ssssss

හිටපු සිරකරුවොත් මනුෂ්‍යයෝය

Saturday, December 7, 2013

එය එසේ සිදුවිය :-D

බ්ලොග් ලියන්නෙ නෑ කියල හිතුවට මොකෝ මේ වගේ සීන් වෙද්දී ආපහු ලියන්න පටන් ගන්නත් හිතෙනවා. සිද්ධිය මතක් වෙනකොටත් තාම හිනා මට. :-D

අපේ ඔෆිස් එකේ ඉන්නවා හෙන ලෝක ඇම්ඩන් කෙනෙක්. ඌට වෙන ඌ දෙන ගේම් අන්තිමට හෙනටම පදිරිවෙලා චාටර් වෙන එක දැන් සාමන්ය් දෙයක් වෙලා අපිට. මේකත් මේ ළඟදි පොරට උන එළම සීන් එකක්.

පොරගෙ ලව් හිලව් සීන් එකක් තිබ්බා අපිටත් හරියට කිව්වේ නෑ. කොහොමහරි මෑන්ස් ගේ ලව් එකට වෙන ලව් සීන් එකකුත් ලාවට තිබිල තියෙනවා. මූට වැඩේ මාට්ටු වෙන්නත් වැඩිය කල් ගිහින් නෑ. මූට වැඩේ අතටම මාට්ටු කරගන්න ඕන වෙලා. ඉතින් කෙල්ලට ක්ලාස් ඉවරවෙන වෙලාවට මග රැකල ඉඳලා හොරේ අල්ලගන්නයි පොරගෙ ප්ලෑන් එක. :-o

අඳුරගන්න බැරිවෙන්න යන්නත් එපැයි. පොරගේ යාලුවෙක් ඉන්නවලු මුස්ලිම් පොරක්. මෑන් ගෙ පිහිටෙන් පොර අර මුස්ලිම් ගෑණු කස්ටිය මූණයි ඔක්කොම වැහෙන්න අඳින ඇදුමක් හොයාගෙන (ඒ ඇඳුමට කියන නමනම් දන්නෑ). හොඳම වැඩේ මුස්ලිම් අයනම් ඒක හෙන දිගට අඳිනවනේ. මූට දැන් ඒක ටිකක් කොටයිලු. :-D ඒවා පොරට මතක් වෙල නෑ ඒ වෙලාවේ. පොරගේ ප්ලෑන් එක කෙල්ලගෙ පස්සෙන් ගිහින් වැඩේ මාට්ටු කරගන්න එක. :-D

වෙලාව හවස 7ට විතර තමයි වැඩේ සිද්ධවෙන්න යන්නේ. ඔන්න මෑන් ෆුල් කිට් එකෙන් යනවලු Union place හරියේ පාර දිගේ ඇවිදගෙන. වැඩිදුර යන්න හම්බෙලා නෑ පොරට. පොලිස් චෙක් පොයින්ට් එකක් අහුවෙලා. :-o උන්ට සැක හිතෙන්න ඇති මුගේ ඇඳුම කොට නිසා. කොහොමහරි මුගෙන් අයි ඩී එක ඉල්ලලා. කොහේ දෙන්නද. මූ සද්ද නැතුව ඉඳලා. කරුමේ කියන්නේ පොලිස්යෙන් මූව චෙක් කරද්දී මුගේ කකුලේ මයිල් දැකලා. :-D. හරිනේ වැඩේ. ඒ කියන්නේ මූ ෂෝර්ටක් දාගෙන ඇවිත් තියෙන්නෙත් :-D. කෙලින්ම මූව පොලීසියට අරන් ගිහින් හොඳට සලකලා. හිතන්න ඇති වෙන රොබරියකට ආවා කියලා. මූ කොහොමහරි ඊට පහුවෙනිද හෙනටම දවල්වෙලා ඔෆිස් එකට ඇවිල්ලා සුපුරුදු පරිදි පට්ට බින්නයක් ඇද්දා. :-D

පොර කිව්ව විදියට කොල්ලො සෙට් එකක් එකතුවෙලා පොරට ගැහුව කියලයි කිව්වේ. හැබැයි උනදේ ආරංචි වෙන්න අපිට වැඩිවෙලා ගියේ නෑ. ඇයි යකෝ එහෙම ගේමක් දෙන්න ඕනෙනම් එක්කො හැංගිලා ඉඳපිය. නැත්තම් අඳින එකක් දිගට ඇඳගෙන පල. එක්කො මයිල් බාල පල :-D.පොලීසියේ කනෙක්ෂන් එකකින් නඩු හම නැතුව ඇත්ත සීන් එක කියල වැඩේ ක්ලෝස් උනා. නැත්තම් මූට මොනාවෙයිද කියල හිතාගන්නත් බැරිවෙයි.

කොහොමහරි අන්තිමේ මුගේ ලව් හබක් වෙලා එයා දැන් අනික් කෙනා එක්ක හොඳින් ඉන්නවලු :-P

Monday, March 25, 2013

ආයෙ නම් බෝඩින් හොයන්නෙ නෑ

 

හොඳ ලමයෙක් උනාට පස්සේ මේ වගේ ලිපියක් අරගෙන බ්ලොග් එක පැත්තේ එන්න හිතුවෙ නෑ.ඒ ගැන මතක් වෙනවකොට හිනාවටත් වඩා ඇයි මම අතගහන ඒවාම මෙහෙම වෙන්නෙ කියලා හිතෙනකොට අවුලුත් වගේ.

මම දන්න නංගි කෙනෙක්ටයි එයාගෙ යාලුවෙකුටයි බෝඩින් ප්ලේස් එකක් හොයල දෙන්න කියල මට කිව්ව දැන් මාසෙකට විතර උඩදි. එදා ඉදන් හොයනව හොයන්ව මෙලෝ මගුලක් සෙට් උනේ නෑ.එක්කො ගාන වැඩී.නැත්තම් දුර වැඩී. මීට දවස් කීපයකට කලින් යාලුවෙක් මගෙන් කෝල් කරල ඇහුවා තැනක් තියෙනවා සෙට් කරන්නද කියලා.පස්සෙ තමයි මතක් උනේ මම ඌටත් කිව්ව නේද බෝඩින් ප්ලේස් එකක් හොයල දෙන්න කිව්ව කියලා.බත්තරමුල්ල පැත්තෙ කිව්ව නිසා කොහොමහරි ඒ ප්ලේස් එක බලන්න මේ නංගිලා දෙන්නවම එතනට යැව්වා.තැනනම් එච්චර සැටිස් නෑ කියලා කෝල් එකෙන්ම මට එයාලා කිව්වා.

කොහොමහරි මෙයාලා එතන්ට යනකොට ගොඩක් හවස් වෙලා.එක්කො දැනගන්න ඕන යන දේවාලෙකට කලින් යන්න.ආපහු මේ පැත්තට එන්න බස් නැති නිසා මෙයාලට ඒ බෝඩිමෙ නැවතිලා උදේ යන්න කිව්වලු.ඒ බෝඩිම අයිති කස්ටිය ඒ තරම් මෙයාලට ෆිට් වෙලා.(මෙයාලට බෝඩිම සැටිස් නැති එක එක පාරටම කියල නෑ)එක රූම් එකයි දෙන්නෙක්ට ඉන්න පුලුවන්.රැයක් ඉඳලම බලන එක එක අතකට හොඳයිලුනෙ නේ.කොහොමහරි මෙයාල එදා රෑ එහේ ඉඳලා. ඔක්කොම නිදාගත්තට පස්සේ රෑ 10ට විතර හෙන හයියෙන් සද්දයක් ඇවිත්.

මළ කෙලියයි බෝඩිමෙ දොර කඩාගෙන බිමට වැටිලා.ගේ ඇතුලෙන්ලු රූම් එකට යන්නත් තියෙන්නේ.ඒ දොර තමයි කඩන් වැටිල තියෙන්නේ.මුන් බයවෙලා හූ තියලා.හිතාගත හැකි පළාතම දෙවනත් වෙන්නැති.කෑගැහිල්ලට කළුවරේම ගෙදර මනුස්සයා දුවගෙන ඇවිල්ලා. ඒ මනුස්සයත් කෑගහලා.ඒ කෑගැහිල්ලටද මන්දා ගෑණු මනුස්සයත් දුවන් ඇවිත් කළුවරේම මනුස්සයගේ ඇඟේ හැප්පිලා.ඇයි යකෝ මල දානේ ලයිට් එකක් දාපන්කෝ.එතකොට හරිනේ. :-D

ඔව් ඔව් හරි තමයි.ගෑණු කෙනා ලයිට් එක දැම්මලු.හත්වලාමයි අර ගැනු කෙනා හැප්පුන පාරට වෙන්නැති මනුස්සයාගේ සරම බිමලු.දැන් ඉතින් හරිනේ ලයිට් එහෙමත් දාලනේ.තොරණ වගේ ඇති.මනුස්සයා සරම ගත්ත එතනින් මිසින්ලු.මුන් දෙන්නට කරකියාගන්න දෙයක් නැතුව ඉන්නවලු.ආය මොකුත් නෑ එහෙමම ලයිට් ඕෆ් කරල ගෑනු කෙනාත් ගියාලු.මේ දෙන්න එළිවෙනකන් නිදාගෙන නෑ.එළිවුනාට පස්සේ මේ දෙන්න එහෙන් ඇවිත්.මනුස්සයා නම් පේන්නවත් හිටියෙ නෑලු.දැන් ඉතින් ආය මොනා පෙන්නන්නද.මුන් මට කෝල් කරල ජාතිය අමතනව මොනාද මේ සෙට් කරන බෝඩින් ප්ලේස් කියලා.

ඇයි යකෝ මම මොන කරන්නද.මුන් නොකිය කියන්නේ ගෙදර මනුස්සයා රූම් එකට එන්න හැදුව වගේ කියලා. :-/

මම පස්සෙ කිව්වේ එක්කො එහෙනම් ගෙදර මනුස්සයා සරම ගලවගෙන දුවන් එන්න ඇති.ගෙදර ගෑණු කෙනා සරම උස්සන් එන්න ඇති.ඔච්චරයි කියන්න උනේ.තරහවෙලාද මන්දා :-( ආපහු නම් මොකෙක්ටවත් බෝඩින් හොයන්නනම් යන්නෙ නෑ. හයියෝ හොඳ ළමයෙක් උනා විතරයි


ප.ලී. - අඩේ මේ මගේ 50 වෙනි බ්ලොග් පොස්ට් එකලු.හපොයි අවුරුදු බර ගානක් ගිහින්නේ ඒ වැඩේටත්

Monday, November 19, 2012

මම දැන් හොඳ ළමයෙක්





අවුරුද්දකට පස්සේ අයි ඈම් බැක් කිව්වලු. හපෝ මේ බ්ලොග් එකේ තියෙන සමහර ගැජට් වැඩ කරන්නෙත් නෑ දැන්. මේක කාටවත් මතකද දන්නෙත් නෑ දැන් :-(

මේකෙ ඉන්න කීපදෙනෙක් හරි දන්නවා ඇති මට නඩු හබ තිබ්බ කියලා.ඉතින් පුරා අවුරුදු 4කටත් වඩා ඇදුනු ඒ නඩු 2ම ඊයෙ ඉවරවුනා.2ම කිව්වට ලොකුම නඩුව මාර්තු මාසේ ඉවර උනා.මගෙ අනික් නඩුව ගොඩක් අය දැනගෙන හිටියෙ නෑ. හැබැයි ඒ කේස් එක තමයි ගොඩක්ම අවුල් උන කේස් එකත්.මොකද ඒකට කැම්පස් එකෙන්වත් කතා කලේ නැති නිසා.

කලේ කියන්නේ පහුගිය අවුරුදු 4 මතක් වෙනකොට වෙලාවකට පුදුමත් හිතෙනවා මේ වගේ වැඩ උනාද කියලත්.මිනිස්සුට මේ වගේ දේවල් වෙනවද කියලත් හිතෙනවා.උසාවි ගානේ පොලීසි ගානෙ රස්තියාදු වෙලා පොලිස් මාමලාගෙන් අහලවත් නැති කුණුහරප වලින් බැනුම් අහලා. අයට විශේෂ ස්තූතිය ප්රකාශ කරන්න කැමති අවුරුදු 4ක් ගිහිල්ල හරි මේක එයාලටම ඇති විච්ච එක ගැන.

නිකමට හරි, විහිළුවෙන් හරි මේ ගැන අහල හොයල බලපු බ්ලොග් අවකාශයේ සහෝදරත්වයටත්, විශ්වවිද්‍යාල සහෝදරත්වයටත් මම තනියම ස්තූතිවන්ත වෙනවා.
ඒ වගේම සමහර අය නම් කියලා තිබ්බා ඕවා පිටිපස්සෙ අමාරුවට කරගත්ත වැඩ. ඒ නිසා ඕවට අපි අත දාන්න ඕනෙ නෑ කියලා. ඒක මම අත් දෙකම උස්සල පිළිගන්න ගමන් එයාලටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඒ දේ ගැන පරක්කු වෙලා හරි මට මතක් කරපු එකට.

ඒ වගේම මේ නඩු හබ ඉවරකරගන්න මගේහොඳම යාලුවා වගේම තවත් කීප දෙනෙක් ගොඩක් ශක්තියක් උනා.ඒ අයට ගොඩ ස්තූතියි.

හොඳම දේ කියන්න බැරි උනානේ. මම තව දුරතත් සැක කාරයෙක් නෙමේ දැන්. ආය කෙලින්ම නිදොස් කොට නිදහස් ලු. අනික් අය ගැන නිසා මම දන්නෑ නෑ. මම නම් නිදොස් වගේම නිදහස් :-D

මම දැන් යහපත් හොඳ ළමයෙක් / මිනිසෙක්

Saturday, October 22, 2011

සන් සක්විති



සක්විති කිව්ව ගමන් මතක් වෙන්නේ මොකක් හරි ජිල්මාට් කේස් එකක්නෙ.මේ කියන්න යන එකත් ඒ වගේම සීන් එකක් තමයි.

කවුරුත් දන්නව ඇතිනෙ SCJP Course එක ගැන.අපේ කැම්පස් එකේ හුඟ දෙනෙක් එක රැල්ලට වගේ ඕක කලා.කීප දෙනෙක් ඇරෙන්න ඔක්කොම වගේ ගොඩත් ගියා.මමත් ෆයිනල් ඉයර් එකේදී ඕක කලා.ඕක නිසා කැම්පස් එකේ එක්සෑම් දුන්නෙත් නෑ ඇටෙන්ඩන්ස් නෑ කියලා.

ඔහොම කෝස් එකක් ගැන අපි දැනගෙන හිටියෙ නෑ කලින්.ඕක ගැන අපේ ඔලුවට දැම්මේ අපේ බැච් එකේම කොල්ලෙක්.පොර ඒ වෙනකොට SCJP කම්ප්ලීට් කරල අනික් ස්ටෙප් එකට ක්ලාස් යන ගමන් හිටියෙ.අපිට ලැබුන ලීෆ් ලට් වලත් පොරගෙ ෆොටෝ එක උඩින්ම දාල තිබ්බා Sun Certified කියලා.ජොබ්ස් වලට එහෙමත් ගේමක් නැතුව යන්න පුලුවන් කියපු නිසාත් අපි පානදුරේ ක්ලාස් යන්න පටන් ගත්තා.එක්සෑම් එහෙමත් ගොඩ දැම්මා.

ඔය ඔක්කොම ඉවරයිනෙ දැන්.මේ ළඟදී තමයි කතාවේ හොඳම හරිය එළිවුනේ.කැම්පස් අවුට් වෙලා දැන් අවුරුදු 2කටත් කිට්ටුයි.මේ ළඟදී අපිත් එක්කම SCJP කරපු කොල්ලෙක්ට අර අපිට SCJP ගැන කියල දීපු පොර අහම්බෙන් සෙට් වෙලා තියෙනවා.ඒ පොර වැඩ කරන ඔෆිස් එකේදී.මෑන් ට්‍රේනින් ඉන්න දවස්වල.මෙච්චර කොලිෆයිඩ් බුවා තාම ට්‍රේනින් ඉන්නේ මොකද කියලා අවුල් වෙච්චර පාර මූ ළඟටම ගිහින් කතා කරලා..

මචන් උඹ මොනාද මෙහෙ කරන්නේ?

ආහ්. උඹ මෙහෙද වැඩ කරන්නේ? මම තාම ට්‍රේනින් ඉන්නෙ බන්. දැන් සතියක් විතර වගේ ඇවිල්ලා..

ඒ කියන්නෙ උඹ මටත් පස්සෙනේ ඇවිල්ල තියෙන්නේ.ඉතින් උඹට අඩුම ගානේ මම ඉන්න පොසිෂන් එකට හරි එන්න තිබ්බනේ.මෙතන වේලෙන්නේ?

උඹ හවස මීට් වියන්කො මට.මම විස්තරේ කියන්නම්.මෙහෙම කියන්න බෑ

කොහොමහරි දෙන්නා හවස මීට් වෙලා.අවාසනාවට ඇත්ත කතාවකුයි වෙලා තියෙන්නේ බලද්දී :-D

මම උඹට දෙයක් කියන්නම්.හැබැයි කාටවත් කියන්න එපා බන්.උඹ මේක හිතේ තියාගනින්.

හරි කියපන්කො මොකද්ද උනේ?

අපේ පානදුරේ IJTS එකේ එකා මහ &*^%^ බන්.අපි දෙන්න එකතුවෙලා වැඩ කලේ.අන්තිමට ඌ මට කෙලෙව්වා.මට උඹේ ට්‍රේනින් පොසිෂන් එකට ඇප්ලයි කරන්න බෑ.මොකද ඒකට SCJP ඉල්ලනවා..

ඈ.. ඉතින් බන් උඹ SCJP කලේ අපි ඔක්කොටම කලින්නෙ බන්.උඹ අනික් ස්ටෙප් එකත් කම්ප්ලීට් ඇතිනෙ දැන්?

ඒක තමයි බන් මම මේ කියන්න යන්නේ. පානදුර IJTS එක දැම්මේ අලුතින්නේ.ඉතින් එකට Students ලා හිටියෙ නෑ.ඒකෙ ඔව්නර් මම දන්න එකෙක්.පොර තමයි මට කිව්වේ කැම්පස් එකෙන් කට්ටිය ගෙනෙන් කියලා.ඉතින් මගේ ෆොටෝ එකත් දාලා ලීෆ්ලට් ගැහුවා.

තෝ මාර පොරක්නෙ බන්.එතකොට උඹ අනික් ස්ටෙප් එකට කියල ක්ලාස් ගියේ? උඹ ඒ දවස්වල කැම්පස් එකේ ලෙක්චර්ස් කට් කරගෙනනෙ ගියේ?

එහෙම කරන්න උනා බන්.ක්ලාස් යනව කියලා මම ගෙදර ගියේ බන්.ඒවට මට එහෙන් ගෙව්වා.

ගෙව්වා?උඹල බිස්නස් එකක්ද කලේ ඒ කියන්නේ?

එහෙම බිස්නස් එකක් නෙමේ බන්.මම කැම්පස් එකට ඇවිල්ලා කිව්ව තමයි කෝස් එක ගැන.කොහෙද ඉතින් හැම එකාම SCJP කරන්න ගත්තනේ.

අපේ ෆැකල්ටියෙන් විතරක් 30ක් වගේ කරන්න ඇතිනෙ බන්.දැන් උඹට ගෙව්ව කිව්වේ ඒ එන එවුන්ගෙන් අරන්ද?

ඔව් බන් මම ගෙනාපු හැම එකාගෙන්ම මට රු 5000 ගානෙ දුන්න මට.මෙච්චර ගොඩක් මම අල්ලල දීලා නිකන් අත පිහිදාගන්නද බන් මට කියන්නේ?

5000 ගානේ? අඩෝ උඹට දුක හිතුනෙ නැද්ද බන් කොල්ලොන්ගෙන් ඔහොම සල්ලි ගනිද්දී.අපේ එවුන් හෙන අමාරුවෙන්නෙ බන් ඔය කෝස් කරන්න සල්ලි හොයාගත්තේ.

මාත් ඒ දවස්වල ටිකක් අමාරුවෙන් හිටියේ.ණය වගයකට හිරා වෙලා හිටියා බන්.වෙන ඔප්ෂන් එකක් තිබුනෙ නෑ.උඹ මේ දේවල් කාටවත් කියන්න එපා.මම උඹව විශ්වාස කරලයි කිව්වේ.
මම SCJP එක කරන්න ඉන්නේ ලබන මාසෙ වගේ.එක්සෑම් ගොඩ දාගන්න පුලුවන් වෙයි නේද මචන්?

අනේ මන්ද බන්. කරල බලපන් අවුඅලක් නැතිවෙයි.

ඔන්න ඔහොමයි වැඩේ පත්තු උනේ.අරූට කාටවත් කියන්න එපා කිව්වට ඌ ඒක කෙලින්ම මගේ කනේ තිබ්බා.. මමත් නිකන් හිටියෙ නෑ.දන්න දන්න අයට කිව්වා.හොස්ටල් එකේ ගින්නක් වගේ ආරන්චිය ගියා.

මට තියෙන අවුල මේකයි.ඔය කෝස් එක කරන්න 44ක් වගේ ගියා ඒ දවස්වල.සල්ලි ගොඩක් අමාරුකම් තියෙන අයත් ඕක කලා.කොල්ලන්ගෙන් කලෙක්ෂන් දාලා කරපු අයත් හිටියා.එහෙම අයගෙන් අර විදියට සල්ලි ගත්ත එකටයි මට අවුල.

හොස්ටල් එකේ "සන් සක්විති" කිව්වහම දැන් කවුරුත් දනන්වා.පොර හොයාගන්නවත් නෑ දැන්.එෆ් බී ප්‍රොෆයිල් එකත් අයින් කරලා.කෝල් කලාට ආන්ස් කරන්නෙත් නෑ.හොස්ටල් පැත්තෙවත් එන්න දෙන්නෙ නෑ කියල තමයි කොල්ලොනම් කියන්නේ.ඒත් මම නම් පොරව හම්බෙනකම් ඉන්නේ.ඒ වෙන මොනාටවත් නෙමේ.මගෙන් ගත්ත රු 5000 ඉල්ලගන්න :-D

ප.ලි. - මේ ළඟදී PCJT කරා කියපු එකෙකුත් හෙනම කතාවක් දාල තිබ්බ මට මතකයි. ඒකත් මෙවැනිම සිද්ධියක්දැයි මට නිකමට සිතේ... :-D

Sunday, October 9, 2011

එය කෙලෙස කරන්නද?



ඔබේ දෙපාමුල වැටීගෙන
සෙනෙහස අයදින්න සිතුනත්
ඔබ අන්සතු කියා දැන දැන
එය කෙලෙස කරන්නද?

Saturday, July 23, 2011

ග්‍රීස් යකෙක් නෙමෙයි ග්‍රීස් යක්කු



මේ දවස්වල ග්‍රීස් යකා කියන එක හැම තැනම ඇහෙන එකක්.මේ ලගදිත් කොහෙන්ද මන්දා එකෙක් අල්ලලා තිබ්බනේ.
ඔය ග්‍රීස් යකෙක් ගැන එලම සීන් එකක් අද දැනගන්න ලැබුනා.

ඔය ග්‍රීස් යකාගේ සීන් එක කට්ටිය සෙට් එකක් එකතු වෙලා කරන වැඩක්ලු.මේ දවස්වල ඔය එක යකෙක් මහියංගන පැත්තෙත් තව එකෙක් බදුල්ලේ පැත්තෙත් ඉන්නවා කියලයි ආරංචිය.උන් කෙල්ලන්ට විතරලු කරදර කරන්නෙත්.කොහොමහරි මේ වැඩේ ගැන අද එකෙක් මාර කතාවක් කිව්වා.මහියංගන පැත්තේ මුදලාලි කෙනෙක් තමයි මේක කියල තියෙන්නේ.

මේ වැඩේ පිටිපස්සේ ආණ්ඩුවත් ඉන්නවලු.මහියංගන පන්සල ඉස්සරහ වැවක් තියෙනවනේ.අන්න එකේ රාජසිංහ රජතුමා ඉන්න කාලේ දාපු නිධානයක් තියෙනවලු.නිධානයක් කිව්වට එක රත්තරන් වලින් හදපු දම්වැලක්ලු.දම්වැලේ එක පුරුකක විතරක් රත්තරන් කිලෝ එකක් තියෙනවලු.මේ දම්වැලෙන් මහියංගන දාගැබ වටේ වට කීයක්ද මන්දා ඔතන්නත් පුළුවන්ලු.ඒ කියන්නේ දම්වැල පැස්ට දිග එකක් වෙන්න එපයි.ඒ කියන්නේ නිධානයක්ම තමයි එකෙන්ම.මේ දම්වැල(නිධානය) ගොඩ ගන්නනම් ගැහැණු 11,000 කගේ ලේ සොලවන්න ඕනලු.ඉතින් ඔය විගඩම කරන්නලු මේ ග්‍රීස් යක්කු ඉදිරිපත්වෙලා ඉන්නේ.උන් කරන්නේ ගැහැණුන්ගේ බෙල්ලයි පපුවයි හපාකන එකලු.ඔන්න ඕකයි සීන් එක.මහියංගන ප්‍රදේශයේ ගිය සතියේ විතරක් ග්‍රීස් යකාගේ සිද්ධි 8ක් වාර්තාවෙලා තියෙනවලු.

මේ වෙන දේවල් හැටියට නම් මේවා බොරු කියන්නත් අමාරුයි.අපල දුරුවෙන්න අලිත් මරණ කාලයක්නෙ මේ.

Monday, May 23, 2011

බී එස් ගේ හමුදා නොවන නායකත්ව පුහුණුව



ඇත්තටම මොකද්ද මේ නායකත්ව පුහුණුව?

එක එක තැන් වල එක එක කතා කියයි.උසස් අධ්‍යාපන ඇමතිගේ මේ ලබාදෙන පුහුණුවෙන් ඇත්තටම මොකක් වෙයිද?

එතුමා කියන විදියට නම් මේ තුලින් නවක වදය නවත්වන නවත්තනවලු.අද නිව්ස් වල කිව්ව විදියට නම් දැන් කිසිම ළමයෙක්ට කිසිම බයක් සැකයක් නැතුව විශ්වවිද්‍යාල වලට යන්න පුලුවන්.මොකද නායකත්ව පුහුණුවකින් යන නිසා.

නායකත්ව පුහුණුවෙයි රැග් එකෙයි මොකක් හරි සම්බධයක් ඇති එහෙනම්.ශාරීරික වර්ධනය වැඩි දියුණු කරගෙන යන නිසා රැග් කරන්න එනකොට දුවල බේරෙන්න වත් එහෙනම් කියල දෙනව ඇති.නැත්තම් ඉතින් නවක සිසුන් ජේෂ්ඨ සිසුන්ට තගක් දාන්න වෙනවා අපිට රැග් කරල අහුවුනොත් බලාගෙනයි වත් කියලා.

මගේ හැඟීම නම් මේක මහා පිස්සුවකි.කුජීතය.

ආණ්ඩුව උත්සාහ කරන්නේ මේ තුලින් නවක වදය නැවැත්වීමට නම් මෙයින් වනුයේ ගැටුම් තවත් වැඩිවීමකි.මෙම ලබදෙන පුහුණුව විශ්වවිද්‍යාල වල සිටින සිසුන්ට සහ ආචාර්ය්‍යවරුන්ටත් ලබාදෙනවනම් එය නම් යම්තාක් දුරට හෝ සෑහීමකට පත්වේ.

මේ ආමි ට්‍රේනින් මහ ලොකුවට ලබාදෙන වෙලේ සෑම විශ්වවිද්‍යාල සිසුවෙක්ටම අවසන් වසරේදී කාරිමික පුහුණුවක් ලබාදෙනවානම් ඒක කොච්චර හොඳ දෙයක්ද? දැනට කොළඹ ආශ්‍රිත විශ්විද්‍යාල වලට පමණක් සීමා වෙලා තියෙන මේදේ අනික් විශ්වවිද්‍යාල වලටත් ව්‍යාප්ත වෙන්න දුන්නොත් රැකියා ප්‍රශ්නය හෝ යම්තාක් දුරට අඩුවේවි.දැනට විශ්වවිද්‍යාල වලින් ඉවත් වෙන බොහෝ සිසුන්ට මෙසේ පුහුණුවක් නොමැති කමින් පුද්ගලික විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගත්ත සිසුන් සමග ලොකු තරඟයක් දීමට සිදුව තිබේ.

අපේ උසස් අධ්‍යාපන ඇමති තුමා කියන කතා ඇහුවමනම් එතුමා විශ්වවිද්‍යාලයක් ළඟින් වත් ගිය කෙනෙක් වෙන්න බෑ.එතුමාගෙන් අදහස් වලින් නම් තේරෙන්නේ ශිෂ්‍ය පරිපාලනයක් නොව ශිෂ්‍ය මර්දනයක් සිදු කිරීමට යන බවයි.

මෙහි අවසානය කුමක්ද? හිතන දේ ලියල යන්න
Related Posts with Thumbnails

© Copyright සිරකරුවා,2010 - නිර්මාණය කලේ සිරකරුවා