම :- සොරි ඔයාට වැරදීමක් වෙලා මම හිතන්නේ.. මේ නම්බර් එකත් මම ලඟ නෑ.. තනූජා කියල කෙනෙක් මම දන්නෙත් නෑ..

මම ඔය කෝල් එක එන කාලයේ සස්පෙන්ඩ් වෙලා හිටියේ.. කොටින්ම කියනවනම් කිසිම සිහියකින් නෙමේ හිටියේ.. ඒ නිසා මම ආපු කෝල් එක ගනන් ගත්තෙම නෑ..

එතකොටම ෆෝන් එකට මැසේජ් එකක් ආවා..

"සොරි අයියේ.. වැරදීමක් වෙලා තියෙන්නේ.. bs"

ඒ මැසේජ් එක ආවෙත් අර නම්බර් එකෙන්..
මම පැයක් දෙකක් විතර ඉඳලා ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා.. මට විනාඩි 1000ක් ෆ්‍රී තියෙන නිසාමත් ආපහු සැරයක් අර කටහඬ අහන්න හිතුණ නිසාමත් මම කෝල් කලා..

එහෙනුත් එහෙම කෝල් කරනවට අකමැත්තක් තිබුනෙ නෑ.. එයාගේ නම සචිනි.. ගමේ හැදුන වැඩුන කෙනෙක්. ගොඩක් අහින්සකයි. සමාජේ තැලිල පොඩිවෙලා නෑ.සමාජේ ගැන දන්නෙ නෑ. මම ඉතින් සමාජේ ඉන්න පුලුවන් පිලිකුල්ම තැනත් ඉඳල ආපු එකෙක්නේ..

ඉස්සෙල්ලාම යලුවෝ වගේ හිටියත් පස්සේ අපි දෙන්නටම තේරුණා මේක යාලුකමට එහා යයිද කියලා.

එදා මට හොඳට මතකයි. ඊට පහුවෙනිදා මට විභාගයක් තිබ්බා. ඊට කලින් දවසේ රෑ තමයි සචිනි නන්ගි මට ආදරෙයි කියල කිව්වේ..

මම ජීවිතේ අලුතින් පටන් ගන්න හිතුවා.. මම ගැනත් හිතන්න කෙනෙක් ඉන්නවනේ කියල මට දැණුනා. ඒත් විශ්වවිද්‍යාලයේ ඒ වෙනකොට තිබ්බ පරිසරය අනුව මට කිසිදේකින් අයින් වෙන්න පුලුවන් කමක් තිබුනෙ නෑ. වලි වැඩිවුනා. ගහගත්තා. ඒ දේවල් වලට නන්ගි කොහෙත්ම කැමති උනේ නෑ.

ඔය දේවලුත් එයගේ හිතේ තියෙන්න ඇති සමහරවිට මම හිතන්නේ..
එයාගේ මල්ලි හිටියේ ආමි එකේ..

සචිනිගේ තාත්ත ගොඩක් ලෙඩ වෙලා හිටියේ.. ඔහොම ඉන්නකොට එයාගේ A/L විභාගය ආවා.
ඒකත් කිසිම ෆිට් එකකින් නෙමෙයි ලියල තිබ්බේ.මොකද එයාගේ තාත්ත ලෙඩින් නිසා.

හරියටම සැප්තැම්බර් මාසයේ ඉඳන් එයාගේ කිසිම සද්දයක් නැතිවුනා. කෝල් කලත් ෆෝන් එක ඕෆ්. මට අන්තිමට කතා කරපු දවසෙවත් කිසිම අවුලක් තිබුනෙ නෑ.මටම හිතාගන්න බැරිවුනා මොනා කරන්නද කියලා.

මම එයාලගේ ගෙදර තියෙන තැන දැනන් හිටියෙ නෑ.. පුලුවන් තරම් හොයල බැලුවා.. ඒත් හොයාගන්න බැරිවුනා..කැම්පස් අවුට් වෙන දවසත් ආවා. කිසිම සද්දයක් නෑ. ෆෝන් එක වැඩත් නෑ.
මේ අවුරුද්දේ මුල එනම් ජනවාරි මාසයේදී දැනගන්න ලැබුනා සචිනිගේ තාත්තා කලින් අවුරුද්දෙ ඔක්තෝබර් මාසයේදී අන්ත්‍රාවුනා කියලා.සචිනි ඊට මාසෙකට කලින් ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේදී Airforce එකට බැඳිලා.

මට මොකුත් හිතාගන්න බැරිවුනා.. මොනා කරන්නද මම?
ඇයි මට මේ දේවල් කිව්වෙ නැත්තේ.. එහෙම කියන්නත් බෑ. මම එපෑය මේවා හොයාගන්න. ඒත් මම කොහෙන් කියල දැනගන්නද?
මම හිත හදාගත්තා.. සචිනි මට කැමති නැතුව වෙන්නැති එහෙනම්. මම කොහොමත් හොඳ එකෙක් නෙමෙයිනේ..

වැඩි කාලයක් මට එහෙමත් ඉන්න වුනේ නෑ. ජූලු මාසයේදී සචිනි නන්ගි මට කෝල් කලා පරණ නම්බරෙන්ම.. මාස කීයකටනම් පස්සෙද?

කෝල් කරලා ගොඩක් වෙලා යනකන් ඇඬුවා. ඔක්කොම දේවල් කිව්වා.එයාගේ මුල ඉඳන්ම ආසවක් තිබ්බ Airforce යන්න. ඒත් මම කැමති උනේ නෑ.ඒකයි මට කියන්නෙම නැතුව ගිහින් තියෙන්නේ..
හැබැයි ඒ වෙනකොට මමත් ගොඩක් අසරණ වෙලා හිටියේ.. සචිනිට ඉක්මනට මම ගාවට එන්න ඕන වුනා..එයා තනිවුන නිසා වෙන්නැති. ඒත් මම ඒ වෙනකොට ස්ථාවර වෙලා තිබුනෙ නෑ. දැනටත් ස්ථාවරයි කියල කියන්න බෑ මට. ඉතින් මම කොහොමද එච්චර ලොකු වගකීමක් ගන්නේ..
මම ඒ නන්ගිට ඒ දේවල් තේරුම් කර්ලා දුන්නා.. මම මොකක් හරි පිලිවෙලක් උන ගමන් මම සචිනිව මම ගාවට ගන්න බවට පොරොන්දු වුනා..

සචිනිට වෙනද වගේ කතා කරන්න බැරිවුනා. සතියකට සරයක් වගේ තමයි පුලුවන් උනේ.. මට තේරුනා අපි ඈත් වෙනව කියලා.. ඒත් මම පුලුවන් උපරිමයෙන් කලා. හැබැයි මම කෙලින් තීරණේක හිටියෙ නෑ. මොකද මම කරන කරන වැඩේ හබක් වෙන නිසා.. ඔහොම ඉන්නකොට හිතපුවත් නැති දවසක සචිනි මට කෝල් කලා. හැබැයි වෙනද වගේ නෙමේ. ගොඩක් වෙනස් විදියට..

"අයියා මට තවත් ඉන්න බෑ.. මට කවුරුත් නෑ.. දන්නවා අයියට තීරණයක් ගන්න බෑ කියලා. ඒත් මට කරන්න දෙයක් නෑ මේ වෙලාවේ.."
එහෙන් එහෙම කියනකොට මට ගොඩක් දුකයි.. මම ඒ දේ එයාට පෙන්නන්න ගියේ නෑ..

"නන්ගිට කැමති තීරණයක් ගන්න නන්ගි" කියල මම කියනකොටම එහෙන් ෆෝන් එක තිබ්බා..

මේ සිද්දිය උනේ මීට මාසෙකට විතර උඩදී..
පස්සෙ දවසක මට කතා කරල කිව්ව සචිනිට කැප්ටන් කෙනෙක් ප්‍රපෝස් කරපු කතාවක්.. මම මොකුත් කිව්වෙ නෑ.. හිතුණොත් එන්ගේජ්මන්ට් එක හරි ඉක්මනට ගන්නව කියල කිව්වා..
මගෙන් සුභ පැතුම් කියල මම ෆෝන් එක කට් කලා..

මම සචිනිට කිසිම දොසක් කියන්නේ නෑ.. මෙතන සම්පූර්නයෙන්ම වැරදි මම.. මගේ කෙලින් තීරණයක් නැති එකයි මේ හැමදේටම මුල..
ඒත් මම අසරණයි.. ඇත්තටම කියනවනම් සචිනි,තව මගේ දෙමව්පියන් ගොඩක් පව් කරල ඇති මම වගේ එකෙක්ව ලබන්න.. මොකද කවදාවත් මට එයාලට සතුටක් දෙන්න බැරිවුනා. මගේ ජීව්තේ හැමදාම කරදර විතරයි.
ඒවා කවදාවත් ඉවරවෙන දේවල් නෙමෙයි. එකක් ඉවරවෙනකොට එකක් එනවා..

මූණු පොතේ ඉන්න යාලුවෝ දන්නව ඇති මම ඒකේ පිස්සු නටන තරම. ඒත් මම පිටතට හිනා වෙලා හිටියට මම තනියෙන් විඳවනවා..
ඕන දුකක් හිනා වෙලා පිටකරන්න මට පුලුවන් කියල මම හිතනවා. මොකද තවත් මට දෙමව්පියන්ට අනික් අයට දුකක් දෙන්න බැරි නිසා.

ඊයේ හිතාගන්න බැරි පණිවිඩයක් මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා..

මම ආදරය කල සචිනි නන්ගි මට කියන්නෙම නැතුව මේ මාසේ 17 වෙනිදා විවාහ වෙලා.. මම ළඟ ෆොටෝ එකකුත් තියෙනවා. ඒත් ඒක දාන එක එයාට මම කරන අපහාසයක් කියල මට හිතුනා..

හැබැයි සචිනිට විවාහයට මාව මතක් වෙලා තියෙනවා කියල මම හිතනවා.මම එහෙම හිතන්න එක කාරණයක් තියෙනවා..

එයා මාතර පැත්තෙ නිසා ගෑණු ළමයි අඳින ඔසරි වලට පොඩ්ඩක් වත් කැමති උනේ නෑ. ඒත් මම අපි දෙන්නා යාලු වුන දවසෙම කිව්වා ඔයාගේ වෙඩින් එක දවසේ ඔයා ඔසරිය ඇඳලා ලස්සනට ඉන්න ඕන කියලා..

කිව්ව වගේම එයා වෙඩින් එක දවසේ ඒ විදියටම ගොඩක් ලස්සනට ඉන්නවා..
මට ඒ ඇති සචිනි නන්ගී...

ඔයාට සුභම සුභ අනාගතයක්....

කඳුලු බින්දුවක් යතුරු පුවරුවේ වැටුන බැවින් මම කතාව නවත්වමි...

Sunday, December 12, 2010

කලින් දොස්තරගේ තවත් පිම්මක්

කාලෙකින් තමයි බ්ලොග් එක පැත්තෙ ආවේ..
මේ දවස්වල වයිරස් උණින් පීඩවිඳින නිසා මොකුත් වැඩක් කරගන්න බැරිවුණා.. ඊට අමතරව ජොබ් එකේ වැඩත් හිරවෙලා..

ඔයාලා ඔක්කොටම මතක ඇති මහත් ආන්දෝලනයට පත් වුන මෙහෙමත් දොස්තරලා මම දාපු පෝස්ට් එක. ඒක නිසා මම නොසෑහෙන්න බැනුම් ඇහුවා. මම විතරක් නෙමේ.. ඔයාලත්..

ඊයේ පෙරේදා ආපු අලුත් බ්ලොග් එකක් තමයි ඇනෝනිමස් ආතල් කියන්නේ.. ඒක ලියන අපේ ඇනෝනිමසයා සහෝදරයාගේ [ඇනොනිමස්] දොස්තර මොලේ කචල් බාර් එකේ සූර් වෙයි පොස්ට් එක දැකලයි මේ පැත්තේ එන්න හිතුණේ..
මම කියවනවට වඩා ඔහුගේ වචන වලින්ම මේ පොස්ට් එක දැම්මනම් එය වඩාත් සුදුසුයි මම හිතන්නේ..
මෙන්න ඒක..

***********************************************

මම හිතන්නෙ හැමෝටම වගේ මතක ඇති බදුල්ලේ මහ ඉස්පිරිතාලේ දොස්තර කෙනෙක් රෝගීන්ට සලකන අමානුෂික අන්දම ගැන "සිරකරුවෝද මනුෂ්‍යයෝය" බ්ලොග් එකේ ලියපු සටහන.

මතක නැත්නම් මෙතනින් ගිහින් බලන්න.

එතනදි සිරකරුවාත් ඇතුලුව දොස්තරගේ වැඩේ දෝෂ දර්ශණයට ලක් කරපු හුඟක් අයට පස්සේ කඩාගෙන පැනපු නිර්නාමික කමෙන්ට් වලින් තර්ජනාංගුලි එල්ල වුනා. "පවුල් පිටින් බානවා" කියන එක ටිකක් ශිෂ්ඨ සම්පන්න විදියට මේ අය කියල තිබුනා. කියල තිබුන හැටියට මේ අය දොස්තරලා, නැත්නම් දොස්තර සිසුවෝ. අපි කවදත් නිර්නාමික නිසා අපිට බනින්න මේ අයට පුලුවන් කමක් නැහැ :D

මම මේ කියන සිද්දියට මුහුණ දුන්නේ සතියකට විතර කලින්. බදුල්ලේ ඉන්න කට්ටිය දන්නව ඇති බණ්ඩාරවෙල පාරෙ තියෙන ටිකක් ප්‍රසිද්ධ බාර් එක. කාලෙකින් හම්බ වුන කට්ටියකුත් එක්ක එදා ටිකක් රෑ වෙලා එතනට ගියෙ මී විතකුත් එක්ක ආ ගිය තොරතුරු ටිකක් කතා කරන්න.

ටික වෙලාවකට පස්සෙ යාලුවෙක් අපිට එහා පැත්තෙ පුටු ටිකේ හිටපු කට්ටියක් දිහා ටිකක් අවධානෙන් බලන්න පටන් ගත්තා. තවත් වෙලාවකින් පස්සෙ තමයි අපිට කතාව කිව්වෙ. සිරකරුවගෙ බ්ලොග් එකේ තිබුන ලිපිය කියවපු බදුල්ලේ හිටපු අපි ඔය දොස්තර ගැන ඒ කාලේ හොයන්න පටන් ගත්තා. මේ කියන යාලුවට තමයි වැඩියෙන්ම ඇම්ම තිබුනෙ. මෙයා මේ දොස්තර ගැන ගොඩක් විස්තර හොයා ගෙන තිබිලා තියෙනවා. කතාවේ හැටියට මේ දොස්තරට ගොඩක් බලවත් යාලුවො ඉන්නවලු. අනිත් දොස්තරල ඉඳන් ටිකක් බයේ ඉන්නව කියලයි ආරංචිය.

යාලුවට අනුව මේ එහා පැත්තේ පුටු වල ඉඳන් බොන්නෙ මේ දොස්තරත් ඇතුලු තවත් කට්ටියක්. ආයේ ආයේ ඇහුවාමත් කියන්නේ සහතිකයි කියල. මිනිහා මේ ගැන හොඳට හොයපු නිසා අපිට සැක කරන්න වැඩිය ඉඩක් තිබුනෙත් නැහැ.

අපේ බෝතල් හිස් කරන ගමන් අපි මේ කට්ටියගෙ කතාවලට ඇහුම් කන් දුන්නා. කතාව දෙමලින් නිසා මොනවත් තේරුනේ නැහැ. සිංහලෙනුත් දෙමලෙනුත් සින්දු කිහිපයක් කට්ටිය වෙරි මතේම කිව්වා.

මේ කතානායක දොස්තරගේ සඟයො මෙයාට කතා කලේ "සර්" කියල. ටිකක් ලොක්කෙක් වෙන්න ඕනෙ.

"සර් වෙලාවක එන්න මගේ ක්වාටර්ස් පැත්තෙ. මම ඉන්නෙ කැම්පස් එකේ හොස්ටල් එකට එහා පැත්තෙ. ගර්ල්ස් හොස්ටල්. නානකොට ඔක්කොම පේනවා. හහ් හහ්...."
"සර් ෆැමිලි එක්ක එන්න. හොඳ ෆන් එකක් ගන්න පුලුවන්."

මේ වගේ කතා තමයි මේ අයගෙන් අහ ගන්න පුලුවන් වුනේ. (තව දේවල් කියවුනත් මේ මතක තියෙන ටික විතරයි) මේ අය සහතිකවම දොස්තරල කියල තහවුරු වුනේ ඉඳල හිටල ඇහුනු කතා වලින්ම තමයි. සිංහලෙන් කතා වුනේ බොහොම ටිකයි. ඒ ටිකෙන් ඇහුනු දේවල් තමයි ඔය උඩ තියෙන්නේ. දෙමල තේරෙන කෙනෙක් අපි අතරේ හිටිය නැති නිසා දෙමලින් කතා කරපු දේවල් ඇහුනත් තේරුම් ගන්න බැරි වුනා.

කොහොම වුනත් මේ දොස්තර එලියට ගියේ අනිත් අයගේ කර උඩින්.

අපි ඊට පස්සෙ කතා වුනේ මේ ගැන ලියපු සිරකරුවා බැනුම් අහපු තරම ගැන. ඒ කාලේ හුඟක් කට්ටිය හිතුවේ නැහැ දොස්තර කෙනෙක් මේ වගේ වැඩ කරයි කියල.

ඒත් මේ ලඟදි සිරසෙන් පෙන්නුව වීඩියෝ එක දැක්කනම් තේරුම් යයි දොස්තරල කියන්නෙත් මොලේ අප්සට් ගහන්න පුලුවන් මිනිස්සු මිසක් දෙයියො නොවන බව. අවුරුදු හයකටත් වඩා ලොකු මානසික පීඩාවකින් උපාධියක් කරන කෙනෙක්ට මානසික ලෙඩ හැදෙන්නේ නැහැ කියල හිතන්න බැහැ.

කොහොම වුනත් කෑගල්ලේ දොස්තර හිරේ යද්දි මේ දොස්තර තාම බාර් වල පදමට සූර් වෙනවා. හුඟක් වෙලාවට මේ සඟයොන්ගෙ පන්දම් බිල් පිටින් වෙන්න ඕනේ. ලොක්කොත් එක්ක නිදා ගන්න පුලුවන් නම් ඕන ජඩ වැඩක් කරල යහතින් ඉන්න පුලුවන් කියන එකට තව මොන කතා ද?

***************************************************

මෙන්න මේකයි කතන්දරේ...

හැබැයි දැන් මේකටත් ඇනෝලා කට්ටිය කියයිද දන්නෙනෑ මමම හදල දාපු එකක් කියලා..

Friday, October 22, 2010

මහළු මඩම දඟ ගෙයක්ද



2006 වර්ෂයේ ඉඳන් අපේ මියගිය ආච්චියි,සීයයි වෙනුවෙන් සෑම ඔක්තෝබර් මාසයේම අපි බදුල්ලේ කයිලගොඩ වැඩිහිටි නිවාසයට දානයක් දෙනවා.ඊයේ තමයි දිනය ඒ කියන්නේ ඔක්තෝබර් 22.ඊයේ තමයි මට ප්රලථම වතාවට ඒ සඳහා එන්න පුලුවන්කම ලැබුනේ.අනෙකුත් හැම වර්ෂයකම මම හිටියේ කැම්පස් එකේ නිසා එන්න බැරිවුනා.
ඉතින් වැඩිහිටි නිවාසයේ නැවතිලා ඉන්න අය එක්ක ගොඩක් කතාකලා.ඔක්කොම 70ක් විතර ඉන්නවා මේ වෙනකොට.ඉතින් ඔහොම ඉන්නකොට එතන හැමදේම හොයල බලල කරන ආච්චි කෙනෙක් හිටියා.මම එයාගෙන් විස්තර ඇහුවා.එතකොට ඒ ආච්චි කියපු කතාව තමයි මේ.ඒ ආච්චිට දැන් වයස 64යි.

මගේ ගම තිබුණෙ මාරවිල.මට පුතාලම 5 දෙනෙක් ඉන්නවා.මගේ පුතාල 5 දෙනාම දැන් කසාද බැඳලයි ඉන්නේ.මම නැවතිලා හිටියේ ලොකු පුතාගේ ගෙදර.ඒ දවස්වල නම් මට කිසිම අඩුවක් මගේ පුතා දැනෙන්න දුන්නෙ නෑ.ඒත් දැන් එයාට වගකීම් වැඩි.එයාගේ නෝනා ගැන බලන්න ඕන.ඉතින් වෙනද වගේ එයාට මට සලකන්න බැරිවුනා.මමත් එහෙම සැලකිලි බලාපොරොත්තු වුනෙත් නෑ.ඉතින් ඔහොම ඉන්නකොට එයාලට දරුවෙක් ලැබුණා.පුතෙක්.අර කතාවටත් කියනවනේ ආච්චිලා තමයි පොඩි දරුවන්ව නරක් කරන්නෙ කියලා. දරුවව පොඩි කාලේ ඉඳල බලාගත්තෙ මමයි.දරුවට අවුරුද්ද ලබනකොට දරුවගේ අම්ම ඒ කියන්නේ මගේ ලේලි රස්සාවෙන් අස්වුනා.ඉතින් ඊට පස්සෙ දරුවව මම ලඟට වැඩිය එව්වෙ නෑ.ලේලි දරුවට සමහර අවස්ථාවල සැරකරනවා.එතකොට මට වාවන්නෙ නෑ.මම දන්නවා පොඩි දරුවන්ට සැර කරන්නේ එයාලව හදාගන්න.ඒත් ඉතින් අපි කොහොමද ඒ දේවල් බලන් ඉන්නේ.අනේ මන්දා.වයසෙ හැටි වෙන්නැති.
පොඩි දරුවට සැරකරනකොට "ආච්චිඅම්මා" කියාගෙන මම ලඟට දුවගෙන එනවා.එතකොට මට තවත් වාවන්නෙ නෑ. දවසක් මම කුස්සියේ පිඟන් වගයක් සෝදමින් හිටියා.මට දරුව අඬන සද්දෙ ඇහිලා මම සාලෙ පැත්තට ගියා.වෙනද වගේම දරුවා "ආච්චිඅම්මා" කියාගෙන මගේ ඇඟේ එල්ලුනා.ඒ වෙලාවේ මට ලේලිත් එක්ක පුදුම තරහක් ආවා.ලේලිට ගහන්න බැරිකමට මම අතේ තිබුණ පිඟන් ටික බිම දාල දරුවත් වඩාගෙන මිදුලට ආවා.එදා මට මගේ ලේලි නොසෑහෙන්න බැන්නා.වෙනස්කම් කරන්න පටන්ගත්තා.මගේ පුතත් ඒවට මොකුත් කිව්වෙ නෑ.බැරිම තැන ඕන දෙයක් කියලා ඇඳුම් කෑලි දෙකක් මල්ලක දාගෙන කිසි අරමුණක් නැතිව පාරට බැස්සා. හෙමින්ම බස් හෝල්ට් එකටත් ආවා.මගේ ලඟ සල්ලි සතයක්වත් තිබුණෙ නෑ.මම මොකුත් කරකියාගන්න දෙයක් නැතිව ඔහේ බලාගෙන හිටියා.එතකොට හදිසියේ එතනට පිරිසක් ආවා.පසුව තමා දැනගත්තේ එයාල බදුල්ල මුතියන්ගන විහාරයේ දානමය පින්කමකට යන්නයි මේ හදන්නෙ කියලා.පස්සේ ඒ නඩේ ඉන්න මහත්තයෙකුට මම ගෙදරින් ආ බවත් මාවත් බදුල්ලට රැගෙන යන ලෙසත් මම ඉල්ලීමක් කලා.එයාල මුලදි අකමැති වුනත් පසුව කැමතිවුනා.බස් ටිකට් එක රුපියක් 200 ගානක්.මම පුදුම වුනා බදුල්ල මෙච්චර දුරද කියලා.
කොහොමහරි අපි ඔක්කොම බදුල්ලට ආව.ඒත් සිද්ධවුනේ වෙන දෙයක්.මාව එක්කන් ආපු අය එක්කෙනෙක් වත් නෑ.එයාලා මට නොකියම ගිහින්.මම හයියෙන් ඇඬුවා.මම ආගමේ කෙනෙක්.ඒ නිසා මම කඩේකට ගිහින් ඇහුවා පල්ලියක් තියෙන තැනක්.එයාලා යන්න ඕන විදිය කිව්වා.ඒත් මම අඩියෙන් අඩිය කටිටියෙන් අහගෙන කොහොමහරි පල්ලියකට ගියා.එදා පල්ලියේ ලොකු උත්සවයක් පොලි ලමයින්ගේ.මම එතන තිබුණ ටැප් එකකින් වතුර ටිකක් බීලා එළියේ පඩියක වාඩිවෙලා හිටියා.
එහෙම ඉන්නකොට පොඩි දරුවෙක් "ආච්චිට මේක දෙන්න කිව්වා" කියලා පොඩි කෑම පාර්සලයකුයි,රුපියල් 50 කුයි මගේ අතට දුන්නා. මම පස්සෙ පල්ලියේ ෆාදර් හම්බුනා ගිහින්.මම ෆාදර්ගෙන් ඉල්ලුවේ මට පල්ලියේ නවතින්න ඉඩ දෙන ලෙසයි.ඒත් එතුමා කිව්වේ පල්ලියේ ගැහැනු අයට නවාතැන් ලබා දීමට නොහැකි බවයි.කොහොමවුනත් එතුමාගෙන් තමයි බදුල්ලේ පිහිටි වැඩිහිටි නිවාසය ගැන දැනගත්තේ.එතුමා කිව්වා පන්සලට ගිහින් හාමුදුරුවො හම්බෙලා විස්තරේ කියන්න කියලා.එයා උදව්කරයි කිව්වා.මම පන්සලට ගිහින් ලොකු හාමුදුරුවො හම්බෙලා විස්තරේ කියලා වැඩිහිටි නිවාසයට යන්න ලියුමක් ඉල්ලුවා.ලොකු හාමුදුරුවෝ කිව්වේ ලියමුක දෙන්න විදියක් නැහැ,කමක් නෑ අම්ම යන්න මම කෝල් කරල කියන්නම් කියලා. කොහොමහරි හොයාගෙන හොයාගෙන වැඩිහිටි නිවාසෙට ගියා.මම එතනට යනකොටත් හාමුදුරුවො කෝල් කරල කියල තිබ්බා.ඒත් එයාල කිව්වේ මට උදේ වෙනකන් විතරක් ඉන්න දෙන්නම් කියලා.ඒත් පස්සෙ මට අනුකම්පා කරලා මාව නවත්තගත්තා.මේ වනවිට මම මෙහෙට ඇවිත් අවුරුදු 2ක් වෙනවා.තාම මගේ පුතාලා මාව බලන්නවත් ආවේ නෑ.මට මෙහෙ හොඳයි.

මෙහම කියලා ඒ ආච්චි හයියෙන් අඬන්න ගත්තා.ඒ කතාව අහන් හිටපු අපි ඔක්කොටමත් ගොඩක් දුකයි.වැඩිහිටි නිවාසයේ ඉන්න අයගෙන් ගොඩක්ම කට්ටිය හොඳ හොඳ සල්ලි කාරයන්ගේ අම්මලා තාත්තලා.ගුරුවරියන් දෙන්නෙකුත් හිටියා.අනේ මන්දා.දෙමව්පියන්ට සලකන්නෙ නැති එවුන් කොච්චර සල්ලි හම්බ කලත් වැඩක් වෙයිද? මුන් පොල්කිරි බීල වෙන්නැති හැදුනේ.කාලකන්නියෝ.

තව සීය කෙනෙක් හිටියා.එයා ටිකක් අවසිහියෙන් වගේ ඉන්නේ.එළියට වෙලා වාඩිවෙලා ඉන්නවා.අපි ඇහුවා ඇයි සීයේ ඔතන ඉන්නේ යමු ඇතුලට කියලා. එතකොට ඒ සීයා කිව්වේ "මගේ පුතා එනව කිව්වා මාව එක්කන් යන්න ඒකයි මම මේ බලන් ඉන්නෙ කියලා.ඒ සීයා හැමදාම එහෙමලු.ඒත් මේතාක්කල් ආපු පුතෙක් නැහැලු.

මේ විදියට දෙමව්පියන්ට සලකන එවුන්ට යන්න වෙනම අපායක් හදන්න වෙනවා...

Wednesday, August 18, 2010

ලංකාවේ ක්‍රිකට්

ටික කලකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තෙ ආවේ.කොහෙද ඉතින් කලින් බ්ලොග් පොස්ට් එකත් එක්ක බ්ලොග් කෙරුවාවත් එපා කෙරෙව්වනේ මේ ඇනෝලා සෙට් එක.
ඉතින් ඇනෝලට කමෙන්ට් දාන්න බෑ දැන්.ඒ නිසා මගේ නමිනුත් කමෙන්ට් දානවා දැන්.ඕවා නවත්තන්න බෑනේ අයියො..


මේ ලියන්න යන පුවත හැමෝම දන්න එකක්.අපේ ක්‍රිකට් කෙරුවාව ගැන.

මේ දව්ස් වල තුන්කොන් තරඟාවලියක් පැවැත්වෙනවනේ.ඉතින් පසුගිය එනම් ඉන්දු - ශ්‍රීලංකා තරඟයේදී මහත් ආන්දෝලනාත්මක සිදිවීමක් වුනා.ඒ තමා ඉන්දීය සුපිරි පිතිකරු ශෙවාර්ග් ලකුණු 99 ලබා සිටියදී සුරාජ් රන්දිව් නිපන්දුවක් යවා ඔහුගේ ශතකය අහිමි කිරීම.කෙසේවෙතත් මේ සිද්දියෙන් සුරාජ් රන්දිව් ට අද පැවැත්වෙන තරඟය අහිමි කිරීමටත් දිල්ශාන්ට අද පැවැත්වෙන තරඟයේ තරඟ ගාස්තුවෙන් 50% කපා හැරීමටත් ක්‍රිකට් කමිටුව තීරණය කර තිබෙනවා.
දිල්ශාන්ට එල්ලවී ඇති චෝදනාව තමයි රන්දිව්ට නිපන්දුවක් යවන ලෙස උපදෙස් දීම.

ක්‍රිකට් ක්‍රීඩාවේ මේ දේවල් සාමන්‍ය දේවල් ලෙසයි මම නම් දැනගෙන හිටියේ.නමුත් අද වෙනවිට තරඟ තහනමක් පැනවීමට තරම් ඒක වරදක් වෙලා.ඔබට මතකද එදා සනත් ජයසූරියගේ ඉන්දියාවට එරෙහිව දියත් කල ඉණිම?
එදා ඔහු 189ට දැවීගිය හැටි මතකද?
එදා ඉන්දීය ක්‍රීඩක ගංගුලීගේ පන්දු ඕවරයේදී සනත් සෑම පන්දුවකටම ඉදිරියට පැන පහරදුන්නා.
අවසානයේ ගංගුලී මොකද්ද කලේ? හිතලම වයිඩ් පන්දුවක් දැම්මා.සනත් දැවී ගියා.
එතකොට ඒ වුනදේ හරිද? ඒවා කවුරුවත් කතා කලාද?

දකුණු අප්‍රිකානු ක්‍රීඩක ගිබ්ස්ට මොකද වුනේ?
ඔහු එක් තරඟාවලියකදී පිට පිට ශතක 4ක් ලබාගෙන ලොකවාර්තාවකට හිමිකම් වීමේ අවස්ථාව මග හැරුණුහැටි මතකද?එදත් අවසන් තරඟයේදී දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 3ක් පමණයි අවශ්‍යව තිබ්බේ.
ඒ වනවිට ගිබ්ස් නොදැවී ලකුණු 96ක් ලබා සිටියා.කෙසේ හෝ ලකුණු 4කින් තම ජයග්‍රහණය ලබාගැනීමට ඔහුට හැකිවුනාද?
පන්දු යවන්නා යොමුකල වයිඩ් පන්දුව කඩුලු රකින්නාටද රැකගැනීමට නොහැකිවූ නිසා ලැබූ ලකුණු 5න් දකුණු අප්‍රිකාව ජයගත් නමුත් ගිබ්ස්ගේ ශතකය අහිමිවිය.
මෙය ශෙවාර්ගේ සිද්දියා හා සාමනවුවද මෙවැනි ලෙස ආන්දෝලනාත්මක වූයේ නැත.

ශෙවාර්ගේ පුද්ගලික් වෙබ් අඩවියේ සටහන් වූයේ තරඟයෙන් අනතුරුව සුරාජ් රන්දිව් ඇවිත් තමාගෙන් සමාව ගත් බවයි.

මෙන්න මේක තමයි ශ්‍රීලාංකීය අභිමානය...

Wednesday, August 11, 2010

මරණීය තර්ජන

කලින් දාපු ලිපියට ආපු තර්ජනයන්ගෙන් කීපයක්...

hey guys,,,,,
me blog eka karana sirakaruwage real name eka erandada?
muge family eke details mata deepan...
mama uta yukthiya itu karannam...

=====================================================================================

yako ikmanata mata sirakaru kiyana ekage wisthara ewapan...
pawle aya ganath ewapan...
badulle u inna thanuth kiyapan..
uta nangila/akkala innawada kiyalath kiyapan

=====================================================================================

mata muge batch eka kiyapan...
ithuru tika mama hoyagannam...

=====================================================================================

erandayata gemak deela lankawe onama hospital ekakata ewapan api ithuru tika bala gannam....

=====================================================================================

ela kiri machan...

ethakota uta treat karanneth docs...

death confirm karanneth docs...

medico-legal report eka denneth docs...

medico-legal report eka re cosider karanneth docs...

court ekata DC yawanneth docs..

court evidence denneth docs...

death eka suspiscious nam post mortum thiyanneth docs...

ewa anumatha karanneth docs...


supreame court eka specialized medical and forensic opinion ganneth docs gen...

eth bari nam appeal court gihilla ethanin revised post mortum thiyanna wunoth eka karanneth docs...

apeal court ekata forensic opinion denneth docs...

indipendent commission ekakata wunath medical and forensic opinion denneth docs...

parlimentary working commitee ekakata medical and forensic opinion denneth docs...


Anthimata mu maruna dukata heart attack hadena muge ammata thaththata beheth denneth docs..

Panshukuleta wadina hamuduruwanta beheth denneth docs...

umbe mala gedara enna niwadu ganna umbe yaluwanta medical denneth docs...


umbe gani wena minihek ekka yanna hithagena umbe death eken insurence claim karanakota ekata sign karanneth docs...

=====================================================================================

me sirakaruwa campus ekedi karapu balu wada tika publish karamu machan...
muth ekka ekata indala oroppu wechcha dial ekak innawa... ugen evidence ekka supp ekak gamu

=====================================================================================

erandayo umba enkan lankawe hama hospital ekakma balagena innawa...
ikmanata waren...

=====================================================================================

අසාධාරණයක් වෙනුවෙන් කතා කරන්න ගිහින් මම සහ මගේ යාලුවන් අහගත්ත දේවල්..

පළමුව මම සමාව අයද සිටිනවා මගෙ යාලුවන්ගෙන් ඔයාලත් මම නිසා මේ ඇනෝලගෙන් බැනුම් ඇසීම සම්බන්ධව..
අද දින තෙවන වතාවටත් පොලීසිය හමුවේ මම අසරණතාවයට පත් වුනා.කව්දෝ කෙනෙක් පැමිණිලි කරලා මම දොස්තර කෙනෙක්ට බෝම්බ ගහන්න ප්ලෑන් කරනව කියලා.

ඇති දෙයියනේ හොඳටම ඇති..

ඇත්තටම මම ගොඩක් මානසිකව වැටිල ඉන්නේ.සමහරවිට මේ මගේ අන්තිම පෝස්ට් එක වේවි.
යාලුවනේ ඔයාලත් පරිස්සමෙන්..

Saturday, August 7, 2010

මෙහෙමත් දොස්තරලා


මම ඊයේ බදුල්ලෙ හොස්පිටල් එකට ගියා ලෙඩෙක් බලන්න යාලුවෙක් එක්ක.
මගේ යාලුවාගේ නෑ වෙන කෙනෙක් තමා හොස්පිටල් ඇඩ්මිට් කරල තිබ්බේ.මේ දවස්වල වේගයෙන් පැතිරෙන ඩෙංගු රෝගය තමයි එයාට හැදිල තිබ්බේ.මේ දවස්වල බදුල්ල මහ රොහලට සාමන්යෙ රෝග තියෙන අය ඇතුල් කරගන්නෙත් නැහැලු.ඒ තරම් ඩෙංගු රෝගින් ඉන්නවා මේකේ.

රෝහලට ලෙඩෙක් බලන්න යනකොට ඒකෙ වැඩකරන ඕන එකාගෙනුයි එපා එකාගෙනුයි බැනුම් අහන්න වෙන එක සාමාන්යක දෙයක් වෙලානෙ දැන්.සමහරවිට ඒ ඒ අයගේ බුද්ධි මට්ටම් නිසාද දන්නෙත් නෑ.මොකද රෝහලේ වැඩ කරන ගොඩ දෙනෙක්ගේ මුඛයෙන් පිටවෙන්නේ "කොහෙද යන්නේ ඕයි,මෙහෙ එනවා ඕයි" වැනි දේවල්.

කොහොමහරි ඔයා බාධක බැද්දෙන් අපි දෙන්න වාට්ටුවට ගියා.
පෝලිමේ ඉඳල අපි වාට්ටුවට එනකොට ලෙඩ්ඩු බලල ඉවරවෙන වෙලාවත් කිට්ටුවෙලා.අපි ආවේ ගර්ල්ස් වෝඩ් එකට.ඒකේ තමයි ලෙඩා හිටියේ.

ඒ වෙලාවේ තව ගෑනු ලමයෙක් ඉස්කෝලෙ ඇඳුමින්ම ගෙනල්ල හොස්පිටල් එකේ ඇඩ්මිට් කලා.දැනගන්න ලැබුනා එයාටත් ඩෙංගු කියලා.

ඊට පස්සෙ සිද්ධවුන දෙය මටනම් බලන් ඉන්න බැරිවුනා.

ඒ වාට්ටුවේ ඉන්නව දෙමළ දොස්තර කෙනෙක්.එයා ගොඩක් සැරයි කියලා අපි බලන්න ආපු ලෙඩාත් කිව්වා.දොස්තර පොරවගේ පුටුවක වාඩිවෙලා ඉන්නවා.මම හිතන්නේ එයා තමයි වාට්ටුව භාරව ඉන්නේ.

"මෙහෙ එනවා ළමය මෙහාට" කියලා අලුතින් ආපු ළමයට අර දොස්තර කතාකලා.
ඒ ළමයා හිටපු ඇඳේ ඉඳන් දොස්තර එන්න කියපු තැනට අඩි 20කට වඩා තියෙනවා.ඊට එහා ඒ ළමයා ගොඩක් අමාරුවෙන් හිටියෙත්.එසේ මෙසේ ලෙඩක්ද හැදිල තියෙන්නේ.
.ඒ ළමය එක්ක එයාගේ අම්ම විතරයි හිටියේ.එයාගෙ අම්ම දොස්තර ළඟට ඇවිල්ල කිව්වා

"දුවට ටිකක් අමාරුයි..ඩොක්ටර්ට බැරිද එතනට යන්න" කියලා.

එච්චරයි ඒ අම්මට කියන්න උනේ.

"මොකද මෙතනට එන්න බැරි?පොඩි බබෙක් ඇයි?පිස්සු නැතුව එන්න කියනවා" කියලා මුලු වෝඩ් එකට ඇහෙන්න කෑගැහුවා.

අනේ ඉතින් අර ළමයා අම්මට බනිනව අහන් ඉන්න බැරිනිසාද දන්නෑ ඇඳෙන් බැහැලා ආවා.ඒ ළමයට අඩි දෙකක්වත් එන්න උනේ නෑ.සිහිනැතිවෙලා වැටුනා.එතන හිටපු ඇන්ටි කෙනෙක් එයාව ඉක්මනට අල්ලගත්තා.ඊට පස්සෙ තමයි නර්ස්ලත් ඇවිල්ලා ආපහු අර ළමයව ඇඳට දැම්මේ.
එතැනින් ඉවරවුනේ නැහැ.අර ඩොක්ටර් කාරයා පොර වගේ ඇඳ ලඟට ගියා.

ඊට පස්සෙ සිද්ධවුනේ අපි කවුරුවත් නොහිතපු දෙයක්...

අර දොස්තරය වෝඩ් එකේ ඔක්කොමල බලන් ඉදිද්දී අර ළමයගේ ගවුම උඩට උස්සලා යට ඇඳුමත් ගලවලා දැම්මා.ඒ ළමයගේ අම්මට ඉබේටම කෑගැහුනා.මොන තරම් පහත් වැඩක්ද ඒ යකා කලේ?? එක්කො මේ දොස්තරයා මානසික පිස්සෙක්.නැත්තම් ඩෙංගු වගේ රෝගයක් හැදිලා හොස්පිටල් ආපු කෙල්ලෙක්ගේ යට ඇඳුමත් එක්ක මොකද්ද තියෙන සම්බන්ධය..මම ඒවෙලාවේ ඩොකා ඉන්න පැත්තට ගියා.යාලුවා තමයි මාව අල්ලගත්තේ.ගියානම් මම උගේ බෙල්ල මිරිකරනවා.මට පෙනුන විදියට මේ දොස්තරයා මුලු වෝඩ් එකම බයකෙරගෙනයි ඉන්නේ..

ඒ දොස්තරය ගියාට පස්සේ ඒ වෝඩ් එකේ හිටපු ඔක්කොමල අය වගේ අර ළමයගේ ඇඳ ගාවට ගිහින් ඇඬුවා.ඔක්කොමල වගේ කිව්වේ

"අනේ අපටනම් මේ කරපු දේ බලන් ඉන්න බැරිවුනා.. ඒ තරම් පහත් වැඩක් මේක" කියලා.
ඒ ළමයට ඒ වෙනකොටත් සිහිය ඇවිත් තිබුනේ නෑ.
ඒ වෙලාවෙනම් මටත් ඇඬෙන්න ආවා ඒ ළමයගේ අම්ම අඬනවා දැකලා.

ඊට පස්සේ තවත් එකක්...

අර දොස්තරයම වෝඩ් එකේ හිටපු ආච්චි කෙනෙක්ගේ ප්රෙ ෂර් එකද මන්දා චෙක් කරනවා.ඒ ආච්චිගේ කන් ඇහෙන්නෙ නෑ මම හිතන්නේ..මොකද ඩොකා අහන හැම ප්රදශ්ණෙකටම ඒ ආච්චි කලේ "ඔව්" කියපු එක විතරයි.

ඩොකා : කොච්චර කල්ද ලෙඩේ හැදිලා?
ආච්චි : ඔව්
ඩොකා : නම මොකද්ද?
ආච්චි : ඔව්
ඩොකා : කන් ඇහෙන්නෙ නැද්ද?
ආච්චි : ඔව්
ඩොකා : එහෙනම් ඔව් කිව්වේ?
ආච්චි : ඔව්

අන්තිමට අහපු ප්රඑශ්නේ මුලු වෝඩ් එකටම ඇහෙන්න ඩොකා ඇහුවා.

ඩොකා : වලිගයක් තියෙනවද?
ආච්චි : ඔව්

එහෙම කියලා ඩොකා මහ හයියෙන් හිනාවුනා.නර්ස්ලා කීප දෙනෙකුත් හිනාවුනා.මටනම් පොඩ්ඩක්වත් හිනාගියේ නෑ.තිබබ තරහ තවත් වැඩිවුනා විතරයි.

මට හිතුණදේ හරි වෙන්න ඕන.මේකා දොස්තර කෙනෙක් නෙවෙයි.. මානසික පිස්සෙක්.
මේ දොස්තරයට අම්මෙක් , සහෝදරයෙක් , දුවල පුතාල නැතුව ඇති.ඒකනේ මූ මෙහෙම හැසිරෙන්නේ.මුන්ටද අපි දොස්තරලා කියන්නේ??

මම වෝඩ් එකෙන් පිටවුණු ගමන්ම කලේ රෝහලේ පරිපාලණ අශයට මේක දැනුම් දීපු එක.එතකොට එතනින් කිව්වේ මාරම කතාවක්..

"ඔය ඩොක්ටර්ට ආපු පළවෙනි කම්ප්ලේන් එක ඕක නෙවෙයි.ගොඩක් පැමිණිලි තියෙනවා" කියලා.

ඉතින් එහෙනම් මොන කෙහෙම්මලකටද මූව තවත් තියන් ඉන්නේ?? කණට ගහල එලවන්නෙ නැතුව.එක්කො මේක දේශපාලණ පෙන්දෙක් වෙන්නැති...

මේවගෙ එවුන්ව තමයි ගස් බඳින්න වටින්නේ...

මෙවැනි මිනිසුන් දොස්තර නෙමේ මොකාවුනත් අපි තරයේ හෙළා දකිමු...

ප.ලි. :-

ලඟදී බදුල්ල මහ රෝහලේදී ගෑණු දොස්තර කෙනෙක් ඩෙංගු හැදිලා නැතුවුනා කියන එක අපි කවුරුත් දන්නවා.නමුත් ඒ මරණය සැක සහිතයි එනම් දොස්තර වරුන්ගේ නොසැලකිල්ල නිසා එම මරණය සිදුවූවාදැයි සෙවීමට ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් මේ වනවිටත් පරීක්ෂණයක් යනවා.මෙම මරණයේ ප්‍රධාන චෝදනාව එල්ලවී තිබෙන්නේ මේ දොස්තරට කියලා වැඩිදුරටත් දැනගන්න ලැබුනා..

Sunday, August 1, 2010

කිස් 3000යි


මගේ යාලුවෙක්ට එළකිරි සිද්ධියක් වෙලා පහුගිය දවසක..
හරියටම කියනවනම් පෙරේදට කලින් දවසෙ තමයි වෙලා තියෙන්නේ..
මේක මගේ යාලුවෙක් කිව්වට මගේ මාමගේ පුතා.පොරත් ඉතින් මම වගේම නැතැයි..

කොහොමහරි එදා ඌ මොකක් හරි බෑන්ක් වැඩකට හාලිඇල මහජන බැංකුවට ගිහින් තියෙනවා.පොර ඉන්නෙත් හාලිඇල.හාලිඇල මහජන බැකුවට මේ දවස්වල අලුත් කෙල්ලො 3 දෙනෙක් ඇවිත් ඉන්නවා.මම හිතන්නේ A/L කරපු අය.ඉතින් නිකමට වගෙත් බැකුවේ සෙනගින්නම් අඩුවක් නෑ..
ගොඩක් කොල්ලො ඇවිත් අනිමිසලෝචන පූජාව කරනවා..

ඉතින් එදා මූ සල්ලි වගයක් ඩිපෝසිට් කරන්න පෝළිමේ ඉන්නවලු.සෙනගත් එදා වැඩිලු.එක පාරටම අර කෙල්ලො 3 දෙනා හිනාවෙන්න පටන් ගත්තලු.මූට හෙනම අවුල්ලු.මූටද දන්නෑනේ හිනාවෙන්නේ..එහෙමත් නෙවෙයිලු.

වෙලා තියෙන්නේ පිස්සු බෝල බෝල සිද්ධියක්..

අන්කල් කාරයෙක් චෙක් එකක් මාරු කරගන්න ඇවිල්ලා.අපේ එකා හිටපු පෝලිමේම තමා පොර ඉඳල තියෙන්නේ.ඉතින් සුපුරුදු පරිදි අන්කල් චෙක් එක කවුන්ටරේට දීලා.රුපියල් 33,000ක චෙක් එකක්.චෙක් එකේ මුදල අකුරිනුත් ලියන්න එපැයි.
ඉතින් අන්කල් කාරයා කලබලේටද මන්ද

තිස්තුන් දහසක් පමණයි කියන එකට කිස් තුන්දහසක් පමණයි කියල ලියලා.

සිද්ධියට බැංකුවේ හිටපු ඔක්කොටම හිනාලු..
පස්සේ අන්කල් දාඩිය පිහිද පිහිද අලුත් චෙක් එකක් ලිව්වලු..

Monday, July 26, 2010

මීයන්ගේ මොළේ


දවස් ගානක ඉඳන් මීයො සෙට් එකක් වද දෙනවා ඉවරයක් නෑ.
ගෙදර මාරම අවුල් ජාලයයි.ගෙදර කරන් වයර් කාලනම් තිබුනෙ නෑ.හැබැයි කාඩ්බෝඩ් පෙට්ටි(පැකින්) ඔක්කොම විනාශ කරල දාලා.ගෙදරින් හැම දාම කෑගහනවා මේ මීයන්ට මොනාහරි බෙහෙතක් දාන්න කියලා.ඉස්සෙල්ලාම නම් මම කැමතිවුනෙත් නෑ.මොකද තිරිසන්නුනේ..
උන්ට මොනාද තේරෙන්නේ..

කොහොමහරි තාත්තත් පෙරේදට කලින් දවසේ ජාතිය ඇමතුවා.කරන්ට් වයරුත් කනකන්ද ඉන්නේ කියලා කෑගැහුවා.ඒ නිසාම පෙරේදා ගිහින් ගෙනාවා මීයන්ට බෙහෙත්.
කොලපාටට හුරු චොකලට් කෑලි වගේ ඒවා වගයක් තමා කඩෙන් ඉල්ලුවාම දුන්නේ(මෝර්ටීන්).
ඒවා පොඩ්ඩක් චොකලට් සුවඳයි.කොහොමහරි ඒවා මීයන් කෑවම ගෙදරින් එළියට ගිහින්ලු මැරෙන්නේ.එහෙම වෙන්නෙ කොහොමද කියලනම් දන්නෙ නෑ.

ඉතින් පෙරේදා රෑ ඉස්සෙල්ලාම පොඩ්ඩක් ටෙස්ට් කරන්න පොඩි මී බෙහෙත් කෑල්ලක් සාලෙ තියලා නිදාගත්තා.ටිකක් උඩක තිබ්බේ.නැත්තම් බල්ලා ඕවා කාල මල මගුලක් වෙයි.ඊයේ උදේ බලනකොට අර බෙහෙත් එහෙම්මමයි.කාලා තියා ඒ හරියෙන්වත් ගිහින් නෑ මම හිතන්නේ.මට පව් කියල හිතුනා.එහෙම හිතලා ඒ බෙහෙතුත් අයින් කරලා බෙහෙත් පැකට් එකත් හැංගුවා.මොකටද නිකන් අහින්සක සත්තු මරන්නේ.ග

අද උදේ නැගිටලා මම අර බෙහෙත් පැකට් එක විසිකරන්න හිතාගෙන හංගපු තැනට ගියා.

හත්තිලව්වයි...

මීයො පැකට් එකටම වැඩේ දීලා.. පැකට් එකත් එතන නැහැ.

මීයො පැකට් එකම අරන් ගිහින් එයාලගේ ඩිනර් එකට...

Saturday, July 24, 2010

යළි අප හමුවේවී....

කැම්පස් එකේ මේ දවස්වල වෙන දේවල් හොඳ දේවල් නම් නෙමේ..
ඒ නිසාමද මන්ද මට අපේ බැච් එක මතක් වුනා.ඉතින් කාලෙකට පස්සේ මම විශ්වවිද්‍යාලයෙන් නික්මයනකොට අරන් ආපු ඔටෝ එක කියවන්න හිතුනා.
ඒකෙ මගෙ යාලුවෙක් මට ලියපු කවි ටිකක් තිබ්බා.. මගේ හොඳම යලුවන්ගෙන් කෙනෙක්.. චතූ තමයි ලියල තියෙන්නේ..(හොස්ටල් එකේ කෙල්ලො කීප දෙනෙක් එකතුවෙලයි ලියල තියෙන්නේ)


කව්යක් ලියන්නයි උඹ ගැන සැරසෙන්නේ
මොනවා ලියන්නද නැත මට වැටහෙන්නේ
පිස්සා මතක්වෙයි මගෙ සිතුවිලි ගොන්නේ
යන්නට එපා බන් මම නෑ සමු දෙන්නේ

ආවදා පටන් සරසවියට රුහුණු
ක්ලාස් 5 දී නුඹ මට මුණ ගැසුණු
කටක් නෙමෙයි වක්කඩයෙකි ගඳ ගැසුණු
"වකා" උනා නම උඹ හට පට බැඳුණු

ආවේ පාන්දර රස බස් අහන්නටයි
වූයේ උඹෙ ජෝකර් වැඩ බලන්නටයි
ආයේ කඳුලු ඇස්තුල උඹේ විහිලුවටයි
කීවේ මුසා අකලට වැසි වසින්නටයි

තිබුනත් කොහේ රට හැම තැන වලි ගුස්ති
යන්නේ පුරුද්දට මිස උඹේ නැත ගති රස්ති
දුන්නත් ටෝල්ක්ස් සේ වලිගය නැති රස්ති
වෙන්නේ අන්තිමට උඹ අත නැති සොත්ති

කීදේ කරනවා කලදේ කියමි මම
කියමින් ගොතන පච වැල් දැන් දනී සැම
උඹෙ පොර ටෝල්ක්ස් උඹට හරියයි නියම
දැන්නම් කතා ඇති කවදා වෙයිද නිම

මොනදේ කලත් උඹ ආ කල මේසයට
ඉල ඇට ඇදෙයි උඹ කරනා විහිළුවට
පිනවන සිත් සතන් අපගේ මනාවට
අන්දරේ උඹයි අල රජ සභාවට

මැටි ගොන්බූරුවා හරකා සමනළයා
මොන නම් කියන්නද උඹ මහ ගොන් අලියා
උණුවන හිතකි හොඳ බොක්කකි ඇති නරියා
ගතිගුණ හරිම ඉහළයි උඹේ වානරයා

කුණු කුණු ගගා කියවන පද වැල් සින්දු
මුණු මුණු වැනිය රැහැයියන්ගේ හඬ රැන්දු
චුරු චුරු ගානවා කන්බෙර වී පන්දු
බුරු බුරු ගායි හද උඹ ගයනා සින්දු

කල කැපවීම අමතක නොමවේ කිසිදා
දින 42ක මතකය සිත තුල රන්දා
කල අල සේවයට උඹේ හිත ගත බන්දා
අල අප සැවොම උඹ හට ණයවීද මන්දා

සොයුරෙකි,යාළුවෙකි සෙනෙහස දුන්නු මට
හිමි නැති උණා උඹෙ මිතුදම විඳින්නට
තවමත් පසුතැවෙයි විඳවයි විටින් විට
ආයෙත් එපා අප තනිකර දුවන්නට

තුන් වසරක කාලය නිමවන දවසේ
අමතක වේද මට උඹ මගෙ සිත් අහසේ
පිස්සුව නවත්වා දැන් මිනිසෙකු විලසේ
තෙරුවන් බලෙන් සතුටින් ඉඳපන් සිත්සේ

කඳුලක් ඇවිත් නෙතු අද්දර දඟ කරනා
දනවයි හිතට වෙන්වන බව සෑම දෙනා
වකා උඹට මම කල කී දේ දන්නා
පතන්නෙමි සුභ අනාවක් සිත් දුක් ඇති නොවනා

Thursday, July 22, 2010

පොලීසියේ අලුත්ම බිල්ල


ටික දවසකට පස්සෙ තමයි බ්ලොග් එක පැත්තෙ ආවේ...

අද උදේ ලැබුණ ආරංචියකින් මගේ මුලු දවසම අවුල් වුණා.ඒ සිද්ධවෙලා තියෙන දේ මගේ ජීවිතයටත් ගොඩක් සමීප නිසා වෙන්න ඇති මට එහෙම දැණුනේ.

මීට සති 3කට විතර කලින් රුහුණු විශ්වවිද්‍යාලයේ ලොකු ගැටුමක් ඇතිවුනා.හැබැයි අපි ඉන්න කාලේ වගේ එකක් නෙමේ.සිසුන් සහ ගමේ අය අතර තමයි ගැටුම හටගෙන තිබ්බේ.මේ සිද්ධියෙන් සිසුන් කිහිපදෙනෙක්ට පිහි ඇනුම් පාරවල් පවා කන්න සිද්ධවෙලා තිබුණා.සිසුන් සහ ගමේ අය කීපදෙනෙක් රිමාන්ඩ් එහෙමත් කලා.මේ සිද්ධිය වුනේ Art ,Management සිසුන්ට.කොහොමහරි ඊට පහුවෙනිදාම විශ්වවිද්‍යාලය වහන්න තීරණය වුනා.සාමන්‍යයෙන් විශ්වවිද්‍යාල වැහුවම හොස්ටල් වලවත් කට්ටියට ඉන්න දෙන්නෙ නැහැ.විශ්වවිද්‍යාලය වහපු දවසේ හොස්ටල් එකට නියෝගයක් එවල තිබුණා "12ට කලින් සිසුන් සියල්ලම ඉවත් විය යුතුයි" කියලා.

පස්සෙ පොලීසිය හොස්ටල් එකට කඩන් පැනල ඒ වෙනකොටත් හොස්ටල් එකෙන් ඉවත්නොවී හිටපු සිසුන්ට අමානුෂ්‍ය ලෙස පහරදී තිබෙනවා.සිසුන් කීපදෙනෙක් රෝහල් ගතකලා.
එක සිසුවෙක්ට(Art final year) අසාධ්‍ය නිසා බදුල්ලට මාරු කර එවා තිබෙනවා.මොකද ඔහුගෙ ගමත් බදුල්ල නිසා.
හැබැයි සිද්ධවුනේ අපි කවුරුත් නොහිතපු දෙයක්.

ඒ සිසුවා අද උදෑසන මෙලොවින් සදහටම සමුගෙන....

මේ දේ තමයි පොලීසියට උවමනා කරල තියෙන්නෙ ඇත්තේ.මේ දේවල් මෙහෙමම යට යයි.මට මේ වෙලාවේ ඇත්තටම මොකුත් ප්‍රකාශ කරගන්න අමාරුයි.ඒ තරම් මම මානසිකව වැටිල ඉන්නේ.මොනා වුනත් මේ වෙලාවේ අපි ඔක්කොම එකට නැගී සිටිනවා.

මේ වනවිට මාතර නගරයේ පොලීසියට එරෙහිව ලොකු උද්ඝෝෂණයක් යනවා.විශ්වවිද්‍යාලය පවා වැසීමට පියවර අරන්.
නමුත් දැන් මේ දේවල් කලා කියලා අර නැතිවූ සිසුවා අප අතරට එයිද?

පොලීසියේ අයට හිතක් පපුවක් නෑ.සමහරවිට දැන් යන උද්ඝෝෂණයටත් තව පොඩ්ඩකින් පොලීසිය කඩා පැනලා මල වින්නැහියක් කරයි...

අතිගරු ජනාධිපතිතුමණි..
ඔබ තුමාවත් මේ ගැන සොයා බලා සාධාරණයක් ඉෂ්ඨ කරන්න....
මෙම විශ්වවිද්‍යාල ශිෂ්‍ය දඩයම නවත්තන්න....

Thursday, July 15, 2010

මාමේ බාල සමාගමූ


මේ සිද්ධියත් වුනේ පාසල් යන කාලේ.

මේක ෂෝර්ට් & ස්වීට් කතාවක්.

එතකොට උසස්පෙල කරන්න ඇවිත් වැඩි දවසක් නෑ.පිස්සුම ක්ලාස් එකක් තමයි සෙට් වුනෙත්.ගොඩක්ම කලේ පීරියඩ් කට් කරන එක.Chemistry,Physics practical යන්නෙම නැති තරම්.
ඉතින් ඔහොම යනකොට අපේ එකෙක්ට මරු අදහසක් ආවා..

"අපි හැමදාම ඉස්කෝලෙ ඇවිල්ලා ඉගෙන ගන්නෙ නෑනේ බන්.. පිස්සු නටනවා විතරයිනේ.අපි practical යන්නෙත් නැති එකේ සෙට් එකම යමුද ක්‍රිකට් ගහන්න" කියල කිව්වෙ නැතැයි.

අපි එක පයින් ඒ යෝජනාව ස්ථීර කලා.

"ආය කල් යවන්න ඕන නෑ බන්.. හෙටම යමන් ඔන්න ඔහේ" කියලා අරූ වැඩිදුරටත් කිව්වා.

දැන් මේ අපි කරන්න යන්නේ පහුවෙනිදා ඉස්කෝලේ එන්නෙ නැතුව ක්‍රිකට් ගහන්න යන්න.හරි ඔක්කොම සෙට්.

ගෙදරටත් සුපුරුදු පරිදි පචයක් ගහලා ගියා සෙල්ලම් කරන්න.සෙල්ලම් කරක කර ඉන්නකොට තවත් කොල්ලෙක් ආවා.ඒක අපි මේක ප්ලෑන් කරන දවසේ ඉස්කෝලෙ ආවෙ නෑ.

"උඹලත් මාර පොරවල්.මම යකෝ ඉස්කෝලෙට ගියා.අපේ ක්ලාස් එකේ කොල්ලො එකෙක්වත් නෑ.මමත් එහෙම්ම හැරිල ආව මෙහෙට" කියලා පොර කිව්වා.

සෙල්ලම් කරල ඉවරවෙලා ගෙදරත් ගියා.ගෙදරින් අවුලකුත් නෑ.පහුවෙනිදා ඉස්කෝලෙ ගියා.මාරම සීන් එකක් තමා වෙලා තියෙන්නේ....

අපේ කොල්ලෙක් ගෙදරට ඇත්තම කියල ඇවිල්ලා සෙල්ලම් කරන්න.
"ඉස්කෝලෙ හරියට උගන්වන්නෙ නෑ.ඒ නිසා ඉස්කෝලෙ යන්න බෑ" කියල තමා ඌ ගෙදරින් ඇවිත් තියෙන්නේ.මේක ගෙදරින් යනකන් ඉඳලා මුගේ තාත්ත සිද්ධිය ඇත්තද බලන්න ඉස්කෝලෙට ඇවිල්ලා.ආය ඇවිල්ල නිකන් ඉඳලත් නෑ.සර්ලගෙන්ම අහලා මේ සිද්ධිය ඇත්තද කියලා.හරිනෙ ඉතින්.පිස්සු බෝල බෝල.

දැන් ඉතින් ඕව කතා කරල වැඩක් නෑ.එන දේකට මූණ දෙනව කියල හිටියා.අපේ කොල්ලො සෙට් එකම ක්ලාස් එකෙන් එළියට ගත්තා.පට්ට අව්වේ පිට්ටනිය දිගට හිටෙව්වා.ආය කාඩ් කුඩේ කුඩු.අනික් ක්ලාස්වල එවුන් සත්තු වත්තට ආවා වගේ අපි දිහා බලන් ඉන්නවා.අපේ අංශ ප්‍රධාන ටොමිය සර් ආවා.

"හෙට එනකොට ඔක්කොමලා අම්ම හෝ තාත්ත එක්කන් එන්න ඕන.නැත්තම් ක්ලාස් එකට ගන්නේ නෑ." කියල කිව්වා.
ලොකු උදව්වක්" කියන්නත් හිතුණ මට.

හිහ් හිහ්.මට නිකන් එක පාරටම මතක් උනේ අපේ දෙයියව.ඒ කියන්නේ මගේ මාමව.පොර තමා මගේ මේ හොර වැඩ වලට එන්නේ.මීට කලිනුත් කීපවතාවක්ම ඇවිත් තියෙනවා.ඒ නිසාම මාමටත් මේක නුහුරු දෙයක් නෙමේ.මම මීට කලිනුත් මාමට කියල තියෙන්නේ

"ඇවිත් එයාල කියනදේට ඔලුව වනල යන්න" කියල විතරයි.ඒ දේවල් එලෙසම එයා කලා.සමහර ඒවා අදවනතුරු ගෙදරින් දන්නෙත් නෑ.මේකත් එහෙමම තමා.

සුපුරුදු පරිදි අපි භාරකාරයෝ එක්ක ඉස්කෝලෙ ආවා නිකන් මොන්ටිසෝරි යනව වගේ.ඔක්කොටම මීටින් එකක් ගත්තා.සර්ල මොනාද මන්ද කියනවා.අපේ මාමා ඩිම් වෙලා අහන් ඉන්නවා.කොටින්ම කියනවනම් මාම සිද්ධිය හරියට දන්නෙත් නෑ.
එක පාරටම සර් කෙනෙක් අපේ මාමගෙන්

"ඔබතුමා දැනුවත්වද ළමය ඉස්කෝලෙ එන්නෙ නැතුව සෙල්ලම් කරන්න ගියේ?" කියල ඇහුවෙ නැතැයි.

එතකොට මාමා මම කිව්වාසේම ඔලුව වැනුවා.සර් ඒවෙලාවින් පස්සේ අපේ මාමගෙන් මොකුත් ඇහුවෙ නෑ.එපා වෙන්නැති සමහරවිට.මොකද අනික් හැමකෙනාම වගේ කිව්වේ මෙහෙම දෙයක් ගෙදරින් දන්නේ නෑ කියලා.කොහොමහරි ආපු කට්ටියගේ ලිස්ට් එකක් ගත්තා.ඒ ජරමරෙත් ඉවරයි.
හොඳම සීන් එක වුනේ ඊට පහුවෙනිදා.

අපේ එවුන්ගෙන් කාගෙද භාරකරුවො ආවෙ නැද්ද බලන්න ලිස්ට් එකෙන් නම් කියව කියව චෙක් කලා.
හත්වලාමයි මගේ නම නෑ...

සර් කාරයා මාව එළවන්න හැදුවා.

මම කිව්ව "නෑ සර් මම එක්කන් ආවා" කියලා.

සර් මාත් ඉඳිද්දිම ලිස්ට් එක ආපහු සැරයක් චෙක් කලා.ඒත් මගේ නම නෑ.පස්සේ මම අරන් බැලුවා.
පස්සෙයි සිද්ධිය දන්නේ..

ලිස්ට් එක ලියපු කොලේ 2ට බෙදලා එකේ දාල තියෙනවා ළමයාගේ නම,භාරකරුගේ නම කියලා.
ඉතින් අපේ මාමා, ළමයගෙ නමට මාමගේ නම ලියලා භාරකාරයගේ නමට මගේ නම දාලා.
ඉතින් සර් ලිස්ට් එක කියවන්නේ ළමයිගේ නම් සෙට් එක බලලනේ.ඒකෙ මගේ නම නෑනේ.

මට මැරෙන්න හිනා.මට වඩා සර්ට හිනා...

ඔයින් ගියා ඇති....

Sunday, July 11, 2010

කිරි අම්මා දානේ කෑවේ වගේ


ජීවිතේ මොන මොන දේවල් උනත් පාසල් ජීවිතේ අමතක කරන්න බෑනේ.

මේ සිද්ධ්යත් උනේ අපි A/L කරන කාලේ.පාසල් යන කාලේ කරපු වැඩවල summery එකක් කලින් දැම්මනේ.මේකත් මට උන හොඳම සිද්ධ්වලින් එකක්.

අපේ තාත්තා ඒ කාලේ විදේශගත වෙලා හිටපු නිසා ගෙදර මම විතරයි කොල්ලෙකුට කියල හිටියේ(නමට හරි).ඒ නිසා නීති වැඩී.මාව එහෙමෙහේ යවන්නෙ නෑ.ගියොත් ඉතින් හොරෙන් තමයි.මගේ රූම් එක තියෙන්නේ ගෙදර ඉස්සරහාම කෑල්ලේ.ඉතින් මටම කියලා හොරට කපාගත්ත යතුරකුත් තිබ්බා.කොල්ලො සෙට් සෙට් ගෙදර එනවා.ඇවිත් ඉතින් පිස්සු තමයි.ඒ නිසාමද මන්දා කොල්ලො ආපුගමන් අම්මා කාමරේට යනවා උඹලඕන දෙයක් කරගනින් කියන වගේ අදහසකින්.ඒ දවස්වල Music වලට මාරම පිස්සුවක් තිබ්බේ.Musical එකක් තිබ්බොත් හොරෙන් හරි යනවා කොල්ලො සෙට් වෙලා.ගෙදරත් එහෙමයි.සින්දු දාගත්ත ගමන්ම තමයි.

දවසක් අපේ කොල්ලෙකුගේ ගෙදර කිරි අම්ම දානයක් තිබ්බා.
කවදාවත් ඕව මම දැකල තිබ්බෙ නෑ.ඒ දවස්වල තාත්තත් නිවාඩු ඇවිල්ලයි හිටියේ.මාරම වැඩේ කියන්නේ කිරි අම්මා දානේ තියෙන දවසෙම අපේ ගෙදරත් දානයක්.අපේ ගෙදර එකට කවද ඉන්න බැරිද..
දැන් ඉතින් කොහොමද ගෙදරින් අවසර ගන්නේ?ආය ජීවිතේට යන්න දෙන්නෙ නෑනේ.කල්පනාකලා.හරි.

බොරුවක් මතක් උනා.ඒ දවස්වල අපි Physics class ගියේ සර් ගේ ගෙදරට.සමහර දවස්වල රෑට පාඩම් කරන්න යනවා සර්ලගේ ගෙදර.කරන ඇති පාඩමක් නම් නෑ.සුපුරුදු පරිදි ගෙදරට කිව්වා

"අද රෑට සර් class එකක් දැම්මා.. හෙට උදේට ගෙදර එන්නම්" කියල.

මීට කලිනුත් මෙහෙම ගිහින් තියෙන නිසා ගෙදරින් යන්න දුන්නා.සල්ලිත් දුන්නා.ඒ වෙලාවෙනම් පොඩි දුකකුත් ඇතිවුනා.කොල්ලො ටික සෙට් වෙද්දී ඒවා ඉවරයි.මාරම වැස්ස එදා.කොහොමහරි කිරි අමමා දානේ තියෙන ගෙදරට ගියා.මාරම place එක.තේවත්තක් ඇතුලෙන් යන්න තියෙන්නේ.

කොහොමහරි එදා උදේන්ම උන්ගෙ ගෙදරින් පිටත් උනා.මොකද උදේ ගෙදර එනව කිව්වනේ.එදා දවල් 1ට class එහෙමත් තිබ්බා.කොහොමහරි එදා උදේ ගෙදර එනකොට අපේ නෑදෑයෝ ඔක්කොමල වගේ අපේ ගෙදර.නිකන් කන්න වගේ මම දිහා බලන් හිටියා.මම වැඩිය ගානක් නැතුව රූම් එකට ගියා.තාත්තා ආවා රූම් එකට.

"මොනාද class එකේ ඉගෙන ගත්තේ? කීය වෙනකන් හිබ්බද?" කියලා ඇහුවා.මම නිකන් හිටියෙත් නෑ."අමාරු ටියුට්ස් වගයක් කලා තාත්තා.. " කියලා මම කිව්වා.

ටියුට්ස්ම තමයි.එළිවෙනක් සින්දු කියපු ඒවා,කාඩ් ගහපු ඒවා තමයි කරපු ටියුට්ස්.තාත්ත මොකුත් කියන්නෙ නැතුව ගියා.මම ලෑස්තිවෙලා දවල් ක්ලාස් ගියා.

අප්පච්චියේ.. ක්ලාස් ගියාමනේ දන්නේ වෙච්ච දේ..

මගේ යාලුවෙක්ට ගෙදරින් කෝල් එකක් දීලා මෙහෙම රෑ ක්ලාස් තියෙනවද කියලා ඇහුවලු.ඌ මේ මෙලෝ දෙයක් දන්නේ නෑ.ඌ කියලා නෑ කියලා.මම උන් එකෙක්ටවත් කියල නෙමේ ගියේ.කොහොමහරි අපේ තාත්තයි.මාමයි එදා රෑම සර්ලගේ ගෙදර ගිහින්.සර්ගෙන් ඇහුවම කිව්වලු අද ක්ලාස් නැහැ කියලා.හරිනෙ ඉතින්.ඔක්කොම පත්තුනේ.

කොහොමහරි මම ගෙදරින් ගියාට පස්සේ කෝල් එකක් ඇවිත් තියෙනවා.ඒකෙන් කියල තියෙන්නේ මම එදා ක්ලාස් ගියේ නෑ මීට වඩා පොඩ්ඩක් මම ගැන සෙවෙල්ලෙන් ඉන්න කියලා.එහෙම කිව්වම ඇතිනේ ඉතින්.මට තාම ඒ කෝල් එක දීපු එකා හොයාගන්න බැරිවුනා.ඒ කියන්නේ උදේ මම ගෙදර යනකොට ඔක්කොමල සීන් එක දැනගෙනයි ඉඳල තියෙන්නේ.ඒක තමයි මන් දිහා කන්න වගේ බලන් හිටියේ.මම තාත්තට ආපහු සැරයක් පචයකුත් ගැහුවනේ.මට ඔක්කොම එකින් එක මතක් උනා.මොනා කරන්නද දැන් ඉතින්.ඔක්කොම නෝන්ඩිනේ.
මගේ අතේ VCD එකකුත් තිබ්බා Flashback live concert.යාලුවෙක් දීපු එකක්.මම ඒකත් අරගෙන ගෙදර ගියා ක්ලාස් ඉවරවෙලා.ගිහිල්ලා ඇත්තම විස්තරේ කිව්වා.බැනුම් කෝටියයි.

මට එහෙමම එපාවෙලා ගියා රූම් එකට.මගේ ඇඳ එහාපැත්තේ තාත්ත රට ඉඳන් ගෙනාපු වයින් බෝතලයක් තිබ්බා.ඒකෙන් කාලක් විතර තිබ්බා.මම එහෙම්ම ඒක ගහල ඇරලා එහෙම්ම නිදාගත්තා.ආපහු නැගිටිනකොට උදේවෙලා.මලා.තාත්ත ඇඳ ගාව වාඩිවෙලා මම නැගිටිනකන් බලන් ඉඳල තියෙන්නේ.

"මේ බෝතලේ තිබ්බ ඒවට මොනාද දන්නේනෑ උනේ නේද?" කියලා මට බෝතලේ පෙන්නලා ඇහුවා.

එතකොටයි මතක් උනේ.මමනෙ බිව්වේ.මම නිදිමතේම

"දන්නේ නෑ තාත්තා.. මම නම් නෙමේ.. පූසා බොන්න ඇති" කියල කිව්වා.

තාත්තට පොඩ්ඩක් හිනත් ගියා.මට පස්සෙයි මීටර් උනේ මම මොකද්ද කිව්වෙ කියලා.සිද්ධිය එතැනින් ඉවරවුනේ නෑ.ඊට පස්සේ වෙනම කේස් එකක්.

"උඹට මේ දේ විතරයි අඩුවෙලා තිබ්බේ" කියලා තාත්ත මට ගහන්න පැන්නා.

අම්ම තමයි තාත්තව අල්ලගත්තේ.මම හිතුවේ බීපු එකට කියලා.ඒකට නෙමේ වෙන කේස් එකක්.

අර මම ඉල්ලන් ආපු VCD එක.ඒක මම සෙටප් එක උඩ තියලයි ආවේ.තාත්ත ඒක දාල බලලා.එකේ තිබිල තියෙන්නේ full sex movie එකක්.ඕකට තමා කියන්නේ ඉල්ලන් හෙවත් ඇදගෙන නානව කියලා.
මට Musical එකක් කියලනේ දුන්නේ.වෙන එකක්නම් ඔහොම ප්‍රසිද්දියේ තියෙනවද?
මම ඒ දේවල් තාත්තට තේරුම් කරල දීලා VCD එක අරන් 2ට කැඩුවා.

අම්මෝ ඔයින් බේරුණා ඇති....

ප.ලි. :-
එදායින් පස්සේ ප්‍රස්තාපිරුළකුත් හැදුනා.. අපි කිරි අම්මා දානෙ කෑවා වගේ කියලා.. ඒවා අදටත් කොල්ලො මතක් කරලා වඳේ ගහනවා..


Friday, July 9, 2010

ප්‍රස්ස්ස්ස්ස්ස්


මේ කතාව විශ්වවිද්‍යාලයෙන් out වෙන්න ඔන්න මෙන්න තියල වුන දෙයක්.
මේක මතක් උනේ බ්ලොග් ගඩොල් ගේ කතාව කියෙව්වට පස්සේ.

out වෙන්නත් කිට්ටුයිනේ.ගෙදර ගියාට පස්සේ නිවාස අඩස්සියේ නිසා හොඳට සප්පායම් වෙන්න අපි සෙට් එක තීරණය කලා.හොස්ටල් එකේ නම් හැමදාම වගේ සෙට් වෙන කට්ටිය ඉන්නවා.අපි ඉතින් එහෙමටම බොන්න යන්නෙ නෑ.එහෙමයි කියලා නොබී ඉන්නෙත් නෑ.

ඉතින් කොහොමහරි අපි කොල්ලො 10ක් විතර එදා රෑ සෙට් වෙන්න තීරණය කලා.හොස්ටල් එක ලඟ තියෙනවා restaurant එකක්.ඒකට තමයි ගියේ.ඉතින් අනන් මනම් කතා දන්නෙ නැද්ද..අපට වුන දේවල්,කර ගත්ත දේවල්,ඉස්සරහට කරන දේවල් දොඩවන්න ගත්තා.කට්ටියට හොඳටම සූර් දැන්.ඇවිදගන්න බෑ.හොස්ටල් එකට ගිහින් එළම පිස්සුවක් නැටුවා.රූම් වලට පැනල කට්ටියව බකට් කලා.බොරුවට වගේ බදාගෙන ඇඬුවා.Juniorsගෙන්නලා පොර ටෝල්කස් දුන්නා.අපේ එකෙක් කිව්වා

"අඩේ අලුත් එවුන් ඇවිල්ලනේ ඉන්නේ.. යමන් උන්ගේ හොස්ටල් එකට.. ගිහින් මීටිමක් ගමු" කියලා.

අපේ පට්ට සුපර් ජුන්ඩො.අපිට ඉතින් ඉන්නෙ කොහෙද කියල මතක නෑ.හරි යමන් කියලා ගියා.වෙලාව රෑ 12ට වගේ.නිදාගෙන ඉන්න එවුන්වත් නැගිට්ටවල එළියට ගෙන්නුවා.

මීටිම පටන් ගත්තා.පොඩි එවුන් දන්නෙ නෑ අපි මේ සූර් වෙලා කියලා.මම කොහොමත් මීටින් වල කතාකරන්න යන එකෙක් නෙමේ.මම වාඩිවෙලා අහගෙන හිටියා.

ඔය අතරේ අපිත් එක්ක සෙට් වුන එකෙක් මම ඉන්න තැනින් නැගිටලා මීටින් එක ගන්න එකා ලඟට ගියා.අර ඔක්කොම ඉස්සරහ

"මචන් පොඩ්ඩක් ඉඳපන්"

කියලා පොර මොනාහරි juniorsලට කියන්නයි ගියේ.ඒත් සිද්ධවුනේ වෙන දෙයක්.මහ අමුතු සද්දයක් ආවා.

"ප්‍රස්ස්ස්"...

මට සිද්දිය තේරුණා.වෙරි කොහෙන් ගියාද දන්නෙ නෑ.මට හිනාව නවත්තගන්න බෑ.මටයි තව එකෙකුටයි විතරයි සිද්ධිය මීටර් වුනේ.

"ප්‍රස්ස්ස්" ගෑවේ අපේ එකාට .... ගිහින්.

ඒ අතරේ තව එකෙක්

"කාගෙද බන් කලිසමක් ඉරුණේ?" කියල ඇහුවෙ නැතැයි.

ඌ දන්නෙත් නෑ ඇත්ත සිද්ධිය.අපිට තවත් හිනා.
කොහොමහරි සිද්ධිය වුන එකා එහෙම්ම මාරු.විලි ලැජ්ජයි.ජුන්ඩෝ ඉස්සරහා.හොඳවෙලාවට උන්ටත් සිද්ධිය වැඩිය මීටර් නෑ.එක්කො මීටර් වෙලා බයේ සද්ද නැතුව හිටියද දන්නෙත් නෑ.

කොහොම්හරි අපේ හොස්ටල් එකට ඇවිත් රොයිටර් සේවාව දියත් කලා.

එදායින් පස්සේ අරූ මොනාහරි කියාගෙන ආවම "ප්‍රස්ස්ස්" ගෑවම පොර එහෙම්ම සයිලන්ට්..
අපේ Going down එකෙත් ඒ සිද්ධිය රඟපාල පෙන්නන්න අපේ juniorsලා අමතක කලේ නෑ.
එදානම් ඌට එපාවෙලා හිටියේ....

Wednesday, July 7, 2010

කොළඹට කිරි ගමට කැකිරි

කලින් කොටසෙ කිව්වනේ යාලුවෙක් මගේ CV එක ඉල්ලන් ගියා කියලා.මොකුත් අරමුණක් නැතුව හිටියා.ඔහේ කරන්නන් වාලේ වැඩ කර කර.

කොළඹට කිරි ගමට කැකිරි කතාව පටන් ගන්නේ මෙතැනින්...

එදා මට මගේ යාලුවා ගිය කම්පැනියෙන් ඊමේල් එකක් ආවා.interview කෝල් කරලා.කියපු පරිදිම යාලුවා වැඩේ කරලා.පස්සෙ මම ඒ කම්පැනියට කෝල් කලා.කෝල් කල දවසට පහුවෙනිදම interview එන්න කිව්වා.මොකද්ද exam එකක කතාවකුත් කිව්වා.මාර ජමර වෙලාවක තමයි තිබ්බේ.දවල් 12ට.
ඉතින් එදා රෑම මෙහෙන් පිටත් වෙලා යාලුවගේ බෝඩිමට ගිහින් යන්නයි හිතුවේ.ඒ විදියටම වැඩේ කලා.බෝඩිමට ගියාමයි මතක් උනේ CV එකේ කොපි එකක් ගේන්න බැරි උනානේ.හරි ඉතින් කොළඹනෙ ඉන්නේ.ඕක printout එකක් ගන්න බැරියයි කියල හිතාගෙන 11ට විතර තමයි කම්පැනියට යන්න බෝඩිමෙන් පිටත් උනේ.

කිව්වට විශ්වාස කරන එකක් නෑ එක කඩේකවත් printout ගන්න බෑ.බොරැල්ලෙ ඉඳන් හෙන දුරක් ගියා.එක තැනක්වත් නෑ.කොහොමහරි නිකන් හිතාගන්නවත් බැරි කඩයක printout ගන්න තිබ්බා.කඩල කඩයක් වගේ නිකන්.

කම්පැනියටත් ගියා.ඇතුලට යනකොට නම ලියලා විකාරයක් කරල යන්න ඕන.ඇතුල් වෙන වෙලාව දාන්න තියෙනවා.ෆෝන් එකත් ගත්ත නිසා වෙලාව බලන්න හැරුනා.මලා ඔරලෝසු 4ක වෙලාවල් 4ක්.පිස්සු වගේ.

"මොකෙන් කියල බලන්නද නේද මල්ලි" කියල එතන හිටපු සික්කෙක් නෝන්ඩියකුත් දැම්මා.

රටවල් 4ක වෙලාවල් වෙන්න ඇති.ඇතුලට ගියා.වාඩිවෙලා ඉන්නව ඉන්නව මොකෙක්වත් නෑ.මට එහා පැත්තෙ girl කෙනෙක් හිටියා.ඒකිම කතාවට ආවා.

"ඔයා SLITTද UCSCද?" කියල ඇහුවා.

මම කිව්වා "නෑ මම රුහුණේ" කියලා."හාපෝ රුහුණෙ කචල් නේද? හැමදාම වහල නේද?" කියලා එයා කිව්වා.

මම ඉතින් ඔලුව වනලා බිම බලාගත්තා.මම කරගත්ත දේවල් කිව්වනම් ඒකි දුවනවා එතැනින්.මමත් නිකන් හිටියෙ නෑ.

"ඔයාගේ කැම්පස් එක මොකද්ද?" කියලා මම ඇහුවා.

ඒකි නිකන් ඇඹරෙන්න ගත්තා.
"මම කැම්පස් ගියේ නෑ.resources වලට interview ආවේ" කියලා එයා කිව්වා.

ආහ්.මේයා මේ කැම්පසුත් යන්නෙ නැතුව තමයි ටෝල්කස් දීල තියෙන්නේ.මම ඉතින් ඕව කියන්න ගියෙ නෑ.සද්ද නැතුව හිටියා.එතකොට කම්පැනියෙ කෙනෙක් ඇවිත් මගෙන් ඇහුවා

" ඔයා SLITTද UCSCද?".

යකෝ මේක ඇහුවෙත් ඒකමනේ.මම ඉතින් ඇත්ත කිව්වා.කොහෙද ගෙවල් කියලත් ඇහුවා.ඒකටත් ඇත්තම කිව්වා.සද්ද නැතුව යන්න ගියා.මොනාවෙන්න යනවද මන්ද.කොහොමහරි interview board එකට දැම්මා.ඔක්කොම විස්තර ඇහුවා.Subject එක ගැන ඇහුවා.පස්සේ paper එකක් දුන්නා.ඒකේ තිබ්බේ හාත්පසින්ම වෙනස් දේවල්.ගොඩක් ඒවා ඉගෙන ගෙන නෑ.කොහොමහරි පැය දෙකක් තිස්සේ ලිව්වා.MCQ එකක්.

"අපි ඔයාට දන්වන්නම්" කියලා මාව එව්වා.

මොනා දන්වන්නද?වැඩක් නෑ.මොන පිස්සුවක්ද මේක?අහන්නෙ එකක්.ලියන්න දෙන්නෙ තව එකක්.මම එහෙම්ම බෝඩිමට ආවා.එදා සිකුරාද දවසක්.මම එක දෙයක් තේරුම් ගත්තා.මෙහේ තැන තියෙන්නේ අර එයාල කියපු කැම්පස් වල ඉන්න කට්ටියට තමයි.අනික් එවුන් ගනන් ගන්නෙවත් නෑ.ඒකයි ඇත්ත.ඔහොම හිත හිත ගෙදර ගියා.

හරියටම අඟහරුවාදා 2nd interview කෝල් කලා.බදාද 12ට එන්න කිව්වා .එදා කොහොමහරි නිවඩු දවසක්.අවුරුදු දවස් වල තමයිදවස් වල මේ හුට පට උනේ.11 වෙනිද තමයි මම ගියේ.12 ඉදන් 1.45 වෙනකන් interview එක තිබ්බා.රටේ නැති ප්‍රශ්න ඇහුවා.අර උත්තරේම දීලා යන්න කිව්වා.අනේ මන්ද.එන්න එන්නම එපාවෙනවා.එදා රෑම ගෙදර ගියා.ඊට පහුවෙනිදා තමයි ගෙදර ගියේ.

නිදාගෙන නැගිට්ට ව්තරයි දවල් 11ට විතර කම්පැනියෙන් කෝල් එකක් එනවා.

"ඔයාගේ අනික් interview එක තියෙනව අද." කියලා කිව්වා.

එයාල හොඳටම දන්නවා මම බදුල්ලෙ කියලා.ඊට වඩා අවුරුදු හෙටයි කියලා.මම කිව්වා මම අද තමයි ගෙදර ආවේ කියලා.එහෙන් කිව්වේ

"කොහොමහරි ට්‍රයි කරලා හවස 6ට කලින් එන්න" කියලා.

මොනා කරන්නද?යාලුවෙක්ගේ වාහනයක් කොළඹ යනවා කියලා දැනගත්තා.එහෙන්ම interview යන්න කිට් එක දාගෙනම බදුල්ලෙන් 1ට වගේ පිටත් උනා.මගට ඇවිල්ලත් කම්පැනියට කෝල් කරල කිව්වා එනව කියලා.කොහොමහරි කම්පැනියට යනකොට හවස 6.15යි.මාව දාල යාලුවත් ගියා.කම්පැනියෙ සද්දයක්වත් නෑ.
ඇතුලෙ කෙනෙක් ඇවිත් ඇහුවා

"ඇයි ආවේ" කියලා.මම විස්තරේ කිව්වා."පොඩ්ඩක් ඉන්න" කියල ගිහින් ඇවිල්ල කියපු දේ දන්නවද??

"ඔයාට කව්ද එන්න කිව්වේ? අද ගොඩක් කට්ටිය නිවාඩුනේ." කියලා.

මම විස්තරේ කිව්වා.එයාල කිව්වා

"ඔයාට එන්න කියපු බවක් සඳහන් වෙලා නෑ.ඊළඟ interview එක තියෙන දවස කියන්නම් සොරි" කියලා.

මට කුණුහරප මතක් උනා.කොච්චර කට්ටක් කාලද මෙතනට ආවේ.මම පොඩ්ඩක් විතර අනන් මනම් කියලා එළියට ආවා.යන්න තැනකුත් නෑ.පස්සෙ මාමට කෝල් කරල ගෙන්නගෙන තමයි එතැනින් ගියේ.
ඇයි මෙහෙම දේවල් කරන්නේ?
එයාලට කියන්න ලේසි.එහෙම්ම මම අදහස නැතිකරගත්තා.ඕන නෑ මට මේ වගේ ඒවා.ඊට වඩා හොඳයි ගෙදරට වෙලා ඉන්නවා.අපි හිඟමන් යනව නෙමෙයිනේ.අපේ සුදුසුකම් වලට හරියන්නයි අපි ජොබ් එකක් හොයන්නේ.
එහෙම එකේ මෙහෙම කරන එක සාධාරණද?
ගෙදර ඇවිත් ඉන්න අතරේ මම කලින් දාපු තැනකිනුත් මට ආපහු interview call කලා.ඒක අප්‍රේල් අන්තිමට තිබ්බේ.හොඳම කතාව තමයි අර කලින් ගිය කම්පැනියෙන් කෝල් කරනව කිව්වට සද්දයක්වත් නෑ.පස්සේ බැරිම තැන මම කෝල් කලා.එහෙන් මොකද්ද දන්නවද කිව්වේ.

"ඔයාගේ 2nd interview එකේ තොරතුරු අපි ළඟ නෑ.ආපහු තියන්න වෙනවා.අපි කෝල් කරන්නම් ඔයාට" කියලා.

ඔන්න බලන්න.
මේ දේ දැනගන්න ලැබුනෙත් මම කෝල් කරපු නිසා.මෙහම වගකීමක් නැතුව වැඩකරන එකෙන් වෙන්නේ අපි වගේ මිනිස්සු තැලෙන එක නෙමෙයිද?
මෙහෙම දේවල් තව කොච්චර සිදුවෙනව ඇද්ද?
නමුත් ලෝකයාට කම්පැනියෙ නම කිව්වත් ඇති.ෂා මරු කම්පැනියනේ.ඔහොම තමයි කියන්නේ.
ඒත් ඒකෙ සිදුවෙන මෙවැනි දේවල්.ඕව කවුරුවත් දන්නෙ නැති දෙවල්.සාමන්‍යයෙන් කොළඹ එන්න එපැයි හොඳ ජොබ් එකක් හොයාගන්න.ඕකනෙ ඇත්ත කතාව.
ඒත් එහෙම ආපුවාම මොනාද කියන්නේ?
එයාල ජොබ් දෙන්නේ උගත්කම බලල නෙමේ.

ඉන්නෙ කොහෙද?පාසල මොකද්ද?කැම්පස් එක මොකද්ද?club එක මොකද්ද?ඔන්න ඕව තමයි එයාලට වැදගත්.ගමේ

ඉඳල ජොබ් වලට කොළඹට එන කෙල්ලො කීදෙනෙක්නම් අමාරුවේ වැටිල ඇත්ද?
මොකද කම්පැනියෙ බොස්ට ඕන විදියට එයාල හිටියෙ නැත්තම් එයාල ඉවරයි.මෙහෙම කිව්වම කාටත් තේරෙනව ඇති.ඔන්න ඕකයි අද රටේ තත්වේ.කම්පැනිවලට කට්ටිය ගන්නවා.මරව මරව වැඩ ගන්නවා.ඊට පස්සෙ බල්ලො වගේ එළියට දානවා.ගිය අවුරුද්දෙ එක කම්පැනියකින් එක සැරේට 300ක් එළියට දැම්ම ඔයාලට මතක ඇති.කොළඹ තිත්ත උනා මට.මේ වැඩේ නිසා.

ඔහොම ඉන්නකොට ආපහු සැරයක් අර කම්පැනියෙන් කෝල් කරල කිව්වා

"ඔයාගේ 2nd interview එක හෙට තියෙනවා 12ට" කියලා.ආපහු .

මම ඒ වෙලාවේම හිතාගත්තා මට ජොබක් නැතුව ගෙදර හිටියත් මම ආයෙමත් ඒ කම්පැනියට යන්නෙ නැ කියලා.කොහොමවුනත් අප්‍රේල් අන්තිමට තිබ්බ interview එකෙන් මම select උනා.ඒක වෙන කම්පැනියක්.මේ වනවිට මම Lanka Dairy ආයතනයේ IT section එකේ Software Engineer ලෙස කටයුතු කරනවා.

කොහොමහරි එදා මම ගත්ත තීරණය ගැන අද මම සතුටු වෙනවා.

කොළඹ තරම් ගම් වල පහසුකම් නෑ තමයි.
ඒත් එහෙම කියල එයාලව අයින් කරන එක සාධාරණද?

කව්ද මේවට වගකියන්නේ??

Saturday, July 3, 2010

ගෙදර ජීවිතය

කැම්පස් එකෙන් අවුට් උනාට මොනාද කරන්න ඕන කියල මොකුත් අවබෝධයක් තිබුනෙ නෑ මට.Computer Science කලාට කිසිම දෙයක් ඔලුවෙ තිබ්බෙ නෑ.ඉතින් ගෙදර internet තිබුන නිසා ෆේස් බුක් එකට පින්සිද්ධ වෙන්න කාලය ගත කලා.ජොබ්ස් වලට දැම්මෙත් නෑ.මගේ අදහස වෙලා තිබ්බේ ඉක්මනින් තාත්ත ගාවට යන්න.නඩුව ඉවරවෙලා.හිතුවේ නෑ මේවා දුර දිග යන ඒව කියලා.ගෙදර ඇවිල්ලා සති 2කින් ලොකු බෝධි පූජාවක් තිබ්බ මට.යන්තරයකුත් දැම්මා.නඩුවට යන්නත් එපැයි.ලොකු කේස් එක තමයි තිබ්බේ.

කොහොමහරි නඩුවට ගියා.හිතුවේ මේ තොවිලේ මෙදා පාරවත් ඉවරවෙයි කියලා.නඩුවට කලින් දවසෙ ගියා lawyer හම්බෙන්න.පොර කිව්වා නඩුව දවසේ උදේන්ම ඇවිත් හම්බෙන්න කියලා.ඉතින් ඒ විදියටම කලා.

"කේස් එක පොඩ්ඩක් දරුණු වෙලා.ඊයෙ තමයි රසපරීක්ෂක වාර්තාව මගේ අතට ආවේ.ඒකෙ තියෙනවා මේක වැඩිය හානිදායක නොවන පිපිරීමක් කියලා..මේ හේතුව නිසා නඩුකාරතුමා ඔයාලගේ ඇප කැන්සල් කරයිද දන්නේ නෑ.." කියලා lawyer කිව්වා.

අපිට පිස්සු වගේ.ඒ කියන්නේ මේ කරුමෙ ඉවරයක් නැද්ද?අපිට ආපහු ඇතුලට යන්න වේද?lawyer කාරයා ටිකක් කල්පනා කර කර ඉඳලා

"නෑ නෑ නඩුකාරතුමාට එහෙම කරන්න බෑ.. අපි බලමුකො මොකද වෙන්නෙ කියලා.." එහෙම කියලා අපට උසාවියට යන්න කිව්වා.

එකෙක් වත් සද්දයක් නෑ.උදේ අපි සෙට් එකම හෙම ජොලියෙ හිටියේ.නඩුකාර තුමාට කරන්න බැරිදෙයක් නෑනේ.අපි උසාවියෙ ඇතුලෙ ගිහින් වාඩි උනා.මට පොඩ්ඩක් හිනත් ගියා.ඒ අර කලින් දවසෙ හම්බුන පොලිස්කාරයා එදත් හිටියා.පොර මම ලඟට ඇවිල්ලා

"අද එහෙම නිදාගත්තොත් බලාගෙනයි" කියලා ගියා.මට තනියෙන් හිනා.

ඒ අස්සේ හොඳම සීන් එක.අපේ සෙට් එකේ එකෙක් මොකද්ද ජරාවක් පාගගෙන ඇවිල්ල උසාවිය ඇතුලට.මුලු උසාවියම ගඳයි.ඉතින් ඌ අපේ එකෙක් නෙමේ වගේ අපිත් අනික් එවුන් එක්කම "මොකද්ද ඒ ගඳ?" කිය කිය හිටියා.ඉඳල ඉඳල අපේ නඩුවත් ගත්තා.කිසිම ෆිට් එකකින් නෙමේ උසාවියට ගියේ.නඩුව විභාග කලා.මොනාද මන්දා කියවගෙන කියවගෙන ගියා.ආරවුල් ඇතිකිරීම.දේශණ ශාලාවට 36,000ක අලාභ හානි සිදු කිරීම අනන් මනම්.අපේ ඔලුවෙ තියෙන්නේ අර මොකද්ද වාර්තාව ගැන.ආය කිසිම කතාවක් නෑ නඩුව මාස 6කට කල් දැම්මා.

මොකද්ද මෙතන උනේ? අපි ගිහින් lawyer ගෙන් ඇහුවා.

"දැන් ඔයාලට බයවෙන්න දෙයක් නෑ.දැන් නිකන් සාමාන්‍ය වලියක් විදියට නඩුව යන්නේ.. තව නඩු 2,3 කින් ඉවර කරගන්න පුලුවන් වේවි සමහරවිට." කියලා කිව්වා.

ම්ම්.. ඒකත් සමහරවිට.අනේ මම දන්නේ නෑ ඕවා.මට නඩු 2යි ඔක්කොම.එපා වෙනවනේ මෙහෙම ගියොත්.මම හිතුවෙ එදා නඩුවෙන් මොකක් හරි සහනදායි විසදුමක් හම්බෙයි කියලා.කොහෙද.දෙන සහනෙ තමයි නඩුව කල් දාන එක.එදාම ගෙදර එන්න පිටත් උනා.
ගෙදර එනගමන් කල්පනා කර කර ආවා.මම කරන්න යන වැඩ මොකුත් හරියන්නෙ නෑ.මම හිටියේ තාත්ත ගාවට යන්න.දැන් ඒක කරන්න වෙන්නෙත් නෑ.ආපහු නඩුව තීයෙන්නේ සැප්තැම්බර් වල.එතකන් මොකුත් කරන්න බෑ.අනික් නඩුව ඔක්තෝබර් වල.කීයක්නම් ප්‍රශ්ණද?ගෙදරත් ආවා.තාත්තටත් සිද්ධිය කිව්වා.

"ඔන්න බලන්න ඔය දේවල් කලින් හිතුවනම් මේ මොන ප්‍රශ්නයක් වත් නෑනේ දැන්.. දැන් ඉතින් මොනාකරන්නද? ඔහේ ජොබ්ස් වලටවත් දාන්න.." කියලා තාත්තා කිව්වා.

මම ඒත් දැම්මෙ නෑ.දාන්න තරම් ෆිට් එකකුත් නෑ.බලාපොරොත්තුවක් තියන් ඉඳලා ඒක හරිගියෙ නැතිවුනාම ටිකක් අමාරුයිනෙ ආපහු හිටපු විදියට එන්න.අක්කගෙ Engagement එකත් තිබ්බා.මම කැම්පස් එකේ ඉදිද්දිත් කලේ වෙබ් අඩවි සම්බන්ධ දේවල්.ඒ නිසා මේ සයිට් එක තමයි මම ඉස්සෙල්ලාම කලේ.පස්සෙ මම හිටපු තැන ඒ කියන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ පොදු සිසු බලවේගය ගැන සයිට් එකක් ගහන්න හිතුනා.මොකද එතන වෙනුවෙනුයි මේ හැම දෙයක්ම කලේ.

කොහොමහරි මේ සයිට් එක මම ෆේස්බුක් එකේ දැම්මා. නිකන් අහම්බෙන් සයිට් එකේ වැඩ ගැන,අඩුපාඩු තැන් ගැන කියලා comment එකක් ආවා මට.මේක තමයි ඒ comment එක..

Name: Nisal Kooragoda

Email: nisalk@gmail@com

Comment: hello

I was one of the members who was with the first ever Podu sisu Balawegaya group and has seen the history as it is


First, its a great step you decided to go online

Secondly very constrcutively,
1) there are spelling and grammar errors on pages
2) There are issues with accessibility and content type(language type)


While I support your effort to eradicate ragging and making university a place to remember, feel free to get in touch if you need any help advice on the site

I am a snr consulting manager in a London based IT and mew media consultancy and I am able to help you with the process.please send me a copy of your CV.I can see what I can do regards.


මම එදාම තමයි එයාව ෆේස් බුක් එකෙත් දැක්කේ.මම එයාට තෑන්ක්ස් කරලා මගේ CV එකක් යැව්වා.පස්සේ එයාගාව ඔන්ලයින් වැඩ කරන්න සෙට් කලා.මාත් එක්ක ලකාවේ 2යි ඉන්නේ.අනික් කෙනත් ඔන්ලයින් කරන්නේ.
Polarsoft තමයි කම්පැනිය.බලද්දී ඒ අයියත් අපේ කැම්පස් එකේ 96 බැච් එකේ කෙනෙක්.ඒ දවස් වල තමයි රුහුණේ කේස් වැඩිම කාලේ.කොහොමහරි මාසයක් එක දිගට එයාලත් එක්ක වැඩ කලා.Mail server එකෙනුයි,ස්කයිප් වලිනුයි තමයි එයාලව සෙට් වෙන්නේ.

ඔහොම යනකොට මගේ මැෂින් එක කෙලවුණා.ඒක එහෙම්මම හදන්න උනා.ඕවා හදිස්සියේ කරන්න බැහැනේ.ඉතින් වැඩේට සති 3ක් විතර ගියා.මට මේ දේ එයාලට දන්වන්නත් බැරිවුනා.
මැෂින් එක හදාගෙන ඉවරවෙනකොට පෙරහැර ගිහින් ඉවරයි.

එයාල mail එකක් දාල තිබ්බ මම වෙනුවට කෙනෙක් replace කලා කියලා.ඒකත් ඉවරයි.පස්සේ මොනා කරන්නද ඉතින්? ඔහොමම ගියා යන්නන් වාලේ.ගෙදර ඉඳන් ගොඩක් වැඩ කලා.කම්පැනි එකේ වැඩකරපු ටික කාලෙට ගොඩක් දේවල් ඉගෙන ගත්තා.මට පාලුවක් දැණුනෙ නැත්තේ මගෙත් එක්ක යාලුවෙක් හිටියා මම පොඩි කාලෙ ඉඳන් දන්න.එයත් එක්ක එකතු වෙලා සයිට් වැඩ කරන එක තමයි කලේ.

ඔහොම ඉන්නකොට අපේ තාත්ත දන්න කෙනෙක්ගේ යාලුවෙක් මගෙන් CV එකක් ඉල්ලගත්තා.මොකක් හරි කරන්නම් කියලා.ඔක්කොම සෙට් උනා එළටම.වැඩේ හරියන්න ඔන්න මෙන්න තිබ්බේ.ඒක නිසාමද දන්නේ නෑ මම ගියා සත්තරයක් බලන්න.මොනා වෙන්න තියෙනවද දන්නේ නෑනේ..

අප්පටසිරි..මේ යකා බලන් හිටිය වගේ කිව්වෙ නැතැයි ඔක්කොම.මට උන දේවල් ඔක්කොම කිව්වා.හැබැයි අන්තිමට කියපු දෙයින් මට එපා උනා.ඊට කලින් මගේ ජොබ් එක ගැන විස්තර ඇහුවා.මම කිව්වා එකකට apply කරල තියෙන්නේ ඒක හරියයි කියලා.

"ඔයාට ලැබීම අඩුයි..ගොඩක් අපල තියෙනවා.. ඔයා ජොබ් එක හරියයි කියල හිතුවට කම්පැනිය තාම ලෑස්ති නැහැ ඔයාව ගන්න.පමාවෙයි." කියලා සාත්තරකාරය කිව්වා.

මට හොඳටම අවුල්.ගෙදර ඇවිත් මනෝ පාර ගහන් හිටියා. ටික දවසක් යනකොට උදේ අර මම කියපු කම්පැනියෙන් කෝල් එකක් ආවා.ගොඩක් ප්‍රසිද්ධ කම්පැනියක්.එහෙන් කිව්වේ තව පැය 2ක් ඇතුලත ඊමේල් එකක් එවනව හෙට interview එන්න කියලා.මට මාරම සතුටුයි.ඉතින් දන්න දන්න හැම එකාටම කිව්වා.

"ඉඳපන් බන් මම ගිහින් චාන්ස් එකක් තිබ්බොත් උඹලවත් ගන්නම්" ඔහොම තමා පොරසේ කිව්වේ.

කොටින්ම කියනවනම් shirts 5යි කලිසම් 3 කුයිත් ගත්තා.පැය 2ක් ගියා.3ක් ගියා.ආපු ඊමේල් එකක් නම් නෑ.මම අඳුරන කෙනෙක් ඉන්නව ඒ කම්පැනි එකේ..බැරිම තැන මම එයාට කෝල් කරලා විස්තරේ කිව්වා.එයා කිව්වා බලලා ටිකකින් කෝල් එකක් දෙන්නම් කියලා.
පය 2කට විතර පස්සෙ එනව කෝල් එකක් එයාගෙන්..

"ඔයා arrest වෙලා හිට්යද කැම්පස් ඉද්දී??" කියලා ඇහුවා.

මට කරගන්න දෙයක් නෑ.මම හිමීට ඔව් කියලා වෙච්ච සිද්ධිය කිව්වා.එතකොට එහෙන් කිව්වේ

"මේකයි.මේව පෞද්ගලික ආයතන නිසා personality එලටම බලනවා.. ඔයා වෙන මොකකට හරි apply කරන්න" කියලා.

මට ඉන්න තැන පවා අමතක උනා.කොහොමද ඒ ආරන්චිය එයාල දැනගත්තේ.මම හොයල බැලුවා.අපේම මගේ ලගින්ම හිටපු එකෙක් තමයි වැඩේ කරල තියෙන්නේ.උනම් කිව්වෙ ඌ ඒක ගැන එච්චර හිතුවෙ නෑ.මම ගැන ඇහුවම නිකමට කිව්ව කියලා.එදා යාලුවෝ එක්ක හොඳාම බිව්ව මම.තව පොඩ්ඩෙන් ලොකු වලියකුත් යනවා.මම ඔක්කොම දේවල් අතෑරියා.ඉගෙන ගන්න එක.ඔක්කොම.හරි සමාජෙට මාව මැරයෙක්නම් මම ඒ පැත්තෙන් යනවා.එහෙම හිතාගත්තා.ඒත් අම්මා,තාත්තා අනික් අය නිසා ඒ දේ මට තාම කරගන්න බැරුවයි ඉන්නේ.

ඔහොම ඉන්නකොට මගේ තනියට හිටපු,මාත් එක්ක වැඩ කරපු මගෙ යාලුවාත් ජොබ් එකකට ගියා.ඒකත් මම ගිය එක වගේම ප්‍රසිද්ධ කම්පැනි එකක්.

"උඹ බය නැතුව ඉඳපන්.. මම ගිහින් උඹව කොහොමහරි ගන්නවා." කියලා පොරත් ගියා.

මම තනිවෙලා දැන්.
මගේ යාලුවා මාව ගනීද??

එතන සිද්ධවුනේ තවත්සිද්ධියක්!!!!

Friday, July 2, 2010

විශ්ව විද්‍යාල ජීවිතය - සමුගැන්ම


කැම්පස් යාමත් එපා වෙලා දැන්.මොන මොන දේවල් නැතිකරගත්තද?ඒ දවස් වල කැම්පස් ගියේ මාරම ආසවෙන්.පිස්සු කෙලින්න.දැන් එහෙමවත් යන්න හිතක් නෑ.ගෙදර ඉන්න එක තමයි හොඳම වැඩේ.ඔහොම ඉන්නකොට අපේ තාත්තටත් රට යන්න ආවා.ගෙදර අම්ම විතරයි.ඔය දේවල් බලන්නත් උනා.තාත්තා රට යන දවසේ කිව්වෙ මෙච්චරයි.

"දැන් වත් මොළේ කල්පනා කරලා වැඩකරගන්න.මමත් ගෙදර නැති එකේ ආයමත් ඔය කලබල වලට පැටලෙන්න එපා.තේරෙනවනේ අම්ම ඉන්න තත්වේ.." කියලා.

මට ඒ දේවල් නොතේරෙනවා නෙමෙයි.ඒත් මොනා කියල කරන්නද?
සිද්ධවෙන දේවල් වලක්වන්න පුලුවන්නම් මොනා කරන්න බැරිද?
තාත්තත් ගියා.අපි ආපහු ගෙදර ආවා.කැම්පස් යන්නත් කම්මැලී.ගියත් මනෝ ලෝකේ පාවී පාවී ඉන්න එකනේ කරන්නේ.කැම්පස් යන්න දවස් 3කට විතර කලින් මාර සිද්ධියක් උනා.

අපේ chemistry සර් මට අහම්බෙන් සෙට් උනා ටවුමේදී.

"ආ කොල්ලො කොහොමද? කෙට්ටු වෙලා.. මොකද නිකන් මේ?" කියලා ඕප දූප ඇහුවා.ඒ අහල නැවැත්තුවෙ නෑ.."කොහොමද ඉගෙනීමේ වැඩ එහෙම?තාම ඉස්සර වගේ පිස්සුද කෙලින්නේ? කොල්ලො කොහොමහරි ක්ලාස් එකක් දාගනින්..නැත්තන් වැඩක් නෑ" කියලා කිව්වා.

ඔව් ඔව් ක්ලාස් තමයි.මම අපේ සර්ට අකුරක් නෑර මට සිද්ධ්වෙච්ච දෙවල් ටික කිව්වා.පොර ඩිම් වෙලා අහන් හිටියේ.මම ඔක්කොම කියල ඉවරවුනාට පස්සේ

"කොල්ලො කොහොමහරි degree එක ගොඩ දාගනින්" කියල කිව්වා.

ඔක්කොටම වඩා මට මැරෙන්න හිනා.කොහොමද ක්ලාස් එකට උන වැඩේ.කොහොමහරි කැම්පස් එකේ කොල්ලන්ට කිව්වමත් මේ සිද්ධිය උන්ටත් මැරෙන්න හිනා.කොහොමහරි ඒ දවස්වල ඉඳන්ම සර්ලට මඩ ගහන එක තරම් දෙයක් නෑ.කැම්පස් පටන් අරන් සතියයි හිටියේ.මගේ 1වෙනි case එකේ නඩුව තිබ්බා.

අපි දෙන්නයිනෙ ඒකේ.එදා උසාවියට ගියේ ගොඩක් කාලෙකින්.අම්මෝ judgeව දකිනකොටත් බයයි.පළවෙනි නඩුවේ මගේ නම තියෙන්නෙත් වැරදියට.අපේ නම් කියල කතාකලා.උසාවි කූඩුවේ තප්පර 5ක් වත් ඉන්න උනේ නෑ.

"සමථ මණ්ඩල වාර්තාව කැඳවනවා" කියලා නඩුව මාස 5කට කල් දැම්මා.
මදැයි කලා.හොඳ වෙලාවට lawyer අපෙන් සල්ලි ගත්තෙ නෑ.කැම්පස් නිසා.එහෙමම කැම්පස් ආවා.ඇවිත් කොල්ලන්ට කිව්වම උන්ට ගොඩක් සතුටුයි.

ඔහොම ඉන්නකොට අපේ දෙවැනි නඩුවේ දිනයත් ආවා.ඒකට lawyers අල්ලන්න යන්න මාර කට්ටක් කෑවා.නඩුව එකටම කතාකරනවද?නැත්තම් දෙකට කඩ්නවද?තීරණයක් නෑ.කොහොමහරි මේ කෙහෙම්මලෙන් බේරෙන්නයි ඕන.අපට lawyer කෙනෙක් සෙට් උනා.එයත් අපෙන් සල්ලි ගත්තෙ නෑ.නඩු දවසත් ආවා.මේ පාර නම් තනියක් නෑ.සෙට් එකක්ම ඉන්නවනේ.උසාවියට ගියා.පොරකාගෙන ගිහිල්ලා උසාවියේ ඇතුලෙ ඉඳගත්තා.දැන් ඉතින් උසාවියත් හොස්ටල් එක වගේ තමයි.ඉන්නවා ඉන්නවා අපේ නඩුව ගන්න පාටක් නෑ.

"නැගිටිනවා.. මේක ගෙදර කියල හිතුවද?"
කියපු සද්දෙට මම උඩ ගියා.පස්සෙනෙ සීන් එක දන්නේ.මට නින්ද ගිහින් උසාවිය ඇතුලේ.පොලිස් කාරයෙක් තමයි කෑ ගහල තියෙන්නේ.මම වාඩිවෙලා හිටපු තැන එහා පැත්තේ පොඩි ඉඩක් තිබ්බා.අර පොලිස්කාරය ඇරියස් එකටම කලු තඩියෙක් ගෙනල්ලා එතන ඉන්දුවා.දැන් ඉතින් මොන නිදාගැනිලිද?හැරෙන්නවත් ඉඩ නෑ.පොලිස්කාරයා නෝන්ඩියට වගේ "හික් හික්" ගාල එතැනින් ගියා.කොල්ලොත් ඉතින් මට වඳේ දානවා.මම ඉතින් මට නෙමේ වගේ හිටියා.
අපේ නඩුව කතාකලා.නිකන් උසාවියම හිස් උනා වගේ.එක පාරටම 18ක් කූඩුවට නගිද්දී කොහොමද ඉතින්.වැඩිය නඩුව ඇහුවෙ නෑ ඒකත් මාසෙකට කල් දැම්මා.කිසි ගානක් නැතුව නඩු කල් දානවා.lawyer නම් කිව්වේ තව මොනාද රිපෝර්ට්ස් වගයක් එන්න තියෙන නිසා කල් දැම්ම කියලා.අපි දන්නේ නෑ ඕවා.එහෙමම හොස්ටල් ආවා. අපි කැම්පස් එකෙන් අවුට් වෙන්නත් තව මාස කීපයයි තියෙන්නේ.
ඒ නිසාම බැච් ට්‍රිප් එකක් යන්න තීරණය කලා.දවස් 2ක.බදුල්ල - නුවර - හන්තානේ තමයි යන්න ප්ලෑන් කලේ.

උදේන්ම පිටත් උනා.කෙලින්ම බදුල්ලට ගියේ.දුන්හිඳ ගියා.මාර ෆන් එකක් ගත්තා.ඊට පස්සේ නුවර.දළදා මාලිගාව ලඟ තමයි එදා රෑ හිටියේ.අපිමයි ඉව්වෙත්.අපි කිව්වට ඉතින් මම නම් ඕව කරන්න ගියේ නෑ.පහුවෙනිදා උදේන්ම දළදා වඳින්න යන්නයි හදන්නේ.

කොහොමහරි උදේන්ම ගියා.මම ෂෝටක් දාල හිටියේ.ෂෝට් ගහන් ඇතූලට යන්න දෙන්නෙ නෑනේ.හදිස්සියට ෂෝටට උඩින් දිග කලිසමක් දාගෙන ආවා.ඇතුල්වෙන තැනම තියෙනවා චෙක් පොයින්ට් එකක්.මම වැඩර් වගේ කෙල්ලො සෙට් එකක් එක්ක පච හල හල යනවා.කෙල්ලො ටිකව අනික් පැත්තෙන් යවලා මාව චෙක් කලා.උන්ට අහුවුනා යට ඇඳල හිටපු ෂෝටේ සාක්කුවක්.පොලිස් එවුන්ටත් ඕන්නැති දෙයක් නෑ.කිව්වේ නැතැයි කලිසම ගලවන්න කියලා.විලි ලැජ්ජාවේ බෑ.මම වට පිට බලා දිග කලිසම ගැලෙව්වා.

"ආ හරි මොකුත් නෑ. ඇඳගෙන යන්න" කියලා අරූ කිව්වා.
මොනාද දන්නේනෑ නැත්තේ..මම ඉතින් බල්ල වගේ ආපහු කලිසම ඇඳගෙන එතනින් එලියට ගියා.අපේ දසයො ටික සිද්ධිය වීඩියෝ කරල නැති එක විතරයි.විනාඩි 10ක් යන්න හම්බුනේ නෑ.මුලු බැච් එකම කේස් එක දන්නවා.අහුවෙන අහුවෙන එකා අහන්නේ

"අඩේ උඹේ කලිසම ගැලෙව්ව කියන්නේ ඇත්තද බන්?" කියලා.

ඉතින් ඒ අහන හැම එකාටම මම බණ පදයක් දෙකක් කියන්නත් අමතක කලේ නෑ.පොලීසියෙන් මට මාරම විදියට අපලයි අප්පා.මේ සිද්ධියට මුලත් පොලිස් කාරයෙක්නේ.ඊට පස්සේ හන්තානේ කන්ද නැග්ගා.එදා රෑ වෙනකොට කැම්පස් එකට ආවා.

එනකොට කැම්පස් එකේ රතු පාට කොඩි ඇදලා.මොනාටද දන්නේ නෑ.ඒ නිසාම ඒව ටිකත් කඩලම ආවා හොස්ටල්. ආපහු සුපුරුදු පරිදි lectures යාම ආරම්භ කලා.මේ පාරනම් lectures එච්චර කට් කලේ නෑ.නිදන් ඉන්න හරි ගියා.

ඔහොම යනකොට අපේ බැච් එකට ඉන්නවෙන අවසාන පැදුර ආවා.ඒකේ මමත් සින්දුවක් කිව්වා.බැච් එකෙන් සම්මානයකුත් හම්බුනා.කලා හවුලේ වැඩ කලාට.
ඒ සමගම තව function එකකුත් කලා."ටැලන්ට් ෂෝ" කියලා.අපේ අන්තිම exam එකත් ලන් උනා.ඒ නිසා ටික දවසකට ගෙදර ගිහින් එන්න හිතුවා.දන්නවද උනදේ??

ගෙදර ඇවිත් හරියටම දවස් 2යි හිටියේ.ටවුමේදී ත්‍රීවීල් එකකට හැප්පුණා.කෙලින්ම දකුණු අතට ෂොට් එක හම්බුණා.දෙකට කැඩුනෙනම් නෑ.එක්ස් රේ එක බල කිව්වේ ටිකක් crack වෙලා කියලා.අත දිගහරින්න බෑ.නියමයි.දැන් කොහොමද exam ලියන්නේ?ඕන එකක් කියලා කැම්පස් ගියා.කොල්ලන්ට කියලා කුප්පි දාගත්තා.මට අද වගේ මතකයි කොල්ලෙක් කිව්වා

"උඹ නම් මාරම අවාසනාවන්ත එකෙක් බන්.එකක් නැත්තම් එකක්" කියලා.

ඒ කතාව ඇත්ත උනත් ඒ දේ මට තදින්ම දැනුනා.මම කොහොමත් මොන ප්‍රශ්ණෙවත් ඔලුවට ගන්න කෙනෙක් නෙමෙයි.කමක් නෑ කියලා ගියා admission ගන්න.ඕහ්.. ඔක්කොම subjects ලියන්න දීලා.ඔන්න බලාපල්ලා.. මේ පාර ඔක්කොම දීලා ලියාගන්න විදියක් නෑ.මම අපේ කොල්ලන්ටත් ඇවිත් කිව්වා.මම ලියන්නෙ කරන්නෙ නැතුව කුප්පි ටික දාගත්තා.අත එල්ලගෙන තමයි හිටියේ.ඒ දවස් වල මගේ ලඟින්ම ඉඳගෙන කොල්ලො උදව් කලා.ඒ අතරින් "හක්කා" විශේෂයි.ඌ තමයි මගේ ගොඩක් subjects ගොඩ දැම්මේ.සමහර පේපර්ස් දකිද්දී ගොඩක් දුකයි.හොඳට දන්න ඒවා.ඒත් ලියාගන්න බෑ.මේ කෙහෙම්මල් අත නිසා.අම්මරුවෙන් කොහොමහරි ලිව්වා.
exam එකත් ඉවරවුනා.දැන් ඉතින් විශ්වවිද්‍යාලයෙන් සමුගන්නයි තියෙන්නේ.ටිකක් දුකයි තමයි.ඒත් මේකට ඇවිත් කරගත්ත දේවල් දිහා බැලුවම ගෙදර යන එක හොඳයි.
අපේ going down එකත් එලටම තිබ්බා.ඒකේ මට මඩ සම්මානයකුත් හම්බුනා "සක්කිලියා" කියලා.

අපේ කෙල්ලො,කොල්ලො ගොඩක් ගෙදර යන දවස ආවා.අපි නම් ටිකක් ඉඳල යන්න හිතුවේ.ඉතින් එදා කැන්ටින් එකට වෙලා සුපුරුදු පරිදි බයිලාවක් ගහගෙන හිටියා.එදා අපේ මුලු බැච් එකම වගේ සින්දු කිව්වා.
ඔය අතරේ සිද්ධියක් උනා.

අපේ super junior බැච් එකේ.මීට කලින් දවසක super junior බැච් එකේ මාතර කොල්ලෙක් අපේ කොල්ලෙක්ට අනන් මනම් කියල තිබ්බා.කොහොමත් යන්න කලින් ඒ ප්‍රශ්නෙ විසඳන්නයි හිටියේ.එදා අපි සින්දු කිය කිය ඉන්නකොට ඌ කැන්ටින් එකට ආවා.ඌ උන්ගෙ බැච් එකටත් එපා කරපු චරිතයක් වෙලා හිටියේ.මහ ලොකු ලයින් උගේ.මාතර නෙමේ තුම්පනේ හිටියත් කැම්පස් ආවම ඔක්කොමල එකයි.මම මගේ හොඳම යාලුවත් එක්ක ඌ ලඟට ගියා.යාලුවා තමයි ටෝල්ක්ස් කිරිල්ල පටන් ගත්තේ.

"මල්ලි ප්‍රශ්ණයක් වෙලා තියෙනව කියල දන්නව ඇති නේද?" කියලා ඇහුවම "ඔව් ඉතින් ප්‍රශ්ණයක් නැත්තම් මෙහෙම කතාකරන්න විදියක් නෑනේ" කියල කිව්වෙ නැතැයි මේකා.

මම මොකුත් කිව්වෙ නෑ."මෙහෙ වරෙන් මල්ලි" කියාගෙන මම ඌව එක්කන් ගියා.ඉන්න තැන ඒ විදියට ඉන්න බැරිනම් අපේම එකෙක් උනත් ඒ හැන්දෙන්ම තමයි බෙදන්නේ.. ඒක කරන්න තමයි එක්කන්ගියේ.

"තෝ ඔහොමද යකෝ seniorsලට කතාකරන්නේ?" කියලා මම උගේ බෙල්ලෙන් අල්ලලා බිත්තියට තිබ්බා.
මට කලින් මගේ යාලුව ඉස්සර උනා.අපි 3 දෙනෙක් අරූට ගැහුව හොඳටම.අලුත් බැච් එකේ මීටින් එකකුත් යනව ඒ වෙලාවේ.උන්ට ෆුල් හොල්මන්.වලිය අස්සේ අරූ මගේ යාලුවාව තල්ලු කලා.ඌ කෙලින්ම ගිහින් වැදුනේ නෝටිස් බෝඩ් එකේ.වීදුරුවක් කුඩුවෙන සද්දයක් ආවා.බලද්දී මගෙ යාලුවගේ ඇහැ ගාවින් ලේ එනවා.අපට ඉන්න තැන පවා අමතක උනා.අරූට එලව එලව ගැහුවා.ගහලා කැන්ටින් එකෙන් එලෙව්වා.අපේ කොල්ලො ඌව එලෙව්වා.

මට ඇත්තටම එදා ගොඩක් ඇඬුනා.
අපි මුන් වෙනුවෙන්ද මෙච්චර දෙවල් කලේ??කාලකණ්නි.
කවදාවත් හිතපු දෙයක්ද මේ සිද්ධ උනේ?අපේ එකෙක්ට අත උස්සන්න මම හීනෙකින්වත් හිතුවෙ නෑ.
මොකද අපේ එවුන් වෙනුවෙනුයි අපි හැම දෙයක්ම කලේ.එහෙම එකේ මුන් අපට සලකන්නෙ මෙහෙමයි.උන්ගෙ බැච් එකේ මල්ලි කෙනෙක් එදා මට කිව්වා

"අයියේ.. අය්යා හැමදාම අයිය ගැන හිතන්නෙ නැතුව අපේ තැනට වැඩ කලා.. දැන් අයියලා යන මොහොතෙත් එලටම වැඩේ කරල යනවා" කියලා.

ඒකෙන් මට ෆිට් එකකුත් ආවා.මට ඉතින් ඒ දේවල්වලින් තමයි සතුටුවෙන්න පුලුවන්. ඔක්කොමලගෙන් සමු අරගෙන හොස්ටල් ආවා.ඊට පහුවෙනිදා උදේන්ම ගෙදර යන්න ඕන නිසා.
කැම්පස් ජීවිතෙත් එහෙනම් ඉවරයි...
ඒත් නඩු වලටනම් එන්න තියෙනවා...
මම ගෙදර යනගමන් හිත හිත ගියේ..

මේ මට උන දේවල් කාටහරි කිව්වත් විශ්වාස කරයිද?
මෙහෙම මනුස්සයෙක්ට වෙන්න පුලුවන්ද?

දන්නෙම නැතුව බදුල්ලටත් ආවා..

Thursday, July 1, 2010

පන්ති තහනම


"මචන් මට ගැහුවා. කැම්පස් වරෙන්. මොනාහරි කරන්න ඕන" ඌ කිව්වා.

මට එහෙමම නැගිට්ටුනා.
"කව්ද ගැහුවේ?" පොර කිව්වා ගහපු එකාගේ නම.ඕකා කොහොමත් එපා කරපු එකෙක්.එක සැරයක් මමත් කෙලල තියෙනව ඕකට.science උඩ එකෙක්.

ආය කිසිම කතාවක් නෑ.මම ඒ වෙනකොට මූණවත් හෝදල හිටියෙ නෑ.කොටින්ම කියනවනම් දත් මැදල හිටියෙත් නෑ.රූම් එකේ ඉන්න අනික් එකා නිදි.ඌටත් සිද්ධිය කිව්වම ඒකත් ටක් ගාල ඇඳෙන් බැස්සා.තව එකෙකුත් සෙට් උනා.3 දෙනාම කැම්පස් එකට ආවා. යකා හන්දියේ නැවතුනා.එකෙක් වත් පේන්න නැහැ.අපට තව කොල්ලෙක් සෙට් උනා.අපි හතර දෙනා හිමින් හිමින් උඩට ගියා.

"උඹ කොහෙද ඉන්නේ? කරන මගුලක් පරිස්සමෙන්" කියලා ගුටි කාපු යාලුවා කෝල් කරල කිව්වා.

අව්ලක් නෑ.ඕනම දේකට ඔට්ටු 4ක් හිටියේ.අපි ඒ වෙනකොට කිසිම හේතුවක් වත් දන්නේ නෑ.හැබැයි අපේ කොල්ලට ගහල තිබ්බේ junior බැච් එකේ එකෙක්.අපේ එකා කෙල්ලත් එක්ක බයිසිකලේ යනකොට ඒක නවත්තලා ගහල දුවලා මේ යකා. මොන ප්‍රශ්ණ තිබ්බත් junior . senior පරතරය තියෙනන ඕන.අපේ එකෙක්ට උන්ගෙ ජුන්ඩෙක් අත ඉස්සුවනම් අපිට හේතුවක් වැඩක් නෑ.ආරන්චි උනා ඌ lecture එකේ කියලා.අපි 4 දෙනා lecture එක ගාවට ගියා.අපිට ඕන උනේ ඌව.වෙන එකෙක්වත් නෙමේ.ඔක්කොමල lecture ඉවරවෙලා ආවා.මූ නෑ පේන්න.උගේ කල්ලියේ දෙන්නෙක් එනවා.උන්ව නවත්තල ඇහුවා කෝ ඌ කියලා.

උනුත් ව්‍රෝන්ග් ටෝල්ක් එකෙන් ආවා.සෙවිල්ලක් බැලිල්ලක් නෑ කෙලිය දෙන්නටම හිතේ තියෙන තරහ යනකන්.කෙල්ලො යටි ගිරියෙන් කෑ ගැහුවා. අපි එහෙමම කැන්ටින් එකට ආවා.සති 3 කට පස්සෙයි කැම්පස් ආවේ.හරිනෙ ඉතින් ආපු දවසෙම.පස්සෙ තමයි කේස් එක ඇහුවේ.

මේ යකා කැන්ටින් එක ගාවට ඇවිල්ල මොකද්ද පාර්ට් එකක් දාලා.අපේ කොල්ලො ඉතින් බලන් ඉදියි ඇයි..මූට ගහන්න යනකොට මූ දුවලා.ඒ දුවගෙන යනකොට තමයි අපේ එකා හම්බෙලා තියෙන්නේ.මූ එහෙම්මම ගහගෙන දුවලා.ඌ කොහොමහරි කැම්පස් එකෙන් මාරු වෙලා.ඌව හොයාගන්න බැරිවුනා.
අපි ආපහු හොස්ටල් ගියා.නැවත වැඩට බැස්සා.එකේ exam එක නිසා. ඔහොම සතියයි හරියටම ඉන්න උනේ.අපේ කොල්ලෙක් හෙණම අව්ලෙන් ආවා.

"උඹ අවුල් වෙන්න එපා.උඹත් එක්ක තව 8 දෙනෙක් suspend කරලා දින නියමයක් නැතුව" කියලා පොර කිව්වා.

හරි.මෙච්චරයි මට වෙන්න අඩුවෙලා තිබ්බේ.ඒකත් උනා.කිසිම පරීක්ෂණයක්වත් තිබ්බෙ නෑ.ඒ මොකුත් නැතුව දීල ෂොට් එක.අපේ බැච් එකේ කොල්ලො දෙන්නයි.junior බැච් එකේ අනික් අය.කොල්ලො ඔක්කොම ඇවිල්ල කතා කලා.course එකේ වැඩ එහෙම්ම අඩාල උනා.හිත හදාගෙන කොහොමද වැඩක් කරන්නේ?? මම ගෙදර ගියා.ගෙදරින් අදටත් දන්නේ නෑ මම suspend වෙලා හිටිය කියලා.මම බොරුවක් කියලා සතියක් විතර ගෙදර ඉඳලා ආපහු කැම්පස් ගියා.ඊට පහුවෙනිදම ලොකු පිකට් එකක් ගියා කැම්පස් එකේ.අපේ කොල්ලො කෙල්ලො තමයි කලේ ඒක.ඒකෙන් විසඳුමක් හම්බුණා.ඒකෙන් 5 දෙනෙකුගේ suspend එක අයින් කලා.ඒ junior බැච් එකේ 5කගේ.එහෙම හරි උනානේ.ඔහොම සති ගනන් ගත උනා.අපේ suspend එක අයින් කරන පාටක් නෑ.

ඕන බම්බුවක් කියලා ආපහු exam එකට ලෑස්තිවුනා.exam එක ෆිට් උනා.මමයි තව කොල්ලෙකුයි exam ලියන්න ගියා. කලින් දවසෙ ගිහින් මාත් එක්ක යන කොල්ලගේ ගෙදර නැවතිලා පස්සෙ දවසෙ ගිහින් exam එක ලියන්නයි හිතන් ඉන්නේ.මාර කේස් එකක් උනේ.
හරියටම අලුත්ගම හරියේදී ආවා පට්ට බඩේ කැක්කුමක්.ආය ඉන්නව තියා හිතාගන්නවත් බෑ.බස් එකේ ඉඳගෙනත් ඉබේටම කෑගැහුනා.මට වඩා මගෙ යාලුවා බයවෙලා.ඒ තරම් මම අමාරුවෙන් හිටියේ.ඉන්නම බෑ.කොහොමහරි යාලුවාගේ ගෙදරට යනකන් ආවා.බස් එකෙන් බැහැලා කිරි එකක් බිව්වා.ඒත් කිසිම අඩුවක් නෑ.අරූ උස්සගෙන වගේ මාව එක්කන් ගියා උන්ගෙ ගෙදරට. යාලුවගෙ අම්ම මට හදල දුන්නෙ නැති දෙයක් නෑ.ඒත් මොන.පොඩ්ඩක් අඩු වුනා.කොහොමහරි උදේ වෙද්දී අවුලක් නෑ.උදේන්ම ගියා exam එක ලියන්න.පොඩ්ඩ පොඩ්ඩ රිදුනත් අව්ලක් නෑ එච්චරම.බම්බලපිටියේ IDM exam center එකේ තමයි exam එක තිබ්බේ.හරියටම හරි.ආපහු එදා වගේම උනා.බඩ රිදෙනවා නැතිවෙන්න.exam එකට බයවෙලාවත්ද?අනේ මන්ද.මොකට බයවෙන්නද?කොහොමහරි exam center එක ඇතුලට ගියා.ඕන මගුලක් කියලා රිදෙද්දිම exam එක ලිව්වා.ඉන්නම බෑ.එළියට එන්නමයි හැදුවේ.කොහොමහරි ටික වෙලාවක් ඉඳල එළියට ආවා.එකේ මොනා ලිව්වද මන්ද?ෂුවර් එකට fail.එකේ කතා දෙකක් නෑ.හරි.කිව්ව වගේ හරි.43ක් ගහන්න ඕන පාස් වෙන්න.මට 39යි.වැඩක් නෑනේ එතනින් එහාට.මට ඒවා සිහියක් නෑ.මගේ සිහිය ඉක්මනටම මෙතනින් එළියට යන එක.මම මගේ යාලුවා එනකන් වාඩිවෙලා හිටියා.ඌත් එළියට ආවා.මලා.ඌත් fail.ඌට 36යි.අපේ exam voucher එකට ආයපාරක් exam එක free කරන්න පුලුවන්.එළියට ආවා කොහොමහරි.

මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා බොරැල්ලේ.මම ගෙදර යන්නෙ නැතුව එහේ ගියා.ඊට පහුවෙනිදා උදේ තමයි ගෙදර ගියේ.ඊට පහුවෙනිදම ලෙඩේ පෙන්නන්න ගියා.doctor කිව්වෙ නැතැයි මට කිඩ්නි අමාරුව කියලා.අනේ මන්ද කොහොම මේවා හැදෙනවද කියලා.
කොහොමහරි ඔහොම ඉන්න අතරේ අපේ faculty trip එක යන්න සෙට් උනා.අපේ අන්තිම trip එක.මෙහෙම තියාගෙන කොහොමද trip යන්නේ?ගෙදරින් යන්න දුන්නෙ නෑ.කොහොමහරි මම ගෙදරට වෙලා පොඩ්ඩක් exam එකට පාඩම් කලා.එක පාරටම colombo ඇවිල්ලා exam එක ලිව්වා.උඩින්ම පාස්.එහෙමම අනික් පැත්තට ගෙදර ගියා.ගිහින් ලෙඩේ පොඩ්ඩක් හොඳවෙනකන් ඉඳලා කැම්පස් ගියා.

එදා තමයි අපේ faculty එකේ faculty day එක.දවල් වරුවේ ගොඩක් functions තිබිලා.රෑ DJ එකකුත් තිබ්බා.suspend උනාම කැම්පස් එන්න තහනම්නේ.ඒ උනත් රෑ නිසා එකට ආවා.මල කෙළියයි.එකේ අපේ Dean,සර් ලා ඔක්කොමලා.පොඩ්ඩක් ඉඳල ආපහු කොල්ලො 2ක් එක්ක හොස්ටල් ගියා.
කොහොමහරි මාසයක්ම අපේ suspend එක ඇදලා අයින් කලා.ඒ වෙනකොට ඔක්කොම වෙන්න ඕන දේවල් වෙලා.අපේ කවුන්සිල් එකත් පිහිටෙව්වා.මාව සංස්කාරක තරතුරට පත් කලා.
කොහොමහරි faculty exam එහෙමත් ලන් උනා.exam admission දාල තිබ්බා.මලා.මට එක subject එකක්වත් ලියන්න දීල නැහැ.ඔක්කොම කපලා.ඒකටත් පිකට් එකක් ගියා ඒ පාර. හෙන ගේමක් දීලා 18න් 9ක් ලබාගත්තා.practical ටික කොහොමහරි හදාගත්තා.ඒ නිසා අවුලක් නෑ.කලින් පාරත් මෙහෙම්මමයි.ඒකෙ නම් practical එකක්වත් දුන්නේ නෑ.ඒ අතින් බැලුවම මේ පාර හොඳයි.
exam එකත් ලිව්වා.අවුලක් නෑ.නිවාඩුවත් හම්බුනා.

සති දෙකක්ම තියෙනවනේ.
ගෙදර ගියා.....

ප.ලි. :
මෙම කතාව පිටුපස ලොකු කතාවක් තියෙනවා.ඒක දැන්ම කියන්න විදියක් නැහැ.මොකද මම තාම උපාධිය අතට අරගෙන නෑ.ලඟදීම නම්,ගම් ඇතුලුව සම්පූර්ණ විස්තරේ බලාපොරොත්තුවන්න..

Wednesday, June 30, 2010

විශ්ව විද්‍යාල ජීවිතය (III වසර) - 1 කොටස


3rd year එකත් පටන් ගත්තා.3rd year එකේ අන්තිමට ලොකු project එකකුත් තියෙනව කරන්න computer වල.course එකේ exam එහෙමත් මේ අවුරුද්දේ මුල කරන්න වෙනවා.ඒත් ඒ ගැන වැඩිය ගානක් තිබුනෙ නෑ.හොස්ටල් රූම් එකත් මාරු උනා."බංකරේ" තමයි අපි ඉන්න සෙට් වුනේ.එකේ 4 දෙනාටයි ඉන්න පුලුවන්.ඒ හරියේ ටිකක් නිදහස් කියල හිතලා ඒකට යන්න තීරණය කලා.උඩ ඇඳක තමයි මම හිටියේ.මගේ හොඳම යාලුවෝ 3 දෙනෙක් මාත් එක්ක හිටියා.ඉරිද වෙන්න එපා කිය කිය හිටියේ.ඒ තරම් අප්පිරියයි පානදුරේ යන එක.

අලුත් junior බැච් එකත් ඇවිත්නෙ ඉන්නේ.දන්නැද්ද ඉතින්.නංගිලා එහෙමත් ඇතිනේ.හරියට කවුරුත් දැක්කෙත් නෑ.අපට exam අස්සෙනේ බැච් එක ආවේ.එදා කැම්පස් එකට ගියා.අතේ නෝට් එකකුත් තිබ්බා.2nd year එකේ ඇණයක් තිබ්බා මේ පාර ගොඩ දාන්න.ඉතින් ඒකට නෝට් එකක් හොයාගෙන ඒක photocopy කරන්නයි ආවේ.

එනකොට හරියටම "යකා හන්දිය" ළඟ ඉදන් එක සෙට් එකක් මට අතින් අඬගැහුවා.මට එක පාරටම අඳුරගන්න බෑ.වෙලාව 12ට වගේ.එතකොටම අපේ මල්ලිලා සෙට් එකක් practical ඉවරවෙලා එනව දැක්කා. මොකක් හරි දෙයක් මෙතන වෙනව කියල මට දැනුනා.මම උන් ඉන්න පැත්තට ගියා.මට අඬගහල තියෙන්නේ management එකේ කොල්ලො සෙට් එකක්.
උන් මොනාද මෙතන කරන්නේ?ඇයි මට අඬගැහුවේ?මම විතරයි 3rd year එකෙක්ට එතන හිටියේ.

අපේ මල්ලිලාටික කිව්වා "අයියේ අද අපි junior බැච් එක කැන්ටින් එකට එක්කන් යනවා.. ඒකට මොනාහරි කරන්නද දන්නෙ නෑ මුන් ඇවිත් තියෙන්නේ?? " කියලා.

මම අපේ රෙෆාට කෝල් කරලා සිද්ධිය කිව්වා.කෝල් කර කර ඉන්නකොටම management , science උඩ කට්ටිය හෙන සෙට් එකක් එතනට ආවා. ඔක්කොමල 200ක් විතර.අපි 20ක් වත් හිටියෙ නෑ.
මම ආපහු රෙෆාට කෝල් කලා

"කැත සිද්ධියක් වෙන්න යන්නේ.ඉක්මනට කට්ටිය අරන් වරෙන්" කියල මම කට් කලා.කොතනටවත්ද එන්න ඕන කියලවත් කිව්වේ නෑ.

කොහොමහරි වැඩිවෙලාවක් යන්න උනේ නෑ.අපේ කොල්ලොටික ආවා එතනට.සික්කොත් ආවා.
management එකෙන් ඇවිත් තියෙන්නේ junior batch එක උඩ කැන්ටින් එකට එක්කන් යන්න.උන් සෙට් එකම බැහැල ඉඳල තියෙන්නේ ඒකට.කොහොමහරි උන්ට ඕන වැඩේ උනේ නැහැ. පොඩි එවුන්ටික කොර වෙලා බලන් ඉන්නව මොකද මේ වෙන්නෙ කියලා.අපේ කොල්ලන් හූ කියන අස්සේ මුලු බැච් එකම අපේ කැන්ටින් එකට ගියා.ඊට පස්සේ අපි ටිකත් යන්න ගියා.

"උඹට ආපහු සැරයක් ඇතුලට යන්න ඕන වෙලාද ඔච්චර දඟලන්නේ?? "එක පාරටම මෙහෙම කියනව ඇහුනා මට.

ඒ හඬ ආවේ management එකේ කොල්ලො ඉන්න පැත්තෙන්.මම එහෙමම නැවතුනා.හැරිලා ටිකක් වෙලා උන් දිහා බලන් හිටියා.අපේ කොල්ලො ඇවිත් මාව එක්කන් ගියා.ඇත්තටම මට ගොඩක් දුක හිතුනා. ඇයි මුන් අපට ඉන්න දෙන්නෙ නැත්තේ?ඇයි වලියටම ඇදල ගන්නේ?මම දැන් මොනාද කලේ මුන්ට?ඉඳල ඉඳල කැම්පස් ආව විතරයි මොකක් හරි.මේ බවක් දන්නවනම් හොස්ටල් එකට වෙලා නිදාගන්නවා.
management එකේ කොල්ලො අතරේ මම දැක්ක මාත් එක්ක remand වෙලා හිටපු එකෙක් ඉන්නවා.මට මාර තරහක් ආවේ.ඇයි යකෝ මුන්ට තවත් ලැජ්ජාවක් නැද්ද?ඇතුලෙ ඉන්නකොට ෆුල් ෂේප් එකේ ඉඳල දැන් ආය පාරක් පටන් ගෙනද?මම කැන්ටින් එකට ගිහින් අර හිටපු එකාට කෝල් කරලා බැන්න හොඳටම.

"නැ බන්.අපිත් මොකද්ද case එක කියල දන්නේ නෑ.පහළට ආවම තමයි මොකද්ද එක කියලත් දන්නේ.බයවෙන්නෙපා.කිසිම case එකක් යන්නේ නෑ." කියල ඒක කිව්වා.

මෙතන මොනා සිද්ධවෙනවද දන්නේ නෑ.management එවුන්ට science එකත් එක්ක තියෙන ගණුදෙනුව මොකද්ද?අපි උන්ගේ බැච් කඩන්න යනව ඇයි.ඒ මදිවට හාමුදුරුවොත් ඇවිත්.උන් නම් හාමුදුරුවො නෙමේ.නමට සිවුරු පොරවගත්ත එවුන්.එදා දවසත් එහෙම්ම අල උනා.මෙලෝ වැඩක් කලේ නෑ.

ඔහොම යනකොට අපිත් එක්ක course එක කරපු අයිය කෙනෙක් exam එක ලිව්වා. එක සැරයෙන්ම පොර ගොඩ.ඊට පස්සේ ක්ලාස් එකෙන් අපිටත් බර බරේ.exam කරපන් කියලා.පෙබරවාරි මාසෙ වගේ.පස්සේ ඔක්කොම වැඩ අතෑරලා course එකට බහින්න තීරනය කලා.course fee එකත් ගෙව්වා.ගෙදර ගියා.සති 2 කට මෙඩිකල් එකක් දැම්මා.රූම් එකට computer එකක් සෙට් කරගත්තා.රූම් එකේ course එක කරන 3 දෙනෙක්ම හිටියා.එකෙක් අර මම කලින් කිව්ව suspend උන කෙනෙක්.පොරගේ suspend එකත් ඉවර උනා.3 දෙනාට computers 3ක් තිබ්බා.ඒ නිසා වැඩේ ගොඩ.පිස්සුවෙන් වගේ වැඩේට බැස්සා. අපිත් එක්ක course එක කරපු ගොඩක් කොල්ලෝ ගෙදර ඉඳන් exam එකට ලෑස්ති උනේ.අපි 3 දෙනා විතරයි හොස්ටල් එකේ ඉඳන් exam එකට ලෑස්ති වෙන්නේ.අර suspend එක ඉවරවුන එකා උදේ වරුවේ කැම්පස් එකේ හිටියේ.මොකද ඌට lecturesලව ගොඩ දාන්න ඕනවුනා.මොකද ඌ special එකක් කරන්න හිතන් ඉන්නේ.මේ suspend එක ඌට බලපාන්න පුලුවන් නිසා.

සාමාන්‍යයෙන් උදේ 6ට පටන් ගත්තම එක දිගට වැඩ කලා.වෙලාව යනව දැනුනේ නෑ.වැඩක් කෙරෙනව කියල අපිටම තේරුණා.ඇයි අපි මේ දේ කලින් කලේ නැත්තේ? එහෙනම් මෙලහකටත් exam එක ලියලා.එහෙනම් දැන් lectures යන්න තිබ්බා.

කොහොමහරි එක දවසක් වෙනදට වඩා කලින් නැගිට්ටා.timing තියලා paper එකක් කරන්න course එකේ.”wiz lab” ගහනව කියලා කියන්නේ.පැය 3ක් විතර යනව වැඩේට.ඔක්කොටම පැය 5ක් වත් යනවා.correction බලන්න එහෙම.
ඒ දේවල් කර කර ඉන්නකොට මෙන්න එනව කෝල් එකක්.ඒ වෙන කවුරුත් නෙමේ.ඊට ටික වෙලාවකට කලින් අපේ රූම් එකෙන් ගිය අර suspend වෙලා හිටපු එකා.හෙනම කලබලෙන් කතාකලේ..

පොර මොනාද කිව්වේ???

ප.ලි. :
මේ පොස්ට් එක දාන්න පරක්කු උනේ හේතුවක් ඇතුව.
අද උදේ මම නරක හීනයක් දැක්කා.මාව ආපහු සැරයක් remand කරනවා දැක්කා.ඒ දේට මම ගොඩක් අවුලිනුයි හිටියේ.ඒ දේ හීනයක්ම වෙන්න කියලයි මම නම් කියන්නේ...

විශ්ව විද්‍යාල ජීවිතය - නැවතත් කරළියට(2 කොටස )

ගෙදරින් කලින් පාරට වඩා මට ටිකක් case එක වැඩී.මොකද අපේ තාත්තත් රට යන්න හිටියේ.මගේ මේ අවුල නිසා ඒවත් ඔක්කොම අවුල් වෙලා.ඉස්සෙල්ලාම මම ආය කැම්පස් එනවටත් එයාල කැමති උනේ නෑ.මම ආයෙමත් ඕවට සම්බන්ධවෙයි කියලා.

කොහොමහරි degree එකත් එක්කම එළියෙ course එකක් කරන්න හිතුවා.ඒදේට ගෙදරිනුත් කැමතිඋනා.මොකද එතකොටවත් මම අනවශ්‍ය දේවල් වලට පැටලෙන්නේ නැතිවෙයි කියලා. මේ වලිය නිසා අපේ කොල්ලො කීප දෙනෙක් suspend වෙලා හිටියා.මගේ හොඳම යාලුවත් ඒ අතරේ හිටියා.එයා තමයි මේ course එක කරන්න මුලින්ම අදහස දැම්මේ.කොහොමහරි ගෙදර සතියක් හිටියා.ඒ අතරේ දැනගන්න ලැබුණා බැච් එකේ අලුත් රෙෆ් කෙනෙක් පත් කලා කියලා.මොකද මම තව දුරටත් මේ තනතුරේ ඉන්න එක මට අවධානම් නිසා.කොහොමහරි කැම්පස් එකේ mid vacation එක හම්බුනා.මම එතකොට තමයි කැම්පස් එකට ගියේ.

හොස්ටල් එකේ කොල්ලො නෑ.ටික දෙනයි.නිවාඩු නිසා.මම ගියෙත් course එකට register වෙන්න ඕන නිසා.පානදුර IJTS එකේ SCJP course එක තමා කරන්න යන්නේ.මීට කලිනුත් අපේ කොල්ලො ගොඩක් ඒ course එක කරල තිබ්බා.course එකේ මුල්ම දවසත් ආවා.සතියට එක දවසයි තියෙන්නේ.ඉරිදට උදේ 8 - 1.මම හිටපු පන්තියේ මාත් එක්ක හිරේ හිටපු කොල්ලො 3ක් හිටියා.අපි ඔක්කොම එකට හොස්ටල් එකේ ඉඳන් තමයි යන්නේ උදේ පාන්දර.ඒකත් මාර කට්ටක් තමයි.මොකාටද උදේ පාන්දර නැගිටින්න පුලුවන්? පාන්දර 3ටවත් නැගිටින්න ඕන.

කැම්පසුත් පටන්ගත්තා.lectures කීයක් නම් මිස් උනාද?මාස 2ක් එකදිගටම lectures ගියේ නෑනේ.lectures යන්න ගියා.ඉන්න බැහැ.අනන් මනම් විකාර මතක් වෙනවා.අඩුම ගානේ මෙච්චර ගෙදර වගේ තියෙන කැන්ටින් එකටවත් එච්චර ගියේ නෑ.උදේට කැම්පස් එනවා.කොහේ හරි ගලක් උඩ වාඩිවෙලා ඉන්නවා.lecture යන්නෙත් නෑ.එහෙමම ආපහු දවල් වෙද්දී හොස්ටල්.කොල්ලො බැන්න හොඳටම.lecture යන්නේ නැතිනිසා.ඒත් මට යන්න තරම් මානසිකත්වයක් තිබුනෙ නෑ.course එකටත් එහෙමයි.යන්නම් වාලේ යනවා.අපේ කොල්ලන්ගේ suspend එකත් තාම ඉවර උනේ නෑ.ඒවත් එහෙම්මමයි.ඔහොම ඉන්නකොට තමයි අපේ super junior බැච් එක ආවේ register වෙන්න.ඒත් කලින් පාරවල් වගේ වලිනම් තිබුනෙ නෑ.දෙපැත්තෙම අය මට්ටු උනානේ.

පැදුරත් ආවා.අපේම කොල්ලො ටිකක් තමයි music දුන්නෙත්.සාමන්‍යයෙන් 2nd year බැච් එක තමයි පැදුර කරන්නේ.පළවෙනි සින්දුව කිව්වෙත් මම.පැදුරත් හොඳට කෙරුනා.

ඊට පස්සේ senior බැච් එකේ going dwon එක.ඒකත් කරන්න ඕන 2nd year බැච් එක.සාමන්‍යයෙන් වසරකට 2nd year බැච් එකට තමා ගොඩක් වැඩ තියෙන්නේ.විශේෂයෙන්ම function වල වැඩ.ඒකට ලොකු fund එකක් හදන්න ඕන.ඒව තනිකර කරන්න ඕන 2nd yearsලා.going down ඒකේ music ඔක්කොම වැඩ කලේ මම.වෙලාවකට පුදුමත් හිතෙනවා මෙච්චර දෙයක් කොහොමද කරගත්තෙත් කියලා.

මගේ සින්දුව

video


දැන් exam කිට්ටුයි.කොල්ලො හිටු කියලා වැඩ.මටනම් ගානක් වත් නෑ.exam එකට සති2ක් තියලා මම ගෙදර ගියා.මට හොස්ටල් ඉන්න බෑ.හිත එක තැනක නෑ.ඔක්කොම මතක් වෙනවා.පාඩම් කරන්න හිතෙන්නෙ නෑ.අනේ මන්ද..ගෙදර ගිහින් සතියයි ඉන්න උනේ.කොල්ලෙක් කෝල් කරන්වා.

"උඹ එන්නෙ නැද්ද?exam admission දාලා.මම උඹේ admission එක බැලුවා.. උඹට 1 subject එකයි කරන්න දීල තියෙන්නේ.අනික් ඔක්කොම රතු පාටින් කපලා. ටික දෙනෙක්ට එහෙමයි.ඉක්මනට වරෙන්.ඇවිත් Dean හම්බෙයන්" කියල කිව්වා.

මොකද්ද දන්නේ නෑ දීල තියෙන subject එක.මම ඊට පහුවෙනිදාම කැම්පස් ගියා.බලද්දී credits 18න් 2යි දීල තියෙන්නේ.computer practical subjects එකක්වත් දීලා නෑ.ඉවරයි.මම ගියා Deanව හම්බෙන්න.

"ඔයාගේ attendants හොඳටම මදි.ඒ නිසා දෙන්න විදියක් නෑ" එහෙම කියලා එයත් කිව්වා.
කොහොමහරි හෙන ගේමක් දීලා 18න් 9ක් ගත්තා.බාගෙට බාගයක් නෑ.practical එකක් වත් නෑ.මරු තමයි.exam time table එකේ free දවස් ගොඩයි.ඉස්සෙල්ලාම තියෙන paper එකට දවස් 2යි තව තියෙන්නේ.ඒකෙ තියෙන්නෙ මොනාද කියලවත් දන්නෙ නෑ.මාස දෙකක්ම lectures නෑනේ. කොහොමහරි කොල්ලො දෙන්නෙක් එකේ ගනන් 4න් 2ක් ගොඩ දාල දුන්නා.මේවා paper එකට ආවොත් හොඳයි ඉතින්.පළවෙනි paper එකත් ලිව්වා(Number Thoery).අවුලක් නෑ ගොඩ ඇති.හිතුවට වඩා ශේප්.අනික් ඒවත් කොල්ලන්ට පින්සිද්ධ වෙන්න ගොඩ දාගත්තා.කොල්ලො ගොඩක් මට උදව් කලා.

දන්නෙම නැතුව exam එහෙමත් ඉවරවෙන්න ආවා.senior බැච් එකේ වේදනාත්මක සමුගැන්ම.එයාල අපිව දාල යනවා.ඒ අඩුවනම් කවදාවත් පුරවන්න බැරිවෙයි.ඔක්කොම අයියල අක්කල වගේ මට කිව්වේ

"මල්ලී දැන් ඔය හොඳටම ඇති.. දැන් පාඩුවේ ඉඳපන්" කියලා.

අපෙත් 2nd year එක ඉවරයි දැන්.ලබන අවුරුද්දේ අපි තමා seniorsලා.3rd yearsලා.course එකත් තියෙන නිසා ඉක්මනට ගෙදර ගිහින් ආවා.එනකොට හොස්ටල් වහලා.මම හිටපු රූම් එකත් වහලා.අපේ super junior බැච් එකට intensive English course එක ඒ වෙනකොටත් තිබ්බා.ඉතින් උන් එක්ක ගජේ ගහන් හිටියා.කොල්ලො නැතුව පාළුයි.

3rd year එකත් පටන් ගන්නේ හෙටයි කියලත් ආවා.

එකේවත් මට යහතින් ඉන්න ලැබෙයිද??

Tuesday, June 29, 2010

නැවතත් සිරගෙදරට - 4 කොටස

වටපිටාව නිකන් නුහුරුයි වගේ.සති 2කට පස්සේ හිර ගෙදරින් එළියට ආපු නිසා වෙන්න ඇති.
කොහොමහරි බස් එක උසාවියට ආවා.ගේට්ටුව ලඟ අපේ කොල්ලො,කෙල්ලො හිටියා.උන්ට පොඩි හිනාවක් දාල ඇතුලට ගියා.එයාලනම් වෙනදට වඩා ටිකක් සතුටින් හිටියේ.අපිටනම් වෙන්නෙ මොනාද කියලවත් අවබෝධයක් නෑ.රූම් එකට දැම්මා.අපේ නඩුව ගන්නකන් හිටියා.

අපිට මොනාවෙයිද?? කියන හැඟීම තම මටනම් තිබ්බේ.ඔක්කොමලව මතක් උනා.හිර ගෙදර ගත කරපු ඒ කාලය. ඒක අදවත් ඉවරවේද?? මම දැනට දවස් 42ක් හිරේ හිටියා.මොනතරම් කට්ට ජීවිතයක්ද?අවුරුදු ගනන් ඉන්න අය කොහොම ඉන්නව ඇත්ද?මේ ටික කාලෙට කොච්චරනම් දේවල් සිද්ධවුනාද?ආය පාරක් අපිව දැම්මොත් මටනම් පිස්සු හැදෙයි.නිකන්ම මැරයො වෙයි අපි.

හිර ගෙදරට යන ගොඩක්ම මිනිස්සු අපරාධ කාරයෝ නෙමේ.සුළු දේකටත් කට්ටියව හිර කරනවා.සුළුතරයක් තමයි මැරයො ඉන්නේ.ඒත්.අර අහින්සක මිනිස්සු ඊට පස්සේ ආශ්‍රය කරන්නේ ආශ්‍රය කරන්න ලැබෙන්නේ මැරයන්ව. ඉතින් එතකොට මොකද වෙන්නේ?අහින්සක අගුලිමාල උනා වගේ ඒ අයත් දන්නේම නැතුව වෙනස් වෙනවා.සාමන්‍යයෙන් හිරගෙදරට මොකෙක් හරි ආවම ඌ හැදිල ඕන එළියට එන්න.

මට ඇතුලෙ ඉන්න එකෙක් PRISON කියන වචනයේ තේරුම් කියල දුන්නා.නමුත් ඒ තේරුම අනුවනම් වැඩ සිද්ධවෙන්නෙ නෑ.මේවයින් කවදාවත් මිනිහෙක් හැදෙන්නෙ නෑ.මට මතකයි ඒත් ඇතුලෙ හිටපු අන්කල් කෙනෙක් කිව්වා.එයා හිරේට ඇවිත් දැනට අවුරුදු 2ක් වෙනවලු.එයාලට "ඇපිල්" කියල කියන්නේ.ඒ කියන්නේ එයාගේ තීන්දුවට විරුද්ධව ඇපිල් එකක් දාල තියෙන නිසාලු.ඉතින් ඇපිල් එකක් හරියන්න අඩුම අවුරුදු 5ක් වත් යනවලු.ඒ අන්කල්ට නඩු තීන්දුව දීපු Judge ඊට මාස 2කට පස්සේ සේවයෙන් ඉවත් කලාලු.එයාට මානසික අමාරුවක් තියෙනව කියලා.ඉතින් බලන්න.දැන් එතුමා සේවයෙන් අයින් කලාට එතුමාගේ වැරදි තීරණයක් නිසා අහින්සකයෙක් අවුරුදු ගානක් දුක් විඳිනවා නේද??මේවා තමයි අපරාද?මේ දේවල් හිර ගෙදරටම සීම වෙලා තියෙන්නේ.මේවට කතාකරන්න කවුරුත් නෑ. ඉතින් එතකොට ඒ අයට තරහක් එන එක සාධාරන නැද්ද?කව්ද කැමති නිකරුනේ දඬුවම් විඳින්න.

අපේ සිද්ධිය උනත් පොලීසිය අපිව ඇතුලට දාන දවසෙම කිව්වනේ "උඹල නිර්දෝෂයි.. පුලුවන්දෙයක් තියෙනවනම් කරපන්" කියලා.මේ දේවල් අදටත් සැඟවුනු ඇත්ත.අපි කොහොම ඔප්පු කරන්නද?අපි නිකරුණේ නෙමෙයිද මේ දුක් විදින්නේ..මේ දේවල් වලින් අපි නොමඟ යනව නේද?

මට මතකයි ඇතුලෙ ඉද්දී මගෙන් එක අයිය කෙනෙක් ඇහුවා

"මොනාද මල්ලි කැම්පස් එකේ ඉගෙන ගන්නෙ" කියලා.

මමත් පොරවගේ කිව්වා Computer Science කියලා.පස්සේ පොර මොනාද දන්නවද කිව්වේ..

"මල්ලි පොඩි වැඩක් තියෙනව කරන්වනම්.. අපිට බැරිද හොරෙන් සල්ලි අච්චු ගහන්න.උඹ computer ගැන දන්නවනේ.මම එළියට ආවම උඹව හම්බෙන්න එන්නම්" කියලා.

ඔන්න බලන්න.මට කට උත්තර නෑ.බෑ කියන්නද?හා කියන්නද?මම බයවෙලා බලන් හිටියා විතරයි.ඔය දේ ඇති නේද කෙනෙක් අගාධයට වැටෙන්න.ඒවට සම්පූර්ණයෙන් වගකියන්න ඕන කව්ද??

"අර කැම්පස් 18 දෙනා එන්න නඩුවට"

මෙහෙම කියනව සද්දෙට තමයි මට සිහිය ආවේ.මට වෙලාව යනව මොකුත් දැනුනේ නෑ.මොකද මම බර කල්පනාවක වැටිල හිටියේ.අපි උසාවි කූඩුවට නැග්ගා.සිද්ධවුනේ අපි කිසිසේත්ම බලාපොරොත්තු වෙච්ච නැතිදෙයක්.උසාවි කූඩුවේ තප්පර 10ක් වත් ඉන්න උනේ නෑ.

"1 සිට 18 තෙක් සැක කරුවන්ට උසාවිය දැඩිලෙස අවවාද කරනවා.. මීට පසු මෙලෙස දෙයක් සිදුවුනොත් ඇප ලබාදෙන්නේ නෑ.සියළුම සැකකරුවන්ට 50,000 බැගින් මුදල් හා ශරීර ඇප නියම කරනවා.. රස පරීක්ෂක වාර්තාව මීළඟ නඩු දිනයේදී කැඳවනවා." එහෙම කියලා තෝල්කයා කිව්වා.

අපිට උඩපනින්න හිතුනා.මම දැක්ක එළියෙ ඉන්න අපේ කොල්ලෝ චියර් කරන්වත්.එහෙම කියල අපිව ආපහු රූම් එකට දැම්මා.දැන් ඉතින් කීයට එළියට ගත්තත් මොකද.අපි නිදහස්නේ.ඔක්කොටම සතුටුයි.ඒ කටුක අද්දැකීම අදින් ඉවරයි එහෙනම්.වැඩි වෙලාවක් අපට ඉන්න හම්බුනේ නෑ.ඉක්මනින් අපි ඇප කොලවල අත්සන් කරලා එළියට ආවා.මුලු කැම්පස් එකම වගේ එතන.අපි කොල්ලො ගාවට ගියා.

මම ඉස්සෙල්ලාම හෙව්වේ තාත්තව. තාත්තල වෑන් එකේ ඇවිත් තිබ්බේ.අම්මල ඇවිත් තිබුනේ නෑ.පස්සේ අපි හිරේ හිටපු සෙට් එකම වෑන් එකේ නැගල හිර ගෙදරට ගියා අපේ බඩු ටික අරන් එන්න.යනකොට චීෆ් ජේලර් හිටියෙ නෑ.කොහොමහරි චීෆ් ජේලරුත් ගෙන්න ගත්තා.එයාම අපේ බඩු ටික සෙට් කරලා දුන්නේ.ආහ්.ෆෝන් එකේ බැට්‍රිය තාම තියෙනවා.ඒ වගේම තමයි පර්ස් එකේ සල්ලිත්.බැන්කුවෙන් සල්ලි ගත්ත දවසෙමනෙ රිමාන්ඩ් කලේ.කොහොමහරි ඔක්කොම බඩු අරගෙන ආපහු උසාවිය ගාවට ගියා.තාත්ත කිව්ව ගෙදර යන්න ලෑස්තිවෙන්න කියලා.අපේ හිරේ හිටපු සෙට් එකේම ගෙවල් වලින් ඇවිත් හිටියේ.ඉතින් එයාල ඔක්කොම ගෙවල්වල ගියා.මමත් හොස්ටල් ගිහින් ඇඳුම් 2,3ක් දාගෙන ගෙදර යන්න පිටත් උනා.

අපේ කොල්ලො කිව්වේ මෙච්චරයි..

"ඔව් බන්.. කමක් නෑ.උඹ ගෙදර ගිහින් වරෙන් ඉක්මනට.මොකද Going down එකයි පැදුරයි තියෙනවා.ඒවා උඹ නැතුව කරන්න බෑ." කියලා.

මට එතකොටයි මතක් උනේ.මම බැච් එකේ රෙෆානේ කියලා.හරි මචන් කියලා මමත් ගෙදර එන්න පිටත් උනා.ඔක්කොම කරදර ඉවරයි කියලා හිතාගෙන.

ඒත් කරදර ඉවර උනාද????

නැවතත් සිරගෙදරට - 3 කොටස

විසිට් එන්නත් තව වෙලා තියෙනවා.මොකද්ද සිද්ධවුනේ කියල කොහොමද දැන්ගන්නේ??කරකියාගන්න දෙයක් නැතුව බලන් හිටියා.
එතකොටම හිරගෙදර පුස්තකාලෙ ඉන්න මිස් අපට අඬගැහුවා.ඒ මිස් මීට කලින් අපට කතාකරලා නෑ.අපි ඔක්කොම එතනට ගියා.

"ඔයාලට බෝම්බ එකක් දාලලු නේද?මම ඕක ගැන හොඳට දන්න නිසයි කියන්නේ.ඔය රස පරීක්ෂක වාර්තාව එන්න අඩුමගානේ මාස 6ක් වත් යනවා.ඒ නිසා පුලුවන් තරම් ඉක්මනට ඒක ගෙන්න ගන්න බලන්න.ඔයාලගේ යාලුවන්ට කියන්න" කියලා ඒ මිස් කිව්වා.

උන් කියල මොනව කරන්නද?ඒවා මොකුත් අපේ ඔලුවට ගියේ නෑ.අපේ ඔලුවෙ තිබ්බේ උසාවිය ගාව මොකද්ද සිද්ධ්වුනේ කියන එක විතරයි.අපේ ඒ මිස් ගෙනුත් ඇහුවා එහෙම මොකක් හරි ප්‍රෂ්නයක් ඇතිවුනාද කියලා.මිස් කිව්වා එහෙම දෙයක් දන්නේ නෑ කියලා.ඔහොම ඉන්නකොට අපේ නම් කියලා කතාකරනව ඇහුනා.අපිට විසිට් එකක්.අපි ඔක්කොම පෙරලගෙන දිව්වා.අපිට ඒ තරම් හදිස්සියි මොකද්ද උනේ කියල දැනගන්න.ඇතියාන්තන් විසිට් එකේ අපේ තාත්ත ඉන්නව දැක්කා. මම ගිය ගමන් ඇහුවේ මොකද්ද සිද්ධවුනේ කියලා.

"නෑ නෑ කවුරුත් කලබල වෙන්න ඕන නෑ.උසාවියේදී එක අම්ම කෙනෙකුට සිහිය නැතිවුනා.ඒ වෙලාවේ පොඩ්ඩක් කලබල උනා අපි.පස්සේ අපි ඔක්කොමල උසාවියෙන් එළියට ආවා.අපට ඒ හරියෙ ඉන්න දුන්නේ නෑ.ඔක්කොමල හොඳින්" එහෙම කියලා අපේ කොල්ලොයි,තාත්තයි කිව්වා.

අම්මේ ..දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.අපි කොච්චර කලබල උනාද? පස්සේ මම තාත්ත එක්ක අර මිස් කියපු එක අකුරක් නෑර කිව්වා.අපේ කොල්ලොත් අහන් හිටියා.තාත්ත කිව්වා මොනාහරි කරන්නම් කියලා.තාත්ත කොහොමත් කලබල වෙන කෙනෙක් නෙමේ.යාලුවෝ වචනයක්වත් කතාකලේ නෑ හරියට.උන් ඔක්කොම දුකින් වගේ අපි දිහා බලන් හිටියා.
යන්න ලෑස්තිවෙද්දී තාත්ත කිව්වේ

"ඔයා පොඩ්ඩක්වත් අවුල් වෙන්න එපා..ඔයාට හැම දේකටම අපි ඉන්නවා.සතුටින් ඉන්න." කියලා.

එහෙම කියනකොට මට ගොඩක් දුක හිතුනා.මම අන්තිමට කිව්වේ

"අම්මව ෂේප් කරන්න තාත්ත .. මම මෙහේ අවුලක් නැතුව ඉන්නවා.තාත්තල දුක් වෙන්නත් එපා.තාත්තලා ආපහු නිකරුනේ එන්නත් එපා.යාලුවෝ ඉන්නවනේ.ඊළඟ නඩු දවසට විතරක් එන්න" කියලා.

තාත්ත ඒ දේ පිළිගෙන ගියා.යාලුවොත් ඔක්කොම ගියා.අපිට කෑම බීම ඔක්කොම ආපහු ගෙනල්ල දුන්නා.
ආපහු ඇතුලට ගිය ගමන් මම අල්ල ගත්තේ අර බොරු පණිවිඩේ කියපු එකා.අපි ඒ වෙලාවේ කලබලවෙලානේ හිටියේ.උගෙන් ඇහුවෙවත් නෑනේ කව්ද උඹට කිව්වෙ කියලවත්.ඌ මොනාකරන්නද? ඌට කියල තියෙන්නේ හිර ගෙදර ඉන්න "අලවන්ගුවා" කියල එකෙක්.පොරගෙන් ගිහින් අහන්න ඇයි.. ඇයි යකෝ බොරු කියන්නෙ කියලා.. අහන්න පුලුවන්.පස්සේ ඉතින් කෑලි තමයි අපේ.කොහොමහරි ආපහු අපි වාට්ටුවලට ගියා.දැන් ඉතින් තව සති දෙකක් ඉදපන්කෝ.ඒත් එදාටවත් අපිට එළියට යන්න බැරිවෙන තත්වයක්නේ දැන් තියෙන්නේ.ඔහොම ඉන්නකොට අපේ කොල්ලො ලෙඩ උනා.හිතලම වෙන්න ඇති.

ඔහොම ඉන්නකොට හොඳ හොඳ සිද්ධිත් උනා.

ඒ දවස් වල management එකට exam පටන් ගන්න ළන් වෙලයි තිබ්බේ.ඉතින් ඒ දේවලුත් කරන්න එපැයි.අපේ ඇතුලෙ ඉන්න management එකේ කොල්ලො පාඩම් කරන්න තැනකුත් ඉල්ලගෙන තිබ්බා.ඒ උන්ට exam නිසානේ.අනේ මන්ද මටනම් exam තිබ්බත් මේකෙ ඇතුලෙ පාඩම් කරනව තියා..කොහොමහරි අපේ එවුන්ටත් පාඩම් කරන්න ඕන උනා.ඔක්කොටම නෙමේ.මමනම් ඕව මොකුත් දන්නේ නෑ.මම හැදුවේ කොහොමහරි ඔක්කොමලත් එක්ක එළියට යන්න ක්‍රමයක් හිතන්න.වෙන දේවල් මගේ ඔලුවෙ නෑ.ඉතින් ඔහොම ඉන්න අතරේ අපේ පාඩම් කරන කොල්ලො ටිකත් චීෆ් ජේලර් හම්බෙන්න ගිහින් තිබ්බා පාඩම් කරන්න තැනක් ඉල්ලගන්න.එතන මොකක් හරි case එකක් වෙලා තියෙන බව දැනගත්තා.චීෆ් ජේලර් අපේ කොල්ලන්ට බැනල තිබ්බා.ටික වෙලාවයි ගියේ මට එන්න කියලා චීෆ් ජේලර් පණිවිඩයක් එවලා තිබ්බා.
ඇතුලට යනකොටම තේරුණා පොර අම්බානක් කේන්තියෙන් හිටියේ.

"තමුසෙලාට ඇතුලෙ ඇවිල්ලත් ඉන්න බැරිද? උඹල මෙතනත් බෙදෙන්න ගත්තද? එකක් මතක තියාගනිල්ලා.උඹල මෙහේ කෙළගන්න හැදුවොත් උඹල ඔක්කොම යවනවා වැලිකඩ.ගිහින් කියපන් උඹේ යාලුවන්ටත් මේවා.තොපිලව හදන්න බෑ" මෙහෙම කියලා මට නොසෑහෙන්න බැන්නා පොර.

මම උඩ බ්ම බලනවා.මොකුත් තේරෙන්නෙ නෑ.මම ආපහු හැරිලා යන්න ගියා.පස්සේ මම ඇහුවේ මොකද්ද මෙතන සිද්ධවුනේ කියලා.වෙලා තියෙන්නේ චාටර් සිද්ධියක්. අපේ එවුනුත් පාඩම් කරන්න තැනක් ඉල්ලලා.faculty subject වෙනස් කියලා එකට පාඩම් කරන්න බෑ කිව්වලු.අපේ එවුන්ට මොළයක් කියල දෙයක් නැද්ද?ඕවා subjects ගැන මෙහේ කට්ටියට තේරුම් කරල දෙන්න පුලුවන්ද??කොහොම හරි අන්තිමට ඒකටත් වැරදිකාරයා උනේ මම.කමක් නෑ.මුන්ට හොඳනම් මොකද?

ඔහොම දවස් ටික බොහොම හෙමින් ගෙවිල යනවා.උදේ නැගිට්ටම දවස ගෙවන්න මාර ගේමක් දෙන්න ඕන.දවසට එක පාරයි විසිට් එකක් එන්නෙත්.විසිට් එකත් උපරිම විනාඩි 5යි. දැන් දැන් අවුලක්ම නෑවගේ හිරගෙදර.හැබැයි ඔක්කොමල එකට ඉන්න කොට.ඒත් නිදාගන්න ගියාම,කන්න ගියාම ගෙදර,යාලුවෝ මතක් වෙනවා.ඒ වෙලාවටනම් ඉන්න බෑ.හොස්ටල් එකට කෑම එකක් ආවම ඒකට වෙනදේ අමුතුවෙන් කියන්න ඕන නෑනේ.ඒක පොර කකා කනවා.මොනාහරි කමක් නෑ.දැන් ඒ වගේම තමා මෙහෙත්.මොනාහරි ආවොත් කෙහෙල් වගේ දෙයක් ඒකට පොර කනවා.මොකද 18ක්ම ඉන්නවනේ.

දවසක් මට හොඳට මතකයි විසිට් එකකදී අපේ කොල්ලෙක් කිව්වා. "මචන්.. අපි කොල්ලො කන්නේ නැතුව සල්ලි එකතු කරලයි උඹලට මේ ඕන දේවල් ගේන්නේ.ඒ නිසා මේවා නාස්තිකරගන්න එපා" කියලා.
මම දන්නවා.අපි මේකේ ඇතුලේ ඉඳන් දුක්විඳිනවට වඩා උන් එළියෙ දුක් විඳිනවා.මොකද මම එක පාරක් හිඅපු නිසා දන්නවා අපේ කොල්ලො කොහොමද මැරුනේ කියලා.ඒත් අපේ සමහර එවුන්ට ඒ දේවල් තාමත් තේරෙන්නෙ නැති එක අපි වෙනුවෙන් මැරුන කොල්ලන්ගෙ කරුමේ.

ඔහොම ඉන්නකොට එදා විසිට් එකකින් අපිට සුභදායි පණිවිඩයක් ලැබුනා. ඒ තමයි රස පරීක්ෂක වාර්තාව ගෙන්නගත්ත කියලා.ඒත් මම නම් එච්චර ඒ දේ ගැන හිතුවෙ නෑ.එහෙමනම් හොඳයි කියල මම ඒ දේ මග ඇරියා.කොහොමත් ඕනවට වඩා බලාපොරොත්තු තියාගෙන හිටියෙ නෑ මම.ඔහොම ඉන්නකොට නඩු දවස හෙටයි කියලත් ආවා.

සාමන්‍යයෙන් නඩුව හෙටයි කියලා රැව්ල කැපුවම ආපහු හිර ගෙදරට එන්න වෙනවලු.මම නම් නෙමේ කියන්නේ.ඇතුලෙ අය තමා කියන්නේ.
තව තියෙනවා.
හිරගෙදර ඇතුලේ කැරම් ගහන්න පුලුවන්නේ.ඉතින් කැරම් partnersලාත් වෙන් කරන්නේ නෑලු. ඒ කියන්නේ මම ඇතුලෙ දිගටම ඉන්න එකෙක් එක්ක එකට කැරම් ගැහුවොත් පොර නිදහස් වෙනකන් මට යන්නත් වෙන්නේ නෑලු.අනේ මන්ද ඉතින්.ඕව කොහොමද කියලා.

ඒ නිසාමද මන්දා නඩුව දවසේ උදේ තමයි රැව්ල කැපුවෙත්.ඉතින් ඔක්කොමල සෙට් වෙලා උසාවි යන්න ලෑස්ති උනා.එදානම් උදේ මොකුත් කවුරුත් කිව්වෙ නෑ.
මතකනේ ගිය පාර....
ඉතින් ඔහොම ඉඳලා නඩුවට යන්න බස් එකට නැග්ගා.නගිනකොට මට ඉස්සරහ හිටපු කොල්ලගේ පයත් පැටලුනා.

මේනම් එච්චර හොඳ දෙයක් නෙමේ.. මම තනියම හිතුවා.

බස් එක මාතර බන්ධනාගාරයෙන් පිටත් වුනා....

Monday, June 28, 2010

නැවතත් සිරගෙදරට - 2 කොටස

බස් එක උසාවියටත් ආවා.
ඔක්කොමල බැස්සුවා.අපි මාන්චු දාලා යනවා.කැම්පස් එකේ ගොඩක් එවුන් ඇවිල්ල ඉන්නවා දැක්කා.ඒත් ඒ දිහා බලන්නවත් මට ෆිට් එකක් තිබුනෙ නෑ.
උදේ පාන්දරම ජේලර් කාරයෙක් මාව කෑවනේ.මම ගොඩක් අව්ලින් හිටියේ.අපිව උසාවිය මැදින්ම එක්කන් ගියා.

නඩුවලට වාඩි වෙලා හිටපු එවුන් "මහ පව්කාරයෝ වගයක්..කැම්පස් ගියානම් ඉගෙනගන්නේ නැතුව.."
ඔහොම කියනව මට ඇහුණා.

ඔව් ඒක ඇත්ත.අපි පව් කාරයෝනම් තමයි.නැත්තම් අපට මෙහෙම වෙන්නෙ නෑනේ. මේ විදියට කොහේවත්යන පොලිස් කාරයන්ගෙන් බැනුම් අහන්න වෙන්නෙ නෑනේ.උන්ට ඕන විදියට අපට ඉන්න සිද්ධවෙන්නෙ නෑනේ.

අපිව උසාවිය ගාව තියෙන රූම් එක ඇතුලට දැම්මා.මේ රූම් එකේ හැටි මම කලින් කිව්වනේ.අපේ අනික් කොල්ලො සෙට් එකට මේ පළමු අද්දැකීම.මොකද මේ පාර අපිව remand කලේ Judgeගේ ගෙදරට ගෙනිහින්.කොහොමහරි එකෙක්වහ් සද්දයක් නෑ.ඔක්කොමල බලන් හිටියේ මොකද වෙන්නේ කියලා.. එක පාරටම

"අර කැම්පස් 18දෙනා මෙහාට එන්න" කියලා කෑගහනවා ඇහුණා.

අපි උසාවියට ගියා.පිළිවෙලට නම් කිය කිය අපිව කූඩුවට නැග්ගුවා.මුලු උසාවියම කන්න වගේ බලන් හිටියා.මම හිතන්නේ මෙච්චර ගොඩක් ඉන්න එකම නඩුව අපේ එක වෙන්න ඇති.හරි ඔක්කොම නග්ගලා ඉවරයි.මම හිටියේ 17 වෙනියට.මම Judgeට cover වෙලා ඉන්න ට්‍රයි කලා.අම්මෝ ඔක්කොම lawyersලා 6ක්.අපි 18 දෙනාට.නඩුව පටන් ගත්තා. සුපුරුදු පරිදි පොලිස් අයියලා පච ගෝනිය දිග හැරියා.අපිව වෙව්ලනවා උන් කියන ඒවට.Lawyersලා දිගටම කතාකලා.කොහොමහරි රසපරීක්ෂක වාර්ථාවක් ගැන කියනව ඇහුණා.ඒ කියන්නේ මොකද්ද?? මොකක් හරි වෙන්න ඇති.

එක පාරටම Judge කිව්වා "නඩුව පසුව කැඳවනවා" කියලා.

අපි ආපහු අර රූම් එක ඇතුලට ගියා.ඇයි නඩුව පසුව කැඳෙව්වේ??අපි ඕවා කතාවුනා.මොනාද පොලිස් සාක්ෂි වගයක් එන්න තියෙනව කියලලු කිව්වේ.උසාවි කූඩුවේ ඉස්සරහින්ම හිටපු අය කිව්වා.ආ හරි.ටොපිය දෙන්න යන්නේ.. මම තනියම හිතුවා.කොහොමහරි ඔහොම පැයක් විතර ඉන්නකොට ආපහු සැරයක් අපේ නඩුව ගත්තා.
අනික් පැත්තෙන් පොලිස්කාරයෙකුත් කූඩුවට නැග්ගා.

"මම මේ කියන සියලුම දේවල් ඇත්තද මොකද්ද" කියලා මොකද්ද පොතක් උඩ අත තියලා ඒ පොලිස් කාරයා දිවුරුවා.

අපිට මොකුත් තේරෙන්නේ නෑ.එහෙම කියලා අම්බ පච වගයක් කිව්වා.එකේ සඳහන් උනේ බෝම්බයක් ගැන.දැන් වලිය පැත්තක.යන්නේ වෙනම case එකක්. කොහොමහරි lawyersලා අහන ප්‍රශ්ණවලට පොලීසියට කට උත්තර නෑ.ඒවට හරියට උත්තර දුන්නෙත් නෑ.ඒව සමහරවිට judge අහගෙන ඉන්නෙ නැතුව ඇති.
අපේ lwyersලා අපි lectures වල හිටියා කියලා judgeට attenden sheet ඉදිරිපත් කලා.ඒව සතපහකටවත් ගනන් ගන්නේ නැතුව

"විශ්ව විද්‍යාලවල ගැටුම් ඇතිවෙනකොට ඒවා වලක්වන්න ඔය කියන lecturerලා ඉදිරිපත් වෙන්නෙ නෑ.හැබයි පස්සේ අනන් මනම් කොල කෑලි එවලා සාධාරණය කරන්න එනවා." කියල judge කිව්වා.

කොහොමහරි පැයකට ආසන්න කාලයන් නඩුව තිබ්බා.
අන්තිමට තෝල්කයාද මොකාද කිව්වේ

"1 සිට 18 තෙක් සැක කරුවන් අදසිට නැවත දින 14ක් remand" කියලා.

අපිව වෙව්ලන්න ගත්තා.මම දැක්ක අපේ තාත්ත දොර ගාව ඉන්නවා.ඒක කියනකොටම තාත්ත අනික් පැත්ත හැරිල ගියා.උසාවිය ඇතුලේ අපේ කොල්ලෙක්ගේ අම්ම කෙනෙක් හිටියා.එයාට සිහිය නැතිවෙනවත් මම දැක්කා.මොනාකරන්නද?අපේ බලාපොරොත්තු ඔක්කොම ඉවරයි.ආපහු අපි රූම් එකට ගියා.කොල්ලො අඬන්න ගත්තා.මම හිතුවේ මම කෙසේවෙතත් අනික් අයට යන්න පුලුවන්වෙයි කියලා.ඒත් ඒවා සිහිනයක්ම උනා. අම්මලා තාත්තලාගේ සාපෙම ඇති පොලීසියේ එවුන්ට.මේ සේරටම වග කියන්න ඕන කව්ද??අපිට මොකුත් හිතාගන්න බෑ.
එක පාරටම ජේලර් කෙනෙක් රූම් එකට ආවා.

"අර කැම්පස් කට්ටිය පොඩ්ඩකට එන්න" කිව්වා.අපි ගියා.
"ඔයාලව දැන් අපි එක්කන් යනවා.මෙතන කලබලයක් වෙන්න පුලුවන්.ඒ නිසා.දැන් බස් එක මෙතනට එයි.ඔයාල පාඩුවේ ගිහින් බස් එකට නගින්න" එහෙම කියලා පොර ගියා.

ඒ කියන්නේ එළියේ අපේ කොල්ලො ගහගන්නවද??
දැන් මට තවත් අවුල්.කොහොමහරි අපි බස් එකට නැග්ගා. කොල්ලො කවුරුත් පේන්න නැහැ.මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා.කාගෙන් කියල අහන්නද?ඒ මදිවට අම්මලා තාත්තලා පේන්නත් නෑ.මෙතන කලබලයක්වත් වෙලාද?ආපහු අපි හිරගෙදරට ආවා.
අපෙන් ඇතුලෙ කට්ටිය ඇහුවා මොකද උනේ කියලා.අපේ එක අහලා එයාල කිව්වේ.

"කොල්ලෝ.. එකනම් දරුණුයි.ඔය රසපරීක්ෂක වාර්තාවක් එන්න අඩුම මාස 6ක් වත් යනවා.මේකේ ඉන්න ගොඩක් එවුන් ඕව එනකන් ඉන්නේ.එහෙනම් කොල්ලො හිතහදාගනින්" කියලා.

හරි.ඒ කියන්නේ අපිට මේ ආත්මෙට එළියට යාගන්න බැරිවෙයි.එකෙක්වත් කිසිම කතාවක් නෑ.

එකපාරටම අපේ කොල්ලෙක් හතිදාගෙන දුවගෙන ආවා.

"මචන් උසාවිය ගාව ලොකු කලබලයක් වෙලාලු.සෙට් එකක් පොලීසිය අරන් ගිහින්ලු.තාත්තලා වගයකුත් අරන් ගිහින්ලු"

ඌ එහෙම කිව්වම අපිට ඉන්න තැන අමතක උනා.
දැන් මොකද කරන්නේ??

මොනාද මේ සිද්ධවෙන්නේ??
අපේ කව්ද පොලීසියට අරන් ගියේ?? අපේ තාත්තත්??...........
Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා